ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, September 5, 2012

I am a ප්‍රිෆෙක්ට්!!!!!!!!


උදෑසන රාජකාරී සදහා ශිෂ්‍ය නායකයෙකු අවම වශයෙන් උදෑසන 6ටවත් පාසලට වාර්ථා කල යුතුය. එසේ නොමැතිනම් ඔහුට සොරි වන්නේ නිතැතිනි.

චන්ඩි නොන්ඩි කෙරූ මගේ බැජ...



උදෑසන පිබිදීම පියවර කීපයකි. මුලින්ම 4යි 30ට එලාම් එක නාද වේ. 
ඉන් විනාඩි 15කට පසු අම්මා පැමිණ
  • “ලොකු පුතා නැගිටින්න“ ලෙස ඇහැරවයි. ඉන් විනාඩි 5කට පසු,
  • “ලොකු පුතා ඉස්කෝලෙ යන්නැද්ද“ අසයි ඊටත් පසු, 
  • “ලොකු පුතා නැගිටපං යකෝ“ ලෙස ආදරණීයව අපේ අම්මා මාව ඇහැරුවේ 
නැත්තං උදේට මම නැගිටිනවා බොරුය. ඒ මගේ කම්මැලි කම නිසා නොම නිසාචර සත්ත්ව ඝණයට මා අයත් වන බැවිනි.
(නිසාචරයෝ උදේට සංචරණය නොකරන බව ඔබ සියලු දෙනා දන්නේ යැයි සිතමි)

ශිෂ්‍ය නායකයෙක් නෙමේ නායකයංගේ නායකයෙක් උනත් පරණ පුරුදු අතාරින්න බැරි බව පරණ පඬිවරු පවා දැන සිටියේය. එය රාවන සමයෙහි පටන් තිබූවක්දැයි මම නොදනිමි. ඇතැම්විට මීවනපලානයන් මෙය දන්නවා ඇත. 

කෙසේ හෝ වේලාසන නැගිට්ටත් පරක්කු වෙලා නැගිට්ටත් ඇඳුම් මැද සූදානම් කිරීම මා අතින් සිදුවන්නේ උදේටය. මේ සිදුවීම සිදුවූයේ උදෑසන 5 පසුවී විනාඩි 30කට පසු ඇහැරුනු දිනයකදීය. විනාඩි 15ක් බාත්රූම් වතාවත් වල නියැලුනු මා ඇඳුම් මැදීම සදහා යොමු වන විට අදනම් කෙලවෙන බව නොදැන සිටියාම නොවේ.

කෙසේ හෝ කඩිමුඩියේ අඳුම් පැලැදුම් හැද පැලැද පොත් 4ක් 5ක් මල්ලෙත් ඔබාගෙන පාරට පිවිසියේ 5යි 50හේ කෝච්චිය අල්ලා ගැනීමටයි. බස් රථයෙන් බැසගත් වහාම ස්ටේෂම වෙත උසේන් බෝල්ට්ට සමාන වේගයකින් දිව ගියේ කෝච්චිය මිස් උනොත් අංස දෙකකිං වන පාඩුව දැරිය නොහැකි බැවිනි.

1 පාසලට පරක්කු වී ගොස් ජ්‍යෙශ්ඨයින්ගෙන් ගුටි කෑමට වීම පාඩුවකි.
2 අනිත් අංසය පහල අවස්ථාවක සදහන් කර ඇත...
මෙතැං පටං සාමාන්‍ය සිංහලෙං.........

කැලණිය ස්ටේසම.. (දැන්නං මීට වඩා වෙනස්)


ඉතිං කෝම හරි මං දන්න සෙල්ලං ඔක්කොම දාලා ස්ටේසමට දුවලා අද්දන කෝච්චියේ පුට් බෝඩ් එකේ එල්ලුනා ඈ..

දැං බලනවා ඇති ටිකට් ගන්නැද්ද කීලා.. එවුවා ඕන්නෑ.. මොකෝ අපි සීසන් කොල්ලො.. 
(සීසන් ගන්නැති උනත් කෝච්චියේ යන පාසල් ශිෂ්‍යයෝ සීසන්, ඒ තරමට ටික්කො ටිකට් චෙක් කරනවා)

එක්කො ටිකට්

නැත්තං සීසන්, එහෙමත් නැත්තං හොරෙං


කෝම හරි එල්ලිච්ච ගමං මම එහෙ මෙහෙ ඔලුව දදා බැලුවා... ම්හ්ම්.. මේ පෙට්ටියෙනං නෑ වගේ.. ඒනිසා දෙමටගොඩටම යනකං පරිසරයේ සුන්දරත්වය විදින්න තීරණය කලා. 

