ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, July 23, 2013

අනුරාධපුරේ පොලි එතිලීන් මෙහෙයුම (Mission polythene anuradhapura)

පළවෙනි දවසේ එකතු කොරපු කුණුත් එක්ක අපි කස්ටිය

පෝයට පන්සල් යන එක සාමාන්‍ය බෞද්ධයාගේ සිරිතයි. සාමාන්‍ය එවුං අතරේ අසාමාන්‍ය උං ඇත. උන්ට කැසිල්ලය, ගාය ය, තව බොහෝ දෑ ඇත. එහෙම උං ටිකක් ඊයෙයි පෙරේදයි අනුරාධපුරේ මහමෙව්නා උයනේ විසිරිලා තිබුන අපේ සාමාන්‍ය බැතිමතුන්ගේ කුණු ඇහිලුවා.


කොහොමද සුද්දේ තරම

කුණු කිව්වට ගොඩක්ම පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල්, ටොපි කොළ, පැනඩෝල් පෙති වල ප්ලාස්ටික් ආවරණ, බත් ඔතලා තිබුන ලන්ච් ෂීට් වගේ එව්වා තමා.

කුණු දාපු එවුංට ප්‍රසිද්ධියේ බනින භූමි...

මේ වැඩේ සංවිධානය කරේ Wild reach කියන පරිසරකාමී සංවිධානය. මට වැඩේට ආරාධනා කරේ රැවුල් හසික හෙවත් ඇලෙක්ස් කොලුවා.

අපිත් එක්ක ගියා ගයනි අක්කා, ජීවා අක්කා, දෙසා හෙවත් නූතනයා ඇතුළු රූ සමූහයේ ගොඩක් දෙනෙක්. මමයි විලක්කුවේ දිනෙල්කයි තමා කෝඩුකාරයෝ විදිහට සැට් එකත් එක්ක එක්කහු උනේ..

21 වෙනිදා පාන්දර කෝච්චියේ නැගලා අනුරාධපුරේට යනකොට 11.30 විතර උනා ඉතිං. මග දිගට පිස්සු නට නට ගිය ගමන ජීවිතේ ලබපු තවත් එක සුන්දර මතක සටහනක් තමා...

පලවෙනි දවසේ ගිය වෙලාවේ ඉදන් හවස් වෙනකංම මහමෙව්නාවේ තිබ්බ චූටිම චූටි ටොපි කොලේ හිටං දොන්ත පදං ප්ලාස්ටික් කෑලි බියර් ටින් ගල් බෝතල් පවා අපේ කණ්ඩායම කොදු කඩාගෙන ඇහිලුවා.

කුණු එකතු කර හති අරිමිං...

දවස අවසානේ නුවර වැවේ බැහැලා තිබ්බ ඇගේ අමාරු ඔක්කොම දිය කරලා දාලා අපේ නවාතැං පොලට ගිහිං බඩ පැලෙන්න කාලා ඉන්නකොටම කස්ටියටම ධනුෂ්ක බාලසූරිය හෙවත් සුදු අයියා ඡායාරූපකරණයේ වටිනා කියන මූලික සිද්ධාන්ත ටිකක් කියලා දීලා අපේ සබං පෙට්ටි කැමරා වලිං එල කිරි කොලිටියට ෆොටෝ ගන්න හැටිත් කියලා දුන්නා. එව්වනං ඉතිං අපි වගේ කබ්බන්ට මහමෙරක් ඈ...

පහුවෙනිදත් සුපුරුදු රාජකාරියම කරලා අපි කීප දෙනෙක් කොළඹ එන්න පිටත් උනා. ආවා වගේම යනකොටත් කෝච්චියෙම යන්න ලෑස්ති කරං හිටියත් අති විශාල ජනකාය නිසා කෝච්චි ගමන ගැන අදහස අත්තැරගෙන බස් එකේ එන්න ලෑස්ති උනා.

ගයනි අක්කත්, දෙසාත්, දඟයා පවර් හෙවත් ගයානුත්, දිනෙල්කත් මමත් බස් එකේ එන්න පිටත් උනා.....
ඕක තමා ඉතිං අනුරාධපුරේ කතාව... ඒත් ඒ අතරේ වෙච්ච පොඩි චූටි සැලකිය යුතු නැති හිච්චං ලා චෝරු සිද්ධියක් අල්ලගෙන අර සවලෙං රංකිරි කට ගාපු දඟයයි, බොරු මැජික් පෙන්නන දිනෙල්කයයි අසත්‍ය ප්‍රකාස නිකුත් කරන නිසා මං ඉතිං ඇත්තම කතාවත් කියන්න තීරනේ කොලා ඈ...

