ලගින්ම ඉන්න කස්ටිය

Thursday, June 28, 2012

තරියාගේ මන්තර පාඩම

බ්ලොග් එකේ දාන්න දෙයක් නැතුව වැලේ වැල් හොය හොය හිටපු වෙලාවක දෙයියෙක් කනට ගහැවු වගේ පේස් බුක් එකේ යාළුවෙක් මගෙං මේම ඇහුවා..


Monday, June 18, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 3


---තෙවැනි කොටස---  
හොදයි බෙල්වුඩ් මහත්මා අපි බලාපොරොත්තු වනවා ඔබ සතු තොරතුරු හැකි ඉක්මනින් අප වෙත ඉදිරිපත් කරනු ඇතැයි කියා.

ස්තූතියි ලේකම්තුමනි.

මිනිත්තුවක් ඉන්න බෙල්වුඩ් මහත්මා.

ලේකම්තුමනි. 
තවදුරටත් එය රහසක් ලෙස තබා ගැනීමෙන් පලක් නෑ. අපට CIA කාර්යභාර්ය නිලධාරී මුනගස්වන්න. තව විනාඩි 5ක් ඇතුලත.




Tuesday, June 12, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 2


--දෙවැනි කොටස--


බෙල්වුඩ් මහත්මා මට මේක කියන්න.
ඔබ කියන ඔය කතාව මට විස්වාස කරන්නද කියන්නේ.

Thursday, June 7, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 1

 --පලමු කොටස--


2015.04.06
පෙ.ව 3.48
ඇරිසෝනා ගුවන් හමුදා කදවුර




Wednesday, May 23, 2012

අතීත තරියාහි ඉන්ට්‍රො එක


ගොඩ දෙනෙකුට අතීතයක් තිබේ. 
සොරි ගොඩ දෙනෙකුට නෙමේ හැම එකාටම තියෙනවනෙ. නැත්තං ඌට වර්තමානෙකුත් නැති වෙන්න එපැයි. තරියාටත් එසේමැයි.

එය විටෙක ෆන්ය, 
එය විටෙක ෆන්ය


විටෙක පට්ටය, තවත් විටෙක දුක්බරය අජූතය,විටෙක ආදරණීයය.

විටෙක ආදරණීයය

විටෙක භයානකය මැරකමිං අනූනය, ඇතැම් විටක බලු වේ.

ඇතැම් විටක බලු වේ


විටෙක කුප්පය, අහිංසකය නානාප්‍රකාරය වචන නැත.


එවන් වූ ඉතිහාසයක්  ඇති තරියා තම ඉතිහාසේ හා පැටිකිරිය සයිබර් අවකාසෙට මුදා හැරීමට සිතුවේය ඈ.

ඔන්න ඉතිං අද ඉදං අපි කරපු (අපි යනු තරියා ඇතුලු පිරිසය) පිං,ගොං,මැටි,එල,ෆන්,පට්ට,කුප්ප,අජූත,වර්චස්,ගද,හොද,සිරා වැඩ වැමෑරෙනු ඇත. 

ඇතැම් විට බලන්න අප්‍රසන්න වේවි. කරන්න දෙයක් නෑ.

කරන්න දෙයක් නෑ

ඓතිහාසික තරියාගේ අතීත කෙරුවාව මෙසේ අද දින සිට දිග ඇරෙන වගයි ඈ.....


Saturday, April 7, 2012

බිග් මැච් කෙරුවාව

මාතෘකාව දැක්කම දන්නවනෙ මොකක් ගැනද කියලා ලියන්න යන්නෙ.

බිග් මැච් කියන්නෙ උප සංස්කෘතියක්. ඒකෙ සම්මතයක් කියලා දෙයක් තියනවනෙ.

ඉතිං ඔය සම්මතයෙදි ගොඩක් වෙලාවට ලංකාවෙ සංස්කෘතියට අසම්මත  වෙච්චි ගොඩක් දේවල් තියෙනවා..

බර ටෝක් ඇති. සරලව කතා කරමුකෝ.

දැං ඔය බිග් මැච් ගහන ඉස්කෝල අතරෙ ඉන්නවා හෙන පතරංග තෝරු මෝරු. ඒ වගේම ඒවටම ප්‍රමුඛ වෙච්චි එවුං. සමහර උං අවුරුදු එකසිය ගනං තිස්සෙ ගහන්නෙ. පිස්සු හැදෙනවනෙ ඉතිං.




තෝරා ගහනවා රෝයල් එක්ක. කොල්ලන්ට වැඩිය ඒ මැච් එක එනකං කෙල්ලො තමයි බලං ඉන්නෙ. ලේඩිස් කොලේජ් ගැන එහෙම කියන්න ඕනෙ නෑනෙ.

එතකොට අපේ සහෝදරයො වෙච්චි ආනන්ද නාලන්ද ගහනවා සුලෝහිත සංග්‍රාමෙ. ඩීසන් පිට ඔන්න අවුරුදු බර ගානක් තිස්සෙ ගහනවා.