ඒ උනාට මට අමුත්තක් දැනුනා.. වෙනදට වඩා කාන්තා පාර්සවය ඒමත් නැත්තං බාලිකාවියන් ඉස්සිලා හොරෙං බලනවා ගස්සලා නුවන්... මටත් ඉතිං පුල් හැපි.. මාත් ඉතිං සුන්දර නිහතමානී ද මැල් වගේ නිසා ඒ අයට සිනහවකිං සංග්‍රහ කලා ඒ සෑම වතාවකම. අපරාදේ කියන්න බෑ ඒ ළමයි ටිකත් අතිං කට වහං ලස්සනට විනීත විදිහට හිනා වෙනවා. ඊට පස්සෙ මොනාදෝ මන්දා කුටු කුටු ගානවා.

ඔහොම ඔහොම දෙමටගොඩටත් ආවා. ඉතිං මං පෙට්ටියක් පෙට්ටියක් ගානේ සර්ච් කර කර එනකොට හම්බඋනා ඒ පෙට්ටිය. (කෝච්චි හරි..)

මගේ බුදු පිට් එක රුවිනා ඇතුලු ඒකිගේ වාචාල හැකර කෙල්ලො ටිකත් එයාගේ හොදම යාළුවා සහ මගේ කෝචිචි ක්‍රෂ් එක වේයංගොඩ නෙත්මිත් ඒ අතර විය. (මාධ්‍යට මේ පිලිබදව එලි කරන ප්‍රථම වතාව) මේ තමයි අර දෙවනි සාධකේ. (තරියා පැනියා ලෙස නොසිතන්න.)

දෙමටගොඩින් අනිත් ගෝතමී කෙල්ලො බැස්සත් කවදාවත් රුවිනා බැස්සේ නෑ. ඒකට හේතුව පස්සෙ දවසක කීන්නං.

මේමත් හිනා උනා සමහර උං

කෝච්චිය අද්දන්න ගත්තා විතරයි මෙන්න රුවිනගෙ හැකරියෝ ටික කොක් හඬලා සිනා සෙන්න උනා. (මුංට විලිසංගයක් නැත) කෝච්චියේම අය මුං දිහා හෝන්දු මාන්දු වෙලා හිටියා. 
අංකල්ලා, අයියලා, මල්ලිලා ඔවුන් දිහා බලා සිනාසුනු අතර ඇන්ටිලා,අක්කලා,නංගිලා උංව පුච්චා දවා අළු කරන බැල්මක් හෙලුවා. 
(දැක්කනේ කාන්තා පිරිමි වෙනස)

මටත් මොකෝ ඉතිං මාත් හිනා උනා. ඉස්සෙල්ලා වගේමයි මුං ටිකත් කුටු කුටු ගානවා, ආයේ හිනා වෙනවා. කවදාවත් නැතුව නෙත්මිත් මං දිහා බලලා ආයේ බිම බලං හිනා වෙනවා.

දැං නං මට හෙන හැපි ඈ.. ඒත් රුවිනා විතරක් මගේ දිහා බලං ඇස් එහෙට්ට මෙහෙට්ට කර කර මොකක්ද කියන්න හදනවා. මට ඔය මලමඟුල් තේරෙනවයැ. මමත් හිනා වෙවීම ගියා

අපේ බලකොටුව!!!!!!!


කෝම කෝම හරි මරදාන ස්ටේසමෙං බහිනකොට රුවිනා මං හිටපු පැත්තට දුවගෙන දුවගෙන ආවා. මං හිතුවා මාස ගානක මහන්සිය මල් ඵල ගැන්විලා වැඩේ ගොඩවත් වෙලා කියලා. 

මෙතනදි තමා රුවිනා මට කතා කලේ


රුවිනා මං ගාවට ඇවිත් ආයේ උංගෙ සෙට් එක දිහා බැලුවා, උං ටික ආයේ හිනා වෙනවා.

ඊට පස්සෙ අපි දෙන්නා අතර ඇති වෙච්ච සංවාදයයි මේ.

