සිරා අයියගේ ඇන්ටික් පෝස්ට් ටික දැක්කම මටත්
හිතුනා සේපර් එකේ මං ගාව තියෙන පත්තර ටිකත් බ්ලොග් ගත කරන්න..
ඒ අනුව අද බ්ලොග්ගත කරන්නේ 1928 මාර්තු මාසේ
දිනමිණ පත්තර වල තිබ්බ ලවු කේස් ටිකක් සහ පත්තරයේ කලාතුරකින් පලවී ඇති පින්තූර
කීපයකි.
මේ තියෙන්නේ එදා දිනමිණ පත්තරේ ලෝගෝ එක..
මේ වැලන්ටයින් මාසේ නිසා මුලිංම බලමු ලවු
කතාව.
1928 මාර්තු 31 තමයි මේක පල වෙන්නේ. මුල්
පිටුවෙමයි තියෙන්නෙත්.
ස්ත්‍රියක් නිසා සිංහාසනය අත්හැරීම.
ලංකාවේ සාලිය කුමාරයා හා රොමේනියාවේ චාලි
කුමාරයා
ඉන්දුර් රාජා සිහිකරවන සිද්ධි.
-------------------------------------------------------------------------------------------------------
මව් බිසවකගේ නුවනින් රාජවංශයක් ආරක්ෂාවීම.
ද්‍රවිඩ සතුරන්ගේ බලය අභිභවනයකොට සිංහල
ජාතිය කීර්තියට පැමිණවූ දුටුගැමුණු මහරජතුමාගේ නාමය මිහිපවතින්නාක්තෙක් ලෝක
ඉතිහාසයේ නොමැකී පවතී. මේ ශ්‍රේෂ්ඨතර සිංහලේන්ද්රයා ජාතිය හා ආගම උදෙසා සිදුකරන
ලද උදාරතර මෙහෙය එතුමාගේ සැනසීමටත් සන්තුෂ්ටියටත් හේතුවූ අතර එතුමාට අතිශය දුක්ගෙන
දෙන කරුනක්ද අන්තිම කාලයෙහි සිදුවිය. එනම් ස්වකීය එකම පුත්රුවනවූ සාලි රාජ කුමාරයා
චණ්ඩාල ස්ත්‍රියක් නිසා තමනුත් තමන්ගෙන් හිමිවෙන්නට තුබූ සිංහාසනයත් අත්හැරයාමය.
දුටුගැමුණු රජතුමා තම පුත්කුමරා නිසා වැදුණ දරුණු ප්‍රහාරයේ වේදනාව දුරලීම සදහා
පසුකාලයෙහි නොයෙක් මගින් ක්‍රියාකළේය. නමුත් එතුමාගේ හෘදය වස්තුවෙහි ශොකහුල
කවදාවත් ඉවත් නොවීය. අන්තිම මොහොත දක්වාම ඒ වික්‍රමාන්විත මනුජෙන්ද්රයා සොවින්
තැවුණේය. මෙබඳු වූ පුත් වියෝගයකින් යුරෝපයේ රජතුමෙක්ද මීට වසර කීපයකට පෙර මිය
ගියේය. ඒ නරේන්ද්‍රයා වනාහි රොමේනියාවේ ප්රදිනන්ද් තුමායි. ප්රදිනන්ද් රජුගේ
පුත්‍රයාගේ නාමයත් දුටුගැමුණු රජුගේ පුත්‍රයාගේ නාමයට ඉතා සමානය.
දුටුගැමුණු රජුගේ පුත්‍රයා සාලිය කුමාරයාය.
ප්රදිනන්ද් රජුගේ පුත්‍රයා චාලි කුමාරයාය. ස්ත්‍රියක් නිසා මවුපියන් හා සිංහාසනය
ප්‍රතික්ෂේප කිරීමෙන් මේ කුමාර (22 වෙනි පිට බලනු)
අවාසනාවට 22වෙනි පිටුව මං ගාව නැති නිසා
කතාවේ ඉතුරු ටික හිතාගන්න තමා වෙන්නේ...