තව ගහනවා ජෝසයි පීටසුයි. ඔහොම ඔහොම ලංකාව වටේම ඉස්කෝල (පිරිමි ඈ) අවුරුද්දෙ මුල් මාස දෙකේ තුනේ ගහනවා බිග් මැච්. ඉතිං මේ කාලෙට කියනවා බිග් මැච් සීසන් එක කියලා.

ගොඩක් වෙලාවට ඉතිං බිග් මැච් කියලා ගහන්නෙ දවස්  දෙකේ ටෙස්ට් මැච් එකක් තමා. පස්සෙ කාලවලදි ඕ.ඩී.අයි ටී ටුවෙන්ටි වගේ ක්‍රිකට් මැච් ෆෝමැටුත් මේවටට එකතු උනා. තව මේ බිග්මැච් කාලෙට ඒ ඒ පාසල් අතර අනෙකුත් ක්‍රීඩා සහ තව තව ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙනවා.

සමහර උදවියනං අකමැතිම කාල  පරිච්ඡේදයක් තමා. මොකද ගොඩක් ගොඩක් චොර සීන් වෙනවා.
  • ප්‍රතිවාදී පිලත් එක්ක නිකමට හරි වලියක් දා ගැනීම. (මගේ පැත්තෙං නං මේක එච්චරම අවුලක් නෑ..)
  • බාලිකා පාසල් වලට පැනලා විකාර කිරීම.
  • පෙරඩ් යමින් හෙන ට්‍රැෆික් එකක් නිර්මානෙ කිරීම.
  • හැට් කලෙක්සන් පාරවල් දාලා කරටි කැඩෙන්න ගැසීම.


ඉතිං ඔය වගේ නඩු නං කෝටියයි. ඒත් ඉතිං තාමත් බිග් මැච් යනවා. මේවා ඉතිං අර කලිං කිව්වා වගේ බිග්  මැච් සංස්කෘතියෙ සම්මතයං. සරල සිංහලෙං කිව්වොත් ටිපිකල් සීන් එක තමා ඔය උඩිං කීලා තීන්නෙ.

ඔය සීන් කෝන් අස්සෙ හොර රහසිං වගේ අසම්මත බිග් මැච් කෙරුවාවකුත් කෙරෙනවා. දැං කට්ටියගෙ ඇස් උඩ ගියාද? බය වෙන්න එපා. ඉන්න සම්පූර්ණ කතාව කියන්නං.

මේ බිග් මැච් එක ගහන්නෙ බිග් මැච් සීසන් එක කියන කාල පරිච්ඡේදෙ පහු උනාම. පුදුමයි නේ? නෑ වැඩේ වෙනවා.

ඒ වගේම තමයි මේ කට්ටිය බිග් මැච් කියලා ගහන්නෙ වන්ඩේ එකක්. විසේසත්වය ඒක නෙමේ.

වන්ඩේ මැච් බලල තියෙනවද?

බලල තියෙනවනං දන්නවනෙ වන්ඩේ ගහන්නෙ සුදු ලෙදර් බෝලෙං. ඒ වගේම තමයි ක්‍රීඩකයො අදින්නෙ වර්ණවත් ඇදුං.

ඒත් මේ මං කියන පාසල සෙල්ලං කරන්නෙ රතු පාට ටිපිකල් ලෙදර් බෝලෙං සුදු පාට ඇදුං ඇදගෙන. බලන්න වටිනවා නේ මැච් එක.

අපි නං දැං අවුරුදු 6ක් තිස්සෙම බලනවා.  සිරා ඈ. බිග් මැච් සංස්කෘතියට අදාලව ඒකෙ වෙන  එකම දේ තමා ලාවට පොඩි වලියක් යන එක. ඒකට තැනක් නොතැනක් නෑ.

මේ වගේ එක ෆොටෝ එකක් ඇත් කමෙන්ට් 800ක 1000ක වලියකට.


මැච් එක ලං වෙනකොට එලියෙදිත් වලි ඇතුලෙදිත් වලි. කොටිංම කිව්වොත් ෆේස් බුක් එකෙත් වලි.

හැබැයි ඉතිං කොල්ලොනෙ. වලිය එවෙලාවට විතරයි පස්සෙ කොහෙදි හරි දැක්කම ආ මචං කියලා කතා කරන්න තරං මේ අය විනය ගරුකයි.



මේ කට්ටිය පෙරඩ් යනවා. හැබැයි අසම්මතයි. බාලිකා පාසල් ලගට ගිහිං කෑ ගහනවා පිස්සු නටනවා. ඒත් ඇතුලට පනින්නෑ.

මෙච්චර වෙලා කිව්වෙ වෙන මුකුත් ගැන නෙමේ. කොලඹ අසෝක විද්‍යාලය හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය අතර පැවැත්වෙන රත්රන් මහා සටන ගැනයි.



