ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, August 28, 2012

එකමත් එක සැලුන් ගොඩක්....


බාගෙට සැලුං දොරෙං රිංගා සින්දුව මතකද? 
එච්චරම ගතියක් නැතත් අවුලක් නෑනේ ඒකේ. අහල නැති අය යන්න මෙතනිං..

සැලුන් එක කියන ප්ලේස් එක අමුතුම සංස්කෘතියක් ඇති තැනක් කිවුවට ඒකෙ වැරැද්දක් නෑ.

මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි...

Sunday, August 26, 2012

අවජාතක කොල්ලා

අදත් දෙන්න ලෑස්ති උනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශණයෙන් ලබාගත්තු චිත්‍ර කතාවක්. ගිය පෝස්ට් වලින් පලකරපු චිත්‍ර කතා වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.
 
චිත්‍ර කතාව බලන්න කලින් පොඩි පණිවිඩයක් තියෙනවා අහගෙනම යන්න.

 ගිය පෝස්ට් එක වෙච්චි “අමාගෙ කනට ගහන ඔෂින්“ කියන එකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඒකෙදි අවසානෙදි මං කිවුවා අපි අළුත් වැඩක් පටං ගන්නවා, ඒකට සමගාමීව අපි නාට්‍ය වැඩසටහනක් කරනවා ඒ සදහා අපිට ගුණාත්මක පිටපත් අවශ්‍යයි කියලා.

තුන් දෙනෙක්ම පුළුවං කිවුවා

Tuesday, August 21, 2012

අමාගෙ කනට ගහන ඔෂින්........


දැං කට්ටිය පුටු පෙරලගෙන, රෙදි ඉරාගෙන, හති දාගෙන අමාගෙයි ඔෂින්ගෙයි වලිය බලන්න ආවනං ටක්ගාලා ශේප් එකේ මාරු වෙන්න ඈ..

මොකෝ කියන්න යන්නෙ ඒම සීන් එකක් ගැන නෙමේ.....

ලංකාවේ නාට්ටි කියන ඇඩියාවල් ගැන සහ එතනිං එහාට ගිය සිද්ධියක් ගැනයි කතා කරන්නේ.


Wednesday, August 15, 2012

පොඩි හිටියන්ට පමණයි!!!!!


වැඩිහිටි ඇත්තන් මෙය කියවීමෙන් වලකින්න. 
නමුත් ඔබ නාකි අලි බබෙක්නම් මෙය කියවීමට පුළුවන් බව මතක තබා ගන්න.

යෝධයාගේ මල් උයන.

සෑම සවස් භාගයකම පාසල් ඇරී ගෙදර එන ළමයි යෝධයාගේ මල් උයනට ගොස් සෙල්ලම් කරන්නට පුරුදු වී සිටියහ.

මෘදු මොලොක් නිල් තණකොල වලින් ගැවසුනු මල් උයන ඉතා සුන්දර විය. නිල් තණ අතර පිපී තිබුණ සිත්කලු මල් තරු මෙන් බබලමින් මඳ සුලගින් එහා මෙහා වැනුනේය. පීච් ගස් දොලහක්  එහි වැවී තිබුනි. වසන්ත කාලයේදී ලා රත් පැහැයෙන් යුත්  සියුමැලි මලින් විසිතුරු වූ එම පීච් ගස් සරත් කාලයේදී පලින් බරවී ගියේය. මේ ගස් වල අතු පතර වසා සිටි කුරුල්ලෝ  කෙතරම් මිහිරි නදින් ගී ගැයුවේද කියතොත් ළමයි තම කෙලි සෙල්ලම් නතර කොට උන්ගේ ගී වලට ඇහුන් කන් දීමට පුරුදුව සිටියෝය. “මෙහේ අපි හරි සතුටෙන් සෙල්ලං කරනවා නේද?“ යි ඔවුන් එකිනෙකාට පවසාගත් වාර අනන්තය.



Monday, August 13, 2012

මනුස්සකම


කලිං පෝස්ට් එකකින් මං දැම්මනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශනේ පිලිබද පෝස්ට් එකක්. 

කියෙව්වේ නැති අය මෙතනිං බලන්න.
ඒකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඔහු හොද චිත්‍ර ශිල්පියෙක් වගේම හොද චිත්‍ර කතා නිර්මාපකයෙක්. 

ඉතිං කලිං පෝස්ට් එකේදි මම අන්තිමට දැම්මා ප්‍රදර්ශනේදි මම ඡායාරූපගත කරපු චිත්‍ර කතාවක්. ඒකෙදි මම කිවුවා තව කතා දෙකක් තියෙනවා ඉදිරියේදි පෝස්ට් කරන්නං කියලා. අද දෙන්න ලෑස්ති වෙන්නේ ඒ චිත්‍ර කතාව තමා.


Wednesday, August 8, 2012

ඔබ අනුරාලෝකය බැලුවෙහිද???

සෞන්දර්ය කියන එක ඉස්කෝලෙ බරටම සාකච්චා වෙන්නේ 6 වසරෙදි. 

මොකද 6 වසරෙදි ළමයින්ව ප්‍රධාන වශයෙන් බෙදනවා චිත්‍ර, නැටුම්, සංගීතය කියලා. 

කොහොම හරි 5 වසර වෙනකන්ම ආසාවෙන් චිත්‍ර අදින එවුන් පවා මතු එන සාමාන්‍ය පෙල විභාගෙට හොද ප්‍රතිඵලයක් ගන්න නැටුම් වලට හරි සංගීතයට හරි යනවා. 

මොකද කතාවක් තියෙනවා චිත්‍ර කොච්චර හොදට ඇන්දත්ලකුණු එච්චර හම්බවෙන්නෑ කියලා. (කතාව ඇත්ත කියලා මං 2008දි රිසාල්ට් ආවම දැන ගත්තා.) 

Monday, August 6, 2012

එදා 2005 සුනාමියේ අතුරු කතාවක්...

සැලකිය යුතුයි:- අධි සංවේදී, හෘදයාබාද ඇති හෝ ගර්භනී කාන්තාවන් මෙය කියවීමෙන් වලකින්න.
 
දිනය 2012 අගෝස්තු 5 වනදා. වේලාව රාත්‍රී 9 පමණ වන්නට ඇත.

මේ කඳුලු කතාව අපට හමු වන්නේ බස් රේඩියෝ ඔන්ලයින් චැට් පෙට්ටියේදීය.

“අපේ තාත්තා රජයේ කුලී වැඩ කලේ..
අම්මට රස්සාවක් නෑ ගෙදර..
අපි ඉන්න ගෙදර තට්ටු දෙකේ ලෑලි ගෙයක්..
මම පාඩං කරන්නේ ලැපේ එලියෙං..
මට උදව් කරන්න....“

ඔහු තම කදුළු කතාව ඇරඹීය.