ලගින්ම ඉන්න කස්ටිය

Thursday, June 28, 2012

තරියාගේ මන්තර පාඩම

බ්ලොග් එකේ දාන්න දෙයක් නැතුව වැලේ වැල් හොය හොය හිටපු වෙලාවක දෙයියෙක් කනට ගහැවු වගේ පේස් බුක් එකේ යාළුවෙක් මගෙං මේම ඇහුවා..





ඉතිං බුවා මට දුන්නා උගේ සාත්තරේ ලෝබ නැතුව. මාත් නිකං දෙන දේනේ කියලා පැනලා ගත්තා.

ඉතිං මෑන්ස්ගෙං අවසර එහෙම අරගෙන දැං බ්ලොග් එකේ දාන්නයි ලෑස්තිය..

කරුමෙට පී.ඩී.එෆ් එක ලොක් කරපු එකක්.

ඉතිං දාගෙන ඉස්කිරීං සොට් ගගහ පුළු පුළුවං විදිහට මන්තර ටික ඩිජිටල් කොරා.
මේං තීනවා ඒ ටික..





















ප.ලි - ඒ කාලේ වෙරළු ගෙඩියත් 70ක්ද කොයිද බෙදං කෑවලුනේ (කොහොමද කීලා අහන්න එපා මං දන්නෙත් නෑ) ඉතිං මං විතරක් තනියම මන්තර වලිං රට අල්ලන එක හොද නෑ කියලා හිතුන නිසයි දැම්මෙ. ඒත් ඉතිං විස්සාස නෑ වගේනං ගනං ගත්තෙ නැතත් කමක් නෑ. වැදගත්ම දේ මේකයි. මං කට්ටඩියෙක් නෙවෙමි. ඒ නිසා මේකේ ඇකියුරසිය හා ප්‍රතිඵල සම්බන්ධව වගකිව නොහැක. අර කාර් පාක් වල තීන්නා වගේ පාක් ඇට් යුවර් ඔව්න් රිස්ක්. ඒකෙ සිංහල තේරුම තමා මන්තර වල වගකීම තම තමංම ගන්න කීන එක.
අදට ඔච්චරයි ලැබෙන පිලිවෙලට ඉස්සරහට දාන්නං..

ආ මේ සියල්ල මට කිව්වේ කැලුම් ප්‍රියංකර කියන මගේ මිත්තරයා ඈ..

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

50 comments:

  1. කෙල්ලෙක් සෙට් කරගන්න වගේ මන්ත්‍රයක් නැද්දෝ ???

    ReplyDelete
    Replies
    1. හොයලා කියන්නං මචෝ...
      දැවෙන ප්‍රස්න වලට උත්තර දෙන්න තමා අපි ඉන්නේ..
      ජයවේවා!!!!!!!

      Delete
    2. ඔන්න මම ඒවත් දීලා ඇති. කොරලා බලාපං....

      Delete
    3. යෑස් යෑස් දුටුවා..
      නියමයි ඈ...

      Delete
    4. mmmmmmmmmmmmm.....mewa athhada beluweee kauda,,,ohh riin kriig...............:p

      Delete
    5. ඒකනං කෝමද දන්නෑ..
      මං තාම ටෙස් කරේ නෑ..

      Delete
  2. යකෝ පුදන කොටම කාපි යකා කියලා මම දුන්න ගමං මූ දාලානේ.හැබැයි චැට් එක දාපු එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. ඒම තමයි බං..
      අපි වැඩ කරනකොට පූර්ණ විනිවිද භාවෙං යුතුව වැඩ කරන්නේ..
      හොර බොරු වංචා දූෂන රේප් කේස් මුකුත් නෑ

      Delete
    2. ඒ බන් මේවා උබට කොහෙන්ද ලැබුනෙ

      Delete
    3. Ubelata mewa surede dehhi kapana mantrare wela akurakwath miss unoth apita enewa Kali maniyangen godak durat ewa karanne

      Delete
  3. Replies
    1. නැතුව නැතුව...
      ඉබ්බා නිදියං ඉන්න වෙලාවේ මං ඕවර් ටයිම් වෙලාවත් අල්ලලා දිව්වා..

      Delete
  4. කුණු හරුප කොමෙන්ට් දාන ඇනෝලව අල්ලගන්න මන්තරයක් හොයල දෙන්න බැරිදෝ

    ReplyDelete
    Replies
    1. එහෙම එකක්නං පොඩ්ඩක් හෙයලා බලන්න ඕනා..
      අර වර්ගපූර්ණිකාවේ ජයතිලක අයියා ගාව තීනවා මයෙ හිතේ..

      Delete
    2. ඒ තියෙන්නේ වෙන ඒවා අල්ලන්න මන්තර. (ජයරත්න)

      Delete
    3. හි හි...
      වෙන්නැති වෙන්නැති

      Delete
  5. පොස්ට් කොපි කරලා සද්දේ දාන, ඈත ඉන්න එකෙක්ගේ හොම්බක් තලන්න මන්තරයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොයලා කියන්නං...
      බොහොම ස්තූතියි ආවට!!!!!!

