ලගින්ම ඉන්න කස්ටිය

Sunday, February 26, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන් 3

හරි යාළුවනේ මං ඕගොල්ලන්ට කියලා දුන්නනෙ Flow Chart වල Basic ටික. දැං ඉතිං තියෙන්නෙ ඒවා බාවිතා කරගෙන මේ Flow Chart වල එන ගැටළු විසදන එක. අනිත් එක තමයි අපිට නොතේරුන සිද්ධාන්ත කොටස් මේ ගැටළු භාවිතයෙන් තව තවත් තේරුම් ගන්න පුළුවං වීම. (මමත් තේරුම් ගත්තෙ එහෙමයි.)

අපි සරලම ගැටළු වල ඉදං අමාරු ඒවා වෙනකං එකින් එක බලමු.




  1. අංක දෙකක් ඇතුලත් කර එම අංක දෙකෙහි එකතුව ලබාගත හැකි ආකාරයෙන් Flow Chart එකක් පිලියෙල කරන ආකාරය.




1



දැං මේ කරලා තියෙන දේ සමහර අයට තේරෙන්නත් පුළුවං නොතේරෙන්නත් පුළුවං. ඒක නිසා මං තේරුන අයට තව තේරෙන්නත් නොතේරුන අයට තේරෙන්නත් හැම උදාහරනෙකටම පස්සෙ ටිකක් විස්තර කරලා දෙන්නං. ඒත් තේරුනේ නැත්තං පහල කමෙන්ට් එකක් විදිහට ඔයාට නොතේරුන තැන ගැන දාන්න.


හරි. දැං මුලින්ම මේ ගාන පැහැදිලියිනෙ. කියලා තියෙන්නෙ අංක දෙකක් ඇතුලත් කරාම ඒ අංක දෙකේ එකතුව ලැබෙන විදිහට හදන්න කියලා. ඉහත රූපයේ තියෙන්නේ ඒ විදිහට හරියටම හදපු Flow Chart එකක්.


Flow Chart එකක් හදන්න කලිං ඒ චාර්ට් එක පටං ගන්න ඕනනෙ. ඉතිං අපි මුලිංම කරන්න ඕනා ටර්මිනල් සිම්බල් එකක් දාලා ඒක Start කරන්න. ඒ විදිහට අපි පටං ගත්තා. ඒ වගේම තමා චාර්ට් එකක් බාගෙට හදන්න බෑ. ඒක නිසා පටං ගත්තනං ඒක ඒ විදිහටම ඉවර කරන්නත් ඕනෙ. ඒක නිසා පටං ගත්තා වගේම ටර්මිනල් සිම්බල් එකකින් Stop හරි  End හරි කියලා නවත්තන්නත් ඕනෙ.


ඊට පස්සෙ තමයි අපි ගැටළුව විසදන හැටි බලන්නෙ. දැං කියලා තියෙන විදිහට අපි මුලිංම අංක දෙක ඇතුලත් කරන්න ඕනනෙ. ඉතිං අපි ඒ අංක ඇතුලත් කරාම ඒවා ගබඩා කරගෙන තමයි එකතු කිරීමකට ලක්කරන්න පුළුවං. අපි ඒ නිසා ඒ අංක ගබඩා කරන්න තැනක් හදන්න ඕනා. අපි ඒ ගබඩා කරන්න හදන තැං වලට ඉංග්‍රීසියෙන් නමක් කියනවා. ඒ තමයි Variable. මේ වේරියබල් කියන ඒවයෙ අගයන් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවං. අනිත් එක තමයි මේ වේරියබල් කියන ඒවයෙ ගබඩා කරන්න පුළුවං එක අගයක් විතරයි ඒ කියන්නෙ 24 නං 24 විතරයි. 1 නං  1 විතරයි. ඒ වගේ. අපිට ඒ නිසා මේ ගානට වේරියබල් 3ක් හදන්න වෙනවා. ඒ පලවෙනි අගයටයි දෙවැනි අගයටයි ඒ අගයන් දෙකේ එකතුව ගබඩා කිරීමටයි. ප්‍රධානම දේ තමයි අපි මේ අගයන් ඇතුලත් කිරීමට කලිං වේරිබල් ටික හදලා ඉන්න ඕනා. නැත්තං ඉතිං අගයන් ඇතුලත් කරාම සොරිම තමයි. යන්න තැනක් නෑ. හරියට ගෙයක් නැති මනමාලයෙක් මනමාලිව කැන්දං යන්න තැනක් නැතුව චාටර් වෙනවා වගේ තමා. අගයන් වලට යන එන මං නෑ වැඩසටහන ස්ටක්.