මේ පාරත් 6වෙනි වතාවට රත්රන් සටන කොලඹ ආර්. ප්‍රේමදාස නොහොත් කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනේදි හෙන ලකේට පැවැත්උනා.

අපිත් ඉතිං ගියා මැච් එක බලන්න.

සිරා මැච් පොඩ්ඩ.

උදේ පාන්දරම ග්‍රවුන්ඩ් එකට යනකොට සෙට් එකෙං බාගයක් අතුලට ගිහිං. ඒ පාර ටිකට් එකකුත් අරගෙන උඩට නැග්ගම ඔන්න කට්ටිය ඉන්නවා.

සුළු වේලාවකිං කාසිය වාසිය බැලුවා. අසෝකෙ තමා ටොස් එක දින්නෙ. ජනාධිපති විද්‍යාලෙට බැට් කරන්න ආරාධනා කරලා කට්ටිය ඩ්‍රෙසිං රූම් එකට ගියා.

මේ පාර වෙච්ච සිද්දි ටික කියන්නංකො.

බිග් මැච්  එකට සමගාමීව මං කිව්වනෙ තරග ගොඩක්  තියෙනවා කියලා.

  • ගුරුවරුන්ගේ ක්‍රිකට් තරගය.
  • ආදි ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් තරගය.
  • ශිෂ්‍ය නායකයංගෙ ක්‍රිකට් තරගය.
  • ගුරුවරියන්ගේ නෙට් බෝල් තරගය.
  • මහා විවාදය.

ඔන්න ඔය ටික තමා මේ පාර තිබ්බෙ. මේ තරග ඔක්කොම මේ පාර දින්නෙ කොලඹ අසෝක විද්‍යාලය.

ඉතිං මේ මැච්  එකත් දිනලා මේ ජයග්‍රහනය විජයග්‍රහනයක් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි කට්ටියම ග්‍රවුන්ඩ් එකේ චියර් කර කර හිටියා.

මේ පාර අසෝකෙ ටීම් එකේ සංයුතිය බැලුවවම අපිට තේරුනේ බෝලර්ස්ලා වැඩියි කියලයි. ජාතික මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයො කීප දෙනෙකුත් කන්ඩායමේ ක්‍රීඩා කරා කියලා ආරන්චියි.

නමුත් ඉතිං කට්ටිය දන්නවනෙ කෙත්තාරාමෙ පිච් එක බැටිං පිච් එකක්. සපෝට් කරනවනං කරන්නෙ ස්පිනර්ස්ලට. එහෙව් පිට්ටනියක අපිට හිටියෙ එක ස්පිනර් කෙනයි.

හරි මැච් එක  පටං ගත්තා. ජනාධිපති විද්‍යාලීය ආරම්භක පිතිකරු යුගල ආරම්භක සම්බන්ධතාව විදිහට ලකුණු 50හෙ සීමාව ඕවර 20කට කිට්ටු වෙනකොට රැස් කලා. ඔහොම ඔහොම 49වෙනි  ඕවරේදි ලකුණු 206කට ඒ ක්‍රීඩකයංව ඕල් අවුට් කරන්න අපේ බෝලර්ස්ලට පුළුවං උනා.

අපිත් හෙන හැපි එකේ හිටියා. ඇයි ඉතිං බැටිං පිච්  එකක 206ක් කියන්නෙ කජු කනවා වගේ වැඩක්නෙ.



කජු කන්න හෙන ගේමක් දෙන්න ඕන විත්තිය අපිට තේරුනේ අපේ බෝලර්ස්ලගෙං පිරිපුං ටීම් එකේ බැට්ස්මන්ලා අඩු ලකුණු වලට දැවී යනකොටයි.

කොහොම හරි අපේ ඉෂාන් කියන මල්ලි අනිත් අන්තයෙ එවුං අසාධාරණ විදිහට අවුට් වෙවී අඩ අඩ අම්පයර්ට සාප කර කර ඩ්‍රෙසිං රූම්  එකට යනකොට මුළු කන්ඩායමේම වගකීම කරට අරං ලකුණු 50ක් වේගයෙං රැස් කලා. අම්මපා අපිට දිල්ෂාන්ව මතක් උනා. වැනුවා වැනිල්ලක්. කතා කරලා වැඩක් නෑ.

අවසානෙ අපේ උං ටික ලකුණු 130ස් ගානකට ඕල් අවුට් උනා. මොනා කරන්නද?  සල්ලි වලට හැම දේම යටයිනෙ.

ඉතිං ක්‍රිකට් කියන්නෙ අවිනිෂ්චිත ක්‍රීඩාවක්නෙ කියලා හිත හදාගෙන අපි ගෙදර ආවා. ක්‍රීඩාව ඒ විදිහට අවසන් වෙද්දි තව සීන් කෝන් එකක් උනා.