අපි බස් එකේ නැගලා කොළඹ එන්න පිටත් උනානේ.. ඔය අතරේ තමා ඉතිං මට අර සමරිසි අයියා කෙනෙක් සැට් වෙන්නේ හරිය. ඌ මං නිදා උන්න වෙලාවේ කකුලට තට්ටු දාන්න පටං ගත්තා, මං ඉතිං තත්වය අන්ඩ කොන්ටෝල් කරගෙන හිටියා මිසක් ඌට ඉතිං බයින්න කරන්න ගියේ නෑ.. මං ඉතිං අහිංසක විදිහට ගඳ දඟයගෙනුයි හුචක්කු විලක්කු දිනෙල්කයගෙනුයි ඇහුවා සබ්ජෙක්ට් කාරයෙක්ට මොකද කරන්න ඕනා කියලා. කවදා කාපු ටකරංද ඕවා... මුං එතන ඒ යකාව අපහසුතාවෙට පත් කරලා පිස්සු නැටුවා ඈ.. ඔන්න ඕකයි උනේ...


-නිමි-

ප.ලි - අවස්ථාවට එක්කර ගැනීම පිළිබඳ මාගේ බලවත් ස්තූතියත්, සත්කාරය සදහා ශ්‍රමයෙන් ධනයෙන් සහ හැකි සෑම ආකාරයෙන්ම උදව් කල සියළු දෙනාටම පින් දෙමින් සහ තවත් මෙවැනිම සත්කාර සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වයිල්ඩ් රීච් කණ්ඩායමට ලැබේවායි  ප්‍රාර්ථනා කරමි..

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

39 comments:

  1. මේ වගේ දේවල් අපටත් කියහාං මලයා.. උතුම් වැඩක්නේ ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් තව පාරක් සෙට් උනොත් කියන්නං..
      මේ පාරත් මම කීප වතාවක්ම ෆේස් බුක් එකේ දැම්මත් බ්ලොග් එකේ දාන්න බැරි උනා...

      Delete
  2. අවසාන පරිජේදයේ සත්‍ය කථාව අද රෑට බලා පොරොත්තු වන්න !!!!! ( මොනව උනත් ඒක නං මංචං සල්ලි වලට ගන්න පුළුවං විදිහේ අද්දැකීමක් නෙවෙයි ..... උඹලගේ නෑයෝ එනකං ටවුමේ රස්තියාදු ගහපු හැටි , දාතු කරඩුවේ කථාව , බලිකා පචයා සහ බස් ගඳයා ගේ සීන් ටික .... කෝච්චියාගේ ආතල් එක . උඹ ඇලක් කියලා පත කුණු කාණුවකට කකුල් ඔබාගෙන හිටපු එක ..... ඒවා නිකං හම්බ වෙන අද්දැකීම් නෙවෙයි බං ....
    මොනව නැතත් අපරාදෙ කියන්න බෑ සුපිරි යාළුවෝ සෙට් එකක් හම්බවුනා. ඒක දාහෙන් සම්පතයි බං

    ReplyDelete
    Replies
    1. කෝ නිකං හම්බුන්නැති අත්දැකීම් උබ දැම්මේ නෑනේ....
      ආයේ සෙට් වෙමුකෝ...

      Delete
  3. උඹ බෝලේ වගේ ඉන්න හින්ද ඌට ආස හිතෙන්න ඇති :D :D

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඉතිං එව්වනං....

      Delete
  4. කුණු අහුලන එක හොඳ වැඩක්.. කුණු නොදා ඉන්න පුළුවන් තැනට අපේ උන්ගේ ආකල්ප හදා ගන්න පුලුවන්නම් ඊට වැඩිය ලොකු වැඩක්.. එහෙම වුනානම් උඹලට ඔය සමරිසි කරදරත් නෑනෙ.. :D

    ඉතින් ඔය එකතු කරපු කුණු කොහෙටද දැම්මෙ ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒක ඇත්ත....
      අපි කුණු එකතු කරේ වෙන වෙනම කලු බෑග් වලට..
      ඉතිං එව්වා ප්‍රතිචක්‍රීකරණය කරන්න ලේසියිනේ...
      නගර සභාවටම තමා දුන්නේ...

      Delete
  5. ආ .... ඔවුව හොඳ වැඩ කොලුවො.

