මීටින්ග් එකක් තිබුනා.
හ්ම්ම්ම්.
හරිද????
ඔව්...
කෝ?????
ඇයද මුල් පිටුවේ සිටම ඉමහත් ඕනෑකමකින් බලමින් පිටු පෙරලන්නට විය.
පොතේ මා හට බලන්නට අමුතු දෙයක් නොවූ නිසා මම ඇය දෙස බලා සිටියෙමි.
සැරෙන් සැරේ ඇය මුහුනට වැටෙන කෙහෙරැලි ඇගිලි වලින් කන් පෙති අතර සිර කරයි.
විටෙක ඇස් ලොකු කරයි. තවත් විටෙක ඇස් පුංචි කර බලයි.
මාධවත් චායාත් සිනහසෙමින් ඔවුන්ගේ වැඩෙහි නිරත වෙයි. මාධවගේ තත්වය ගැන මා හට හරි හැටි අවබෝධයක් නොමැත.
නැවතත් මා ප්‍රතිභා දෙසට හැරුනෙමි. මා ඇය දෙස බලා සිටිද්දීම ඇය එක්වරම හිස එසෙව්වාය.
“ඇයි ඔයා ඔහොම බලන්නේ“ කියන ප්රශ්ණාර්ථය ඇය තුල තිබුනි යැයි මට සිතුනි.
ඇය ඇස් ලොකු කරගෙන බලා සිටින බව තරමක් වෙලා ගිහින් මට වැටහුනි.
ම්හ්ම්... මම රැල් බුරුල් කර කතා කිරීමට පටන් ගත්තෙමි.
හරිද?
ඔව්.
ඒ කිව්වෙ?
හරි.
වැරදි නැද්ද?
නෑ.
තරහද?
නැහ්.
එහෙනං?
ඇයි?
නෑ මුකුත් නෑ.
හ්ම්ම්ම්.
මගේ වැඩ අදින් ඉවරයි.
හ්ම්ම්
ඉතිං?
තැන්කියු.
එච්චරද?
තව මොනවද?
මම සිනාසුනෙමි.
ඔයා තරහ වෙලා මම කීවෙමි.
මොකටද?
දන්නෙ නෑ. කතා කරන්නෙ නැත්තෙ එහෙනං.
මේ කරන්නෙ.
කෙටියෙන්නෙ.
ඒ මගේ හැටි.
එදා එහෙම නෑනෙ.
කවද්ද?
ඩිබෙටිං කම්පිටිෂන් එක දවසෙ.
එදා මොකක්ද?
යාළුවොත් එක්ක කියව කියව හිටියෙ.
ඉතිං?
ඇයි දැන් බැරි.
ඔයා මගේ යාළුවෙක් නෙමෙයිනෙ.
මං කිව්වෙ ඔයා තරහා වෙලා.
නෑ.........
ඒ කිව්වෙ?
තරහ වෙන්න මං යාළුවෙලා හිටියෙ නෑනෙ.......
හ්ම්ම්ම්.....
හ්ම්.....
අපරාදෙ......
ඇයි?
මං මහන්සි උනේ......
මොකටද?
සුවනියර් එකට.
ඇය නැවතත් ඇස් ලොකු කර මා දෙස ටිකක් වේලා බලා සිටියාය.
මමද ඇය දෙසම බලා සිටියා මිස කිසිවක් කියන්නට නොගියෙමි.
සොරි සහන්.......
ඕං බලහං කියමින් මාධවයා විඩියෝව ධාවනය කරන්නට විය.
ආ ඔයාට ලගදිම තෑන්ක් කරයි එයා චායා ඔලොක්කුවට මෙන් ප්‍රතිභා දෙස බලා කීය...
ඉන් පසු එතරම් සැලකිය යුතු සංවාදයක් සිදු නොවුනි. විටෙන් විට ඇය සුසුම් හෙලනු ඇසුනු නමුත් මා කිසිවක් පැවසීමට නොගියෙමි.
