ලගින්ම ඉන්න කස්ටිය

Friday, September 7, 2012

--කියන කතා--


පරාක්‍රම සමූද්‍රයේ බ්සෝ කොටුව අස්සෙත් නිදං හොයනවා කියලා අපේ එක බ්ලොග් එකක් ලියන කෙනෙක් කියනවා. 
කවුද ඒ??? 

බ්ලොග් සම්මාන උලෙල ලංවෙන්න ලංවෙන්න එක එක පැති වලිං එක එක විදියේ කතා ඇහෙනවා. සමහර කතා හරි රසවත් විදිහට තමයි ඉවර වෙන්නේ...
ඉතිං ඒ අය කියපු රස කතා බලන කියවන වෙලාවයි මේ....



---කියන කතා---


අතිගරු අඩවි රජා (අ.රා)


අතිගරු අ.රා


දැං අපේ හාමුදුරුවනේ සමහරු කෑ ගහනවා බ්ලොග් එක පටං අරං අවුරුදු 3යි තාම අරක කලේ නෑ මේක කලේ නෑ කියලා.. එහෙම කරන්න බෑනේ අපේ හාමුදුරුවනේ.. 
මම කැළණි ගගෙං එහා බව මේ කෑ ගහන උදවිය දැනගන්න ඕනා... 
මේ ජනතාවට පේනවා අපි කරන වැඩ.. 
අපේ ඩයිනෝසර් පක්සෙ නායකතුමා රෙපා පරාක්‍රමසිංහල කෑ ගහනවා මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ කියලා... 
දැං මේ දවස්වල අපි මහජනයට බලන්න ධාතු ගෙනත් තියෙනවා... එවුවා බැලුවම වේල් තුනකට කන්න ඕන්නෑ.. ශ්‍රද්ධාවෙං බඩ පිරෙනවා.. නැද්ද අපේ හාමුදුරුවනේ..



ඩයිනෝසර් පක්ෂ නායක රෙපා පරාක්‍රමසිංහ


රෙපා


නංගිලා මල්ලිලා.. බලන්න ඕගොල්ලංට දැං චුයිංගම් කන්න පුළුවංද? බෑ.. 
මොකද වයසට ගියාම චුයිංගං කන්න බෑ.. 
ඩිග්‍රිය ගන්න ගිහිල්ලම ඕගොල්ලො වයසට ගිහිං... 
ඉතිං අපි මොකද කරන්න ඕනා... ගන්න ඕගොල්ලංගෙ ඔය හෑන්ඩ් පෝං.. 
අරං ගහන්න එස්.එම්.එස්. මේ දූසිත බ්ලොග් අඩවිය වහන්න පුළුවං එහෙම විතරයි... කවදා හරි මේ නංගිලා මල්ලිලාට චුයිංගං කන්න පුළුවං මේ අයියා ඩයිනෝසර් පක්සෙ මගින් බලයට ආවොත් විතරයි කියන එක මතක තියා ගන්න ඕනා.. 
මේ දවස්වල ධාතු ප්‍රදර්සනයක් තියෙනවා.. ඔය ධාතු මොනාද? 
නිකං හරක් අං කෑලි වලිං හදාගත්තුවා නැද්ද?????


නීති ශිෂ්‍යා හිරුහිමා ප්‍රේමචන්ද්‍ර

හිරුහිමා


මම මේ ක්ෂේත්‍රයට ආවම අහක යන උංගේ ඇගේ කටු ඇනෙන්න පටං ගත්තා... 
උං මට මඩ ගැහුවා, බැන්නා, තර්ජනේ කලා.... 
ඒත් මං සැලුන්නෑ.. මොකද මගේ නම හිරුහිමා ප්‍රේමචන්ද්‍ර... 
අර මානවක සිල්වට එදා කබ්බා ගෘප් එකේ උනු වෙඩි පයිට් එක මතක නෑලු..
මිනිහගේ මොලේට හානි වෙලාලු.. 
මං දන්න තරමිං මිනිහට මොලයක් තිබ්බේ නෑ.. 
තිබ්බෙ ජොල් ඇගක් විතරයි... මටත් ඔය කිවුවට මොලයක් වගේ එකක් නෑ.. නැත්තං මං අඩවි රජාගේ දෑත් සක්තිමත් කරන්න යනවයැ...

අනේ අනේ.. ඒ කෑල්ල  රෙකෝඩ් උනානං දාන්න එපා ඈ...


ප්‍රවීන නිලි කාව්‍යා ආකර්ෂා

අර හිරුහිමා තැන තැන මානවක අයියට අනං මනං කියනවලු. 
මං අහන්න කැමතියි ඔය අක්කිලා අම්මිලගෙං මානවක අයියට එහෙම කියනවට ඕගොල්ලො කැමතිද???? නෑ නේද????? 
බලන්න එයාගේ මසල්ස්.. 
එයාට ඔය කියනවා වගේ ජොල් ඇගක් නෑ අනේ.. 
එයා හරි ෂෝයි... නැද්ද....


