ලගින්ම ඉන්න කස්ටිය

Friday, March 30, 2012

අපේ පෙරඩ් එක (අන් එඩිටඩ්)

දිනය 2012හේ මාර්තු මස 29 වනදා.
ස්ථානය කොලඹ අසෝක විද්‍යාලය.
වේලාව උදෑසන 7 පසුවී විනාඩි 30යි.

පේස් බුකියේ කෑ ගැහුවා



සතියක විතර ඉදං ඉස්කෝලෙ උං ටික පේස් බුකියේ කෑ ගැහුවා පෙරඩ් පෙරඩ් පෙරඩ් යකෝ පෙරඩ් වරෙල්ලා කිය කිය. ඉතිං අපිත් අනිවා එනවා කිය කිය ලෑස්ති වෙලා හිටියා රම්පෙට පොරි හැලෙන්න දෙන්නං කියලා හිතාගෙන. කොහොමෙං කොහොම හරි ලෙක්චර් එකකුත් කට් කරගෙන ඉස්කෝලෙ ලගට ආවා. උදේම මල්ලිලා දෙන්නවයි නංගිවයි ඉස්කෝලෙ දාන්න තාත්ත යන නිසා ඒ අයත් එක්කම මං කාර් එකේ ආවා. ඉස්කෝලෙ ගාවට එනකොට මෙන්න මුං ගාල කඩා ගත්තු අස්සයො ටිකක් වගේ විදගෙන යනවා. 




වාහන නං 400ක් විතර තිබ්බා. කොහොම හරි ඉස්කෝලෙ ලගට යනකොට වාහන තුන හතරක් ඉතුරු වෙලා තිබ්බා.. කොඩි, ටිං බෙලෙක්ක, අරවා මේවා තවවමත් බැද බැද ඉන්න. මාත් එක්ක සෙට් වෙනවා කියපු ලකියත් නෑ කවිදුවත් නෑ. ගත්තා කෝල් එකක්.

මම  - අඩෝ.. කොහෙද බං උබලා.
ලකියා  - මං බොරැල්ලෙ බං. කවිදුවා තාම ආවෙ නෑ.
මම  - ඉක්මනට වරෙං බං.
ලකියා - හරි හරි බං. මේ එක නෙමේ අපේ උං ටිකක් මෙහෙං කෑ ගහගෙන ගියේ. ඔහෙ තාම ලෑස්ති වෙනවද?
මම  - ඒක තමා යකෝ පෙරඩ් එක.
ලකියා - නෑ......... යකෝ ජෙට් ටිකක්නෙ පෙරඩ් එකේ ගියේ.. සද්දෙට බලනකොට මුකුත් නෑ.
මම  - හරි ඉක්මනට වරෙංකො. මං කියන්න.


කෝල් එක කට් කරලා ගත්තා වරුණට කෝල් එකක්.


මම  - ඕයි කොයිද ඉන්නෙ?
වරුණ  - ආ.. උබ කොහිද බං.. (නිදිමතේ.)
මම  - නොදකිං තෝ තාම නිදිද?
වරුණ  - හරි බං මං රාජගිරියෙං සෙට් වෙන්නං. උබලා ඔහෙං එනකොට කියපංකො.
මම  - කියන්න දෙයක් නෑ පෙරඩ් එක ගියා බං.
වරුණ  - නෑ.................
මම  - නෑ නෙමෙයි ඔව්. වරෙං ග්‍රවුන්ඩ් එකට.
වරුණ  - එල එල.


ඒකත් කට් කරලා තව කොල් එකක් ගත්තා චකයට.

මම  - ඕයි
චකයා  - කව්ද???????
මම  - තරිදු ඕයි..
චකයා  - ආ කියපං..
මම  - උබ එන්නැද්ද?
චකයා  - මං 8.30ට ඉස්කෝලෙ ගාවට එන්නං. ඒ වෙලාවටනෙ පටං ගන්නෙ.
මම  - පිස්සුද බං. පෙරඩ් එක ගිහිනුත් ඉවරයි.
චකයා  - මලා....
මම  - ග්‍රවුන්ඩ් එකට වරෙං. මං තියනවා.
චකයා  - එල එල.