රුවිනා - ඒ මේ තරී.
මං තරියා - ඇයි මචං?? වැඩේ ගොඩවත්ද????
රුවිනා - මොන වැඩේද?????
මං තරියා - ඇයි නෙත්මි හිනා උනේ...
රුවිනා - පිස්සුද මැටි පූසෝ????
මං තරියා - එහෙනං යක්සනියේ????
රුවිනා - බලනවා ඔයා නිසා මටයි නෙත්මිටයි තමා නෝන්ඩිය. දැං ඕක ඇති ඒ ලෙවල් ඉවර වෙනකංම ඔයාව බයිට් එකට ගන්න...
මං තරියා - මොකක්ද??? කියන දෙයක් තේරෙන්න කියනවකෝ.... ඇයි අරුං අර හිනා වෙන්නේ?????
රුවිනා - සිප් එක ඇරිලා මෝඩයෝ... ඒකයි හිනා වෙන්නේ..
මං තරියා - හුටා.. අනේ දෙයියනේ........
දෙයියනේ නම්බුව?????


ඔන්න ඕකලු උනේ...

සිදුවීමෙන් පසු සෑම උදෑසනකම එය චෙක් කෙරුනු අතර අරුංගේ කාන්තා බල ඇනියෙන් එකෙක් හෝ අදද සෙට් උනු විට සිප් කේස් එක ෆයිල් වෙයි.

ප.ලි - පාසල් සිසුන් හා කලිසං අදින සැමට... ගෙදරිං පිට වීමට ප්‍රථම සිප් නිමිත්ත පරික්ෂා කර බලන්න. එය ඔබව දිගුකාලීන බයිට් වලිං ආරක්ෂා කරයි!!!!!!

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

98 comments:

  1. අයියෝ..... තරියා පව්ව්ව්ව්

    ReplyDelete
    Replies
    1. පව් නේන්නං අයියෝ...
      ඉහි ඉහි....

      Delete
  2. එළ කිරි නේ තරියා.හැබැයි මචො ගෝතමී කෙල්ලො දෙමටගොඩින් බහින්නේ නැනෙ.අපි ආව සෙට් එකෙත් ගෝතමියෝ(කොළකැඳ) ගොඩක් හිටියා. කර කපපු ගවුම මාරයි නේද මචෝ...

    ReplyDelete
    Replies
    1. ඒයි.. මේ ගුටි කන්න එපා හරිද.... මම එනවා ගෝතමී සෙට් එකම අරගෙන.........
      (පරිප්පු ආනන්දේ......)
      හි හි......

      Delete
    2. ගෝතමී කෙල්ලො අපට ගහන්නේ නෑ. අපේ ලෝකෙ වැඩියෙන්ම හිටියෙම උන්නෙ.

      Delete
    3. ඒක හැබැයි... මොන දේ උනත් ආනන්දෙටයි නාලන්දෙටයි නම් ප්‍රසිද්ධියේ බනින් නෑ ඒ කාලේ.... ‌‌රණ්ඩු උනාම නම් පරිප්පු ආනන්දේ කසිප්පු නාලන්දේ කියලා බැන්නට.... අයියලා මල්ලිලා සෙට් එකක් ම හිටියානේ..... ( අපිට අසෝකෙත් සෙට් උනා හැබැයි..)

      Delete
    4. @නලීන් අයියා...
      බහිනවා.. නාලන්දෙ සෙට් එකයි ගෝතමී සෙට් එකයි බහිනවා...
      මවුන්ට් මේරි එකෙං ලගයිනේ..
      කර කපපු ගවුං කළු සපත්තු දැම්මම නිකං රවුඩි ගතිය කැපිලා පේනවා..
      හික්ස්...

      Delete
    5. @හිරූ අක්කේ...
      ඔය විස්කියත් එක්ක අපිටත් ලොකු ලොකු ගනුදෙනු තිබ්බා...
      සමහරු එල..
      සමහරු චොර...
      සමස්තයක් ලෙස මල් සහ ගල් අතර හිරවුනු සබදතා තමයි තිබ්බේ..

