ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, May 23, 2012

අතීත තරියාහි ඉන්ට්‍රො එක


ගොඩ දෙනෙකුට අතීතයක් තිබේ. 
සොරි ගොඩ දෙනෙකුට නෙමේ හැම එකාටම තියෙනවනෙ. නැත්තං ඌට වර්තමානෙකුත් නැති වෙන්න එපැයි. තරියාටත් එසේමැයි.

එය විටෙක ෆන්ය, 
එය විටෙක ෆන්ය


විටෙක පට්ටය, තවත් විටෙක දුක්බරය අජූතය,විටෙක ආදරණීයය.

විටෙක ආදරණීයය

විටෙක භයානකය මැරකමිං අනූනය, ඇතැම් විටක බලු වේ.

ඇතැම් විටක බලු වේ


විටෙක කුප්පය, අහිංසකය නානාප්‍රකාරය වචන නැත.


එවන් වූ ඉතිහාසයක්  ඇති තරියා තම ඉතිහාසේ හා පැටිකිරිය සයිබර් අවකාසෙට මුදා හැරීමට සිතුවේය ඈ.

ඔන්න ඉතිං අද ඉදං අපි කරපු (අපි යනු තරියා ඇතුලු පිරිසය) පිං,ගොං,මැටි,එල,ෆන්,පට්ට,කුප්ප,අජූත,වර්චස්,ගද,හොද,සිරා වැඩ වැමෑරෙනු ඇත. 

ඇතැම් විට බලන්න අප්‍රසන්න වේවි. කරන්න දෙයක් නෑ.

කරන්න දෙයක් නෑ

ඓතිහාසික තරියාගේ අතීත කෙරුවාව මෙසේ අද දින සිට දිග ඇරෙන වගයි ඈ.....