ෆෝන එක සාක්කුවෙ දාගෙන හිටියා අරුං දෙන්න එනකං.
විනාඩි 20කට විතර පස්සෙ ආවා.
කවිදුවා - යකෝ දැං කෝමද යන්නෙ?
මම- බස් එකේ තමා යන්න වෙන්නෙ.. රෙද්ද වෙලාවට එන්නත් බෑ..
කතාව කියලා කට ගන්න හම්බුනේ නෑ පරණ ජීප් එකකිං අංකල් කෙනෙක් පුතාව ඇරලන්න ඉස්කොලෙ ගාවට ආවා.
එතන හිටපු කොල්ලො ටික දුවලා ගියා ජීපෙ ගාවට.
අපරාදෙ කීන්න බෑ අංකල් කීවා පුතාලා ග්‍රවුන්ඩ් යන අය ඉන්නවනං 6ක් විතර නගින්න පිටිපස්සට කියලා.
එදා ඉදංම අංක ගනිතෙට මේ වගේ අවස්ථාවලදි දුර්වල වෙන අපේ උං ටික රොත්තම නැග්ගා ජීප් එකට. අංකලුත් ඉතිං කොලු අවස්ථාව පහු කරපු එකෙක් නිසා මුකුත් නොකියාම යන්න පිටත් උනා.

රොත්තම නැග්ගා ජීප් එකට


අපිත් ඉතිං ජීප් එක උඩ පිස්සු නට නටා කෑ ගහ ගහ කොලබ වීදි අස්සෙ නිකං වැඩර්ලා වගේ ගියා.
අපි අපේ ප්‍රතිවාදීන්ගෙ පාසල ගාවිනුත් ගියා.
සිංහයො තනියම හිටියයි රංචු වසයෙන් හිටියයි කියලා වෙනසක් නෑ නෙව. උං කෝමත් වසයි.
ඒ වගේ අපිත් තනියම උනත් ප්‍රසිඩන්ට් එක ඉස්සරහිං යනකොට සද්දයක් දාගෙනමයි ගියේ.

   ප්‍රසිඩන්ට් එක ඉස්සරහිං

කොහොම කොහොම හරි අපි ග්‍රවුන්ඩ් එකට යනකොට වාහන ගොඩයි ඈ.
ඉතිං අපි කෑ ගගහ නට නට වාහන පෝලිමේ ඉන්නකොට ලකියා කිව්වා අඩෝ අර උබලගෙ තාත්තා නේද කියලා.
හැරිල බැලිංනං මෙන්න තාත්තා පිටි පස්සෙ කාර් එකේ.

තාත්තා පිටි පස්සෙ කාර් එකේ.

මං එහෙම්මම දැක්කෙ නෑ වගේ හැරිලා නිකං හිටියා. ඉල්ලං කන්න ඕනෙ නෑනෙ නේද?
කොහොම කොහොම හරි අපි වාහනෙං බැහැලා අංකල්ටත් තෑන්ක් කරලා අපි ගියා අපේ කට්ටිය හොයන්න.
කට්ටිය කිව්වට හිටියෙ අර්ජුනයයි දේෂාංගයයි තමා.

බඩගින්නකුත් ආපු නිසා එලියෙ තිබ්බ ජූස් බාර් එකට ගිහිං බීම තුනක් ඕඩර් කරා. කඩේ ඇතුලෙ වරුණයගෙ මල්ලියි තව කොල්ලො දෙන්නෙකුයි හිටියා. ඉතිං අපිත් බීම ඕඩර් කරලා වාඩි වෙලා ඉන්නකොට ඔන්න පාරෙ යනවා ටිකක් දැකලා පුරුදු බුවෙක්. බලනකොට වරුණයා.

අපි ඉතිං කෑ ගහලා හෙන අමාරුවෙං ඌවත් කඩේ ඇතුලට ගෙන්න ගත්තා.  අපි බීම බොන අතරෙ වරුණගෙ මල්ලි ඇතුළු කොල්ලො පිරිස උංගෙ බීම බීලා එලියට මාරු වෙලා ගියා. ගිහිං නිකං හිටියෙ නෑ.. ලග තිබුනු ගේක බිත්තියක් ස්‍ප්‍රේ කරන්න ගත්තා. උං ස්ප්‍රේ කර කර ඉන්නකොට ඒ ලගිං හිටිය ඇන්ටි කෙනෙක් මුං දිහා බලං හිටියා බැලිල්ලක්. අපිනං හිතුවා කෑවම තමා කියලා. ඒ උනාට ඇන්ටි උං දිහා බලල බැන බැන ආපු ගමන යන්න ගියා. ගැහුවෙ නෑ.