මා ඇය දෙසද ඇය මා දෙසද මාරුවෙන් මාරුවට හොරැහින් බැලුවත් දෙදෙනාම ඒ බව දැන උන්නි. කෙසේ වෙතත් සිදුවූ සිදුවීම එතරම් හොද දෙයක් නොවන වග අප දෙදෙනාම සක් සුදක් සේ දැන සිටියෙමු.
උබලා වැඩ ඉවරද???????
උබලා වැඩ ඉවරද? |
සහනයා චායා සමග අප දෙදෙනා ඉදිරියේ විය.
මොකෝ දෙන්නා තරහා වෙලාද??
මම අපහසුවෙන් නමුත් සිනා සීමි.
මගේ අපහසුතාවය වටහාගත් සහනයා කතාව වෙනතකට යොමු කලේය.
අපෝ ඕගොල්ලො මෙහෙමද උදව්වට ආපු අයට සලකන්නෙ ආ???? බඩගිනියි.. මොනා හරි කන්න ගේන්නකො.. සහන් සිනා සෙමින් කීවේය.
දැන්ම කන්න ඕනද? ඉන්ටර්වල් එකට තව කොච්චර වෙලා තියෙනවද හලෝ..
එහෙම තමයි අපි උදේට කන්නෙ ෆස්ට් පීරියඩ් එකේදි. නැද්ද බං? සහනයා මගෙන් ඇසූ නමුත් මා කට කොනකින් සිනා සී පමනක් සිටියේ පිලිතුරු දීමට තරම් සිත එකලාසයක් නොවු නිසාවෙනි.
ඉන්න එහෙනං මොනා හරි අරං එන්න කියමින් චායා හැරෙනවාත් සමගම ඉන්න චායා මාත් එනවා කියමින් ප්රතිභාද ඇයත් සමග එකතු විය.
අපට පිටුපා යන ඔවුන් දෙදෙනා දෙස බලා සිටි ටිකක් වේලා බලා සිටි මාධව මොකද බං උනේ කියා ඇසුවේ ප්‍රතිභා සිටි තැනින් ඉදගන්නා අතරමය.
වැඩක් නෑ බං. අද මොකක් හරි අප්සෙට් එකකිං ඉන්නෙ. එක්කො මට කැමති නෑ. නැත්තං......
රෙද්ද ඕකනෙ බං. උබ නෑ බෑ කියා ගත්තු ගමංනෙ. මං චායා එක්ක කතා කලෙත් තොපි දෙන්නා ගැන. ඒකි කිව්වෙත් ඔය ටිකමයි.
මොන ටිකද?
ප්‍රතිභා එහෙම කොල්ලො ගැන ඉන්ට්‍රෙස්ට් කෙල්ලෙක් නෙමෙයිලු. ඒ කියන්නෙ උබට කට්ටක් කන්න වෙනවා. ඇරත් බං අහපු ගමං කැමතියි කිව්වම කිසි ගතියක් නෑ.. විස්සාස කරපං.. වෙන උංගේ අත්දැකීම් පදනං කරං මං කියන්නේ මස්සිනා...
හ්ම්ම්ම්.. දැං මට කියපං උබ චායාට ලයින්ද????
හි හි.. අන්න අන්න අනවශ්‍ය ප්‍රශ්ණ... චායා ක්‍රශ් එකක් විතරයි ඩෝ..
මගුල දැං තොට ක්‍රශ් කීයක් ඉන්නවද???
එහෙම තමයි බං හැදෙන මිනිස්සු..
හ්ම්ම්ම්ම්...
උබට දැං මගේ ක්‍රශ් ගානෙං වැඩක් නෑනෙ. මං චායාට තොගෙ ක්‍රියාව මුල ඉදංම කිව්වා. ඒකිත් තොටමයි බයින්නෙ ඇයි පරක්කු කරන්නෙ කියලා. මං ඉතිං තෝව ශේප් කරලා දැම්මා. මොකා උනත් එකට බත් කන එකානෙ කියලා.