ජයග්‍රහනයෙං උද්දාමයට පත්උනු සහෝදර ජනාධිපති විද්‍යාලීය ඇච්චො බැච්චො ටිකක් තමං ඉන්නෙ මාලිගාවත්තෙ බව අමතක කරලා 6වසරෙ අසෝකෙ පොඩි මල්ලි කෙනෙක්ට ගහලා අන්න ඒ සෙට් එකම දැං මහ ඉස්පිරිතාලෙලු.

බිග් මැච් එකට සමගාමීව වෙච්චි පෙරඩ් කෙරුවාවට බලන්න මෙන්න මෙතන ක්ලික් කරලා යන්න.

කොහොම හරි ඉතිං දැං අසම්මත සම්මත ඔක්කොම බිග් මැච් ඉවරයි. ආයෙ ලබන අවුරුද්දෙ.

එතකං කට්ටිය සුවෙං ඉන්ඩලා ඈ..

හිතට මොකක් හරි අදහසක් ආවනං යට කමෙන්ටුවක් විදිහට දාලා යන්ට හරිය..
ජය වේවා!!!!!!!!!!!

Friday, March 30, 2012

අපේ පෙරඩ් එක (අන් එඩිටඩ්)

දිනය 2012හේ මාර්තු මස 29 වනදා.
ස්ථානය කොලඹ අසෝක විද්‍යාලය.
වේලාව උදෑසන 7 පසුවී විනාඩි 30යි.

පේස් බුකියේ කෑ ගැහුවා



සතියක විතර ඉදං ඉස්කෝලෙ උං ටික පේස් බුකියේ කෑ ගැහුවා පෙරඩ් පෙරඩ් පෙරඩ් යකෝ පෙරඩ් වරෙල්ලා කිය කිය. ඉතිං අපිත් අනිවා එනවා කිය කිය ලෑස්ති වෙලා හිටියා රම්පෙට පොරි හැලෙන්න දෙන්නං කියලා හිතාගෙන. කොහොමෙං කොහොම හරි ලෙක්චර් එකකුත් කට් කරගෙන ඉස්කෝලෙ ලගට ආවා. උදේම මල්ලිලා දෙන්නවයි නංගිවයි ඉස්කෝලෙ දාන්න තාත්ත යන නිසා ඒ අයත් එක්කම මං කාර් එකේ ආවා. ඉස්කෝලෙ ගාවට එනකොට මෙන්න මුං ගාල කඩා ගත්තු අස්සයො ටිකක් වගේ විදගෙන යනවා. 




වාහන නං 400ක් විතර තිබ්බා. කොහොම හරි ඉස්කෝලෙ ලගට යනකොට වාහන තුන හතරක් ඉතුරු වෙලා තිබ්බා.. කොඩි, ටිං බෙලෙක්ක, අරවා මේවා තවවමත් බැද බැද ඉන්න. මාත් එක්ක සෙට් වෙනවා කියපු ලකියත් නෑ කවිදුවත් නෑ. ගත්තා කෝල් එකක්.

මම  - අඩෝ.. කොහෙද බං උබලා.
ලකියා  - මං බොරැල්ලෙ බං. කවිදුවා තාම ආවෙ නෑ.
මම  - ඉක්මනට වරෙං බං.
ලකියා - හරි හරි බං. මේ එක නෙමේ අපේ උං ටිකක් මෙහෙං කෑ ගහගෙන ගියේ. ඔහෙ තාම ලෑස්ති වෙනවද?
මම  - ඒක තමා යකෝ පෙරඩ් එක.
ලකියා - නෑ......... යකෝ ජෙට් ටිකක්නෙ පෙරඩ් එකේ ගියේ.. සද්දෙට බලනකොට මුකුත් නෑ.
මම  - හරි ඉක්මනට වරෙංකො. මං කියන්න.


කෝල් එක කට් කරලා ගත්තා වරුණට කෝල් එකක්.


මම  - ඕයි කොයිද ඉන්නෙ?
වරුණ  - ආ.. උබ කොහිද බං.. (නිදිමතේ.)
මම  - නොදකිං තෝ තාම නිදිද?
වරුණ  - හරි බං මං රාජගිරියෙං සෙට් වෙන්නං. උබලා ඔහෙං එනකොට කියපංකො.
මම  - කියන්න දෙයක් නෑ පෙරඩ් එක ගියා බං.
වරුණ  - නෑ.................
මම  - නෑ නෙමෙයි ඔව්. වරෙං ග්‍රවුන්ඩ් එකට.
වරුණ  - එල එල.


ඒකත් කට් කරලා තව කොල් එකක් ගත්තා චකයට.

මම  - ඕයි
චකයා  - කව්ද???????
මම  - තරිදු ඕයි..
චකයා  - ආ කියපං..
මම  - උබ එන්නැද්ද?
චකයා  - මං 8.30ට ඉස්කෝලෙ ගාවට එන්නං. ඒ වෙලාවටනෙ පටං ගන්නෙ.
මම  - පිස්සුද බං. පෙරඩ් එක ගිහිනුත් ඉවරයි.
චකයා  - මලා....
මම  - ග්‍රවුන්ඩ් එකට වරෙං. මං තියනවා.
චකයා  - එල එල.