    දෙයියනේ ... තරියට මොකුත් අතවරයක් උනාවත්ද. හංගන්නෙ නැතුව කියපං කොල්ලො. වෙන මොකුත් අපහසුතාවයක් නෑනේ. :D



    ReplyDelete
    Replies
    1. නෑ නෑ වෙන මුකුත් උනේ නෑ.... ^_^

      Delete
  6. එල කොල්ලෙක් නේ

    එත් පොඩි අවුලක් කෝ කතාව අර කොටස් බර ගානක් ලිවුව

    ReplyDelete
  7. තනියෙම ගියහම හරි ඉතිං
    එනිවේ.. ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  8. බොහොම හොඳ වැඩක් මල්ලි...
    පුළුවන්නං ආයේ දවසක මෙහෙම දෙයක් කරද්දි,
    පොඩි දැනුවත් කිරීමක් කරන්න...
    ගොඩක් අය ඉන්නවා මේවට සම්බන්ධ වෙන්න කැමති...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම....
      ජයවේවා අයියේ!!!!!!

      Delete
  9. ෂා.එළ කිරි පින් අතේ වැඩක් න්.එළ එළ.………
    එකතු උණ කුණු වලට මොකෝ කලෙ?

    ReplyDelete
    Replies
    1. කුණු ටික ඉතිං නඟර සභාවටම තමා... :)

      Delete
  10. මෙහෙම හරි පිනක් දහමක් කරගන්න එක හොඳයි

    ReplyDelete
    Replies
    1. හි හි...
      කොයිවෙලාවෙද ෂුවර් නෑනේ නේ..

      Delete
  11. බොහොම කාලෙකින් මේ පැත්තේ ආවේ. ඒ ආවම හොඳ තොරතුරු අහන්න ලැබීම ගැන බොහොම සතුටු වෙනවා. ඔබ කර තිබෙන්නේ මහා පින්කමක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔබේ කණ්ඩායමටම පින් දෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක අයියේ!!!!!!!!!!!

      Delete
  12. ඉතා හොඳ වැඩක් කට්ටිය කරල තියෙන්නෙ.

    ඇත්තටම කකුළට තට්ටු දාපු එක විතරද උනේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්..
      ඔව් ඔව්..
      තට්ටුව විතරයි...

      Delete
  13. අඩෙ උබල පට්ට හොද වෑඩනෙ කරන්නෙ.උබට කරපු පින එදාම පල දෙන්න හදල තියෙන්නෙ.වටෙ හිටපු ඈයො වෑඩෙ කාල නෙ

    ReplyDelete
    Replies
    1. දිට්ඨ ධම්ම වේදී නේ බං...
      ඇඩෙනවා...

      Delete
  14. ෆේස් බුක් එකෙන් රට හදන ඈයොන්ට ඔන්න කරනවා නම් දේවල්

    ReplyDelete
    Replies
    1. උං කොයිද බං මේවට එන්නේ...
      උන්ට බුකියේ වැඩනේ...

      Delete
  15. Nice job have been done!
    ඕවා තමයි නියම පිං තරියා..:)

    ReplyDelete
  16. දෙලොවටම අගේ ඇති වැඩක්. පුණ්‍ය භූමි පිරිසිදු කිරීම මහානිසංස පින් වැඩෙන කරුනු තමයි.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව දයා අයියේ...
      ඒත් එක්කම ලැබෙන ෆන් එක...

      Delete
  17. එව්වා බොහොම හොඳ වැඩ..

    ReplyDelete
  18. හොඳ වැඩක් යාලුවා

    ReplyDelete
  19. මේ විදිහට කුණු එක් රැස් වෙන එක අවම කරගන්න පුළුවන් අපද්‍රව්‍ය එකතු කිරීමට කාර්යක්ෂම ක්‍රමයක් තිබුනානම්..පුළුවන් තැන්වල කසල බඳුන් තියලා ඒවා වෙලාවට හිස් කරනවා නම් මේ ප්‍රශ්නය බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්...

    කොහොම වුනත් තරියා හොඳ වැඩක් කරලා අපිත් එක්ක බෙදාගත්ත එක වටිනවා..

    ReplyDelete
  20. තරියා ඇතුළු පිරිස කළේ මහඟු පින්කමක්. ඒ වගේමයි සැබෑම පරිසර හිතකාමියෙක් වුණු බුදුන් වහන්සේට විශාල ගෞරවයක් මේ කණ්ඩායම කරපු බව තමා මගේ හැඟීම

    ReplyDelete
  21. හැ..! ඌ කොලඹට එනකංම මුගෙ කකුලට තට්ටු දදාම ඉන්ට ඇති.. :D

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????