ඒක නිසා අපි ප්‍රොසෙස්  සිම්බල්  එකක් යොදාගෙන උඩ තියෙන Flow Chart එකේ වගේ No:1=0, No:2=0, Tot=0 විදිහට වේරියබල් හදලා චාට් එකට එකතු කෙරුවා. මේ No:1 No:2 කියන්නෙ වේරියබල් එකේ නම. අපිට ඕන නමක් දෙන්න පුළුවං. ඕනනං A,B කියලා උනත් දෙන්න පුළුවං. No:1 No:2 කියලා දුන්නෙ හදුනා ගැනීමේ පහසුවට. ඒ වගේම තමයි ඉස්සරහදි අපිට මේ වේරියබල් ඇතුලෙ තියෙන අගයන් ප්‍ර යෝජනයට ගන්න ඕන උනාම අපි ඒව යොදාගන්න ඕනා ඔය වේරියබල් නේම් එක යොදලා.


හරි. දැං ඉතිං අගයන් වලට යන්න තැනක් තියෙනවා. දැං ඉතිං ඇතුලත් කරන්න ඕනා අගයන්. අපි ඒකට යොදාගන්න ඕනෙ ඉන්පුට්/අවුට්පුට් සිම්බල් එකක්. මොකද මේක ඇතුලත් කිරීමක්නෙ. ඒක නිසා සිම්බල් එක දාලා උඩ රූපෙ විදිහට Input No1 සහ Input No2 විදිහට දාන්න ඕනෙ. මේකෙ මං මුල්ම ගාන නිසා ඕගොල්ලන්ට පැටලෙයි කියලා හිතලා සිම්බල් දෙකක් දාලා නම්බර් 1 සහ 2 ඇතුලත් කරාට එකම සිම්බල් එක ඇතුලෙ දැම්මත් කිසි ප්‍රශ්නයක් නෑ. ඉස්සරහට එන ගනං වලදි මං එකටම ඇතුලත් කිරීම් කරනවා. බලන්නකො.


දැං අංක දෙක එහෙමත් නැත්තං අගයන් දෙක ඇතුලත් උන නිසා අපි වැඩසටහනක් නිර්මාණය කරන්න ඕනා මේ අගයන් දෙක එකතු කරන්න. මොකද පරිඝණකයකට හිතන්න බැරි නිසා. මේ ගැටළුවටනං ඉතිං මේ වැඩසටහන ලියන එක නිකං මොනාද වගේ. ලේසියි. ඒත් ඉතිං අමාරු ඒවා ඉස්සරහට එයි.  එතකොට බලන්නකො කොච්චර මේ සදහා වෙලාවක් වැය කරන්න ඕනද කියලා. ඇත්තම කිව්වොත් මේ කොටසට තමයි Flow Chart වල වැඩිපුරම වෙහෙසෙන්න ඕනා. හරි. අපි මේ වැඩසටහන ලියන්න යොදාගන්න ඕනා ප්‍රොසෙස් සිම්බල් එකක්. අගයන් දෙකක් එකතු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයිනෙ. අගයන් දෙක එකතු කරන්න අපි ලියනවා No1+No2 කියලා. අපි මේ එකතු වෙලා එන අගය දාන්න වෙනම වේරිබල් එකක් හැදුවා Tot කියලා මතකද? අන්න ඒ වේරියබල් එකට අපි මේ අගය Sign කරන්න ඕනා. ඉතිං අපි කරන්න ඕනා අර වැඩසටහනට මේ Tot වේරියබල් එක ඇඩ් කරන්න. Tot =  No1+No2 මේ විදිහට කරා. බලන්නකො උඩ සටහන දිහා.