ෆෝන එක සාක්කුවෙ දාගෙන හිටියා අරුං දෙන්න එනකං.
විනාඩි 20කට විතර පස්සෙ ආවා.
කවිදුවා - යකෝ දැං කෝමද යන්නෙ?
මම- බස් එකේ තමා යන්න වෙන්නෙ.. රෙද්ද වෙලාවට එන්නත් බෑ..
කතාව කියලා කට ගන්න හම්බුනේ නෑ පරණ ජීප් එකකිං අංකල් කෙනෙක් පුතාව ඇරලන්න ඉස්කොලෙ ගාවට ආවා.
එතන හිටපු කොල්ලො ටික දුවලා ගියා ජීපෙ ගාවට.
අපරාදෙ කීන්න බෑ අංකල් කීවා පුතාලා ග්‍රවුන්ඩ් යන අය ඉන්නවනං 6ක් විතර නගින්න පිටිපස්සට කියලා.
එදා ඉදංම අංක ගනිතෙට මේ වගේ අවස්ථාවලදි දුර්වල වෙන අපේ උං ටික රොත්තම නැග්ගා ජීප් එකට. අංකලුත් ඉතිං කොලු අවස්ථාව පහු කරපු එකෙක් නිසා මුකුත් නොකියාම යන්න පිටත් උනා.

රොත්තම නැග්ගා ජීප් එකට


අපිත් ඉතිං ජීප් එක උඩ පිස්සු නට නටා කෑ ගහ ගහ කොලබ වීදි අස්සෙ නිකං වැඩර්ලා වගේ ගියා.
අපි අපේ ප්‍රතිවාදීන්ගෙ පාසල ගාවිනුත් ගියා.
සිංහයො තනියම හිටියයි රංචු වසයෙන් හිටියයි කියලා වෙනසක් නෑ නෙව. උං කෝමත් වසයි.
ඒ වගේ අපිත් තනියම උනත් ප්‍රසිඩන්ට් එක ඉස්සරහිං යනකොට සද්දයක් දාගෙනමයි ගියේ.

   ප්‍රසිඩන්ට් එක ඉස්සරහිං

කොහොම කොහොම හරි අපි ග්‍රවුන්ඩ් එකට යනකොට වාහන ගොඩයි ඈ.
ඉතිං අපි කෑ ගගහ නට නට වාහන පෝලිමේ ඉන්නකොට ලකියා කිව්වා අඩෝ අර උබලගෙ තාත්තා නේද කියලා.
හැරිල බැලිංනං මෙන්න තාත්තා පිටි පස්සෙ කාර් එකේ.

තාත්තා පිටි පස්සෙ කාර් එකේ.

මං එහෙම්මම දැක්කෙ නෑ වගේ හැරිලා නිකං හිටියා. ඉල්ලං කන්න ඕනෙ නෑනෙ නේද?
කොහොම කොහොම හරි අපි වාහනෙං බැහැලා අංකල්ටත් තෑන්ක් කරලා අපි ගියා අපේ කට්ටිය හොයන්න.
කට්ටිය කිව්වට හිටියෙ අර්ජුනයයි දේෂාංගයයි තමා.

බඩගින්නකුත් ආපු නිසා එලියෙ තිබ්බ ජූස් බාර් එකට ගිහිං බීම තුනක් ඕඩර් කරා. කඩේ ඇතුලෙ වරුණයගෙ මල්ලියි තව කොල්ලො දෙන්නෙකුයි හිටියා. ඉතිං අපිත් බීම ඕඩර් කරලා වාඩි වෙලා ඉන්නකොට ඔන්න පාරෙ යනවා ටිකක් දැකලා පුරුදු බුවෙක්. බලනකොට වරුණයා.

අපි ඉතිං කෑ ගහලා හෙන අමාරුවෙං ඌවත් කඩේ ඇතුලට ගෙන්න ගත්තා.  අපි බීම බොන අතරෙ වරුණගෙ මල්ලි ඇතුළු කොල්ලො පිරිස උංගෙ බීම බීලා එලියට මාරු වෙලා ගියා. ගිහිං නිකං හිටියෙ නෑ.. ලග තිබුනු ගේක බිත්තියක් ස්‍ප්‍රේ කරන්න ගත්තා. උං ස්ප්‍රේ කර කර ඉන්නකොට ඒ ලගිං හිටිය ඇන්ටි කෙනෙක් මුං දිහා බලං හිටියා බැලිල්ලක්. අපිනං හිතුවා කෑවම තමා කියලා. ඒ උනාට ඇන්ටි උං දිහා බලල බැන බැන ආපු ගමන යන්න ගියා. ගැහුවෙ නෑ.