      Delete
  3. හි හි... ගොඩක් කොල්ලන්ට ජීවිතේ එක වතාවත් හරි විදින්න වෙන අත්දැකීමක් නේ....
    කෝච්චියෙදි ඕක නොට් වෙනවා වැඩියි.... කියවලා බලන්නකෝ මේක....

    http://hirunethihorawa.blogspot.com/2012/09/blog-post.html#comment-form

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්...
      අනිවා..
      සිද්ධිය උනේ නැත්තං ඌ වැඩක් නෑ...
      කියෙව්වා පෝස්ට් එක...
      කොල්ලො හොදයිනේ අප්පා ඒකෙ තීන එවුවා කියෙවුවම...

      Delete
  4. මට නිතරම වෙන වැඩක්..හූ ඈ..

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න..

      Delete
  5. හයියූ.... පව් අප්පා.... බද පැලෙනකන් හිනා ...
    :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. අසරණයෙක්ට හිනා වෙනඑක හරිද මං අහන්නේ?????

      Delete
  6. හප්පුච්චියේ...

    ReplyDelete
  7. කුපාඩිකමයි අමතක වීමයි කියන්නේ දෙකක් යකෝ

    ReplyDelete
    Replies
    1. ගොඩ මීයා කුපාඩිකමට කලාට මටනං සිරාවටම අමතක වෙලයි ඕං ඇරගෙන ගියේ....
      මොනා උනත් කමෙන්ට් එක පට්ට කතාවට වඩා..
      හික්ස්...

      Delete
    2. මී කිරට ක්සැන්ඩර්ලත් සාක්කිලු...
      නැද්ද..
      හික්ස්...

      Delete
  8. ලියන්න දෙයක් නැත්තං නෑ කියපං හරකෝ වල්පල් දාන්නැතුව, උබේ කොහොමත් සද්ද වැඩියි, සයිලෙ හිටපං, වැඩි දවස් නෑ උබට

    ReplyDelete
    Replies
    1. මේ කවුද බොලේ මේ..??

      Delete
    2. @ඇනෝ
      හා....
      මං බය උනා ඈ....

      Delete
    3. @ ප්‍රමුදි....
      නමක් ගමක් නැති එකෙක් කියලනං පේනවා මචෝ...
      ඊට එහා හොයලා වැඩක් නෑ..

      Delete
  9. මටත් ඔය සීං ‍එකමබ වෙනවා උදේට.. හයට යන්න එපෑ ඉස්කෝලෙට...

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      හය පහු උනොත් සොරි තමා...

      Delete
  10. අනේ අසරණ තරියා..:ඩී
    හයියෝ..

    ReplyDelete
    Replies
    1. අසරණ වෙන්නැද්ද අයියෝ ඔය වගේ සීන් එකක් උනාම...
      හික්ස්...

      Delete
  11. Replies
    1. ඔය කියන තරංම පර්ෆෙක්ට් නෑ බිනා...
      හි හි..

      Delete
  12. haiyo tariya ayye.......madai una wadak...... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා...
      අපිටත් වෙන්නේ නැට්ටෙ ඉදං ගොම ගෑවෙන සීන් තමා..

      Delete
  13. හිකාස්.... :D
    මල චාටරේනේ බං

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද මසං.....
      නැට්ට පිටිං අලි මැරෙන්නේ...
      ඔවුවා මොනාද???

      Delete
  14. මටත් ඔහොම වැඩ වෙලා තියනවා. මේ ලඟදි ටවුන් එකට ගිහිල්ල ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරනකොට දන්නේ ශිප් එක වහන්නේ නැතුව ගිහින් තියන්නේ කියලා. ෂර්ට් එක උඩින් දාන නිසා වැඩිය අවුලක් නෑ.

    …කෝච්චි සීසන් එකක් දැක්ක මයි. අපිට කොයින්ද කෝච්චි :D

    ReplyDelete
    Replies
    1. ඒ කෝච්චි සීසන් එකක් නෙවෙයි නේද තරියෝ... සීසන් එක ගන්න ඉස්කෝලෙන් මාසෙකට සැරයක් ටීචර්ලා පස්සෙන් දුවලා ගන්න ඕනේ ඉල්ලුම් පත්‍රය.. ඕකත් එක්ක සල්ලි සහ පරණ සීසන් එක දුන්නාම තමයි අලුත් සීසන් එක ගන්න පුළුවන්.....

      ඉස්කෝලෙ ළමයින්ගේ සීසන් එක ඔය දාලා තියෙන ටිකට් එක වගේ දෙකක් විතර ලොකු ලා පාට එකක්...