1928 මාර්තු 10 සෙනසුරාදා 9 වෙනි පිටුවේ
තිබ්බ තවත් ලවු කතාවක් මේ.
එංගලන්තයේ සිංහල තරුණයෙක්
ඉංග්‍රීසි කතකට ආලය කිරීම
පියාගේ තර්ජනයක්
පෙබරවාරි මස 11 වෙනි දින දරණ එංගලන්තයේ
“ඩේලිමේල්“ පත්‍රයේ මෙසේ සඳහන්වේ:-
ඉංග්‍රීසි කාන්තාවක් විසින් ඉන්දියන් ජාතික
තරුණයෙකුට බඳිනලද ආලය නිසා හටගත් නඩුවකට පිළිතුරුදීම පිණිස වැස්ට් හැම්ප්ස්වෙඩ්හි
බර්චිංටන් පාරේ ලුවී සිඩ්නි රේනර් නැමැති අය (තරුණියගේ පියා) ඊයේ මැරිල් බෝන්
පොලිස් උසාවිය ඉදිරියේ පෙනීසිටියේය. “ජීවිතයේදී කවදාවත් නොලැබුණ අන්දමේ දඩුවමක්
නුඹට කරන්නෙමි“යි සිල්වැස්ටර් වික්‍රමසිංහ නැමැති ඉන්දියන් තරුණයෙකුට තර්ජනය
කරනලදැයි යන චෝදනාවක් ලුවී සිඩ්නි රේනර්ට විරුද්ධව ඉදිරිපත් කර තිබුනි.
විත්තිකාරයා වෙනුවෙන් පෙනී සිටි බ්රෑවර්
මහතා මෙසේ කීය: රේනර් මහතා ස්වකීය දියණියට ඉන්දියන් ජාතිකයෙකු විසින් ආලය කරනු
ලබනවා දකින්නට සතුටු නෑ. වික්‍රමසිංහ මහතා එංගලන්තයට පැමිණ සිටින අමුත්තෙකු බැවින්
ඒ මහතාට රේනර් මහතාගේ නිවසේදී සංග්‍රහ කරන ලද්දේය. වැඩිකලක් ගතවන්නට මත්තෙන් වික්‍රමසිංහ
මහතා රේනර් මහතාගේ දියණියට ප්‍රේම කරන්නට විය. මේ බව දැනගන්නට ලැබුනු වහාම රේනර්
මහතා ඊට තදින්ම විරුද්ධ විය. දෙදෙනාට වෙන් වෙන්ව වාසය කිරීමට සලස්වන ලද්දේය. නමුත්
මේ කාලයේදී දුවණිය ආලයෙන් මත්ව සිටියෙන් වික්‍රමසිංහ මහතාගෙන් ඈත්ව විසීමට ඇය
අසතුට ප්‍රකාශ කළාය. රේනර් මහතා මේ දෙදෙනාගේ සංගමය බිඳදැමීමට අනෙක පරිශ්රම දරනලද
නමුත් එයින් කිසිම ප්‍රයෝජනයක් නොවීය. අන්තිමේදී ඒ මහතා කෝපාවිෂ්ට විය.
නඩුකාරමහතා : පියාගේ මෙම වැදගත් යෝජනාවට
පැමිනිලිකාරයා එකඟවන්නේ යැයි මම විශ්වාස කරමි.
පාක්ස් මහතා : දියණිය මේ තරුණයාට තදින්ම ආලය
කරන බැව් මට දැනගන්නට තිබේ. ඇගේ වයස 21යි. ඇගේ අදහස කුමක්දැයි විමසා බලන්නට ඕනෑ.
නඩුකාරමහතා : ඇගේ වයස 21 නම් ස්වකීය කැමැත්ත
පරිදි වර්ණභේදයක් ගැන නොතකා පුරුෂයෙකු හා විවාහ වීමට ඉඩ තිබේ.
