ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, December 26, 2012

ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ...


පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ, මෙන්න බොලේ 21ක්ලු..
ඇඩෙනවා....



21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...
  • දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..

Wednesday, December 19, 2012

මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි





පසුගිය දවස් කිහිපය ඇතුලත ලංකාවට ඇතිවුන අයහපත් කාලගුණ තත්වය නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුන දුන්නා..

මේ වගේ දේවල් වලදි රටේ ලොකු ලොක්කො ක්‍රියාත්මක වෙන්න ඕන උනත් අර රටේ එහෙම දෙයක් වෙන්නෑ..

Sunday, December 16, 2012

වෑර්ලස් කතන්දරේ දෙවෙනි කොටස



ආරම්භ කර ගත්තු ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විකාශනාගාරය පිහිටලා තිබුනේ වැලිකඩ. මහා බ්‍රිතාන්‍යයේ 1922දි ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා වසර තුනක් වැනි කෙටි කාලයක් තුලදිම ශ්‍රී ලංකාවෙත් ගුවන් විදුලි සේවාවක් ආරම්භ වීම වාර්ථාවක් බවට සලකනවා. ආසියාවේ ජ්‍යෙශ්ඨතම ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය බවට හදුන්වන්න පුළුවන්. ඒ දවස් වල තිබුන හිරු නොබසින අධිරාජ්‍ය නැත්තං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් රටවල ගුවන් විදුලියට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාවයි.

සංස්ථාව ඉස්සරහදි ගත්තු ෆොටෝ එකක්

Thursday, December 13, 2012

වෑර්ලස් කතන්දරේ පළවෙනි කොටස


මං තරියා දැං කරන්නේ ජන සන්නිවේදනයනේ ඉතිං අපිට ඔය අනං මනං ඉගෙන ගන්න වෙනවා, එහෙම ඉගෙන ගත්තු පාඩමකිං කට්ටියට වැදගත් වෙයි කියලා හිතපු එකක් බ්ලොගේ දාන්න තීරනේ කලේ පාඩම කියලා දෙන අතරතුරමයි. එදා පාඩම උනේ ගුවන් විදුලියේ විකාශනය. ඒකෙං ලංකාවේ ගුවන් විදුලිය ඇති උනේ කොහොමද කියලා සේපර් එකේ කියලා දාන්නං. 


Sunday, December 9, 2012

මාර සීන් එක...

ෂර්ලොක් හෝම්ස් ලංකාවේ පර්යේසන කරපු සීන් එකේ දෙවනි කොටහ මං ඊයේ ( 08 සෙනසුරාදා ) බ්ලොගේ දැම්මා කස්ටියට ප්‍රමාදයකිං තොරව කතාව දෙන්න ඕන නිසාවෙං.. ඒත් බ්ලොගර් කාරයා කන පාත් වෙන්නම බීලා නිසාද මංදා ඒක පබ්ලිස් වෙලා නෑ... ඉතිං මගේ ඥාති වරිගයාව මතක් කරන්නැතුව පහත දැක්වෙන ලිංකුවෙං ගිහිං දෙවනි කොටහ කියවන්න කියලා මං ඉල්ලා හිටිනවා...

ජය ඈ....


ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස

Saturday, December 8, 2012

ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස



මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...

හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....
කෑ ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...

“ජානක මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?

“ඇත්තටම හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ලැබුණ. බොහෝ වෙලාවටඒ සෙනසුරාද දිනයන්ලු.“

Thursday, December 6, 2012

ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle)




මහාචාර්ය රත්නායක හා ඔහුගේ සහයක මයුර විසින් කල කාල තරණ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස 2005හේ පෙබරවාරි මස අතීතයේ ජීවත් වී මියගිය චරිතයන්හි මතකයන් සහ විඥානයන් වර්තමානයට ගෙන්වා එය ක්ලෝන තාක්ෂණය මගින් නිපදවූ ශරීරයකට ඇතුල් කර අතීත චරිතයන්ට පන දිය හැකි ක්‍රමවේදයක් නිපදවීය. 

Tuesday, December 4, 2012

තරියට මොකද උනේ....


මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති..


Friday, November 2, 2012

අක්කලාට ලවු කිරීම ජය ගත් හැටි.....