ඉතිං කාලා බීලා බිල ගෙවන්න හදනකොට අයියා කිව්වා මල්ලි 750යි කීලා. හම්මටසිරි දොඩං වීදුරු 4ක් 750යි? අපි බැලුවා මුකෝ කීලා. බැලිංනං අරුං කාලා බිල ගෙවල නෑ. ඒ පාර ඉතිං කට්ටියගෙම පර්ස් ටික හූරලා හෙන අමාරුවෙං බිල ගෙවලා ග්‍රවුන්ඩ් එකට ආවා.

ග්‍රවුන්ඩ් එකේ පට්ට අවුව. ඉතිං අපි පැත්තකට වෙලා ඉන්නකොට ඔන්න චකයත් එනවා ගාට ගාට. ඒ පාර ඌවත් එක්කහු කරං කට්ටිය ඕ බී එකේ අයියලට පලු යනකං බැන්නා (උං ලග හිටියේ නැත.). ඇයි ඉතිං ඕ බී එකෙං ඕගනයිස් කරපු පෙරඩ් එකේ වාහන නෙමේන ගියේ. ඔක්කොම කෆීර්, මිග් වගේ ඒවා. විනාඩි පහෙං පෙරඩ් ඉවරයි. ඉතිං කට රිදෙනකං බැනලා බැනලා අපිටත් ඇති වෙලා බැනිල්ල ඉවර කරා.
ඔහොම ඉන්නකොට ඔන්න දේසාංග කීවා මචං මං ගෙදරට ගිහිං එන්නං කීලා. ඉතිං අපිටත් මේ අව්වෙ ඉන්න බෑනෙ. අපිත් එනවා කියලා අපිත් ඌත් එක්කම උගෙ කාර් එකේ  නැගලා ගියා. යන්න කලිං අපි කොල්ලො ටිකකට කිව්වා අපි 1ට විතර ඉස්කෝල ගාවට ගිහිං පොඩි ආතල් එකක් ගමු. ලෑස්ති වෙලා හිටහල්ලා කියලා.
අපි ඉතිං දේසාංගලගෙ ගෙදර ගියා. යන ගමං අපි කෙල්ලංට කෑ ගගහ උන්ට විහිලු කර කර ගියා. දේසාංග විතරක් කොල්ලො දිහා බල බල ගියා.

දේසාංගලගෙ ගෙදර ගිහිං අපි ලෙමන් පෆ් කකා කොකා කෝලා බිව්වා. බිබී මැච් එක බල බල ඉන්නකොට ඔන්න අදීෂයත් අපිත් එක්ක සෙට් උනා. කොහොම කොහොම හරි ඔන්න 12.30 වෙනකංම අපි එතන කාලෙ කාලා ග්‍රවුන්ඩ් එකට ආවා.
ඇවිත් වාහන ටිකක් සෙට් කරගෙන පොඩි පෙරඩ් එකක් යන්නයි ලෑස්ති උනේ. වාහන කියලා ගොඩක් නෑ. රෝවර් කෑල්ලකුයි කාර් කටු දෙකකුයි අපේ අර්ජුනයගෙ වෑන් එකයි තමා.

 රෝවර් කෑල්ලකුයි කාර් කටු දෙකකුයි

ඉතිං කට්ටිය කොඩි ගහගෙන ලෑස්තිවෙනකොට ඔන්න කොල්ලො ටිකත් පැනලා ආවා අපිත් එක්ක යන්න.
අපිත් කට්ටියවම දාගෙන ඔන්න වන්දනාවෙ යන්න වගේ පිටත් උනා.

ඉස්සෙල්ලම ගියේ ප්‍රතිවාදී ප්‍රසිඩන්ට් හොයාගෙන.