දැං ඉතිං අපි ගත්තු අගය අපෙං උත්තරේ බලාපොරොත්තු වෙන කෙනාට පෙන්නන්න තමා තියෙන්නෙ. දැං මේ උත්තරේ තියෙන්නෙ වැඩසටහන ඇතුලෙ නිසා අපි ඒක පිටතට ගන්න ඕනා. ඉතිං අපි ඒක පිට කරන්න යොදාගන්නවා ඉන්පුට්/අවුට්පුට් සිම්බල් එකක්. ඊට පස්සෙ ඒකෙ ලියනවා Output Tot කියලා. දැං පිට වෙනවා මේ Tot වේරියබල් එක ඇතුලෙ තියෙන අගය.


වැඩේ ඉවරයි. හරියටම ඉවර කරන්න මං මුලදිම කිව්වා වගේ ටර්මිනල් සිම්බල් එකක් මාරගයෙන් වැඩසටහන අවසාන කරන්න ඕනා.


තවත් උදාහරන ටිකකින් වෙනත් දවසක හමුවෙමු.
ජයවේවා!!!!!!!!!!!!!

Friday, February 24, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන් 2

හොදයි යාළුවනේ Flow Chart පාඩමේ දෙවනි කොටස තමයි අද මං ඕගොල්ලන්ට ලියන්නෙ.
අපි ගිය සැරේ කථා කලේ Flow Chart වල සංඛේත නැත්තං Symbols ගැන.

අද අපි මුලින්ම කථා කරන්නෙ පාලක ව්‍යුහය එහෙමත් නැත්තං Control Structure එක ගැන.
ඕනම දේක යමක් කරන්න ක්‍රමයක් තියෙනවනෙ. ඒ වගේ තමයි Flow Chart වලත්. ක්‍රම 3ක් තියෙනව. ඒවා තමයි මේ Control Structure කියල හදුන්වල තියෙන්නෙ.


Control Structure 3ක් තියෙනවා කිව්වනෙ. ඒවා තමයි මේ

  1.  Sequence Structure
  2. Selection Structure
  3. Repetition Structure

මේවයෙ සිංහල නම් ගැන හිතන්නවත් එපා. ගොඩක් අය IT කරන්නෙ English වලින්නෙ. ඒක නිසා අවුලක් නෑ.

හොදයි අපි එකින් එක මේවා ගැන හොයල බලමු.


Sequence Structure

                  
යම්කිසි පිලිවෙලකට අනුව එකකින් පස්සෙ තවත් එකක් එන විදිහට වැඩසටහන ලිවීම මේ Sequence Structure කියන එකෙන් හදුන්වනවා. අපේ විභාග වලට ලියන යාළුවන්ගෙන් විභාගෙදි ඇහුවෙත් මොකක්ද මේ Sequence Structure කියන්නෙ කියලා ඕගොල්ලො ලියන්න ඕනෙ ඒකෙ සම්මත හැදින්වීම. ඒ හැදින්වීම මං පල්ලෙහින් ඉංග්‍රීසියෙන් දාන්නං. වචනයක්වත් අඩු නැතුව විභාගෙදි ලියන්න ඕනා. මොකද නැත්තං ඒකෙ තේරුම නැති වෙනවා.


“Sequence Control Structure Specifies one programme statement after another is to be executed in a given order”

මේ Sequence Structure එක පැහැදිලි වෙන්නත් එක්කල මං පහලින් රූප සටහනක් දැම්ම. බලන්නකො.