ඒ ලෙවල් දවස් වලදි ජොන්ටා කලබලෙං කලබලෙං ෆයිල් එකක් උස්සං ආවා. බලනකොට ඒකෙ තිබ්බේ ෆොටෝකොපි ගහපු කොල වගයක්..

නවකතා පොතක් එහෙම්පිටිංම ෆොටෝකොපි ගහලා..

අපිත් කියවන්න ගත්තා.. ටිකක් කියවගෙන යනකොට අපිටත් කතාව අල්ලලා ගියා..

පිටු එක එකා ගාව. එක පිටුවක් කියෝලා අනිත් පිටුව කියවන්න පංතිය වටේ යන්න ඕනා ඒක හොයාගන්න..

Wednesday, October 17, 2012

අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න....


ඉස්කෝලෙ යන කාලේ කොල්ලෝ කෙල්ලංට ලියුං ලියනවා.. 
අද කාලෙනං ටිකක් අඩුයි.. මොකද හෑන්ඩ් ෆෝන් තියෙනව S.M.S කොටන්න..
 
ඒත් ලියුමක් කියවනකොට ලියනකොට දැනෙන කික් එක ඒ ඉලෙක්ට්‍රික් ලෙටර් වලිං ලැබෙන්නේ නෑ..


Monday, October 15, 2012

අමතක නොවෙන කතාවක්.

අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතා කීපයක් මං පල කලානේ බ්ලොග් එක හරහා...
ඔන්න මං ගාව තියෙන අන්තිම චිත්‍ර කතාව අද දාන්නයි යන්නේ..

“අමතක නොවන කතාවක්“ තමයි චිත්‍ර කතාවේ නම..
බලලම කියන්නකෝ


Thursday, October 11, 2012

මා දුටු මුසල්මානුවන්!!!!!!!


මුලිංම කියන්නං මේක ජාතිවාදීන්ට දෙන සීනිබෝලයක් නෙමේ. 
මං දැක්ක දේවල් අමුවෙංමය ලියන්නයි කල්පනාව. ඒ නිසා සමහර තැං වල නොගැලපීම් තියෙයි. ගනං ගන්නෙපා.





Thursday, September 27, 2012

ග්‍රීන් ලැන්ටර්න්ගේ ලව් පලහිලවුව විසදා ජීවිත තුනක් බේරාගන්න...


මේක කාටුන් එකක් ආශ්‍රිතව අහන බරපතල ගැටළුවක්...

ගැටළුව පමණක් ඉදිරිපත් කිරීම බලන අයට කරන අසාධාරණයක් නිසා කතාවත් දානවා..

කාටුන් බලලා තීනවද????
බලලා නැත්තං මේක කියවලා වැඩක් නෑ..

කාටුන් වල ගොඩක් කැමති සුපර් හීරෝස්ලා ඉන්න කාටුන් වලට. මංදා මමනං ඒමයි ඈ..

සුපර් හීරෝස්ලා ඉන්න කාටුන් බිහිවෙන්නේ ඔය කොමික් බුක්ස් නැත්තං චිත්‍රකතා පොත් හරහනේ. සුපර් හීරෝස්ලා ඉන්න කොමික් බුක්ස් පල කරන ප්‍රධාන සමාගම් දෙකයි..


Saturday, September 22, 2012

මචං සරණපාල.....

මේ දවස්වල ටිකක් කාර්යබහුල  වෙලා ඉන්නවා වැඩ කීපයක් නිසා ඉතිං පෝස්ට් එකක් දාන්න වෙලාවක් වෙන් කරගන්න කම්මැලියි...
එහෙමයි කියලා නොදා ඉන්නත් බෑ.. ඉතිං සිං සිං ගාලා පෝස්ට් එකක් දාලා යන්න හිතුවා..


Sunday, September 16, 2012

බාලිකා පාසලක අමතක නොවෙන මෙහෙයුමක්


ඉස්කෝලෙ යන කාලෙදි කොල්ලෙක් කුප්ප වැඩ කරේ නැත්තං ඌ ගැන වෙනම කමිටුවක් පත් කරලා සොයා බලන්න ඕනා.. ඒ තරං ඒක පුදුම විය යුතු කාරණයක්. ඉතිං එහෙම වෙන්න ඕන්නැති නිසා අපි හැමතිස්සෙම වගේ පාසලේ ආශිර්වාදය ඇතුවත් නැතුවත් ඔලුවේ කෙස් ගානට එවුවා මෙවුවා කලා... 