ඒකි කිව්වා ප්රතිභට ෂේප් එකේ වචනෙ දාන්නං කියලා. ඒත් මොන මගුල කරන්නත් උබ කලිං කියලා තියෙන්න ඕනා බූරුවො.
ඒකි කිව්වා ප්රතිභට ෂේප් එකේ වචනෙ දාන්නං කියලා. ඒත් මොන මගුල කරන්නත් උබ කලිං කියලා තියෙන්න ඕනා බූරුවො.
හරි හරි බං. මං ට්‍රයි කරන්නං.....
ට්‍රයි නෙමේ කොහොම හරි කියපං. දැං අරකිත් එක්ක එල්ලිලා යන්න ඇත්තෙ වෙච්ච ටික කියන්න වෙන්නැති. ආවම මං චායාගෙං අහන්නං තෝ ගොං පාට් දාන්නෙ නැතුව අහපං. බය වෙන්ඩ එපා බං.. අපෝ ලැජ්ජාවෙ බෑ..
හි හි.. හරි හරි හිටිං අහන්න..
එල.
දැං චායා මොකෝ කියන්නෙ. සෙට් වෙයි වගේද?
හි හි.. තෝ මෙතන හිමිජ්ජා වගේ ඉදගෙන ඔක්කොම බලං හිටියා නේ?
මං දැක්කා ඩෝ. තෝ හිතුවද මං පොට්ටයි කියලා. ඒකි හිනා වෙන ඒවා මෙහෙටත් ඇහුනා. උබත් ඇබලයා වගේ නයි ඇර ඇර ඉන්න ඇති.
එකෙක් දෙන්නෙක් ඇරියා. නැත්තං තොපි දෙන්න වගේ බුම්මං ඉන්නයැ?
අන්න අරුං දෙන්න එනවා. මම මාධවයාට කීවෙමි.
ඔන්න අරං ආවා. දැං ඉතිං කන්න තමා තියෙන්නෙ. චායා සිනහ සෙමින් කීවාය.
ඔන්න අරං ආවා. |
ඇයි අපි විතරක් ඕගොල්ලොත් එන්න කන්න. මං කීවෙමි.
අපි දෙන්නගෙ කොටස අරගෙන අපි යං වැඩේ කරන්න චායා. පොඩි උං දෙන්න කතා කර කර කාපුවාවෙ. මාධවයා හොදි බාල්දියක් හලා මාරු විය. ප්රතිභාත් මමත් පමනක් නැවතත් තනි විය.
කන්න. ඇය කෑම පිගාන මට ලං කරමිං කීවාය.
ඇයි ඔයා කන්නෙ නැද්ද?
අපි පස්සෙ කන්නං.
එහෙනං මටත් එපා.
පිස්සු නැතුව කන්න ඇය සිනා සෙමින් කීවාය.
අම්මෝ ඇති යන්තං හිනා උනා....
ඇයි???????
නෑ මෙච්චර වෙලා බුම්මං හිටියෙ....... මං හිතුවා තරහ ඇති කියලා........
මං තරහෙං තමා හිටියෙ. හැබැයි ඔයත් එක්ක නෙමේ.....
එහෙනං???? මාධවයත් එක්කද??????
පිස්සුද අනේ.. මේ ඉස්කෝලෙ පොඩි ප්‍රශ්ණයක්.
ආ ඒක මිසක්. මට ඒත් හිතුනා පරක්කු වෙනකොට මොකක් හරි අවුලක්වත්ද කියලා... ඉතිං?????????
ඇය ඇස් ලොකු කර මා දෙස බැලුවාය......
ඕක තමා මං ආපු දවසේ ඉදංම කල්පනා කරන එක..
ඇයි.. මොකක්ද?????.
නෑ නිකං... හැමතිස්සෙම ඔහොම බලන්නෙ ඇයි?
කොහොමද?
මෙහෙම... මම ඇස් විශාල කර පෙන්නුවෙමි...
ඇය නැවතත් සිනාසුනි.
ඔයා ඩිබෙටිං කරනවද? ඇය ඇසුවාය.
ඔව් ඔයා....
නෑ.......