      Delete
    2. @හිරු

      …ඒකත් එහෙමද :) ස්තුතියි ඒක කිව්වට ඔබට.

      Delete
    3. ඒක කෝච්චි සීසන් එක නෙමේ...
      සීසන් එක ගන්න ඕන්නං ඉස්කෝලෙං ඔය දෙන කොලේ පෙන්නන්න ඕනා..
      ඒකටත් පට්ට කට්ටක් කන්න ඕනා..

      Delete
    4. @ හිරු අක්කේ...
      අනිවා අනිවා...
      අප්පේ ඔෆිස් එකට සැරෙං සැරේ ගිහිං බලන්න ඕනා ඔය කොල කෑල්ල දෙන වෙලාව..
      මිස් උනොත් මාසෙටම සීසන් නෑ..

      Delete
  15. හික් හික්..හොඳ වැඩේ තරියට. ඒක නෙමෙයි ඉතින්...නෙත්මිගෙ වැඩේ හරි ගියාද?

    ReplyDelete
    Replies
    1. නෙත්මිගේ වැඩේ ඉස්සරහට එන කතා වලිං කියන්නං ඈ...
      හික්ස්...

      Delete
  16. හා හා හා අලි වැඩේ නේ තරියෝ... වහ කාල කැලේ රිංගන්න වෙන ලැජ්ජාවක්නේ. මොකද උනේ නෙත්මිට?

    ReplyDelete
    Replies
    1. වහ කාලා මදි මේම දේවල් උනාම..
      අයියෝ සල්ලි කිවුවලු....
      නෙත්මිට උන දේ ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ඈ...

      Delete
  17. හුටා....අනේ මාව නලෝපන්කෝ....මට වෙච්ච එව්වා මතක් වෙලා ඇඩුනා බං..........

    ReplyDelete
    Replies
    1. හා හා නැලවියං...
      දැං උබට මතක් වෙලා ඇඩුනු සිද්ධීයත් කීපං ඉතිං...

      Delete
  18. කොයි බං මම මේකේ දවල් කොටපු කමෙන්ට් එක?? බහිරවයා කෑවද??

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...
      මං බැලුවා..
      කිසිම කමෙන්ට් එකක් තිබ්බේ නෑනේ ක්සැන්ඩර් අයියේ...
      මී ගොඩයගේ එකේනං එකක් තිබ්බා...

      Delete
  19. උදේට නැගිටින්න වෙන එක හැරෙන්න ප්‍රිෆෙක්ට් කෙනෙක් වීම එක්තරා විදියකින් පට්ට ආතල්ය...වරප්‍රසාද බොහෝමය...

    සිප් සීන් නම් මටත් වෙලා තියෙනෝ.. ලොල්

    ReplyDelete
    Replies
    1. අප්පා ඒ වරප්‍රසාද ගැනනං කතා කරලා වැඩක් නෑ...
      ඕන කුප්ප වැඩක් කරන්න පුළුවං ගින්නක් නැතුව...

      Delete
  20. මට කලින්ම තේරුනා සීන් එක..

    කස්ටියවෙනදට වඩා බල බල හිනාවෙනව කියද්දි.

    සමහරු හිතලම ඇරගෙන යනවා. කෙල්ලන්ගෙ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි... උබ ගැන නෙවේ කිව්වේ ;)

    ජය !

    ReplyDelete
    Replies
    1. හික්ස්....
      මට විතරක් නොතේරුනු හැටි අප්පා...
      එහෙම උනුත් ඉන්නවා තමා...
      ගොඩක්ම නාකි එවුං...

      Delete
  21. අයියෝ... මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා මචං....
      මේම සිද්ධි නොවී තියෙනවද කොල්ලංට...
      හි හි...

      Delete
  22. පණ පලයන් ඔජායේ කිව්වලු!!!! පවු ඈ!!!!

    ReplyDelete
    Replies
    1. පවු නේන්නං...
      බුහාහාහාහාහාහා...

      Delete
  23. කමක්නෑ බං ආතල් බයිට් එකක් නේව හික්ස්

    ReplyDelete
    Replies
    1. ආතල් නේන්නං...
      හික්ස්..
      සිද්ධියෙං පස්සේ කතා නොකරපු එවුනුත් කතා කරා..

