ලගින්ම ඉන්න කස්ටිය

Friday, February 22, 2013

රස්තියාදුවේ යන්නේ නැතුව ඉක්මනට එන්න. (සිහින සිතිවිලි 6)

කලින් කොටස් මෙතැනින් කියවන්න

මාධවයගේ පඩි ටෝක් අහගෙනම කුස්සියට ගිහිං පිඟානයි අතයි හෝදලා අතටම වතුර අරං බීලා හැරෙනවත් එක්කම මාධවයගේ අම්මා කුස්සියට ආවා...

ඇන්ටි මං අද ගෙදර යනවා...

ඇයි පුතා????? පාඩං කරලා ඉවරද?????????

නෑ ඇන්ටි.... තව තියෙනවා.... වෙන දවසක කරනවා..... කම්මැලියි ඇන්ටි.......

දැම්ම කම්මැලි උනොත් ඉතිං හොදට තියෙයි........ 
කියමින් සිනාසෙමින්ම ඇය ශීතකරණය වෙත ගියාය..........

මම පොත් බෑගයට ඇදුම් කීපය දමාගෙන මං යනවා ඇන්ටී කියා හඩ නගා කීවෙමි....

පොඩ්ඩක් ඉන්න... මේක අම්මට දෙන්න.... 
කියමින් ඇය තවත් පාර්සලයක් මා අත තැබීය.


මොනවද ඇන්ටි මේ?

Sunday, February 17, 2013

එකදාස් නමසිය බරගනං වල ලවු


සිරා අයියගේ ඇන්ටික් පෝස්ට් ටික දැක්කම මටත් හිතුනා සේපර් එකේ මං ගාව තියෙන පත්තර ටිකත් බ්ලොග් ගත කරන්න..

ඒ අනුව අද බ්ලොග්ගත කරන්නේ 1928 මාර්තු මාසේ දිනමිණ පත්තර වල තිබ්බ ලවු කේස් ටිකක් සහ පත්තරයේ කලාතුරකින් පලවී ඇති පින්තූර කීපයකි.

මේ තියෙන්නේ එදා දිනමිණ පත්තරේ ලෝගෝ එක..


Thursday, February 14, 2013

ඒක නෙමේ චායා මොකද කියන්නෙ....... (සිහින සිතිවිලි 5)


කලින් කොටස් මෙතැනින් කියවන්න

මතකද මාව? 
මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.

ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.

කථා නැත්තෙ ඇයි බයද?

ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.


ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය. 


Tuesday, February 12, 2013

හොරු කවද්ද සහන් ඇත්ත කිවුවේ??? (සිහින සිතිවිලි 4)





නෝ තෑන්ක්ස්. අපි කාලා නේ ආවෙ මාධව?? 
මම මාධවගෙං ඇසීමි.

කමක් නෑ බං ටිකක් කමු. නැත්තං මේගොල්ලො තරහ වෙයිනෙ කියමින් මාධව එහි තිබූ රෝල්සයක් අතට ගත්තේය.

ලැජ්ජවෙන්න එපා සහන් කන්න කියමින් චායා සිනාසීය. 

ඔව් බං ලැජ්ජාව පැත්තකිං තියලා කාපං.. මාධවයා රෝල්ස් වලිං කට පුරවාගෙනම කිවුවේය.

Thursday, February 7, 2013

ලංකාව, බෞද්ධ ධර්මය හා පන්සිල්


අද වෙනකොට ලංකාව ඇතුලේ පුදුම ආගමික ප්‍රබෝධයක් ඇති වෙලා ආගමට දහමට ලැදි ජනතාවක් බිහිවෙලා ඉන්නවා. සාමාන්‍ය සමාජෙනං කොහොමද දන්නෑ ඒත් අන්තර්ජාලය තුළනං එහෙමයි.