මේ කියන්න යන එකත් ඒ වගේ කේස් එකක්. ඒත් මේ කතාවට වෙනත් පාසලකුත් සම්බන්ධ  වෙනවා. ඉතිං මං නම එහෙමත් කියයි. ඒ අපහාස කිරීමේ චේතනාවෙන්නං නෙමේ ඕං. හැබැයි නිකංවත් හිතුනොත් මේක අපහාසයක් කියලා  එහෙමත් නැත්තං ඒ පාසලේ කාට හරි සිත් රිදවීමක් සිද්ධ උනොත් වෙන්න සමා මට ඈ... ඔන්න කියලමයි පටං ගන්නේ..

මං දන්නවා මගේ අහිංසක මූන දිහා බලං මට බනින්නෑ කීලා ඈ..

Friday, September 14, 2012

ටුවෙන්ටි ටුවෙන්ටි බලන්න යනවනං මේ ටිකත් දැනගෙන යන්න...


කට්ටිය දන්නවනේ මේ පාර 20යි විස්ස ලෝක කුසලානය තියෙන්නේ ලංකාවේ. යන්නත් සමහර අය අදහස් කරගෙන ඇති. නමුත් මේ පාර ක්‍රමේ ටිකක් වෙනස් මැච් බලන්න තියෙන. 



Tuesday, September 11, 2012

අපි නොදන්න රාවනාගේ කතාවක්...

මයුර අයියා - මල්ලි දන්නවද රාවනාව???

මම - ඔවු අර ඉස්සර හිටියා කියන්නේ...

මයුර අයියා - මල්ලි දැක්කද සුනාමිය...???

මම - දැක්කා කියන්නේ ඇත්තටම දැක්කේ නෑ ටීවී එකේ දැක්කා..

මයුර අයියා - දන්නවද සුනාමි ඇති උනේ ඇයි කියලා??

මම - භූ කම්පනයක් නිසානේ... ඒකවත් දන්නැද්ද????

මයුර අයියා - ඒ හැමෝම දන්න කතාවනේ.. ඇත්ත කතාව දන්නෙ කීප දෙනයි..

මම - මොකක්ද ඔය ඇත්ත කතාව..

මයුර අයියා - ඉවසීමෙං අහං ඉන්න පුළුවංනං කියන්නං..

මම - හ්ම්ම්ම්.. පුළුවං.. කියන්න..


Friday, September 7, 2012

--කියන කතා--


පරාක්‍රම සමූද්‍රයේ බ්සෝ කොටුව අස්සෙත් නිදං හොයනවා කියලා අපේ එක බ්ලොග් එකක් ලියන කෙනෙක් කියනවා. 
කවුද ඒ??? 

බ්ලොග් සම්මාන උලෙල ලංවෙන්න ලංවෙන්න එක එක පැති වලිං එක එක විදියේ කතා ඇහෙනවා. සමහර කතා හරි රසවත් විදිහට තමයි ඉවර වෙන්නේ...
ඉතිං ඒ අය කියපු රස කතා බලන කියවන වෙලාවයි මේ....



---කියන කතා---

Wednesday, September 5, 2012

I am a ප්‍රිෆෙක්ට්!!!!!!!!


උදෑසන රාජකාරී සදහා ශිෂ්‍ය නායකයෙකු අවම වශයෙන් උදෑසන 6ටවත් පාසලට වාර්ථා කල යුතුය. එසේ නොමැතිනම් ඔහුට සොරි වන්නේ නිතැතිනි.

චන්ඩි නොන්ඩි කෙරූ මගේ බැජ...


Tuesday, August 28, 2012

එකමත් එක සැලුන් ගොඩක්....


බාගෙට සැලුං දොරෙං රිංගා සින්දුව මතකද? 
එච්චරම ගතියක් නැතත් අවුලක් නෑනේ ඒකේ. අහල නැති අය යන්න මෙතනිං..

සැලුන් එක කියන ප්ලේස් එක අමුතුම සංස්කෘතියක් ඇති තැනක් කිවුවට ඒකෙ වැරැද්දක් නෑ.

මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි...

Sunday, August 26, 2012

අවජාතක කොල්ලා

අදත් දෙන්න ලෑස්ති උනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශණයෙන් ලබාගත්තු චිත්‍ර කතාවක්. ගිය පෝස්ට් වලින් පලකරපු චිත්‍ර කතා වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.
 