බ්රෑවර් මහතා මේක පියාගේ ශෝකයට හෙතුවකි. මේ
ආලය විවාහයෙන් කෙළවර වේදෝහෝයි ඔහුතුළ බියක් පවතී.
කල කෝලාහල නොකර සිටින ලෙස නඩුකාර මහතා
විත්තිකරුට අවවාද කොට ඔහුගේ ඇග බඳින ලදී.
ඔන්න ඔහොමලු ඒ දවස් වල අපේ ඈයෝ එංගලන්තේ
හිටියේ... මේකේ වික්‍රමසිංහ නම් ඉන්දියන් තරුණයෙකුට කියලා තියෙන්නේ ඒ දවස් වල ලංකාව එච්චර ප්‍රසිද්ධ නැති නිසා වෙන්නැති සමහරක්විට.... දන්න කෙනෙක් ඉන්නවනං කියමු බලන්න අපිටත් දැනගන්න...
දැං ෆොටෝ වලට යමු.
දශ වර්ෂයකට පෙර සිද්ධියක්
පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටත් ඡන්ද බලය ලබා
දිය යුතු යැයි මීට දශ වර්ෂයකට පෙර මහා බ්‍රිතාන්‍යයේ ස්ත්‍රීන් විසින් කරන ලද
බරපතල සටන තවමත් බොහෝ දෙනාට මතක තිබේ. එදා ස්වකීය අයිතිවාසිකම් සදහා සටන්කොට දඟගෙට
ගිය ස්ත්‍රීන් විසින් නොබෝදා එම සිද්ධිය සිහිකිරීමක් වශයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්
පවත්වන ලද්දේය. මේ ඡායාරූපය වනාහි ඒ අවස්ථාවේදී ගන්නා ලද්දකි. ඉදිරි පෙළේ සතර
වෙනියට සිටින සිල්වියා ප්රෑන්ක් හස්ට් තරුණ නෝනා එදා “සප්ප්රගැට්ස්“ ස්ත්රීන්ගේ
නායකත්වයක් ගෙන ඉතා නිර්භීත ලෙස සටන්කළ ඉංග්‍රීසි කාන්තාවකි. පිටතදී පමණක් නොව
දඟගෙයිදීත් සිය දිවි නොතකා අදහස් මුදුන් පමුණුවා ගැනීම පිණිස සටන්කළ තවත් ස්ත්‍රීහු
මෙසේ වෙති.
මේ සටනේ ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රිතාන්‍ය
ස්ත්රීන්ට ඡන්ද බලය පමණක් නොව ඇමතිධූර ඉසිලීමේ බලය පවා දැන් ලැබී තිබෙන බව මෙහි සදහන්
කිරීම අවශ්‍ය නොවේ.
-------------------------------------------------------------------------------------------------------
පාර්ලිමේන්තුව විවෘත කිරීම
එංගලන්ත පාර්ලිමේන්තු මණ්ඩලයේ අභිනව සභා
වාරය ආරම්භ කිරීම පිණිස ස්වල්ප දිනකට පෙර මහරජානන් වහන්සේ සහ බිසොවුන් වහන්සේ
බකිංහැම් මාලිගාවේ සිට අසුන් අටදෙනෙකු යොදන ලද රාජකීය රථයට නැගී සපිරිවරින් ගමන්කළ
ආකාරය මේ ප්රතිරූපයෙන් පෙනේ.
තව තීනවා..
ටික ටික වෙලාව තියෙන විදිහට දාන්නං....
මේ පත්තර සමහරක් එවුවා අතිං අල්ලන්න බෑ ඉරෙන
සයිස්...
ඉතිං පරිස්සමට ස්කෑන් කරන්න ඕනා...
විශේෂ ස්තූතිය මේ පත්තර ටික අපේ අම්මට දුන්නු නම නොදන්න සීයට...
ශහ් මරුනෙ බන්...