ඉතිං කාලා බීලා බිල ගෙවන්න හදනකොට අයියා කිව්වා මල්ලි 750යි කීලා. හම්මටසිරි දොඩං වීදුරු 4ක් 750යි? අපි බැලුවා මුකෝ කීලා. බැලිංනං අරුං කාලා බිල ගෙවල නෑ. ඒ පාර ඉතිං කට්ටියගෙම පර්ස් ටික හූරලා හෙන අමාරුවෙං බිල ගෙවලා ග්‍රවුන්ඩ් එකට ආවා.

ග්‍රවුන්ඩ් එකේ පට්ට අවුව. ඉතිං අපි පැත්තකට වෙලා ඉන්නකොට ඔන්න චකයත් එනවා ගාට ගාට. ඒ පාර ඌවත් එක්කහු කරං කට්ටිය ඕ බී එකේ අයියලට පලු යනකං බැන්නා (උං ලග හිටියේ නැත.). ඇයි ඉතිං ඕ බී එකෙං ඕගනයිස් කරපු පෙරඩ් එකේ වාහන නෙමේන ගියේ. ඔක්කොම කෆීර්, මිග් වගේ ඒවා. විනාඩි පහෙං පෙරඩ් ඉවරයි. ඉතිං කට රිදෙනකං බැනලා බැනලා අපිටත් ඇති වෙලා බැනිල්ල ඉවර කරා.
ඔහොම ඉන්නකොට ඔන්න දේසාංග කීවා මචං මං ගෙදරට ගිහිං එන්නං කීලා. ඉතිං අපිටත් මේ අව්වෙ ඉන්න බෑනෙ. අපිත් එනවා කියලා අපිත් ඌත් එක්කම උගෙ කාර් එකේ  නැගලා ගියා. යන්න කලිං අපි කොල්ලො ටිකකට කිව්වා අපි 1ට විතර ඉස්කෝල ගාවට ගිහිං පොඩි ආතල් එකක් ගමු. ලෑස්ති වෙලා හිටහල්ලා කියලා.
අපි ඉතිං දේසාංගලගෙ ගෙදර ගියා. යන ගමං අපි කෙල්ලංට කෑ ගගහ උන්ට විහිලු කර කර ගියා. දේසාංග විතරක් කොල්ලො දිහා බල බල ගියා.

දේසාංගලගෙ ගෙදර ගිහිං අපි ලෙමන් පෆ් කකා කොකා කෝලා බිව්වා. බිබී මැච් එක බල බල ඉන්නකොට ඔන්න අදීෂයත් අපිත් එක්ක සෙට් උනා. කොහොම කොහොම හරි ඔන්න 12.30 වෙනකංම අපි එතන කාලෙ කාලා ග්‍රවුන්ඩ් එකට ආවා.
ඇවිත් වාහන ටිකක් සෙට් කරගෙන පොඩි පෙරඩ් එකක් යන්නයි ලෑස්ති උනේ. වාහන කියලා ගොඩක් නෑ. රෝවර් කෑල්ලකුයි කාර් කටු දෙකකුයි අපේ අර්ජුනයගෙ වෑන් එකයි තමා.

 රෝවර් කෑල්ලකුයි කාර් කටු දෙකකුයි

ඉතිං කට්ටිය කොඩි ගහගෙන ලෑස්තිවෙනකොට ඔන්න කොල්ලො ටිකත් පැනලා ආවා අපිත් එක්ක යන්න.
අපිත් කට්ටියවම දාගෙන ඔන්න වන්දනාවෙ යන්න වගේ පිටත් උනා.

ඉස්සෙල්ලම ගියේ ප්‍රතිවාදී ප්‍රසිඩන්ට් හොයාගෙන.



ඔන්න ඉතිං එතන ඩෙගා නටලා කෑ ගහලා හූ තියලා ජරමර ගොඩක් දාලා එතනිං පිටත් උනා. ප්‍රසිඩන්ට් එක පහු කරලා එනකොට හම්බවෙන්නේ ඉතිං දේවි එක නොවැ. ඉතිං අපිත් සහෝදර කමට දේවි එක ගාවිං බැහැලා කරලා සාමකාමී විදිහට පොඩි ඇඩ් එකක් දාදා ඉන්නකොට මෙන්න බොලේ සික්කා ඇන්ටියි සික්කා අංකලුයි එලියට බැස්සා. ගේට්ටුවට අසන්නම බිල්ඩිමේ කෙල්ලො ටිකත් දැල් වල එල්ලීගෙන බලං ඉන්නවා. ටික වෙලාවකිං දේවි එකේ ප්‍රින්සිපල් මැඩමුත් එලියට බැස්සා. විස්සාස කරනවනං කරන්න මැඩම් අපිට හිනාවක් දාලා ආපහු හැරිලා ගියා. මේක ගොඩක් අය විස්වාස කරන්නෑ. මොකද ඒ මැඩම්ගෙං හිනාවක් ගන්නවා කියන්නෙ ඉබ්බෙක්ගෙං පිහාටුවක් ගන්නවා වැඩක්ලු. ඒත් ඉති අපේ කරුමෙකට වගේ මැඩම් අපි එක්කනං හිනා උනා.




