පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා සහ
එයාටෙල් පිස්සු කෙලින්න පටං ගත්තු නිසා බ්ලොග් වැඩ අමතක කරන්න උනා.
ඒ දවස් ටිකේ
පරණ ටේප් ටිකක් ආයේ දාලා ෂේප් උනා.
වැඩේ කඩාකප්පල් වෙන්න කලිං දදා හිටියේ වයර්ලස්
එකේ අතීතේ ගැනනේ.
අද ඔන්න ඒක ආයේ දාන්නයි යන්නේ.
කලිං කොටහ කියෝපු නැති අය මෙතැනිං කියවන්න.
රයිට්. ඒකේ අන්තිමට නැවැත්තුවේ අපි රුක්මනී
දේවි හඬ පරීක්ෂනේට සහභාගි උන හැටි කියලනේ.
මේ හඬ පරීක්ෂනේ කියන්නේ සංගීතය පිළිබඳ හොද
දැනුමක් තියෙන විනිශ්ච්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගායනා කරලා පෙන්නන එකයි. සුපස්ටාර් වගේ
තමා.
ඒ දවස් වල තමුංගේ සිංදුවක් රේඩියෝ එකේ
විකාශය කරන්න ඕන්නං හඬ පරීක්ෂනේට සහභාගී වීම අනිවාර්ය උනා. හඬ පරීක්ෂනේ ෆේල් උනොත්
ඒ කියන්නේ පරීක්ෂනේ කරන අයට තේරුනොත් මනුස්සයගේ කටහඩ චාටර් කියලා සිංදු කියලි
පැත්තක තියලා ගෙදර තමා යන්න වෙන්නේ.
හඬ පරීක්ෂනේ කොටස් වලට වෙන් කරලා තිබ්බා.
“ඒ“ ශේණි ගායකයෝ “බී“ ශේණි ගායකයෝ සරල ගී ගායකයෝ වශයෙන්.
ඒ දවස් වල එහෙම තේරිච්ච හොද හඬවල් තමා අදටත්
ලංකාවේ දැනෙන්න සිංදු කියන ගායකයෝ. අමරදේව මාස්ටර්ලා වික්ටර් රත්නායකලා ඒ වගේ අයට
උදාහරණ.
පස්සේ කාලෙක මේ හඬ පරීක්ෂණ කෙරුවාව නැති
වෙලා ගියා. ඇයි ඉතිං හතු පිපෙනවා වගේ රේඩියෝ පටං ගත්තම පරීක්ෂණ තිය තිය ඉන්න ඕන
උනේ නෑ.
රේඩියෝ ස්ටේෂන් එකට ගිහිං කැසට් එක නැත්තං සී.ඩී එක දුන්නම ඒක ප්ලේ
කරනවනේ.
ගුවන් විදුලි සංස්ථාවේ ගීතමය වැඩසටහන්
කියන්නේ එක අංගයක් විතරයි. තව තව අංග තිබුනා. ඒ අතුරින් කැපී පෙනුනු ආවේනික
වැඩසටහනක් තමා අවමංගල්‍ය දැන්වීම් විකාශන කාලය.
ලෝකයේ වෙන කිසිම රටක් ඒ වෙනකොට
අවමංගල්‍ය දැන්වීම් විකාශනය කිරීම නිත්‍ය අංගයක් විදිහට පවත්වාගෙන ගියේ නෑ. නමුත්
ලංකාවේ ඒක කරා.
1939 සැප්තැම්බර් තුං වැනිදා ජර්මනියට
විරුද්ධව බ්‍රිතාන්‍ය යුද්ධ ප්‍රකාශ කලා. මේ නිසාවෙං ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියත්
ඒ යුධමය තත්වයට දායක උනා. මං මුලිංම කිවුවනේ. මේ කාලේ බ්‍රිතාන්‍යයේ එකෙක්ට පඩයක්
ගියත් ලංකාවට ඒක අදාල වෙනවා. ඇයි ඉතිං අධිරාජ්‍යයට අයිතියිනේ.