එහෙනං එදා හිටියේ.........
ඒ යාළුවෙක් එක්ක උදව්වට ආවෙ.........
ඇත්තද? එදා තමයි මං මුලිංම දැක්කෙ.....
මොකක්ද???????
මොකක්වත් නෙමේ ඔයාව. මම සිනහ සෙමින්ම කීවෙමි.......
ඔයාටනං හොදටම පිස්සු. මොකටද බැලුවෙ........
නිකං. දැක්කම බලන්න හිතුනා. මම ඇගේ ඇස් දෙසම බලාගෙන කීවෙමි.
චායා කියපු විදිහට මට හිතුනා පිස්සුම තමා කියලා ඇය ඇස් ඉවතට ගනිමින් ලැජ්ජාවෙන් මෙන් කීවාය.
ඇයි චායා මොනාද කිව්වේ????? පිස්සු හැදුනනෙ ඩිබෙට් එකකට ගිහිං.......
හොද වෙලාවට මං ඩිබෙටිං කරන්නෙ නැත්තෙ......
අපරාදෙ.......
ඇයි..........
නෑ හිටියනං තව ටිකක් පිස්සු හදා ගන්න තිබ්බා.......
ඒක නෙමේ දැං සුවනියර් එක ඉවර නිසා මං යන්නද? ඇය ඇසුවාය....
යන්න ඕනමද?
වැඩක් නෑනෙ ඉතිං. වැඩේ ඉවරයිනෙ.
ටිකක් ඉන්න. මට දෙයක් කියන්න තියෙනවා...
ඇය නැවතත් ඇස් ලොකු කර බලන්නට විය....
ඕකනෙ ඉතිං මුකුත් කියන්න නෑ.. කන්න වගේ බලනවා. මම සිනහ සෙමින් කීවෙමි.
හරි ඉතිං කියන්න......
එහෙම කියන්න පුළුවංනං මං කියලා ගොඩක් කල් ප්‍රතිභා......
මීලගට මා කුමක් කිව යුතුදැයි මම කල්පනා කරන්නට වීමි......
ඇයි බිම බලාගෙන? තරහද?
නෑ.......
කොල්ලෙක් ඔයාගෙන් යාළු වෙන්න ඇහුවොත් ඔයා මොකද කරන්නෙ? වෙලාවේ හැටියට අහන්න තිබ්බ අමුම අමු ගොංම ගොං ප්‍රශ්ණය කටෙං පිටවිය...
ඇය චායා දෙස බලමින් කට කොනකිං සිනාසුනාය......
අඩෝ අපි වැඩ ඉවරයි බං. මාධවයා කෑ ගැසීය.......
ප්‍රතිභා පුටුවෙන් නැගිට චායා ලගට ගියාය. මමත් ඇයවම අනුගමනය කලෙමි.
දහං බලන්න. මම කීවෙමි.
අනේ ලස්සනයි මාධව. තෑන්ක්යූ වෙරි මච්. ප්‍රතිභා ප්‍රීතියෙන් කියන්නට විය..
මාධවට විතරයි තෑන්ක් කරන්නෙ.. අපේ වැඩ කැතයිනෙ. මම කීවෙමි......
මේ ටික දානකන්නේ මෙච්චර දවසක් බලාගෙන ඉදියේ.
ReplyDeleteඑලම එල මචෝ.
ඉතුරු ටිකත් ඉක්මනට දාපන්..
ඇති යංතං එකෙක් හරි බලං ඉදලා :)
Deleteදාන්නං දාන්නං..
ජයවේවා!!!!!!!!
හෙළා දකිනවා ඇ... දැන් ආයේ කතාව මුල ඉදන් කියවන්න වෙනෝ.. මුල ටික අමතයි වගේ..
ReplyDeleteමතක් කරලා ගන්ට මෙයා....
Deleteඋඹලා ආහ් සොරි සහන්ලා මාළුපාන් කීයක් කෑවද බන්?
ReplyDeleteදන්නෑ බං....
Deleteමං ඕවා බලන්න ගියේ නෑ...