හිනා උනා කියලා  එතන පදිංචි වෙන්නයැ. අපි තව ඉස්කෝල තීන නිසා එතනිං ආවා. කෙලිංම මියුසියස් යං කීලා යෝජනාවක් ආවා. ඉතිං මියුසියස් යමු කීලා යනකොට අපේ ඉස්සරහිං ගිය වාහනේ වැරදි පාරක ගිහිං අපිට යන්න බැරි විදිහට වැඩ සිද්ද උනා. වෙලාවත් නැති එකේ අපි යසෝදරා යං කියලා ඔන්න කට්ටියම යසෝදරා පැත්තට හැරෙව්වා.


යසෝදරා එකේ පාරෙ පිහිටීමත් එක්ක අපිට ඉස්කෝලෙ ඉස්සරහා වාහන නවත්තන්න බැරි උනා. බැහැ කියලා නිකං යන්නයැ. වෙන තැනකිං වාහන ටික නවත්තලා අපි බැහැගෙන ඇවිත් පෙර පරිදිම කෑ ගගහ නැටුවා.  ඔහොම නට නට ඉන්නකොට මෙන්න පිටි පස්සෙං ගෑනු කෙනෙක්ගෙ කටහඩක් ඇහෙනවා. බැලිංනං යසෝදරාවෙ ශිෂ්‍ය නායිකාවං බාර මැඩම්. දෙයියෝ බුදු වෙන්න හොද වෙලාවට අපි මැඩංව දන්නවා. ඉතිං මැඩම් අපිට කිව්වා. කොල්ලනේ ඉස්කෝලෙ අරින්න පරක්කු වෙනවා දැං යන්න කියලා. ඉතිං මිස්ගෙ වචනෙ අහක දාන්න බෑනෙ. අපි ඉතිං කොල්ලො ටිකට වාහන වලට නගින්න කියලා මිස් එක්කත් සුට්ටක් කතා කරලා වැදලා ආවා. අහල පහල අපිට ගහන්න වගේ බලං හිටපු අංකල්ලා ටික ඇස් ලොකු කරගෙන සීන් කෝන් එක බලං ඉන්නවා. අපි ඉතිං අංකල්ලටති හිනාවක් දාලා වාහන වලට නැගලා එහෙම්මම ගෝතමී බලා පිටත් උනා.

අපි යනකොට ගෝතමී ඇරලා. කෙල්ලො පාර දෙපැත්තෙංම එනවා. ඉතිං බහින්න බැරි නිසා අපි ඇතුලෙ ඉදංම කෑ ගහගෙන ආනන්ද බාලිකා පැත්තට ගියා. ගෝතමී එක ලග වගේම වාහන ඇතුලෙ ඉදං කෑ ගහගෙන ගියා. අදුනන නංගිලාත් කීප දෙනෙක්ම හම්බ උනා. අවුලක් නෑ ඉතිං.

ඔන්න ඔහොමයි උනේ.  ටිකක් දුර යනකොට අපේ උංට තිබහයි කිව්වා. ඇත්තටම කෑ ගහල ගහල අපේ උගුරු නිකං පැලෙන්න වගේ. (දැනුත් කටහඩ නිකං බල්ලො කාලා වගේ) ඉතිං අපි චාරිකාව නිමා කරලා ඉස්කෝලෙට ගිහිං වතුර බීලා පොටෝ ගහලා ආපහු වාහන වල නැගලා ග්‍රවුන්ඩ් එකට ගියා.

කස්ටියවම බස්සලා අපිටත් බඩගිනි නිසා දේසාංගයි, වරුණයි, කවිදුයි, මමයි රණවිරු සුභසාධන අවන්හලෙං කොත්තු කාලා කැසියර් අක්කට තොත්තුවකුත් දීලා ගෙවල් බලා දිරා මාරු උනා.