ReplyDeleteඉතින් බන් දිනමිණ පත්තරේට ඕක ලියපු බූරු වහන්සෙට ඕක හදලා දාන්න තිබුනනෙ "ලංකාවෙ" කියලා..
ලංකාවෙ උන් ඒකාලෙත් සුද්දියන්ව කොර කරලා නේද ?? :-)
බූරු වහන්සේ ගැනනං දන්නෑ....
Deleteලංකාවේ උං ඒකාලෙත් වැඩ්ඩෝ දැනුත් වැඩ්ඩෝ.....
ඇඩෙනවා තනි ඇහැට...
යකෝ පරණ පත්තර දැමිල්ල මුටත් බෝවෙලානේ....දැං මාත් පටන් ගන්නවා පරණ පත්තර දාන්න මෙයට වසර 103කට පෙර පළමු දිනමිණ තියනවා දාන්නද ඒක ගැන විස්තර.
ReplyDeleteමේ ඉන්නේ පත්තර කන්තෝරුවම මෙතන!
Deleteහිත හිතා ඉන්නෙ මක්කට...අනිවාර්යෙන් දාන්න...කියවන්න ආසයි...
Deleteaniwa danna nalin ayye...sahenna watinawa
Deleteapita wada apen passe ena ayata..
@ නලීන් අයියා..
Deleteබල බල ඉන්නේ දාන්ට අප්පා...
පස්සේ කාලෙක වෙන අයටත් බලලා දැනුමක් ගන්න පුළුවංනේ...
අවස්ය අයට එතකොට හොය හොය ඉන්න ඕන්නෑනේ....
ඔය කාලේ තමයි මම ගිය ආත්මෙට කලින් ආත්මේ අරහෙන් එහාට ගිහින් හිටියේ
ReplyDeleteඑහෙමද???????
Deleteචාලි කුමාරයා කියලා කෙනෙක් නම් හොයාගන්න බැරි වුනා මේ කැරොල් (carol)කියලා කුමාරයෙක් ගැන නම් සඳහන් වෙනවා..ටිකක් දුරට කියවද්දි මේ සීන් එක සාලිය කුමාරයාට සමාන කරන්න අමාරුයි වගේ..
ReplyDeleteමේ ලින්කුව බලන්න කෝ. http://en.wikipedia.org/wiki/Carol_II_of_Romania
අනේ මන්දා..
Deleteඒ කියන්නේ ඉස්සරත් පත්තර වල බොරු ලියැවිලාද????????????
ටිංකිරි මල්ලිගෙන් පස්සේ ආපු අළුත් ටිංකිරියද උබ???
ReplyDeleteරගන එක අඩු කර ගත්තොත් හොදයි පුතේ
මුකෙක්ද මේ පොන්ස්
Deleteහේ හේ ,, දුවපන් තරියෝ පොලිසියෙන් ඇවිත්
Delete@ ඇනෝ..
Deleteකවුදෑ ටිංකිරි මල්ලි කියන්නේ???????????
මගේ රංගන හැකියාව ගැනනං ඉතිං කතා කරලා වැඩක් නෑ ඈ....
@සුදු මහත්තයා..
Deleteදන්නෑ බං....
@සුජියා...
ඒකතමා මාත් බැලුවේ....
දැන් අනොල පෙළ ගැහිලලුනේ සිංහල බ්ලොග් කරුවන්ට ගහන්න . මුත් එම ඉන්න චන්ඩියෙක් වෙන්න ඕනේ , බය වෙයන් තරිය ,
Deleteඇඩෙනවා බං...
Deleteමොනා කරන්නද....
මරු බං.. ඔය තියන්නේ අර අණ දීම් එහෙමත්.. (පිටුව බලනු) :)
ReplyDeleteමාත් බාගෙට ලියපු පෝස්ට් ටිකක් තියනවා තව. ඇත්තටම අර සීයටයි අම්මටයි නම් පින් දෙන්න ඕන තමයි තරියෝ. පරිස්සම් කරලා අරන් තිව්වට.