Sequence Structure


Selection Structure


මේ  Selection Structure එකෙන් අපිට පුළුවං අපි ප්‍රෝග්‍රෑම් එකට දෙන Condition එකෙන් ක්‍රියාවලි දෙකක් හදුනාගෙන එයින් මාර්ග දෙකකට බෙදා දක්වන්න.

ඉස්සෙල්ලා එකේ වගේම මේකෙත් Definition එක පහල තියෙනවා.

“Selection Structure represents a choice between two conditions”

පහල රූපෙ බලන්නකො. ඕගොල්ලන්ටම තේරෙයි.


Selection Structure



Repetition Structure


මෙන්න මේකනං චූට්ටක් විතර සංකීර්නයි. ඒත් අමාරුනං නෑ. අපි මේකෙදි විධානයක් දෙනවා. අන්න ඒ විධානෙ විදිහට වැඩේ ඉවර වෙනකංම මේ Repetition Structure එකෙන් programme එක එක තැන කරකෝනවා.

තේරුනේ නැද්ද?

උදාහරනයක් විදිහට ඔයා හිතන්න ඔයා අංක 50ක් පරිඝනකයට ඇතුල් කරලා Programme එකට දෙනවා විධානයක් මේ අංක 50හෙ තියෙන ඔත්තෙ ඉරට්ටෙ සංඛ්‍යා හොයල දෙන්න කියලා. ඒකට ඉතිං අංක 50ම රීඩ් කරන්න ඕනනෙ. මේකට අපි IF command එකක් දුන්නොත් එකක් බලල වැඩසටහන ඉවරකරනවා. ඒත් මේකෙ එහෙම නෑ. මෙයා 50 ඉවර වෙනකංම එකින් එක අරගෙන බලනවා.

ඒත් තේරුනේ නැත්තං අපි ඉස්සරහට මේ ෆ්ලෝ චාර්ට් ගනං කථා කරනකොට ඔයාටම තේරෙයි මොකක්ද මේ අපබ්‍රංෂය කියල.

ඔන්න තියෙනවා මේකෙ Definition එක.

“Repetition control structure specifies that the process to be repeatedly performed until a given condition is not true (Or while the condition is true)”  


තවත් තේරුං ගන්න බලන්නකො මේ රූප සටහන.

Repetition Structure


Control Structures නං මෙච්චරයි. අනිත් ටික වෙනත් දවසක දෙන්නං.

මැච් එක යනවා. බලල එන්නං ඈ..

ජය වේවා!!!!!!!!!!!!!!!!!


Wednesday, February 22, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන්

මේ සටහන ලියන්න පටන් ගත්තෙ අපේ ඔය කොම්පියුටර් ජිල්මාට් ගැන එහෙම උනන්දු යාළුවො ගැන හිතලා. අපේ ගොඩක් යාළුවො ඉතිං ඔය ජිල්මාට් ගැන ඉගෙන ගන්නෙ O/L , A/L කාලෙදිනෙ. ඉස්කෝලෙත් එය ජිල්මාට් උගන්නන්න තියෙනවා විෂයක්. සමහර අය කරනවත් ඇති. දන්නවනෙ ඉතිං IT (Information Technology) කිව්වම. ඉස්කෝලෙදි මේ විෂයෙ බොහොම ප්‍රාථමික මට්ටමේ කරුනු (Basic) ටික තමා කියල දෙන්නෙ. ඒත් ඉතිං සමහර ඉස්කෝල වල ඒ ටිකවත් ළමයින්ට හරියට කියල දෙන්නෙ නෑ.

හරි කථා ඇති. දැං ඔය විෂය පටං ගන්නකොටම තියෙනවා Flow Chart කියලා පාඩමක්. අද මං කියලා දෙන්න යන්නෙත් ඒ ගැන තමා. එක ලිපියකිං කියල ඉවර කරන්න පුළුවං උනොත් හොදයි. ඒත් බැරි උනොත් ඉතිං සොරි වෙන්න ඕනා.