කතාව සංක්ෂිප්තව කීවොත් අපි පෙරඩ් එකක් කරා. ඔෆීෂියලි. හැබැයි මෙලෝ රහක් නෑ. වාහන ගොඩයි වැඩ පොඩ්ඩයි.
නමුත් අපි දවල් පොඩි පැරඩ් එකක් කරා. වාහන පොඩ්ඩයි වැඩ ගොඩයි. නඩු කෝටියයි.
අපිට නානාප්‍රකාරයේ කෙල්ලො හම්බ උනා.
සමහර උං හරි ගනං. අනේ අපිනං ඕවා ගනං ගන්නෙ නෑ ඈ.
සමහර කෙල්ලො හරි අහිංසකයි. අපිව දැක්ක ගමං හැංගෙනවා. පව් කීලාත් හිතෙනවා ඉතිං. (කට්ටියට තේරෙනවනෙ මං කියන දේ.).
අනේ සමහර කෙල්ලො හිටියා අපි කෑ ගැහුවම අපිට කෑ ගහලා උනුත් ෆන් එකක් අරං හිනා උන කෙල්ලො. අන්න කෙල්ලො. අපි උංට සිරාවටම ගරු කරනවා ඈ.
විසේසයෙං පොලෝසියේ කාර්ය බාරය මතක් කල යුතුයි. අපරාදෙ කීන්න බෑ අපිට පාරවල් ටික ක්ලියර් කරලා දුන්නා. අන්න පොලීසි.
ඒ වගේම තමා. මේ සියල්ල අපි කරේ කොලු කමට ෆන් එකක් ගැනීම සදහායි. අපි අපේ සීමාව දැනගෙන හිටියා.
කාටවත් ශාරීරිකවත් මානසිකවත් අපි කරදර කලේ නෑ. නමුත් ඇතැම් අය අපිව වැරදියට තේරුම් ගන්න ඇති. අපිට ඒවා අදාල නෑ.
අපි වෙන ඉස්කෝල වල වගේ බාලිකා පාසල් ඇතුල පැනලා කරදර කලේ නෑ. අන්න ඒකයි අපේ විනය කියන්නෙ.
අසභ්‍ය වචන කිව්වෙම නෑ. කොල්ලනේ අන්න ඒවට අපි උබලට සිරාවටම ගරු කරනවා හරිය.
ඔන්න ඕකයි උනේ.
එහෙනං අපි ගියා.



Wednesday, March 28, 2012

හිනාවෙයංකො




කෝල සුදු මුදු සමනලී
මට ආලෙ කරපං එති එතී....
මෙමා හිතුවත් තැවි තැවී
නුබ නොවේ හැරුනේ හිතවතී....


රංචු ගැහුනට බං අපී
නෑ නොහොබිනා වැඩ නම් කලේ...
හැර ගියොත් උබ සදවතී

මං අඩනවා බොරු නැලවිලී...

Monday, March 19, 2012

හෑ.........





කවියක් නිසදැසක් කොලයක 
නොලිව්වත්....

ලියා ගන්න ඔලුවට අදහස් 
නැතත්....
කවි ලියන්න හැකියාවක් 
නැති උනත්...
බලහං කොල්ලො මේකත් තව 


එක් කවියක්........

Wednesday, March 14, 2012

ලංකාවෙයි ඉන්දියාවෙයි ක්‍රිකට් වල වෙනස

ඉන්දියාවෙ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කලාම උංගෙ තේරීම් කාරක කමිටුවට හරි කාට හරි පේන් බැට් එක උස්සලා බයිනවා (අද ගම්භීර් වගේ)


ලංකාවෙ පිතිකරුවෙක් ශතකයක් ලබා ගත්තම උඩ පැනලා තමන්ගෙ කෙල්ලට ඇහැක් ගහලා ආඩම්බරෙං නරබන්නන්ට ආචාර කරනවා (මහේලල වගේ)



ඉංදියාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම දැවී ගිය පිතිකරුට පළු යනකං බයිනවා (ප්‍රවීන් කුමාර් වගේ)


ලංකාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම සමහර විට සතුට වැඩිකමට බිම පෙරලි පෙරලි සතුට සමරනවා. (කුලසේකර වගේ)



ඉන්දියාවෙ පන්දු රකින්නෙක් බෝක්කුවක් ඇරියොත් මුලු කන්ඩායමම උගෙ අම්මව මතක් කර කර ඌට බයිනවා (ජඩේජට වගේ)


ලංකාවෙ පන්දු යවන්නෙක් බුල් කෙලිනකොට නායකයා ලගට ගිහිං ඔලුව අතගාලා ඌව දිරිමත් කරලා එනවා (මාලිංගට වගේ)



ඉන්දියාවෙ පන්දුයවන්නන් චොර බෝලයක් යවලා ඒකෙං හතරක් ගියාම යටි ගිරියෙං ඌටම බැන ගන්නවා (ශ්‍රී ෂාන්ති වගේ)


ලංකාවෙ අයට හතරක් නෙමේ හයක් ගැහුවත් බෝලෙ දිහා බලල හිනා වෙනවා (මාලිංග වගේ)



ඉන්දියාවෙ පිතිකරුවෙක් දැවී ගියාම ඌ බලන්නෙ බැට් එක දිහා හරියට බැට් එකේ වැරැද්දෙං අවුට් උනා වගේ. (විරාටි කෝලි වගේ)


ලංකාවෙ එකෙක් අවුට් උනාම එහා පැත්තෙ බැට්ස්මන්ට පරිස්සමෙං ගහපං මචංකියලා ක්‍රීඩාගාරෙට යනකං තනියම කියෝ කියෝ ඔලුව වන වන යනවා (සංගා වගේ)



ක්‍රීඩාවේ ජීව ගුණය රකින්නෙ ඉන්දියාවද ලංකාවද?