      Delete
  6. ඔන්‍න‍ එහෙනම් තවත් මන්තර මගේ ගානේ :P

    http://beforeexamu.blogspot.com/

    http://dontalcohol.blogspot.com/

    http://charmsvashee.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කට්ටියට ප්‍රයෝජනවත්නේ..
      සාදරෙං පිලිගන්නවා රෙප් මහත්තයා...

      Delete
  7. මලුනේ..දවසක කොරලා බලන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න..
      හැබැයි වැරදුනොත් ඕං මං නෑ ඈ...
      හි හි..

      Delete
  8. මචං මේවා ටැස් කරලා හෙම බැලුවද ? කට්ටිය සැට් උනාට පස්සෙ පොලෝසියට මාට්ටු නොවී යන්න පුලුවන් මන්තරයක් තියෙනවා නම් රටක් වටිනවා....

    ReplyDelete
    Replies
    1. හි හි...
      මධ්‍යම කදුකරයේ ඉන්න ඍෂි වරයෙක්ගෙං අහලා බලන්න ඕනා...

      Delete
  9. ඕ වට අතගහල යකෙක්වත් දපනෙ වැ‍ටුනොත් කොරල හමාරයි...!

    ReplyDelete
    Replies
    1. යකින්නක් දපනෙ වැටුනොත්නං ඉතිං එපා කියයි..
      හි හි....

      Delete
  10. අගය කරනවා උත්සාහය .. නමුත් සිංහල මන්තර කියන්නේ බොහොම බලගතු ඒ වගේම දෙපැත්ත කැපෙන පිහිය පාවිච්චි කරන්න ඕන වගේ පරිස්සමින් කරන්න ඕන වැඩ .. ඔබ මේ වගේ වගකීමක් නැති විදියට දාල කව්රුවත් මේවයින් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ හොදක් සිද්ද වෙන්නෙත් නෑ .. කරනවානම් එක වගකීමක් ඇතිව භාවිත කරන අයට විශ්වාසයක් දැනෙන විදියට කරන්න ... මොකද මිනිස්සු කව්රුවත් කැමති නෑ තමන්ගේ ජිවිතේට හානියක් කරගන්න විශ්වාස නැති දේවල් අත්හද බලලා..

    ReplyDelete
    Replies
    1. වගකීමක් ඇතුව කියන්නේ කෝමද?
      මෙහෙමයි ඉතිං මං කට්ටඩි උන්නැහේ කෙනෙක්නං නෙමේ..
      මට මේක කියපු කෙනානං ඒ සම්බන්ධයෙං දන්න කෙනෙක්..
      එහෙම කෙනෙක් බොරු කරන්නෙ නෑනේ..
      බොහොම ස්තූතියි අදහසට ඇනෝ!!!!!!

      Delete
    2. මම ඔබට වගකීම දැරිය යුතු කියන්නේ මොකද මේවා නිකන් කවි නෙමේනේ .. ඝන පිහිටුවල හදල තියෙන්නේ , එවැනි ශබ්ද තරංග මගින් ජිවිත වලට බලපෑමක් කරන්න පුළුවන් , හැබැයි වැරදියට භාවිතා කලොත් නරක ප්‍රතිපල ..

      Delete
    3. හ්ම්ම්ම්...
      ඇත්ත මං ඒ ගැනනං ඇහුවේ නෑ...
      මං අහලා ඒ ගැනත් දාන්නම්..
      ස්තූතියි පැහැදිලි කිරීමට..

      Delete
    4. වැරදියට උච්චාරණය කලොත් ප්‍රතිඵලේ භයානකයි.

      Delete
    5. හ්ම්ම්ම්ම්...
      ඒකනං ඇත්ත..
      නමුත් මේවයිං සමහරක් ඒවා සාමාන්‍ය ගැමි ව්‍යවහාරේ තියෙනවා..
      උදාහරණයක් විදිහට ඇහේ රොඩු අයිං කරන එක කියන්න පුළුවං..
      ස්තූතියි අදහසට...

      Delete
    6. Puluwan nam mawa contac kragnna mta mantara gene danna aya innawa nm wisthara tikak oona. Loku udawwak. randikaashan@gmail.com

      Delete
  11. කඳුළු තරු කැටJune 30, 2012 at 8:41 AM

    පට්ට මන්තර ටික අයියා...ටෙස්ට් කොරන්න ගිහින් එලොව යන්න වෙන එකක් නැති වෙයි නේද??? :දිව
    මේ මාත් දෙන්නද මන්තරයක්??මේක මේ කපුනාම ලේ යන එක නතර කරන්න තියන එකක්..අත් දුටුවයි ප්‍රත්ත්‍යක්ෂයි..
    (එහෙම කිව්වට මේක මතුර මතුර ඉද්දි ලේ ටික ගල වෙනවද දන්නෙත් නෑ ඉතින් :)
    දෙන්නද?