චිත්‍ර කතාව බලන්න කලින් පොඩි පණිවිඩයක් තියෙනවා අහගෙනම යන්න.

 ගිය පෝස්ට් එක වෙච්චි “අමාගෙ කනට ගහන ඔෂින්“ කියන එකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඒකෙදි අවසානෙදි මං කිවුවා අපි අළුත් වැඩක් පටං ගන්නවා, ඒකට සමගාමීව අපි නාට්‍ය වැඩසටහනක් කරනවා ඒ සදහා අපිට ගුණාත්මක පිටපත් අවශ්‍යයි කියලා.

තුන් දෙනෙක්ම පුළුවං කිවුවා

Tuesday, August 21, 2012

අමාගෙ කනට ගහන ඔෂින්........


දැං කට්ටිය පුටු පෙරලගෙන, රෙදි ඉරාගෙන, හති දාගෙන අමාගෙයි ඔෂින්ගෙයි වලිය බලන්න ආවනං ටක්ගාලා ශේප් එකේ මාරු වෙන්න ඈ..

මොකෝ කියන්න යන්නෙ ඒම සීන් එකක් ගැන නෙමේ.....

ලංකාවේ නාට්ටි කියන ඇඩියාවල් ගැන සහ එතනිං එහාට ගිය සිද්ධියක් ගැනයි කතා කරන්නේ.


Wednesday, August 15, 2012

පොඩි හිටියන්ට පමණයි!!!!!


වැඩිහිටි ඇත්තන් මෙය කියවීමෙන් වලකින්න. 
නමුත් ඔබ නාකි අලි බබෙක්නම් මෙය කියවීමට පුළුවන් බව මතක තබා ගන්න.

යෝධයාගේ මල් උයන.

සෑම සවස් භාගයකම පාසල් ඇරී ගෙදර එන ළමයි යෝධයාගේ මල් උයනට ගොස් සෙල්ලම් කරන්නට පුරුදු වී සිටියහ.

මෘදු මොලොක් නිල් තණකොල වලින් ගැවසුනු මල් උයන ඉතා සුන්දර විය. නිල් තණ අතර පිපී තිබුණ සිත්කලු මල් තරු මෙන් බබලමින් මඳ සුලගින් එහා මෙහා වැනුනේය. පීච් ගස් දොලහක්  එහි වැවී තිබුනි. වසන්ත කාලයේදී ලා රත් පැහැයෙන් යුත්  සියුමැලි මලින් විසිතුරු වූ එම පීච් ගස් සරත් කාලයේදී පලින් බරවී ගියේය. මේ ගස් වල අතු පතර වසා සිටි කුරුල්ලෝ  කෙතරම් මිහිරි නදින් ගී ගැයුවේද කියතොත් ළමයි තම කෙලි සෙල්ලම් නතර කොට උන්ගේ ගී වලට ඇහුන් කන් දීමට පුරුදුව සිටියෝය. “මෙහේ අපි හරි සතුටෙන් සෙල්ලං කරනවා නේද?“ යි ඔවුන් එකිනෙකාට පවසාගත් වාර අනන්තය.



Monday, August 13, 2012

මනුස්සකම


කලිං පෝස්ට් එකකින් මං දැම්මනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශනේ පිලිබද පෝස්ට් එකක්. 

කියෙව්වේ නැති අය මෙතනිං බලන්න.
ඒකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඔහු හොද චිත්‍ර ශිල්පියෙක් වගේම හොද චිත්‍ර කතා නිර්මාපකයෙක්. 

ඉතිං කලිං පෝස්ට් එකේදි මම අන්තිමට දැම්මා ප්‍රදර්ශනේදි මම ඡායාරූපගත කරපු චිත්‍ර කතාවක්. ඒකෙදි මම කිවුවා තව කතා දෙකක් තියෙනවා ඉදිරියේදි පෝස්ට් කරන්නං කියලා. අද දෙන්න ලෑස්ති වෙන්නේ ඒ චිත්‍ර කතාව තමා.


Wednesday, August 8, 2012

ඔබ අනුරාලෝකය බැලුවෙහිද???

සෞන්දර්ය කියන එක ඉස්කෝලෙ බරටම සාකච්චා වෙන්නේ 6 වසරෙදි. 

