--දෙවැනි කොටස--
බෙල්වුඩ් මහත්මා මට මේක කියන්න.
ඔබ කියන ඔය කතාව මට විස්වාස කරන්නද කියන්නේ.
ජනාධිපතිතුමනි මට බොරු කරන්න අවශ්‍යතාවක් නෑ.
මම සහ මගේ ගවේෂන කණ්ඩායමට මේ තොරතුරු සාක්ෂි සහිතව ඔප්පු උනා.
මම සහ මගේ ගවේෂන කණ්ඩායමට මේ තොරතුරු සාක්ෂි සහිතව ඔප්පු උනා.
බෙල්වුඩ් මහත්මා කරුණාකර ඔබ සතු තොරතුරු මුල සිට පිලිවෙලට ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කරන්න. එවිට අපට පැහැදිලි නිගමනයකට එලබෙන්න පුළුවං.
හොදයි මම මුල ඉදංම කියන්නං ලේකම්තුමනි.
2011දී මුළු ලෝකය පුරාම 2012 ලෝක විනාශය පිලිබද කටකතාවක් පැතිර ගියා ඔබතුමන්ලට මතක ඇති.
නමුත් ඔය කියන කැලැන්ඩරය ගැන ඇමරිකානු පුරාවිද්‍යා කොමිසම පර්යේෂන ආරම්භ කරලා ඒ වෙනකොට අවුරුදු 20කටත් වැඩියි.
ඒ අනුව අපි රහසිගත ආකාරයට මායා ශිෂ්ටාචාරයට අයත් පිරමීඩ රැසක් කනිනු ලැබුවා.
පුදුමය කියන්නේ අපිට ලැබුනු සාධක අපි හැමෝම දන්න අතීතෙ වෙනස් කරන්න තරං ප්‍රභල උනා.
දිගටම කියන්න බෙල්වුඩ් මහත්මා.
ජනාධිපතිතුමනි අපට ලැබුනු සාධක අනුව ලෝකයේ මෙතෙක් පැවති සියළුම අභිරහස් විසදුනා.
ඊජීප්තුවේ පිරමීඩ, ලන්ඩනයේ ස්ටෝන් හෙන්ජ්, අප්‍රිකාවේ කඩා වැටීම කොටිංම කිව්වොත් ලෝකයේ සියළුම සිද්ධීන් වලට මුල් වෙලා තියෙන්නේ එකම රටක්.
පොඩ්ඩක් ඉන්න. ඔබ කියන්නේ ලෝකයම එක් පාලකයෙක් පාලනය කලා කියලද බෙල්වුඩ් මහත්මා?
අපි කතා කරන්නේ පෘථුවිය ගැන පමණක් නොවේ ලේකම්තුමනි. සමස්ත විශ්වයේම පාලනයක් ගැනයි.
දෙවියනේ බෙල්වුඩ් මහත්මයා ඔබ වගකීමෙන්ද මේ වගේ දෙයක් කියන්නේ.
ඔව් ජනාධිපති තුමනි. මම කතා කරන්නේ රාවණ අධිරාජ්‍යයා ගැනයි.
රාවනා යනු මිත්‍යාවක් බෙල්වුඩ් මහත්මා.
ලේකම්තුමනි ඔහුට පැහැදිලි කරන්න ඉඩ දෙන්න.
ස්තූතියි ජනාධිපති තුමනි.
මීට වසර 15කට පෙර මායා පිරමීඩ ගවේෂනයේදී අපට ඉතාමත් සංකීර්ණ උපකරණ කීපයක් ලැබුනා. නමුත් අප සතු තාක්ෂනයෙන් එම උපකරණ මොනවාද ඒවයෙං සිදු කල හැකි කාර්යන් මොනවාදැයි හරියටම නිෂ්චය කර ගත නොහැකි උනා.
2011 වසර අවසානයේ අපට සනාත උනා මේ උපකරණ දත්ත ගබඩා කල දෘඩ තැටි කියලා. අපට එය ක්‍රියා කරවන්න වසරක පමණ අධ්‍යනයක යෙදෙන්න උනා.
තිබූ දත්ත විකේතනය කල විට අපට සම්පූර්ණ කතාව ඉතාමත් පැහැදිලිව හා නිරවුල්ව දැන ගැනීමට හැකි උනා.
පෘථුවියේ සිටි රාවනා නම් අධිරාජ්‍යයා විශ්වයේ පාලකයා උනා.
ඔහු තම පාලනය සිදු කලේ ලංකා පුරය හෙවත් ශ්‍රී ලංකාවේ සිටයි.
ඒ අනුව ඔහු පෘථුවිය, අගහරුහි මානව කොලනි ප්‍රධාන කොටගෙන ග්‍රහලෝක 17ක පාලනයක් ගෙනගියා.
මෙම ග්‍රහලෝක පාලනය සදහා ඔහු වෙනම උප ප්‍රධානීන් පත් කොට සිටියා.
ඇතැම් ග්‍රහලෝක වල ජීවීන් ශක්තිමත්, ඇතැමුන් බුද්ධිමත්, තවත් සමහරෙක් විවිධ ශක්තීන් වලින් යුක්ත වූවන්.
ඇතැම් ග්‍රහලෝකයන්හි ජීවීන් කම්කරුවන් ලෙස පැමිණ පෘථුවියේ විවිධ ඉදිකිරීම් වලට දායක වූ බව සදහන්.