ඔන්න ඉතිං එතන ඩෙගා නටලා කෑ ගහලා හූ තියලා ජරමර ගොඩක් දාලා එතනිං පිටත් උනා. ප්‍රසිඩන්ට් එක පහු කරලා එනකොට හම්බවෙන්නේ ඉතිං දේවි එක නොවැ. ඉතිං අපිත් සහෝදර කමට දේවි එක ගාවිං බැහැලා කරලා සාමකාමී විදිහට පොඩි ඇඩ් එකක් දාදා ඉන්නකොට මෙන්න බොලේ සික්කා ඇන්ටියි සික්කා අංකලුයි එලියට බැස්සා. ගේට්ටුවට අසන්නම බිල්ඩිමේ කෙල්ලො ටිකත් දැල් වල එල්ලීගෙන බලං ඉන්නවා. ටික වෙලාවකිං දේවි එකේ ප්‍රින්සිපල් මැඩමුත් එලියට බැස්සා. විස්සාස කරනවනං කරන්න මැඩම් අපිට හිනාවක් දාලා ආපහු හැරිලා ගියා. මේක ගොඩක් අය විස්වාස කරන්නෑ. මොකද ඒ මැඩම්ගෙං හිනාවක් ගන්නවා කියන්නෙ ඉබ්බෙක්ගෙං පිහාටුවක් ගන්නවා වැඩක්ලු. ඒත් ඉති අපේ කරුමෙකට වගේ මැඩම් අපි එක්කනං හිනා උනා.




හිනා උනා කියලා  එතන පදිංචි වෙන්නයැ. අපි තව ඉස්කෝල තීන නිසා එතනිං ආවා. කෙලිංම මියුසියස් යං කීලා යෝජනාවක් ආවා. ඉතිං මියුසියස් යමු කීලා යනකොට අපේ ඉස්සරහිං ගිය වාහනේ වැරදි පාරක ගිහිං අපිට යන්න බැරි විදිහට වැඩ සිද්ද උනා. වෙලාවත් නැති එකේ අපි යසෝදරා යං කියලා ඔන්න කට්ටියම යසෝදරා පැත්තට හැරෙව්වා.


යසෝදරා එකේ පාරෙ පිහිටීමත් එක්ක අපිට ඉස්කෝලෙ ඉස්සරහා වාහන නවත්තන්න බැරි උනා. බැහැ කියලා නිකං යන්නයැ. වෙන තැනකිං වාහන ටික නවත්තලා අපි බැහැගෙන ඇවිත් පෙර පරිදිම කෑ ගගහ නැටුවා.  ඔහොම නට නට ඉන්නකොට මෙන්න පිටි පස්සෙං ගෑනු කෙනෙක්ගෙ කටහඩක් ඇහෙනවා. බැලිංනං යසෝදරාවෙ ශිෂ්‍ය නායිකාවං බාර මැඩම්. දෙයියෝ බුදු වෙන්න හොද වෙලාවට අපි මැඩංව දන්නවා. ඉතිං මැඩම් අපිට කිව්වා. කොල්ලනේ ඉස්කෝලෙ අරින්න පරක්කු වෙනවා දැං යන්න කියලා. ඉතිං මිස්ගෙ වචනෙ අහක දාන්න බෑනෙ. අපි ඉතිං කොල්ලො ටිකට වාහන වලට නගින්න කියලා මිස් එක්කත් සුට්ටක් කතා කරලා වැදලා ආවා. අහල පහල අපිට ගහන්න වගේ බලං හිටපු අංකල්ලා ටික ඇස් ලොකු කරගෙන සීන් කෝන් එක බලං ඉන්නවා. අපි ඉතිං අංකල්ලටති හිනාවක් දාලා වාහන වලට නැගලා එහෙම්මම ගෝතමී බලා පිටත් උනා.

අපි යනකොට ගෝතමී ඇරලා. කෙල්ලො පාර දෙපැත්තෙංම එනවා. ඉතිං බහින්න බැරි නිසා අපි ඇතුලෙ ඉදංම කෑ ගහගෙන ආනන්ද බාලිකා පැත්තට ගියා. ගෝතමී එක ලග වගේම වාහන ඇතුලෙ ඉදං කෑ ගහගෙන ගියා. අදුනන නංගිලාත් කීප දෙනෙක්ම හම්බ උනා. අවුලක් නෑ ඉතිං.

ඔන්න ඔහොමයි උනේ.  ටිකක් දුර යනකොට අපේ උංට තිබහයි කිව්වා. ඇත්තටම කෑ ගහල ගහල අපේ උගුරු නිකං පැලෙන්න වගේ. (දැනුත් කටහඩ නිකං බල්ලො කාලා වගේ) ඉතිං අපි චාරිකාව නිමා කරලා ඉස්කෝලෙට ගිහිං වතුර බීලා පොටෝ ගහලා ආපහු වාහන වල නැගලා ග්‍රවුන්ඩ් එකට ගියා.