හයියූ මිලියනේ ප්‍රස්නේ!! :P
ReplyDeleteමිලියනේ දිනාගනියිද???????
Deleteමේම ලස්සන මාලු පාන් කොහෙද බං ඨීන්නේ??
ReplyDeleteඅඩේ ඇත්තටම කෙල්ලෙක් එක පාර හා කිව්වම කික් නහැ. පොඩ්ඩක් කට්ට කැවමයි සිරා..
මංදා මාත් ගූගල් දෙයියංගෙං ගත්තේ..
Deleteකොහෙංද කියලා මතක නෑ...
සෑමටත් අත්දැකීම් තියෙනවා වගේ....
යත්නම් ඇති මට කතාව මතකේ තිබුනා .... :)
ReplyDeleteහොද වෙලාවට...
Deleteඅඩෝ තරියා කුප්ප වැඩ කරන්න එපා බං මෙච්චර රෑ වෙනකන් කට්ට කාලා කියෙව්වේ මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතලා නෙවෙයි බං....කුජීත විදියට නියපොතුටික හපාගෙන හපාගෙන කියෝගෙන ආවා විතරයි තෝ තාප්පෙට කෙලියා...
ReplyDeleteමොනා උනත් මසුරන් ආහ්....ඉස්කෝලේ ගැන පට්ට විදියට දුක හිතුනා ඩෝ....ඇයි ඩෝ අපිට ආයෙත් ඉස්කෝලේ යන්න බැරි....
දිගටම ලියපං තරියෝ..මැක්සා....
උපරිමයි ආහ්..
හෑ...
Deleteඅනිවා අනිවා..
දිගටම ලියන්නං..
ජයවේවා!!!!!!
අනේ කාලේ වනේ වාසේ කිව්වලු
ReplyDeleteනෙවෙන්නං...
Deleteඅයියෝ යාළුවෙන්න අහන්න මෙච්චර දඟලන්න ඕනද?..;)
ReplyDeleteපොඩි කොල්ලොනේ ඉතිං..
Deleteමේ කතාවනම් මාරු දිගටම ලිවුවොත් නරකද.අඩුමගානේ දවස් 3 කට එක කොටසක්.
ReplyDeleteඋත්සහා ගන්නං උපරිමේටම..
Deleteවෙලාව තමා නැත්තේ...
ඇයි බං මේක පරක්කු උනේ..
ReplyDeleteඅහපු ගමන් හා කියනවා බං කාලයක් තිස්සෙ දන්න කෙනෙක්ගෙන් ඇහුවම නම්.. මේ මං කලා වගේ.. නැත්නම් ඉතිනින් ටිකක් කට්ට කන්නම වෙනවා..
වෙලාව හොයාගන්න ටිකක් අමාරු උනා වර්ණයියේ....
Deleteකට්ටක් කෑමෙත් පොඩි ගතියක් තියේ ඈ...
කෙල්ලෙක් එකපාර හා කිව්වම ගතියක් නැති උනාට , කවදාවත් හා නොකියනවට වඩා කොච්චර හොඳද , ගතියක් නැතිවෙන්න හරි එක පාර හා කියන එක. ඇඩෙනවා ඕයි
ReplyDeleteඒකත් ඇත්ත හැබැයි ඉතිං.....
Deleteහෆ්ෆා... මේකෙ අතර්මැද මට මිස් වෙලා නේද? :(
ReplyDeleteඑහෙම වෙලාද??????
Deleteඇ බෝල මේ පොඩ්ඩ ලියන්න මෙච්චර කල් ගියාද?
ReplyDeleteනෙවෙන්නං....
Deleteඅඩේ ඉතිරි ටිකත් දාපන් ඉක්මනට
ReplyDeleteඑලකිරියෝ!!!!!
Deleteසෑහෙන්න කාලෙකින් දාලා තියෙන්නේ.. ආයි පරන ටික ටිකක් කියවගන්න උනා අතක් කරගන්න :)
ReplyDeleteඅය්යෝ
ReplyDelete