මොනාද මේ Flow Chart නැත්තං ගැලීම් සටහන් කියන්නෙ. අපි බලමු.

Flow chart is a graphical representation of a programme. මෙහෙම තමයි සුද්දා මේක අර්ථකථනය කරලා තියෙන්නේ. ඒ කියන්නෙ මේ ගැලීම් සටහන යනු එක්තරා විදිහකට යම් වැඩසටහනක් දෘශ්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් කියන එකයි. ඉංග්‍රීසියෙන්ම තියෙන එක හොදයි වගේ නේ?????

ඉතිං මේ  Flow Chart කියන ඒවා අපි මොලේ ටිකක් කල්පනා කරලා අදින්න ඕනා. මේවයින් තියෙන ප්‍ර යෝජනේ තමයි අපිට යම්කිසි පරිගනක වැඩසටහනක් නිර්මාණය කරන්න ඕන උනාම ඉස්සෙල්ලම මේ Flow Chart එකක් ඇදලම වැඩේ පටං ගත්තම ඒ වැඩේ ලේසි වෙන එක. සරලවම කිවුවොත් වැඩේ අවුලක් නැතුව Flow Chart එකක් මාර්ගෙන් ගොඩ දා ගන්න පුළුවං.

කට්ටිය දැං Flow Chart Flow Chart කිව්වට දැකලවත් තියෙනවද දන්නෑනෙ. ඔන්න බලා ගන්න.



ඔය තියෙනව නේ නිකං පෙට්ටි, රවුං, ඇද වෙච්ච පෙට්ටි, එතකොට කොන රවුං උන පෙට්ටි එහෙම. අන්න ඒවට අපි ඉංග්‍රීසියෙං කියන්නෙ Symbols කියලා. ඒ කියන්නෙ සංඛේත කියන ඒවා. මේ වගේ සංඛේත තියෙනවා 6ක්. ඔය 6න් තමා ඔක්කොම වැඩ ටික කර ගන්න තියෙන්නෙ.

දැන් අපි බලමු මොනාද මේ සංඛේත වර්ග කියලා.
  1. Terminal Symbols
  2.  Input / Output Symbols
  3. Process symbols
  4. Decision Symbols
  5. Flow Lines
  6. Connector Symbols



Terminal Symbols
මේ සංඛේතය නිකං ඉලිප්සාකාර හැඩයක් ගන්නෙ. හැබැයි හරියටම ඉලිප්සාකාරත් නෙමෙයි.



මෙන්න මේ වගේ හැඩයක්. දැං හරිනෙ.


ඉතිං මේ සංඛේතෙං නිරූපනය කරන්නෙ වැඩසටහන ආරම්බ කිරීම හෝ අවසාන කිරීමයි. ඒ කියන්නෙ ඕන Flow Chart එකක කෙලවරවල් දෙකේ තමයි තියෙන්නෙ. දැං තේරෙනවනෙ ඇයි මේවට Terminal Symbols කියලා කියන්නෙ කියලා. ඒත් තේරුනේ නැත්තං ඩික්ෂනරියක් පෙරලල තේරුම බලන්නකො.







Input / Output Symbols


මේ සංඛේතය හරියටම ඇද වෙච්ච ඍජුකෝනාෂ්‍රයක් වගේ. ඒකට කියන නම මට මතක නෑ. සොරි වෙන්න ඕනා. මේ තියෙන්නෙ. මෙන්න මේ වගේ.


දැක්කද. ඉතිං මේ සංඛේතෙන් නිරූපනය කරන්නෙ Input හරි Output හරි Operation වල පියවරවල් අගවන එක. තේරුනාද මන්දා. කරගෙන යනකොට ඔලුවට වැටෙයි.