කස්ටියවම බස්සලා අපිටත් බඩගිනි නිසා දේසාංගයි, වරුණයි, කවිදුයි, මමයි රණවිරු සුභසාධන අවන්හලෙං කොත්තු කාලා කැසියර් අක්කට තොත්තුවකුත් දීලා ගෙවල් බලා දිරා මාරු උනා.


කතාව සංක්ෂිප්තව කීවොත් අපි පෙරඩ් එකක් කරා. ඔෆීෂියලි. හැබැයි මෙලෝ රහක් නෑ. වාහන ගොඩයි වැඩ පොඩ්ඩයි.
නමුත් අපි දවල් පොඩි පැරඩ් එකක් කරා. වාහන පොඩ්ඩයි වැඩ ගොඩයි. නඩු කෝටියයි.
අපිට නානාප්‍රකාරයේ කෙල්ලො හම්බ උනා.
සමහර උං හරි ගනං. අනේ අපිනං ඕවා ගනං ගන්නෙ නෑ ඈ.
සමහර කෙල්ලො හරි අහිංසකයි. අපිව දැක්ක ගමං හැංගෙනවා. පව් කීලාත් හිතෙනවා ඉතිං. (කට්ටියට තේරෙනවනෙ මං කියන දේ.).
අනේ සමහර කෙල්ලො හිටියා අපි කෑ ගැහුවම අපිට කෑ ගහලා උනුත් ෆන් එකක් අරං හිනා උන කෙල්ලො. අන්න කෙල්ලො. අපි උංට සිරාවටම ගරු කරනවා ඈ.
විසේසයෙං පොලෝසියේ කාර්ය බාරය මතක් කල යුතුයි. අපරාදෙ කීන්න බෑ අපිට පාරවල් ටික ක්ලියර් කරලා දුන්නා. අන්න පොලීසි.
ඒ වගේම තමා. මේ සියල්ල අපි කරේ කොලු කමට ෆන් එකක් ගැනීම සදහායි. අපි අපේ සීමාව දැනගෙන හිටියා.
කාටවත් ශාරීරිකවත් මානසිකවත් අපි කරදර කලේ නෑ. නමුත් ඇතැම් අය අපිව වැරදියට තේරුම් ගන්න ඇති. අපිට ඒවා අදාල නෑ.
අපි වෙන ඉස්කෝල වල වගේ බාලිකා පාසල් ඇතුල පැනලා කරදර කලේ නෑ. අන්න ඒකයි අපේ විනය කියන්නෙ.
අසභ්‍ය වචන කිව්වෙම නෑ. කොල්ලනේ අන්න ඒවට අපි උබලට සිරාවටම ගරු කරනවා හරිය.
ඔන්න ඕකයි උනේ.
එහෙනං අපි ගියා.



Wednesday, March 28, 2012

හිනාවෙයංකො




කෝල සුදු මුදු සමනලී
මට ආලෙ කරපං එති එතී....
මෙමා හිතුවත් තැවි තැවී
නුබ නොවේ හැරුනේ හිතවතී....


රංචු ගැහුනට බං අපී
නෑ නොහොබිනා වැඩ නම් කලේ...
හැර ගියොත් උබ සදවතී

මං අඩනවා බොරු නැලවිලී...

Monday, March 19, 2012

හෑ.........





කවියක් නිසදැසක් කොලයක 
නොලිව්වත්....

ලියා ගන්න ඔලුවට අදහස් 
නැතත්....
කවි ලියන්න හැකියාවක් 
නැති උනත්...
බලහං කොල්ලො මේකත් තව 


එක් කවියක්........

Wednesday, March 14, 2012

ලංකාවෙයි ඉන්දියාවෙයි ක්‍රිකට් වල වෙනස

ඉන්දියාවෙ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කලාම උංගෙ තේරීම් කාරක කමිටුවට හරි කාට හරි පේන් බැට් එක උස්සලා බයිනවා (අද ගම්භීර් වගේ)


ලංකාවෙ පිතිකරුවෙක් ශතකයක් ලබා ගත්තම උඩ පැනලා තමන්ගෙ කෙල්ලට ඇහැක් ගහලා ආඩම්බරෙං නරබන්නන්ට ආචාර කරනවා (මහේලල වගේ)



ඉංදියාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම දැවී ගිය පිතිකරුට පළු යනකං බයිනවා (ප්‍රවීන් කුමාර් වගේ)


ලංකාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම සමහර විට සතුට වැඩිකමට බිම පෙරලි පෙරලි සතුට සමරනවා. (කුලසේකර වගේ)