ඉතිං මේ යුද්දෙට ලංකාවත් සම්බන්ධ උනා. මෙහෙං
සෙබලු ගියා එහෙං මෙහෙට ආවා ඔහොම ඔහොම කේස් ගොඩක් ගියා. මේ අතරේ වර්ථමානයේ ගුවන්
විදුලි සංස්ථාව රූපවාහිනී සංස්ථාව පිහිටලා තියෙන භූමි භාගයේ ගුවන් තොටුපලක් ඉදි
කරලා ඒ ගොඩනැගිලි තාවකාලික ගුවන් තොටුපලක් විදිහට පාවිච්චි කරා.
ඉතිං ඒ වගේ ප්ලේස් එකක ගුවන් විදුලිය
පවත්වාගෙන යන්න බැරි නිසා කට්ටිය බඩු ටිකත් පැක් කරං 1942 සැප්තැම්බර් 3 වෙනිදා
බොරැල්ල කොටා රෝඩ් එකේ තියෙන බාවර් කියන ගෙදට්ට සෙට් උනාලු. මේක ටිකක් ලොකු ගෙයක්.
ඉතිං ඒ ගෙදර පුළු පුළුවං විදිහට බඩු ටික අසුරගෙන වැඩේ කරගෙන ගියාලු යුද්ධෙ ඉවර
වෙනකංම.
1949 දි ටොරින්ටන් වල දැන් තියෙන ගොඩනැගිල්ල
ඉදිකරනකංම බාවර් නිවසේ ඉදං විකාශන කටයුතු සිදු කරපු ශ්‍රී ලංකා ගුවන් විදුලිය යුද්ධෙ
ඉවර උනත් එක්කම පටං ගත්තු ප්‍රතිසංවිධානයට ලක්වෙලා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි
සංස්ථාවේ ජෝන් එන් ලැම්ජියැං මහතාගේ උදව් උපකාරත් අරගෙන අළුත් වෙලා අළු ගසලා බසලා
වැඩ පටං ගත්තලු තිබ්බටත් වඩා හොඳිං.
සිටි එෆ් එම් මැදිරිය. මේ දහවල් සජීවී වැඩසටහන කරන අතරතුර බලන්න ගිය වෙලාවේ මම ගත්තු ඡායාරූපයක්. |
1950දි ටොරින්ටන් චතුරස්‍රයේ නව ගොඩනැගිල්ලක
ලැම්ජියැං මහතාගේ ප්‍රතිසංස්කරණත් එක්ක ආරම්භ උනු ගුවන් විදුලිය වෙනමම
දෙපාර්තමේන්තුවක් බවට පත් වුනා.
එය සිංහල දෙමල ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක
උනු අතර ඒ ඒ භාෂාව අදාල නිලධාරීන් 3න් දෙනෙකුත් පත් කරා.
සංගීත, නාට්‍ය කතා සහ ග්‍රාමීය විදිහට වෙන
වෙනම සම්පාධක වරුන්ට භාර උනු ගුවන් විදුලියේ පාසල් සේවය කියලා වෙනම වැඩසටහනක් සිසුන්
වෙනුවෙන් වෙනම ඇති කෙරුනා. ඒත් එක්කම වෙළඳ සේවය කියලා එකකුත් ආරම්භ උනා.
ඔව් ඔව්. අදටත් තියෙන වෙළඳ සේවය ආරම්භ උනේ
මෙන්න මෙහෙමයි. පටං ගත්තු ඔය වෙළඳ සේවය අඛන්ඩව අවුලක් නැතිව පවත්තගෙන යන්න
ක්ලිෆර්ඩ් වොඩ් නම් ඔස්ට්‍රේලියානු ජාතිකයා සෑහෙන්න සේවාවක් කරා කියලත් කියනවා.
1952දි ලැම්ජයිං මහතාගෙ සේවය අවසන් වෙනවත්
එක්කම එම තනතුරට ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු ලෙස ප්‍රථම වරට ඇම්.ජේ.
පෙරේරා මහතා පත්වෙනවා.
50හේ දශකය ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසේ
තීරණාත්මක යුගයක් උනා කියලා ගොඩක් දෙනා කියනවා.