රාවණ අධිරාජ්‍යයා ලංකාවේ තිබෙන සීගිරි බලකොටුවේ විසූ බවටත් එහි වැඩිදුරටත් සදහන් වෙනවා.
තම පාලනය පහසු වනු වස් රාවණ අධිරාජ්‍යයා විසින් විශ්වයේ සැරීසැරීමට පහසු වෙන ලෙස තරු දොරටු නිර්මාණය කරනවා.
මෙමගින් අභ්‍යාවකාෂය හරහා යනවාට වඩා ඉක්මනින් ඒ ඒ ග්‍රහලෝක වලට යා හැකි බව අප සොයා ගත්තා.
නමුත් මේ පාලනය ගැන මිනිසාට වඩා බුද්ධිමත් නමුත් ශක්තිමත් භාවයෙන් අඩු පිරිසක් කැරැල්ලක් ආරම්භ කලා.
ඔවුන් තරු දොරටු හරහා පැමිණ පෘථුවිය ආක්රමනය කරන්නට පටන් ගත්තා.
ඔවුන් අතර සිටි රාම නම් ජීවියෙක් ඉන්දියාව යටත් කොට එහි සිට ලංකාව ආක්‍රමණය කරන්නට විවිධ උත්සහයන් ගත්තත් ඒවා සාර්තක වී නෑ.
අවසානයේ ඔවුන් මනුෂ්‍ය වෙස් ගෙන ලංකාව තුලට ඔත්තුකරුවන් පිටත් කර හරිනවා.
අපට පැහැදිලි වන ආකාරයට රාවණ අධිරාජ්‍යයා බොහොම ඉවසීමෙන් හා කල්පනාකාරීව මෙහිදී කටයුතු කොට තිබෙනවා.
මායා ශිෂ්ටාචාරය පාලනය කොට ඇත්තේ විභීෂන නම් රාවණ අධිරාජ්‍යයාගේ සොහොයුරායි.
ඔහු විසින් කයිමේරාවන් නැතහොත් මේ කියන බුද්ධිමත් ජීවී විසේසය සමූල ඝාතනය කරමින් ලංකාපුරය වෙත පැමිණ යුධ පෙරමුනත් සමග එක්වෙනවා.
විභීෂණ යනු රණ කාමියෙක්. ඔහු සටනේදී කිසිවෙකුට අනුකම්පා නොකරන කෙනෙක්.
නමුත් රාවණ යනු ඉතා ඉවසිලිමත්ව උපක්රමශීලීව කටයුතු කරන්නෙක් බවයි සදහන් වෙන්නේ.
ජනාධිපතිතුමනි අප දන්නා ඉතිහාසය උඩු යටිකුරු වනවා මේ දත්ත වලින්.
තවත් දත්ත ගබඩාවක් අප සතුයි.
නමුත් එය ඉතා අබලන්.
ඉක්මනටම කතාවේ අනිත් ටිකත් දෙන්න.
ReplyDeleteසුබ පැතුම්! ලස්සනට ලියලා තියෙනවා..:)
කැනීම් කරන පිලිවෙලට කතාව දාන්නං..
Deleteකමෙන්ටුවට බෝම ස්තූතියි ඈ..
athatama kathawa maarai,, anywy shork,, thawa liyanna (Y)man sure balanawa..
ReplyDeleteවතිකා අක්කා ෂුවර් බලනවනං මං නොදා ඉන්නෑ...
Deleteහික්ස්
Niyamai. Ane ikmanatama anith tikath dapan. Meka maru kathava.
ReplyDeleteඑල එල මරු නං මරු...
Deleteවිභාගේ ඉවර උන ගමං අනිත් ටික දාන්නං
niyamayi tarinduvo umba katava ivara karana tanin tamayi mage alut katava patanganna hadanne :D
ReplyDeleteඑල එල...
Deleteඅපි කතාම ලියමු...
ලියලා තියෙන විදියනම් හොදයි. පුරාවිද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ලියුවොත් මීටත් වඩා සාර්ථක වේව්. (සුසිත රුවන් ලියපු රාවනා මෙහෙයුම පොතත් කියවනවානම් හොදයි.) සුභ පැතුම්. දිගටම කරගෙන යන්න.
ReplyDeleteබොහොම ස්තූතියි අදහසට...!
DeleteKathaawa nikan mawila penna gaththa...
ReplyDeleteman raawana rajuge bisawa wageth mawila penuna,hee...
Hamoma pitarata dewal karanawa misak lankawe deyak gana mehema liyana aya aduyi...
Digatama liyanna tharu,mage subha pathum hamadaamath oya ekkamyi...
ආ එහෙමද එහෙනං කමක් නෑ..
Deleteතැංකූ ඈ..
ඊලග කොටස ඉක්මනට දාන්න ...මරු කතාව ..
ReplyDeleteතැංකූ රොබින් අයියා..
DeleteMama me nikamata wage ahanne>> sigiriya haduwe king kashyapa ne?? arath e rawanata after neda??? after long long time.. Neh? kathawa ela.. ara ruwanwali maha saye rahas dorak dream eken dakka kiwwe.. ekath okota danna..
ReplyDelete??????
Deleteමේක නිකං ප්‍රභන්ධයක් විතරයි ඈ..
සීරියස් ගන්න එපා
හැම එකම එබුවම අච්චාරුවක් වෙනවා නේද??
බොහොම ස්තූතියි කමෙන්ටුවට
ඔන්න මාත් කියෙව්ව. වෙනස් මගක් ගත්ත ලිපියක් ජය...
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන අයියේ..
Deleteජයවේවා!!!!!