ඉන්දියාවෙ පන්දු රකින්නෙක් බෝක්කුවක් ඇරියොත් මුලු කන්ඩායමම උගෙ අම්මව මතක් කර කර ඌට බයිනවා (ජඩේජට වගේ)


ලංකාවෙ පන්දු යවන්නෙක් බුල් කෙලිනකොට නායකයා ලගට ගිහිං ඔලුව අතගාලා ඌව දිරිමත් කරලා එනවා (මාලිංගට වගේ)



ඉන්දියාවෙ පන්දුයවන්නන් චොර බෝලයක් යවලා ඒකෙං හතරක් ගියාම යටි ගිරියෙං ඌටම බැන ගන්නවා (ශ්‍රී ෂාන්ති වගේ)


ලංකාවෙ අයට හතරක් නෙමේ හයක් ගැහුවත් බෝලෙ දිහා බලල හිනා වෙනවා (මාලිංග වගේ)



ඉන්දියාවෙ පිතිකරුවෙක් දැවී ගියාම ඌ බලන්නෙ බැට් එක දිහා හරියට බැට් එකේ වැරැද්දෙං අවුට් උනා වගේ. (විරාටි කෝලි වගේ)


ලංකාවෙ එකෙක් අවුට් උනාම එහා පැත්තෙ බැට්ස්මන්ට පරිස්සමෙං ගහපං මචංකියලා ක්‍රීඩාගාරෙට යනකං තනියම කියෝ කියෝ ඔලුව වන වන යනවා (සංගා වගේ)



ක්‍රීඩාවේ ජීව ගුණය රකින්නෙ ඉන්දියාවද ලංකාවද?

Friday, March 9, 2012

DCSD විලාපෙ



ඇදුරුතුමනි මේ අහන්න...
අපේ සතුට අපට දෙන්න...
නොදුන්නොතිං මෙහෙම ඉන්න...
යන්න වෙන්නෙ පයිං ඔන්න...

කොන්ඩෙ වැව්වෙ ආසාවට...
බාටා දැම්මෙ සැහැල්ලුවට...
මල්ටි පොකට් ආවෙ අපට...
තියෙන ගැජට් දාං යන්ට...

අටහමාරෙ කෑලිත් නෑ...
පාන්දරට නින්දත් නෑ...
පහු උනොතිං දේෂන නෑ...
විභාගයට C+  නෑ...

--The නිදිමත කවිය--


හීන වලට පාට දෙන්න..
සල්ලි නැද්ද මන්දා ඔන්න...
හීන නැතුව නිදා ගන්න..
බැරිද මන්ද හිතට ඔන්න...

නිකන් ලැබෙන නිදා ගන්න..
ඒකත් නෑ අපිට ඔන්න..
පුවක් ගහෙත් දෙබල් මෙන්න..
පදයක් නෑ ඉතුරු දෙන්න.....

Thursday, March 8, 2012

මල යස්සනී සමග නුවන්

මචංලා මේක මං අහපු කතාවක් හරිය. ටිකක් අසැබි දේවල් තීනවා..

අවුරුදු 18ට අඩු අය මේක බලන්න එපා ඈ. (මං ඇහුවෙත් අවුරුදු 15දී විතර)



මේක වෙලා තියෙන්නෙ මේ කිරිල්ලවල කියන පැත්තෙ. නුවර පාර දිගේ යනකොට හම්බෙන නගරයක් තමා කිරිල්ලවල. සිද්ධිය උනේ මං අදුනන කොල්ලෙක්ට.

හරි කතාවට බහිමුකො. අපි හදුනා ගැනීමේ පහසුවට නුවන් කියමුකො. ඔය නුවන් කියන පොර ටිකක් ස්මාට්. ඒ කිව්වෙ ලස්සනයි. බුවාට අපි දන්න තරමිනුත් කෙල්ලො 34ක් හිටියා.

මිනිහා ඉස්කෝලෙ ගියේ කොලඹ. අපිත් එක්කත් මාර ෆිට්.කොහොමහරි මිනිහට පොඩි කාලෙ ඉදං ඔය පොඩි පොඩි සීන් තිබ්බලු. ඒ කියන්නෙ ඔය තනියම ඉන්නකොට උන ගන්න වගේ ඒවා. පොඩි පොඩි සීන් ලොකු වෙලා මං මේ කීන ලොකු සීන් එක වෙලා පොරට ගමෙත් ඉන්න බැරුව ඕං මිනිහා දැං ඉන්නෙ රට.