Process symbols

මෙකෙ තියෙන්නෙ ඍජුකෝනාෂ්‍රාකාර හැඩය. ඒක ඉතිං හැඩේ දන්නවනෙ. කොහෙමහරි මේකෙන් අංක ගණිත ක්‍රියාවලි එතකොට දත්ත ඇතුලත් කිරීම් තව දත්ත හුවමාරු කිරීම් ඒ වගේම සුළු සුළු ගණිත සුළුකිරීම් පවා නිරූපනය කරන්න පුළුවං. මේක ගොඩක් ප්‍ර යෝජනවත් සංඛේතයක්.


මෙන්න මේ වගේ







Decision Symbols


මේ සංඛේතෙ හරියට නිකං මොලයක් වගේ. ඒ කියන්නෙ තර්කානුකූල නිගමනයන් වැඩසටහන තුලදි ගන්නෙ මෙන්න මේ සංඛේතෙ තුලදි තමයි. උදාහරනයක් විදිහට අපි හිතමු අපි වැඩසටහනට විදානයක් දීලා තියෙනවා අපිට ඔත්තේ ඉලක්කම් වෙනමත් ඉරට්ටේ ඉලක්කම් වෙනමත් පෙන්නන්න කියලා. ඊට පස්සෙ අපි ඇතුලත් කරා කියලා හිතමුකො 1යි 5යි 8යි 6යි. මෙන්න මේ සංඛේතෙ තුලදි තමයි 1සහ5 ඔත්තේ ලෙසත් 6සහ8 ඉරට්ටේ ලෙසත් වෙන් කර ගන්නෙ. තේරුනාද?

අපි මේ සදහා අවශ්‍ය තර්කය ලබා දෙන්න ඕනා හැබැයි. මොකද කම්පියුටරේට හිතන්න බෑනෙ.

කියන්න බැරි උනානෙ. මේකෙ හැඩය නිකං කිරිබත් කෑල්ලක් වගේ. කිරිබත් කාලා නැත්තං හැඩේ ගැන පල්ලෙහා රූපෙ බලලවත් හිතා ගන්නකො.


Flow Lines


මේවනං ඉතිං නිකංම නිකං ඊතල. ඒත් ඉතිං ඊතලේ ගහන තැන අනුව වැදගත්කම වෙනස්වෙනවා. නිකංම නිකං ඊතල කිව්වට Flow Chart වලදි අනිත් හැම එකටම වඩා වැදගත් වෙන්නෙ මේවා තමයි. මොකද හැම සංඛේතයක්ම සම්බන්ධ කරන්නෙ මේ ඊතල නිසා. මේකෙන් මේ සටහන ගමන් කරන්නෙ මොන දිශාවටද කියලා නිරූපනය කරනවා. ඊතල දැකලා නැති අයටත් එක්ක පල්ලෙහා දැම්මා ඊතල ටිකක්.



Connector Symbols


මේ සංඛේත පාවිච්චි කරන්නෙ Flow Chart එක අඛන්ඩව පවත්වාගෙන යන්න. තව ටිකක් පැහැදිලි කලොත් දැං ඕගොල්ලො මේ Flow Chart අදින්නෙ පොතකනෙ. සමහර Flow Chart තියෙනවා හෙන දිගයි. ඒවා ඉතිං එක පිටුවකිං ඉවර කරන්න බෑනෙ. ඒ වගේම තව තියෙනවා Flow Chart දෙකක් තුනක් විතර අදින්න වෙන අවස්ථා. නමුත් ඒවා එකිකෙකට සම්බන්ධ කරන්න ඊතල පාවිච්චි කරන්න බැරි අවස්ථා එනවා. ඔන්න ඔය වගේ වෙලාවට අපිට පිහිට වෙන්නෙ මේ Connector Symbols තමයි.

Connector Symbols වර්ග දෙකක් තියෙනවා.

  1. Off page Connector
  2. On Page Connector



Off page Connector කියන්නෙ එක පිටුවක ඉදන් තවත් පිටුවක ඇති Flow Chart කොටසක් එකතු කරන Connector වර්ගයක්.

