ලගින්ම ඉන්න කස්ටිය

Monday, September 23, 2013

සිහින සිතිවිලි 13

මොකෝ මේ පැත්තේ?????

එකපාරටම කතා කරපු පාරට කෙල්ල බය උනාද මංදා.. සුපුරුදු ඇස් ලොකු ලුක් එකම දාපු ගමං මටයි මාධවයටයි දෙන්නටම හිනා ගියා..

බලාගෙන නංගි ඇස් දෙක එලියට පනී..

ඕගොල්ලොනං මාර මිනිස්සු තමා මාධව.. මාව ගැස්සිලා ගියා..

ඇයි මංකොල්ල කාරයෝ දෙන්නෙක් කියලා හිතුවද????

නැතුව.. ප්‍රතිභාත් හිනාවෙන ගමංම කියලා දැම්මා.. දැන්නං ඉස්සර වගේ ගල් ඉබ්බි වගේ නෑ හොදට කතා කරනවා...

ඉතිං ඉතිං මෙතන මොකද කරන්නේ??? මම ප්‍රශ්නෙ කෙලිංම අහලා දැම්මා..

නෑ අනේ සහන්.. මේ මෙයාගේ ක්ලාස් ෆීස් ගෙවන්න ආපු සල්ලියි පර්ස් එකයි දෙකම නැති වෙලා.. අද කාඩ් එක ගන්න ඕනෙනේ.. ඉතිං මගේ කාඩ් එකෙං සල්ලි ගන්න ආවා මෙතනට..

Tuesday, September 3, 2013

සිහින සිතිවිලි 12


රෙද්ද රෙද්ද රෙද්ද...
සුරංගනීගේ අම්මගෙ රෙද්ද...

ෆිසික්ස් පීරියඩ් එක ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කර කර පන්තියට ගාටනකොටම පන්තිය පැත්තෙං ඇහුන බජව් සද්දෙං මගේ හිතේ තිබ්බ කම්මැලිකම වාශ්ප වෙලාම ගියා..

මොකෝ බං මේ.. අද නැද්ද ලතාගේ ෆිසික්ස්???

උබ දන්නැද්ද??? ලතාගේ දුවට බබා හම්බෙලා.. ආං ලතයි ප්‍රියන්ති මැඩමුයි දෙන්නම ගියා..

නෑ....

නෑ නෙමේ යකෝ ඔව්.. වරෙං පාටිය දාන්න..