මේකයි සිද්ධිය. අපිත් එක්ක බුවා කීලා තියෙනවා ඌට රෑට හීනෙං ලස්සන කෙල්ලෙක් ඇද ලගට එනවා පේනවලු. ඒ කෙල්ල මේ යකත් එක්ක ලිංගිකව හැසිරෙනවලු. ඌ කිව්වම අපි ඌට නෝන්ඩිය දැම්මා. අපෝ වලත්තයා කියලා. ඒත් ඌ පරසක්වල ගැහුවා ඒක සිරා සිද්ධිය කියලා. මිනිහා කියනවා උදේට නැගිටිනකොට ඇගට පනත් නෑලු. ඒ මදිවට සුක්‍රානුත් පිට වෙලාලු. අපි ඒත් ගනං ගත්තෙ නෑ. ඕන එකෙක්ට බොරු කියන්න පුළුවංනෙ. නේද? කව්ද ඕවා විස්සාස කරන්නෙ

ඉතිං ඕක කියලා කාලයක් ගත උනා. මිනිහා ඊට පස්සෙ අපිත් එක්ක ඕවා කිව්වෙ නෑ. මොකද අපි කින්ඩි දාන නිසා. ටික කාලෙකට පස්සෙ මූ මාසයක් විතර අපිට හම්බ උනෙත් නෑ. බුවාට මොනා උනාද කියලා අපි කල්පනා කරා.


කිරිල්ලවල ඉදං කොල්ලො ගොඩක් ආවා. ඒ අතර උගෙ බොක්කක් හිටියා. ඉතිං අපි උගෙං සිද්ධිය ඇහුවා. ඇයි මේ වසලයා ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ කියලා.ඌ ගත් කටටම කිව්වා අපෝ මතක් කරන්න එපා බං. ඒ යකාට මාර සිද්ධිය උනේ කියලා. අපි කිව්වා කියපං මොකද උනේ කියලා.මචං නුවන් කාරයට මල යකින්නි වැහුනනෙ බං. දැං ඌ පන්සලක නැවතිලා ඉන්නෙ කියලා. අපේ ඇස් උඩ ගියා යකෝ මාර සීන් එකනෙ කියලා.

අපි තව විස්තර ඇහුවා. ඌට හෙන කාලෙක ඉදලා ඒ යක්ස ආත්මෙ බැල්ම දාගෙන ඉදලා තීන්නෙ. අර ඌ කිව්වෙ රෑට ලිංගිකව එකතු වෙනවා කියලා. ඒ අර යක්සනිත් එක්ක තමා. මේ සිද්ධියේ උච්චතම අවස්තාවෙ මනිහා රෑ හීනෙං ඇවිදලා කනත්තටම යනකං. උදේ බලනකොට බුවා කනත්තෙ මිනීවලක් ගාව වැටිලා ඉන්නවා දැකලා සික්කා ගමේ මිනිස්සුන්ට කෑ ගහලා ගෙන්නලා.

මිනිහා ඇගේ නූල් පොටක්වත් නැතුව මිනීවලක් බදාගෙන ඉන්නවලු. ඊට පස්සෙ කට්ටඩියෙක් ගෙන්නුවම ඌ තමා සීන් එක කියලා තියෙන්නෙ. මේ යකාගෙ වෙලාව හොදයි. මරු නැකතක එහෙම ගෙදරිං එදා රෑ බැස්සනං මලකද තමා ගේන්න වෙන්නෙ කියලා. ඌ කියලා මූව පන්සලක නවත්තන්න වැඩේ ගොඩ දානකං කියලා. 

කොහොමහරි ඊට මාස තුනකට පස්සෙ මිනිහා රට ගියා. දැං ඔන්න උපාදියක් කරගෙන යසට ඉන්නවා.

මේක සිරා සිද්ධියක්. මේ නුවන් කියලා මං බොරු නමක් දාපු එකා එෆ් බී එකෙත් ඉන්නවා. හැබැයි මිනිහගෙං ඔය ගැන අහනවා බොරු. මට උගෙ යාළුවා කිව්වා ඌව මෝහනේ කරලා සිද්ධිය අමතක කරවලා තියෙන්නෙ කියලා. අපි උනත් උගෙං මේවා ගැන කවදාවත් අහලා නෑ..