      Delete
  24. මට නම් ඔහොම වැඩක් වෙලා නෑ... වෙලා තියෙන එකම වැඩේ තමයි මලිලියා සිප් එක වහනකොට හසු වීම... එතකොට දැනෙන සනීපෙ නම් කියලා වැඩක් නෑ බොලං...

    ReplyDelete
    Replies
    1. අප්පා...
      ඇඩෙනවා නේ....
      මටත් වෙලා තීනවා...
      අම්බෝ.....

      Delete
  25. මටත් ඔය සන්තෑසිය වෙලා තියේ. මම නම් ඉතින් ගාණකට නැතුව කිව්වේ තැන්ක්යූ.. කියල විතරයි. ඊට පස්සේ ඕක දාගත්තා..

    ReplyDelete
    Replies
    1. වෙන මොනා කියන්නද ඉතිං...
      අපේ වැරැද්දනේ...
      හික්ස්...

      Delete
  26. ඉදහංකෝ මාත් යනන් ඕනේ ශිප් එක ඇරගෙන ..........

    ReplyDelete
    Replies
    1. ගිහිං බලහං ගිහිං බලහං...
      ෆිට් කෙල්ලො හිටියේ නැත්තං ගුටි තමා කන්න වෙන්නේ..

      Delete
  27. අප්පටසිරි පස්ට කේස් එක නෙව.. !
    ඔන්න අපි නම් මරදාන සීන් නෑ... හුණුපිටිය දිහෑවෙන් ගම්පහට යන්නේ.. !

    ReplyDelete
    Replies
    1. හික්ස්....
      මරදාන තමයි මචං මරදාන...
      අන්න ස්ටේෂන්...

      Delete
  28. මටත් නිකමට හිතුනා ෂිප් එකවත් ඇරිලා තමයි කියලා.

    අපේ ගමේ එකෙක් ඔහොම මං එක්ක ගමනක් ගිහින් ටික දුරක් යනකොට මගෙන් අහනවා "මචන් දැන් ෂිප් එක වැහුවට කමක් නෑ නේද කියල" උට නම් ඒවා ගානක් වුනේ නෑ. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      ඒම සීන් වලට නේන්නං කෙල්ලෝ අපි දිහා බලලා හිනා වෙන්නේ..
      නැත්තං උංගෙං හිනාවක් ගන්නවා බොරු...
      ඔය කියන ජාතියේ යාළුවෙක් අපි එක්කත් හිටියා...

      Delete
  29. තරියා මල්ලි හොඳට ලියල තියනවා සම්පුර්ණ ඇත්ත
    මමත ඔය කලේ ඔය නායක කම අරගෙන කොචියේ ගියේ
    හැබෙයි දකුණේ මල්ලි එත් zip එක වහගෙන
    බලාගෙන හදිස්සිය ට වාහන කොට ෆ්‍රී wheel නම් තුවාල වේවි

    ReplyDelete
    Replies
    1. උඩ පේලි දෙක තේරුනා ඇනෝ අයියේ..
      යට පේලි දෙකනං එච්චර තේරුන්නෑ...

      Delete
  30. -නිවැරදි කිරීම-
    විනාඩි 60ක් වත් බාත්රූම් වතාවත් වල නියැලුනු මා නිසා අන් අයට කෙල වේ!!

    ReplyDelete
  31. ඕ................................................................:)

    ReplyDelete
    Replies
    1. ඒ පාර උබත් මට කින්ඩි දාන්න ගත්තද???????

      Delete
  32. මම ආවමයි මේ පැත්තේ. සිදුවීම ‍හොද පාඩමකි.. දිනක් කිටි කිටියේ ඩෙනිමක් ඇද ගත් කෙල්ලකට මා ඔය වැරද්දම ඈ අතින්ද සිදු වී ඇති බව පෙන්වා දුන් විට ඈ අතුරුදහන් වු ආකාරය මෙය කියවන විට මට සිහිපත් වේ. සිද්ධිය කෙසේ වෙතත් ඔබේ ලියවීමේ රටාව නම් ආකර්ෂනියයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      පිලිගන්නවො කෙරුවාවට!!!!!!!!
      කෙල්ලෙක්ට ඔහොම සිද්ධියක් උනොත් වැඩේ බරපතල වෙනවා නේ...
      ස්තූතියි පී.එම්!!!!!!!
      ජයවේවා!!!!!!!!!!