    ReplyDelete
    Replies
    1. මටනං ඕන්නතැවෙයි.. හි හි..
      එල මචෝ...
      සාදරෙං පිලිගන්නවා ඈ...
      ජයවේවා!!!!!!!!!

      Delete
  12. ඔය සියලුම විභාග එක පාරින් සමත් වෙන්න මන්තරයක් නැද්ද??? විශේෂයින් O/L s'

    ReplyDelete
    Replies
    1. රෙප් මහත්තයා උඩ දාලා තීන ලිංක් වලට ගියාම තීනවා...
      ජයවේවා ඈ..

      Delete
  13. අඩෝ පට්ට බං...... සිරා ඈ... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජා...
      රජ වෙච්චි එවුංව එලවන්න මංතරයක් ගොඩක් අය ඇහුවා....
      අඩවි රජාව එලවන්නද මන්දා.. :)

      Delete
  14. ඔව් ඔව් බං ඔව්ව ඒකාලේ කට කහනවට කියපුව නෙමෙයිනේ. තේරුමක් ප්‍රයෝජනයක් තියන හින්ද තමයි අද වෙනකුත් යන්තම් හරි භාවිතා වෙන්නේ. පරණ පුස්කොලපොත් වල හෙම ඕනේ තරම් තියනවලු

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...
      මෙච්චර කල් මේවා තියෙන්නත් හේතු තියෙන්න එපෑ..
      කොහොමත් බොරුවට ආයුස නෑනේ...
      ජයවේවා සිතුම්..

      Delete
  15. මේවා ඉතින් හරියටම කියන්න බැහැ ඉස්පිල්ලක පා පිල්ලක වරදක් තිබුනොත් ඉතිං වැඩේ හරියන්නේ නැහැ එත උත්සාහය අගේ කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණයා...
      ඔව් ශබ්ධ කරනකොට හරියට කලේ නැත්තං ප්‍රතිඵල නෑ තමා...

      Delete
  16. ඔක්කොමත් හරි මේවා කියවන්න ගිහින් උලුක් වෙච්ච මගේ දිවේ උලුක්කුව අරින්න මන්තරයක් නැද්දෝ ? මන්තර හොඳයි කියවගන්න අමාරුයි පුතේ වයසක මට.

    ReplyDelete
    Replies
    1. හැපෝයි...
      බැරි වැඩ නොකරං කෝරලේ මහත්තයෝ..
      ස්තූතියි කමෙන්ටුවට!!!

      Delete
  17. පස්පවින් වැළකුණු සත්පුරුෂයින් විසින් ගණ පිහි‍ටුවා නියමිත උච්චාරණය යොදා ජප කිරීමෙන් වැඩක් මිස අවැඩක් සිදු නොවේ... මගේ මිත්තණියන් ද පාරම්පරික වෙද පරපුරකින් ආ අයෙකි.. ඇයද රෝග සුව කිරීමට, රෝගීන්ගේ දොස් දුරු කිරීමට මෙවැනි මන්ත්‍රත්‍රම යොදා ගත්තාය.. අත්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ඇත්තේය...
    ඇය මෙලොව හැර දමා ගොස් වසර 10 කි. එම වෙදකම හා ශාස්ත්‍රය වැළලී යාම කණගාටුවට කරුණකි.

    ඔබගේ උත්සාහය සැබෙවින්ම අගයමි...ජයෙන් ජය...!!
    නමුදු කිව යුත්තක් ඇත්තේය..
    මෙවන් වටිනා උරුමයන් අසත්පුරුෂයන්, මේවාට ගරහන්නන් සහ විශ්වාසය නොමැත්තන් අතට පත් වීමෙන් සිදුවන්නේ අගතියකි.. එමෙන්ම ඒවායෙහි සත්‍යය විනාශ වී යයි. පුරාණ වෙදැදුරන් වරිගෙන් පිටට මෙවන් නේ නොදෙන්නේ එහෙයිනි.
    නමුත් මෙවන් දේ හංගා වසන් කොට තබා ගැනීමෙන්ද කිසිවෙකුට වැඩක් නොවේ..
    නැවතත් ඔබට ජය පතන්නෙමි..!! මෙවන් දැයක් පළ කළාට ඔබට පින්...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලිණි..
      ඔබ සතුවත් මෙවැනි දෑ තිබේනම් පල කරන්න...
      කියවා ප්‍රයෝජනයට ගන්නා අයවලුන් බොහෝමැයි..
      ජයවේවා!!!!!!!

      Delete
  18. රේස් ඔට්ටු දාන්න වගේ මන්තර් නැද්ද මචන්

    ReplyDelete
  19. E machanla manthara danna kenek kiyannako dan apita. Apiwa kata hari epa wena videye mantharayak nadda . Thiyena kenek ennawana karana vidiyath ekka sankasuresh741@gmail.com mail ekata ewannako

    ReplyDelete
  20. Ma mantara sattiyaya tawa tiyanawanam awanna. Obatumata godak pin.t.s.

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????