Off page Connector  මෙන්න මේ වගේ.



On Page Connector කියන්නෙ එකම පිටුවෙ තියෙන Flow Chart දෙකක් එකතු කරන Connector වර්ගයක්.

On Page Connector මෙන්න මේ වගේ.






මේවා යොදාගත්තු ආකාරය පෙන්නන නිරූපන සටහනක් තමයි පහල පෙන්නලා තියෙන්නෙ.





සංඛේතනං මෙච්චරයි. තව තියෙනවා. ඒවා වෙන දවසක. අදට ඇතිනෙ.

වැරදි අඩුපාඩු අදහස් උදහස් පහල කමෙන්ට් එකක් විදිහට දානවනං ලොකු උදව්වක්. 


සුභ දවසක්.

Monday, February 13, 2012

ඉන්ට්‍රො

ආයුබෝං කිව්වා!!!!!!!!!


සුභ වෙලාවක් එහෙම බලලා මාත් වැඩක් පටං ගත්තා. වෙන මුකුත් නෙමේ බ්ලොගක් ලියන්න. දැං කාලෙ ඉතිං රැල්ලනෙ (ට්‍රෙන්ඩ් එක ඈ....). අපි ඉතිං එදා ඉදලම රැල්ලට අහු වෙන උං. වෙන මුකුත් නිසා නෙමෙයි අපි සැහැල්ලුයිනෙ... ඒකයි. ශිෂ්‍යත්වෙ කරේ රැල්ලට. ඉස්කෝලෙ ක්‍රීඩා සංගං වලට ගියේ රැල්ලට. සා/පෙ කලේ රැල්ලට. ලව් කරේ රැල්ලට. ෆේස්බුක් ආවෙ රැල්ලට. ඒ ලෙවල් කලේ රැල්ලට. ඔහොම ඔහොම ඉතිං බ්ලොග ලියන්න පටං ගත්තෙත් රැල්ලට.
 ඉතිං හෙන අමාරුවෙං අර බුකියෙ ඔන්ලයින් හෙල්ප් එකේ සනෝජ් තරංග සහෝදරයට පිං සිද්ද වෙන්න හදා ගත්ත බ්ලොගක්. දැං හැදුවට දාන්න දේකුත් තියෙන්න ඇපැයි. කල්පනා කලා අහවල් එක දාන්නද කියලා. ඔය අතරෙ මට නිකං සහජයෙං වගේ ලැබිලා තිබුන ස්කිල් එකක් මතක් උනා. (දන්නවනෙ ඉතිං ෆේස් බුකියෙත් අර Copy කැට් ගෘප් එක හදාගෙන කිසිම විලි ලැජ්ජාවක් නැතුව කොපි කරන හැටි. Copy කැට් එකට මෙතනිං) ඉතිං දෙයියනේ කීලා ගියා කොප්පක් ගහන්න බ්ලොග්  එකකට. වෙන කාගෙවත් නෙමෙයි අර සෑමගෙ බ්ලොග.  ගිය ගමං දැක්ක කවියෙං මාව නිකං මෙව්වා වෙලා ගියා ඈ.. කොපි කිරීමේ අදහස මං එතනින්ම අත්හැර ගත්තා. බලල නිකං මාරු වෙන එක හරි නෑනෙ.. ඉතිං මං කමෙන්ට් එකකුත් දාලම ආවා..  




පලවෙනි බ්ලොග නිසා ඉතිං එහෙමටම කීලා ලියන්න දේකුත් එන්නෙ නෑනෙ... මොකක් හරි බයිලා එකක් ගහනවා කීයලා පටං ගත්තා. දැන්නං බයිලා මතක් වෙන්නෙත් නෑ අම්බානක නිදිමතයි.. එහෙනං ඉතිං ඉදිරියෙදි සෙට් වෙමු... අපි ගියා ඈ... ජය වේවා!!!!!!!!!!