      Delete
  33. දෙයියනේ කියලා මට නම් එහෙම වෙලා නෑ. ඒ වුනාට ප්‍රිෆෙක්ට් වුනාට පස්සෙත් හැමදාම ගෙදරින් පිටත් වුනේ 7.40ට ඉස්කෝලෙට ගියෙ 8.20ට. එහෙමයි කියලා වරදක් වෙලා නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. මෙන්න ප්‍රිෆෙක්ට්ලා...
      අපි ඒම කරානං කෑලි අහුලන්න සවලක් ගේන්න වෙයි..

      Delete
  34. සන්තානම් මෑණියනේ :D

    ReplyDelete
    Replies
    1. දෙයියෝ මතක් වෙනවා තමා මේ වෙලාවල් වලට...
      හික්ස්...

      Delete
  35. හෑ ඔය කෙල්ලෝ ගැන මං දැනන් හිටියේ නෑනේ. දැනගන්න විදියකුත් නෑනේ. මං ඒ දවස් වල වෙන වැඩක හිටියේ

    ReplyDelete
    Replies
    1. දැනගන්නේ කොයිද...
      උබ අපිත් එක්ක කෝච්චියේ ආවයැ..
      කෙල්ලොනං එකක් කියලා නෑ බං කෝච්චියේ...

      Delete
  36. මටත් ඔය වගෙ වෙලා තියනවා පන්තිය ගාවට යනකම්ම සිප් එක ඇරන් ගිහින් තියනවා බස් එකේ

    ReplyDelete
    Replies
    1. ආතල් නේ??????
      කෝමද කූල් එක?????
      වැඩේ මීටර් උනාම තමා දාඩිය දාන්නේ...

      Delete
  37. අහෝ ලැජ්ජාවකි :/
    අවුලක් නෑ බං එක අතකට මොකදෂර්ට් යට කරලා නේ යන්නේ ;)
    අපෝ ගෝතමී දැරිවියන්ගේ කට වල් නම් අන්තිමය හැදියාවක් ඇත්තෙම නැත ;)

    ReplyDelete
    Replies
    1. උංට පේන්න ඕන්නෑ බං හිනා වෙන්න..
      හික්ස්...
      ගෝතමීද???????
      අම්බෝ...

      Delete
  38. මං ගෙදරි එලියට් යද්දී පඩිපෙලේදිම චෙක් කරන ජීවිතේ වැඳගත් අංගයක් තමා සිප් එක

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද හැදෙන ළමයි...

      Delete
  39. මලා ජෝන් කොතලාවල..හිකිස්..

    ReplyDelete
    Replies
    1. නෝන්ඩි 60යි කින්ඩි 20යි..

      Delete
  40. owani siduweem wala rasaya matada danee atha :D

    ReplyDelete
    Replies
    1. රස දැන ගන්න අත්දැකීම විදගන්නම ඕනලු නේ සඳ???????

      Delete
  41. "සිප් එක ඇරිලා මෝඩයෝ... ඒකයි හිනා වෙන්නේ.."
    රුවිනා මොන හිතකින්ද අප්පා මෙහෙම කියලා තියෙන්නේ.. ;)

    ReplyDelete
    Replies
    1. තිබ්බ යාළු පිට් එක හැටියට ඒකනං එච්චර අවුලක් නෑ...
      ඒ උනාට නෝන්ඩිය ඒකි සහ උංගෙ සෙට් එකට අමතරව කී දෙනෙක් නං දකින්න ඇද්ද කියලා හිතෙනකොටයි අප්පා....

      Delete
  42. aiye man aiyawa dakala tiyenawa trn ekedi. aiyata mawa mathakada danne na. aiyata mathakada ara ekapaarak big match eka dawase ogollo salli ekathukaranakota bayawela aduwe. anna eyage yaaluwa mama. lassanai aiye oyage blog eka. niyamai.

    ReplyDelete
    Replies
    1. mama Vishaka eke Tharani

      Delete
    2. අප්පටසිරි...
      අඬපු කෙල්ලෙක්වනං මතකයි...
      ඒත් හරියටම මතක නෑ..
      කෝම හරි බෝම ස්තූතියි නංගි මේ පැත්තේ ආවට සහ ගුණ දොස් කීවට..
      ජයවේවා!!!!!!!!!!

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????