මොකද 6 වසරෙදි ළමයින්ව ප්‍රධාන වශයෙන් බෙදනවා චිත්‍ර, නැටුම්, සංගීතය කියලා. 

කොහොම හරි 5 වසර වෙනකන්ම ආසාවෙන් චිත්‍ර අදින එවුන් පවා මතු එන සාමාන්‍ය පෙල විභාගෙට හොද ප්‍රතිඵලයක් ගන්න නැටුම් වලට හරි සංගීතයට හරි යනවා. 

මොකද කතාවක් තියෙනවා චිත්‍ර කොච්චර හොදට ඇන්දත්ලකුණු එච්චර හම්බවෙන්නෑ කියලා. (කතාව ඇත්ත කියලා මං 2008දි රිසාල්ට් ආවම දැන ගත්තා.) 

Monday, August 6, 2012

එදා 2005 සුනාමියේ අතුරු කතාවක්...

සැලකිය යුතුයි:- අධි සංවේදී, හෘදයාබාද ඇති හෝ ගර්භනී කාන්තාවන් මෙය කියවීමෙන් වලකින්න.
 
දිනය 2012 අගෝස්තු 5 වනදා. වේලාව රාත්‍රී 9 පමණ වන්නට ඇත.

මේ කඳුලු කතාව අපට හමු වන්නේ බස් රේඩියෝ ඔන්ලයින් චැට් පෙට්ටියේදීය.

“අපේ තාත්තා රජයේ කුලී වැඩ කලේ..
අම්මට රස්සාවක් නෑ ගෙදර..
අපි ඉන්න ගෙදර තට්ටු දෙකේ ලෑලි ගෙයක්..
මම පාඩං කරන්නේ ලැපේ එලියෙං..
මට උදව් කරන්න....“

ඔහු තම කදුළු කතාව ඇරඹීය.



Monday, July 23, 2012

නිව්ටන්ගේ රහස් නියමය 5



පස්වන කොටස


එහෙනම් මේකයි අපේ අවසානය.

මට ගොඩක් සතුටුයි ඔබ වගේ නිර්භීත තරුණයෙක් සමග මේ වගේ ගවේෂණයකට එක් වෙන්න ලැබුන එක ගැන හරිත.

මටත් එහෙමයි මහාචාර්යතුමනි.

මොකක්ද ඒ වෙන්නේ?

Monday, July 16, 2012

Saturday, July 14, 2012

10000 කියලා ලොකුද?????







එෆ් බී එකේ ගෘප් එකක් තියෙනවා ඔන්ලයින් හෙල්ප් කියලා. නොදැන ඉන්න විදිහක් නෑනේ ඉතිං. කොහොම හරි ඔය ගෘප් එකේ මාත් ඉන්නවා. 

බ්ලොග් ලෝකෙට එන්න ආසාවක් ඇතිවෙලා මං බ්ලොගර් එකේ එකවුන්ට් එකක් හදන්න හිතාගන්නවා. හිතාගත්තට මදිනෙ. හදා ගන්නත් ඕනනනේ. ඉතිං මං හදන්න බලනවා. 

Friday, July 13, 2012

ඒ සුදු නංගි... මං ලොකු අයියා

එතකොට මං 9 වසරේ. උබ අම්මගෙ බඩේ. අපිත් එක්ක එකතු උනෙත් ඒ අවුරුද්දෙම තමා. මුල්ම සතියෙ බොලාට නමක් නෑ. තිබ්බෙ අංකයක්. ඉස්පිරිතාලෙදි රවුං කාඩ් බෝඩ් කෑල්ලක නො 11 කියලා ලියලා අතේ ගැට ගහලා තිබ්බා. අපිත් ඉතිං ජොලියට වගේ උබට කිව්වෙ 11 කියලා. පස්සෙ නමක් දාන්න කියලා අකුරු හම්බවෙලා තිබ්බා. හම්බෙලා තිබ්බෙත් පට්ට අකුරු ටිකක්. පු යන්නයි ක යන්නයි. කාලා වරෙංකො. අම්මා හොයලා හොයලා දැම්ම ලස්සන නමක්. පවුලෙ අනිත් ඔක්කොම පිරිමි ලමයි නිසා කෙල්ලංගෙ නං එච්චර භාවිතයේ නෑනේ. ටික කාලෙකිං උබේ හමේ පාටත් එක්කම මං සුදු නංගි කියන්න පටං ගත්තා. දැං උබට අවුරුදු 8යි. ඒ කියන්නෙ බං මං හෙන ඉක්මනට වයසට ගිහිංනේ. ලොකු අයියා උනාට මං මෙලෝ රහක් නැතුව ඇති. ඇත්ත මං පිලිගන්නවා. මොනා කරන්නද හලෝ. අවුරුද්දකිං උබටම හරියන්න මල්ලි කෙනෙකුත් හම්බඋනා. ඒකත් හොදා. නැත්තං උබත් එක්ක සෙල්ලං කරන්න වෙන්නෙ අපිටනේ.