දිරාගෙන යනවා නම් ඔය ටික ලැමිනේට් කරලා තියන්න වටිනවා. පත්තර පිටු සයිස් එක පුළුවන් මං හිතන්නේ.
බ්ලොග් එකට දේදුණු පායල තියන්නේ. මවුස් එක තියන තියන තැන බබලනවනේ. :-)
Deleteතරියා මගේ නම මතක් කලාට මේ ඉන්න චන්දන තමයි පරණ පත්තර බ්ලොග් අවකාශයට එක්කරලා ඒ සදහා මටත් අදහසක් ලබාදුන්නෙ...මම මෙතැනදි ඒ වග ඉතාම නිහතමානීව මතක් කල යුතුයි...ඔහොම යමු තරියා...තව අයත් මේ වැඩේට හෙට එකතු වේවි...අතීතයේ තොරතුරු මට නම් හරිම රහයි...
Delete@සිරා
Deleteඅපි අතර කිසිදා තරඟයක් නැතත්... උඹගේ නිහතමානීකම ගැන සතුටුයි මචං..! ඉතිරි විස්තරත් ඔහොම දාගෙන යමු. මමත් මේ දේවල් කියවන්න බලන්න බොහොම කැමතියි.. අනාගතයේ දවසක මෙවැනි දේ සොයා යන අයෙකුට වුනත් ප්‍රයෝජනවත් මේවා මෙහෙම දාල තියන එක.. සිරා, උඹ කිව්වා වගේ තවත් මෙවැනි දේවල් ළඟ තියන අය ඉන්නවා නම් පල කරන එක හොඳයි කියල තමයි මමත් හිතන්නේ.
@ චන්දන අයියා..
Deleteලැමිනේට් කර ගන්න ඕනා...
නැත්තං අපරාදේ...
දේදුන්නකුත් පෑයෙව්වා ඉතිං දන්නැද්ද.....
සිරාවට සිරා අයියා කියනකං මං මීටර් උනේ නෑ පත්තර කේස් එක හදුන්වා දුන්නේ චන්දන අයියා කියලා..
දැං මතකයි මට..
ස්තූතියි චන්දන අයියේ.....
@ සිරා අයියා...
Deleteඑලකිරි..
ඇන්ටික් බඩු බ්ලොග් ගත කරමු එකෙංම ඈ...
අපේ අප්පච්චිගේ පරණ පත්තර එකතුවක් දෙන්නං ලංකාවට ගිය දාක. අප්පේ එකේ තියන පත්තර.
Deleteසතුටුදායක ආරංචියක් ක්සැන්ඩර් අයියා.. එල..!
Delete@ක්සැන්ඩර් අයියා...
Deleteඑල එල ඈ...
ඉක්මන්ටම දාන්න ලැබේවා...!!!!!!!
මුකක් බන් මේ
ReplyDeleteපරණ පත්තර බං...
Deleteමාර ලව් කතා තමයි තිබිලා තියෙන්නේ නේද? ;)
ReplyDeleteහ්ං හ්ං...
Deleteපැරණි ලවු....
ඒකාලෙනේ ඉන්න තිබ්බේ...
ඒ බුර ඉසිලිමේ අයිතිය කියන්නේ මොකක්ද බන්?
ReplyDeleteඒ දවස් වල ලියන හැටි පට්ටනේ ඕයි
බුර නෙමේ බං ධූර ඉසිලීමේ අයිතිය.....
Deleteලියන හැටි කියන්නේ බං අර චන්දන අයියා කිව්වා වගේ අණ කිරීම් තමා තියෙන්නේ....
මෙයා හොයාගන්න එව්වා.:O
ReplyDeleteහොයාගත්තේ නෑ බං දොදොල් නංගියේ..
Deleteහම්බුනා....