එහෙම උනේ ඇයි කියලා අපි ලබන කතාවෙං
බලමු නේ?
අද මැච් එකනේ, ලිවිල්ල පැත්තක දාලා මැච් එක බලන්න යන්න ඕනා..
අනිවා ඩෙපා ඊලග කොටහිං වෑර්ලස් කතන්දරේ ඉවරටෙම ඉවර කරලා දානවා..
ඒ නිසා ඊලග දවසේ කියවන්න එනකොට පත මාගලක් කියවන්න හිතං එන්න..
එහෙම එපානං එපා හරි කියන්න...
තරියා හොඳ කරුණු ටිකක්...මේ ඉතිහාසය දන්න අය හරි අඩුයි
ReplyDeleteඉතිහාසය නොදන්න නිසා අපේ අය වර්තමානේ චාටර් කරගන්නවා...
Deleteස්තූතියි නලීන් අයියා!!!!
අඩේ මලේ නියමයි උඹට තියෙන හදිස්සියට මෙතනින් කියවන්න කියන ලින්ක් එක හරියට දාලා නැහැ ඒක දාන්න. කතාවනම් අන්තිම රසබරයි. එල.
ReplyDeleteඅම්මටසිරි ඔවුමයි..
Deleteතැංකූ ඈ දැං දැම්මේ....
හික්ස්..
එල එල...මේකේ මුල කොටා දෙකත් කියවන්න ඕන...මචෝ මටත් ඒ දවස් වල එපාම කරපු එක තම ස්වදේශීය සේවේ 6.30 ට ගිය අවමංගල දැන්වීම්.උදේ පාන්දර මැරිච්ච ඒවා ඇහුවම දවසම ඉවරයි....
ReplyDeleteහික්ස්...
Deleteලංකාවේ විතරයි ඔවුවා මචං...
වැදගත් විස්තර ටිකක්.. ගුවන් විදුලියේ ගිය නාට්‍ය නම් ආසාවෙන් ඇහුවා. දැන් නම් නැද්ද මන්දා..
ReplyDeleteඉතුරු ටිකක් දාමුකෝ. මාගලක් නෙවෙයි මාගල් දෙකක් උනත් මම නම් ආසයි බං මේවා කියවන්න.
දැනුත් තියෙනවා නාට්ටි නං..
Deleteඔය එෆ් එම් චැනල් වල දවල්ට යන්නේ...
තාක්ෂනේ උසස් උනාට කතානං අන්තිමයි.
ඉක්මන්ට දාන්නං ඉතුරු ටික..
ඇත්තටම වටින ලියවිල්ලක්.
ReplyDeleteපත මාගලක් උනත් මොකෝ බං දාපන්..!
එල එල..
Deleteඑහෙනං දානවා ඈ..
විස්තර හරි වෑදගත් මල්ලියෝ.... දෑන් ඉතින් තියන චෑනල් වල ගන්න දෙයක් නෑනේ... ඔය පරන නිවේදක නිවේදිකාවෝ කොච්චර දෑනුම තියන අයද...
ReplyDeleteහ්ම්ම්ම්...
Deleteඒකනං ඇත්ත..
දැං නං නෙට් එකෙං බලලා කියන්න පුළුවං..
ඉස්සර එවුවා නෑනේ, ඔළුවෙම තියං ඉන්න එපැයි...
තරියා ගුවන් විදුලි මාධ්‍යයට මනාපයි වගේ...හොද ගුවන් විදුලි සංස්කෘතියක් හදන්න බොලා වගේ උන්ගෙ දායකත්වය සහ කැපවීම තමයි අවශ්‍ය...සල්ලි බෙදලා තමන්ගෙ ගුවන්විදුලිය බලෙන්න අස්සගන්න තැනට දැන් බහුතරය වැටිලා...
ReplyDeleteමනාපයි මනාපයි....
Deleteකාලෙත් එක්ක ඉතිං එක එක ආකාරයේ එවුවා එනවනේ..
මං හිතන්නෑ ආයෙත් ඉස්සර තිබ්බ ගුවන්විදුලි සංස්කෘතිය ඇති වෙයි කියලා සිරා අයියේ..