මං ලොකු අයියා

Thursday, July 12, 2012

නුඹ ????

පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්‍රශ්ණය දැං ඔයා තමයි...

Wednesday, July 11, 2012

නිව්ටන්ගේ රහස් නියමය 3


තුන්වන කොටස

සියුස් මේ පාලක මැදිරියයි.
සියල්ලන්වම නිද්‍රාවෙන් අවධි කරන්න. (පරිඝණක ගත කොට තිබූ හඩ අවධි විය.)

සියුස් විසින් සියලු දෙනාවම ක්‍රමයෙන් ඔවුන් සියවස් ගනනාවක් තිස්සේ පත්ව සිටි ශිෂිර තාරක නින්දෙන් අවදි කරවීය. ක්‍රමක්‍රමයෙන් යථා තත්වෙට ඔවුන් පත් වන්නට විය.



Tuesday, July 10, 2012

ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරය

ගම්පහ නගරයට තරමක් එහාට වෙන්න තියෙන ඓතිහාසිකත්වය කියලා නිම කරන්න බැරි පන්සලක් තියෙනවා. ඒ තමයි පිලිකුත්තුව පන්සල. විශේෂත්වය තමයි මේ විහාරස්ථානයේ විශාල ලෙන් විහාර ගනනාවක් තිබීම. ගොඩක් දවස් ඉදන් මේ පන්සල සහ ඒ ආසන්නයේ තියෙන බැලුම්ගල කියන කන්ද නගින්න ආසාවෙන් හිටියත් අපිට ඒකට වෙලාවක් හොයා ගන්න බැරි උනා.



Monday, July 9, 2012

සමින්දික අයියා නොහොත් යුගයේ අජපල්ම බ්ලොග හිමි සෑමාගේ හමුවීම

උදේ පාන්දරම ඇහැරුනේ වෙනදා වගේම ලෙකට යන්න. ඒත් ඉතිං සීතල වැස්සක් වහිනකොට ඇදෙං බහින්න හිතුන්නෑ. කෝම හරි කැලණිය බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ හිස් 135ක ඉදගත්තේ පුරුදු විදිහටම හෙඩ් ෆෝන් දෙක කනේ ගහං පාඩුවෙ ගමන යන්නයි.

ජනේලෙං පනින්නද කියලා අහන්නා වගේ මං පාර දිහා බලං ඉන්නකොට ඈතිං එනවා පේනවා නිකං දැකලා පුරුදු මූනක්. 


මේ මොකෙක්ද මේ?


Sunday, July 8, 2012

නිව්ටන්ගේ රහස් නියමය 2

පලමු කොටසට මෙතැනින්

දෙවන කොටස

සමුළුව අවසානයේ සියලුම සභිකයන් පිරිවරා විද්‍යාඥ හරිත තම සොයාගැනීමක් වූ වීර් යානයේ නිශ්පාදන අංගනය කරා ගමන් කරන්නට විය.

අංගනයේ ඉහල රැදවුමක සිට මහත් අභිමානයෙන් රැස්ව සිටි සභිකයන් දෙස සුළු මොහොතක් බලාසිටි හරිත පිරිසට යානය ගැන වැඩි දුරටත් විස්තර කරන්නට විය.





Thursday, July 5, 2012

නිව්ටන්ගේ රහස් නියමය 1

 පලමු කොටස


වර්ෂ2015දී සිදුවූ අනපේක්ෂිත සිදුවීමත් සමගම පෘථුවියේ එවකට පැවති ගැටළු රැසක් සඳහටම සමුගත්තාක් මෙන් ලෝකයම එකම රටක් මෙන් සාමකාමීව වැඩ කටයුතු කරන්නට විය.