මම අහල තියෙනවා එලිසබත් රැජිනට රජ කම ලැබෙන්න කලින් ඒ දේ ලැබෙන්න ඉඳල තියෙන්නේ ඇයගේ ලොකු අයියාට.නමුත් ඔහු ඒ වෙද්දී ඇමරිකාවේ වැන්දඹු කාන්තාවක් සමඟ සම්බන්දයක් තිබිලා. රටේ නීතිය හැටියට වැන්දඹුවක් ඒ වගේම වෙනත් රටක කාන්තාවක් විවහා කරගැනීම නිතිවිරෝදියි. එවකට හිටපු රජතුමා කියල තියෙනවා දෙකෙන් එකක් තෝරාගන්න ලෙස.ඔහු තෝරාගත්තේ ඇමරිකානු කාන්තාව.ආදරයක් නිසා රජකම අතරපු තවත් කෙනෙක්. මේ සිද්දිය නිසා තමා දැන් ඉන්න රජ පරන්පරාව පවතින්නේ.
ReplyDeleteගොඩක් හොඳ විස්තරයක් තිබුනා උඹේ පොස්ට් එකේ.
Tikak waradi wage. Queen Elizabeth ge seeya (king Goerge V) ge maranin passe rajakama himi wune eyage wadimal puthata, ei kiwwe queen Elizabeth ge mahappa. Eya thamai King Edward VIII wune(1936). Raja wela masa 06kin withara ratama danagene thiyanawa "Wallis Sympson" kiyana American devorced lady kenekwa
Deleteking Edward bandinna yanawa kiyala. Eika neethiyata patahani nisa rajakama hari ara ladywa hari thoraganna King Edward ta sidu wunalu. Eya 'Wallis Sympson' wa thora gaththa nisa rajakama pawule dewani puthata himi wunalu. Eya prince Albert raja wune King George VI widiyata. King George VI thamai queen Elizabeth ge thaththa. Dana thiyana raja pawla ahi wela thiyenne ehemalu.
බොහොම ස්තුතියි ඇනෝ.මාත් කාලෙකට කලින් කියෙවුවෙ.
Deleteස්තුතියි නිවැරිකලාට.
බොහොම ස්තූතියි අසරණයා අයියේ....
Deleteඇනෝ කියපු කතාව තමා මටත් මතක...
@ ඇනෝ...
Deleteබොහොම ස්තූතියි පැහැදිළිකිරීමට...
(වැදගත් ඇනෝ කෙනෙක්)
මොන මගුලක්ද බං හැම එකාම පරන පත්තර කෑලි දානවා..
ReplyDeleteබොට කොයින්ද මේ විස්තර ?
හම්බුනා අප්පා...
Deleteහම්බෙලා ගොඩක් කල්..
ඒත් ස්කෑනර් එක හදාගත්තේ ලගදි..
ඒකයි දාන්න වෙලා ගියේ...
මම අහලා තියෙන විදියට නම් එංගලන්තේ ගෑණු ගෙන ගිය සටනින් දිනුවේ අපේ රටේ ගෑණු. මොකෝ මුලින්ම ඡන්දය දාන්න හම්බ උනේ අපේ අයට කියලයි මගේ මතකය. මම වැරදි නම්, නලීන් නිවැරදි කරයි...
ReplyDeleteමං ඒකනං අහලා නෑ..
Deleteකෝ නලීන් අයියේ මේක තහවුරු කරන්ඩ බලන්න...
මටනම් පත්තරක් පරණද අලුත්ද කියල නෑ කියවපු ඒවත් කියන්වනවා.. මේවා නම් වටිනාකමක් තියන දේවල්. බොහොම ස්තූතියි මල්ලි බෙදාගත්තට.
ReplyDeleteබොහොම ස්තූතියි අක්කේ..
Deleteමටත් ඉස්සර ඔය කේස් එක තිබ්බා...
දැං නං එච්චරම කියවන්නෑ...