මම තරියගේ වෑර්ලස් කතාවෙ කොටස් තුනම කියෙව්වා. මරු ඈ! ඒ වුනාට තව පොඩ්ඩක් දිගට දාන්න පුලුවන්නෙ.
ReplyDeleteඊලග එකෙං ඉවරම කරලා දාන්න කියලා බැලුවේ ඩූඩ් අයියේ...
Deleteවටිනා සටහනක් බං.
ReplyDeleteඋබට ටිකක් මොලේ තියනව වගේද මන්දා.. :පී
//උබට ටිකක් මොලේ තියනව වගේද මන්දා.
Deleteපැහැදිලිවම පරණ තරහක් පිරි මැසීමකි...
වටින කියන ලිපියක්.
ReplyDeleteමට මතකයි ලඟදි දවසක ජාතික රූපවාහිනියෙත් ගියා ලංකාවේ ගුවන් විදුලි සංස්ඨ‍්රහාව ගැන වාර්තා වැඩසටහනක්. ඒකෙත් මාර දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.
ඒකනං මට බලන්න බැරිඋනා....
Deleteස්තූතියි මධුරංගයියේ!!!!!!!
මේ විස්තර නම් දැනගෙන හිටියේ නැහැ..ඊළඟ කොටසත කියවලාම ප්‍රශ්න අහන්නම්..
ReplyDeleteපොටෝවෙ ඉන්නෙ තිලකා රණසිංහ මහත්මිය නේද?
එල එල...
Deleteනෑ ඒ තිලකා රණසිංහ නෙමේ...
ට්‍රයි කරලා බලන්නකෝ තව පාරක්..
අලේ...... මේක කොටස් වශයෙන් මූණු පොතේ ස්ටේටස් දාන්න බැරිද?? අර කවුද ගෑල්ලමයා ගැන දානවා වෙනුවට ඇ.. සෑහෙන්න වටිනවනේ.. මේ ගැන දන්න කිසිම කෙනෙක් මට හම්බවෙලා නෑ අයියණ්ඩියා ඇරුණාම..
ReplyDeleteමිනිස්සු මෙවුවා බලන්න කැමති නෑ සම්මියා එච්චර...
Deleteඅනුෂ්කා ගැන දාගෙන ඉන්න එක ලාභයි...
හ්ම්ම්...මෙව්වයෙ ඉතිහාසෙත් හෙන රහයි
ReplyDeleteවර්තමානෙනං හඩු ගදයි...
Deleteගුවන් විදුලියේ ස්වර්ණමය යුගය විදියට හැඳින්වෙන්නේ රිජ්වේ තිලකරතන් යුගය සහ 70,80 ද්විත්ව දශක. ඉතිහාසය ඒතරම් රහ වුණාට දැන්නම් බල්ලට ගිහින්
ReplyDeleteඒකනං ඇත්ත දයා අයියේ..
Deleteඅපිට වඩා හොදට ඕගොල්ලෝ ඒ ගැන දන්නවනේ..
දක්ෂයෝ වෙනුවට දැං වැජබෙන්නේ කටු කන උං..
උඹට මෙහෙම දෙයක් ලියන්න හිතුන එකම මම අගය කරනවා.. ඊළග එකත් දාමුකෝ බලන්න..
ReplyDeleteටැංකූ වේවා වර්ණයියේ...
Deleteඊලග එකෙං ඉවර වෙයි බොහෝ විට..
ඉතිහාසෙත් කියවන්ට කියවන්ට ආසයි... ඊළඟ කොටහත් ඉක්මනටම දාල දාන්ට..
ReplyDeleteCSK LANKA
දාන්නං දාන්නං..
Deleteජය මචං!!!!!!!!
ස්තූතියි තරියා. ඊලඟ එකත් ඉක්මනට දාපන්කො..
ReplyDeleteදාන්නං සෙන්නා අයියේ....
Deleteමේ වගේ ලිපියක් කවුරු හරි ලියනකම් මන් හිටියේ . හිමිට කියවල ලොකු කමෙන්ට් එකක් දාන්නම්
ReplyDeleteහා හා..
Deleteදාමුකෝ බලන්ට...