ඒ අනුව එක් එක් රටවල් විවිධ අංශයන්හි පුරෝගාමීත්වය දරමින් ඒ ඒ අංශ වල පරතෙරටම යාමට උත්සහ ගත්තේය.

ඉන්දියාව ප්‍රමුඛ ආසියානු රටවල් කිහිපයක් එක්ව ආසියානු ලීගයක් පිහිටුවා අභ්‍යාවකාෂ වැඩ පිලිවෙලක් දියත් කරන ලදී.




Monday, July 2, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 5


-----පස්වැනි කොටස-----


2015.04.06
පෙ.ව 5.32

සර් අපිට ලෝකයේ හැම මහද්වීපයෙන්ම වගේ භූ චලන රැසක් වාර්තා වෙනවා. ඒ වගේමයි කවදාවත් නොදැකපු ආකාරයේ චලන කීපයක් අගහරු හා සිකුරු ග්‍රහයන් අතර සිදුවන බවත් අපට ලැබී තිබෙන තොරතුරු වල දැක්වෙනවා.



Thursday, June 28, 2012

තරියාගේ මන්තර පාඩම

බ්ලොග් එකේ දාන්න දෙයක් නැතුව වැලේ වැල් හොය හොය හිටපු වෙලාවක දෙයියෙක් කනට ගහැවු වගේ පේස් බුක් එකේ යාළුවෙක් මගෙං මේම ඇහුවා..


Monday, June 18, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 3


---තෙවැනි කොටස---  
හොදයි බෙල්වුඩ් මහත්මා අපි බලාපොරොත්තු වනවා ඔබ සතු තොරතුරු හැකි ඉක්මනින් අප වෙත ඉදිරිපත් කරනු ඇතැයි කියා.

ස්තූතියි ලේකම්තුමනි.

මිනිත්තුවක් ඉන්න බෙල්වුඩ් මහත්මා.

ලේකම්තුමනි. 
තවදුරටත් එය රහසක් ලෙස තබා ගැනීමෙන් පලක් නෑ. අපට CIA කාර්යභාර්ය නිලධාරී මුනගස්වන්න. තව විනාඩි 5ක් ඇතුලත.




Tuesday, June 12, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 2


--දෙවැනි කොටස--


බෙල්වුඩ් මහත්මා මට මේක කියන්න.
ඔබ කියන ඔය කතාව මට විස්වාස කරන්නද කියන්නේ.

Thursday, June 7, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 1

 --පලමු කොටස--


2015.04.06
පෙ.ව 3.48
ඇරිසෝනා ගුවන් හමුදා කදවුර




Wednesday, May 23, 2012

අතීත තරියාහි ඉන්ට්‍රො එක


ගොඩ දෙනෙකුට අතීතයක් තිබේ. 
සොරි ගොඩ දෙනෙකුට නෙමේ හැම එකාටම තියෙනවනෙ. නැත්තං ඌට වර්තමානෙකුත් නැති වෙන්න එපැයි. තරියාටත් එසේමැයි.

එය විටෙක ෆන්ය, 
එය විටෙක ෆන්ය


විටෙක පට්ටය, තවත් විටෙක දුක්බරය අජූතය,විටෙක ආදරණීයය.

විටෙක ආදරණීයය

විටෙක භයානකය මැරකමිං අනූනය, ඇතැම් විටක බලු වේ.

ඇතැම් විටක බලු වේ


විටෙක කුප්පය, අහිංසකය නානාප්‍රකාරය වචන නැත.


එවන් වූ ඉතිහාසයක්  ඇති තරියා තම ඉතිහාසේ හා පැටිකිරිය සයිබර් අවකාසෙට මුදා හැරීමට සිතුවේය ඈ.

ඔන්න ඉතිං අද ඉදං අපි කරපු (අපි යනු තරියා ඇතුලු පිරිසය) පිං,ගොං,මැටි,එල,ෆන්,පට්ට,කුප්ප,අජූත,වර්චස්,ගද,හොද,සිරා වැඩ වැමෑරෙනු ඇත. 

ඇතැම් විට බලන්න අප්‍රසන්න වේවි. කරන්න දෙයක් නෑ.

කරන්න දෙයක් නෑ

ඓතිහාසික තරියාගේ අතීත කෙරුවාව මෙසේ අද දින සිට දිග ඇරෙන වගයි ඈ.....