හිටපන්කෝ මමත් අද පත්තරයක් සල්ලි දීල අරන් තියාගෙන ඉන්නවා...මගේ බොග හරහා තව අවුරුදු 50 ක් 60 ක් ගියාම ඒක එලියට දානවා.
ReplyDeleteආ තව අවුරුදු 50කිං එන්නං බොගෙ බොග බලන්න මං එතකොට...
Deleteමෙව්වා සෑහෙන්න වටිනවා පරිස්සම් කරලා තියාගන්න මල්ලි.
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ...
Deleteමේ ටික ලැමිනේට් කර ගන්නෝනා...
මේක ටයිප් කරන්න ගිහිං තරියාගේ හක්ක පනින්න ඇති අනිවාර්යෙන්. ඉන්දියාවේ වික්‍රමසිංහ ඉන්නවා කිව්වම තරියට නම් මාර සතුටු ඇති මොකද තරියත් ඉතිං ඉන්දියාවෙන් පෙලවහක් කොර ගන්න හදන එකානේ.
ReplyDeleteඈහ් හැබෑටම ???
Deleteසිංහල එච්චරම අවුල් නිසා අවුලක් උනේ නෑ..
Deleteකෝමත් ලගදිම ලංකාවේ පත්තර වල යයි..
ලංකාවේ අබේසිංහ ඉන්දියාවේ ෂෙට්ටි නාමයත් වෙනස් කරයි කියලා...
කාටද ආඩම්බර....
මේ වැඩේ නම් හොඳයි තරියෝ..මේවා ගැන අපි උනත් දැනගන්නේ
ReplyDeleteමේ පෝස්ට් බලලනේ ..තව තියේ නම් දිගටම දාන්න..අසාවෙන්
බලනවා...
තව ටිකක් තියෙනවා...
Deleteපුළු පුළුවං වෙලාවට දාන්නං අයියේ...
ජයවේවා...
මරු අනේ..
ReplyDeleteවික්‍රමසිංහ ත් මරු :D
වික්‍රමසිංහ එල කොල්ලා...
Deleteඅබේසිංහලත් ඒ වගේ තමා....
"Old is Gold"..............
ReplyDeleteනැතුව නැතුව....
Deleteමට නම් එම ලිපිය හේනට වටිනවා බන්.මේක දම්මේ නැත්තම් අපි මේවා කියවන්නේ කොහෙන්ද?.
ReplyDeleteහි හි..
Deleteතැංකූ මචං!!!!!!!!!!!
අලුත් වැඩක්.අපේ පරණ දේවල් මොනවා උනත් පරිස්සම් කරනවට මම කැමතියි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඕල්ඩ් ඊස් ගෝල්ඩ්ලුනේ....
Deleteස්තූතියි අක්කේ!!!!!!!!!!
This comment has been removed by the author.
ReplyDeleteමොකෑ මේ????????
Deleteඔබ අලුත්ම ඉසවුවකට තල්ලු වෙලා. ඒ දවස්වල ඉදලා එකතු කරගත්තු පත්තර ටික නේද?
ReplyDeleteමේ පත්තරවල වචන විලාශය සහ අල පත්තරවල වචන විලාශය කොතෙක් දුරට වෙනස් වී ඇති ද?
හි හි...
Deleteඒ දවස් වල එකතු කරපු සීයා කෙනෙක් දුන්නේ....
පත්තර කලාවේ පරිණාමය...
කෝමද භාෂාව....
පොටො කොපි ගහලා තියාගනින් . ඇල්ලුවම දියවෙන සයිස්නම්
ReplyDeleteනෑ ලැමිනේට් කරන්න කියලා බැලුවේ..
Deleteෆොටෝ කොපියේ වටිනාකමක් නෑනේ ලොකු ජෝං අයියේ....
ඒකත් ඇත්ත
Deleteහ්ං.......
Deleteme wadenam niyamai thariya. mata nane ohoma ekathuwak.
ReplyDeleteමටත් තිබ්බේනං නෑ..
Deleteඑකතු කරපු කෙනෙක් තමා දුන්නේ.....
ස්තූතියි සයුරි අක්කේ....
ඉන්දියාවේ කියල යටින් දාල උඩ ටයිටලේ සිංහල තරුණයා කියල දාන්නේ මම හිතන්නේ මේ නිව්ස් එක ඉංග්‍රීසි පත්තරේකින් කෙලින්ම කොප්පයක් ගහපු හින්දා වෙන්න ඇති.
ReplyDeleteහි හි..
Deleteඒක තමා..
මං හිතන්නේ ඩේලි මේල් එකෙං තමා කෙලිංම අරං තියෙන්නේ...
එ කාලෙ මිනිස්සු ;) තනිකර කෙළියෙම පිස්සු
ReplyDeleteඑහෙම කියන්නත් බෑ ඉතිං...
Deleteහික්ස්...
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු........... :D
ReplyDeleteපත්තරේ කෑලි කෑලි උඩ පේලියට යට එක සමාන නෑ වගේ , අපේ එවුන් ඒ කාලෙත් මාධ්‍යට කෙලවන්න තමයි ඉදල තියෙන්නේ
ටිකක් ලොකු කල්ලා දැම්මා පේන්නත් එක්කම....
Deleteඅවුලක් නෑනේ....
මම තරියාගේ කෙසෙල් කැන හැම තැනම දකින නිසා හොඳට ඉදිච්චි ගෙඩියකුඩ කොටලා මෙතෙන්ට ආවේ.
ReplyDeleteඅඩේ උඩම තියෙන්නෙ බනානාස් ඉන් පජාමාස් නේ?
මේ පරණ පත්තරබලනකොට මට හැමදාම හිතෙන දෙයක් තමයි සිංහල ඉංග්‍රීසි වලට වඩා මොන තරම් වෙනස් වෙලාද කියලා. ඉංග්‍රීසි වලත් වෙනස් කම් තිබ්බට මෙච්චර කැපී පෙනෙන වෙනසක් නෑ. උඩම පත්තර කෑල්ලෙ ඉංග්‍රීසි බලාපං
ඕ යෑස්..
Deleteබනානාස් ඉන් පිජාමාස් තමා.. ලංකාවේ අයටනං කෝලිකුට්ටු සහෝදරයෝ...
සිංහල ඉස්සර තිබ්බ විදිහට දැං කතා කලානං දැං ඉන්න උං කියයි හරි නරක විදිහට කතා කරන්නේ කියලා...
ඉංග්‍රීසි වල ෆොන්ට් එක ගැනද ඩූඩ් අයියා කිව්වේ....
ඉංග්‍රීසි වල ෆොන්ට් එකම නෙවෙයි තරියා. වාක්‍ය ගැන:
DeleteRegistered at the G P O as a newspaper.
Phones 2470 - 3 lines
P O Box No 248
Telegrams "News" Colombo
ඔය ටික අද ලිව්වත් ඔය විදියමනෙ.
ඒකට බලාපං සිංහල:
අන්‍ය පිටරටවලට
මේ පත්‍රය තැපෑලෙන් පමණයි.
අතින් බෙදීමක් හෝ එක එක විකිණීමක් නොමැතියි.
ආ ඔව්....
Deleteඒකට හේතුව අළුත් වචන හැදුන එක, ඉස්සර පත්තර කන්තෝරු වල හිටපු අය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු අය වීම හා ලංකාවේ අය ඉංගිරීසිය සිංහලය ඇතුලට බලෙං කා වැද්දීම වගේ හේතු වෙන්න බැරිද??????
පට්ට මචෝ මන් මාරම ආසයි පරණ පත්තර ඇඩ් කියවන්න. බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් බන් !!!! තව ටිකක් කොහෙන් හරි හොයල දාපන්.
ReplyDeleteඋබ අපේ ගෙදර ආපු වෙලාවක මං දෙන්නං මිටියම...
Delete