මානවක  සිල්වා මහතා

මානවක


දැං අර කවුද හිරුහිමා කියලා කෙනෙක් මට බනිනවලු. 
මං දන්නෑ ඒ කවුද කියලා.. 
ඔය කියන කබ්බා ගෘප් එකක් ගැන මට කිසිම දෙයක් මතක නෑ.. 
කොටිංම කිවුවොත් මං ඔය වෙඩි පයිට් ගැන කිසි දෙයක් දන්නෑ... 
මං කිසිම දෙයක් කියන්න ඕන්නෑ.. මොකද මගේ සුවිට් ලවු එක ආකර්සා නංගි ඔක්කොම කියලා තියෙනවා.. 
උම්මා උම්මා උම්මා... මං ඉස්සර වගේම ඔයාට ආදරෙයි ඈ..


ආචාර්යමීවනපලානේ දුටුගැමුනු

මීවනපලානයන්


අර පෙරේතයෝ බැදගෙන සාත්තර කියන තැනක සාත්තර කාරයෙක් ලෑස්ති වෙනවා බිලි පූජාවක් තියන්න. 
මේ මීවනපලානයන් ඉන්නකං එවුවා කරන්න හම්බෙන්නෑ.. 
මොකද මම රාවන පරම්පරාවෙං පැවතගෙන එන දුටුගැමුනු රජ කාලෙත් හිටපු පරම්පරාවක කෙනෙක්. 
මම ඔය පෙරේතයව අදුරනවා, මං ඔය පෙරේතයව අදහනවා.. 
ඒත් මං ඔය සාත්තර කාරයන්ට බය නෑ... 
ඔය මරන ඔටුවංගෙං මස් කිලෝ 10ක් විතර අපිටත් හම්බෙනවනං ඔහොම බිලිපූජා තිබ්බට කමක් නෑ.. 
මොකද අපිත් කන බොන මිනිස්සුනේ..



නර්ස්ලා බාර නායක මී ගොඩ සිරිසේන


අපේ අය මේ දවස්වල කෑ ගහනවා වතුර නෑ කියල හිටං.. 
වතුර නැත්තං හිටං මං මක් කරන්නද??? 
මට වතුර අදාල නෑ.. ඒත් මට දුක තේරෙනවා... 
මොකද මාත් ගොවියෙක් හිටං.. 
ඉස්සර මට කෑ ගැහුවේ ඩෙංගු ඩෙංගු කියලා හිටං.. 
ඉතිං ඩෙංගු නැති කරන්න අපි වැවු ටික හිංදෙවුවා.. 
ඉතිං හිටං කවුද වැරදි????? 
මහජනතාවම තමා...


මයික්‍රෝස්ටාර් ක්සැන්ඩර් ගුණසේකර

ක්සැන්ඩර්

අම්මේ තාත්තේ.. 
අර අඩවි රජා ඇතුලු කට්ටිය මේ බ්ලොග් අවකාසේ වර්චස් කරනවා. 
පරාක්‍රම සමූද්‍රෙය් බිසෝ කොටුව අස්සෙත් නිදං හොයනවා මේ අ.රාලා.. 
ප්‍රාදේශීය බ්ලොග් කාරයින්ට තෙලේ වැඩිවෙලා.. මෝල් කලන්තෙ හැදිලා.. 
මගේ සීල් එක පපුව ඇතුලේ ඩයිනෝසර් පක්සෙ කියලා හරියට වැදිලා තියෙන්නේ.. ඒක ඔය කාටවත් වෙනස් කරන්න බෑ..  
ඒ අස්සේ අපේ ඩයිනෝසර් පක්සෙ නායකතුමා රෙපා පරාක්‍රමසිංහ ඔහේ නිකං ඉන්නවා. 
ඩයිනෝසර් පක්සෙ කියන්නේ එහෙම ඔහේ නිකං හිටපු පක්ෂයක් නෙමේ. 
අඩවි රජාලා හැදුවොත් මොකක් හරි ලෙඩක්. 
දැං වැවු තීනවා වතුර නෑ.. වරායවල් තීනවා බෝට්ටු නෑ හයිවේ තීනවා පෙට්‍රල් නෑ. මොකක්ද මේ වෙන්න යන්නේ අපි මේකට විරුද්ධව කසුන් කෑමදාස වගේ නායකයෙක් යටතේ පෙලගැහෙන්න ඕනා. 
අන්න එතකොටයි අපිට මේ ඩයිනෝසර් පක්සෙ ගොඩ ගන්න පුළුවං. 
දැං මං කතා කලා ඇති. මං දන්නවා ඕගොල්ලො එන්නෙ මගේ කතා අහන්න නෙමේ සිංදු අහන්න කියලා..

ෆෝ.. ත්‍රී... ටූ.. වන්....
දිලි දිලි දිලීසේවී මා දෑසේ ආලෝකේ
දිලි දිලි දිලීසේවී මා දෑසේ ආලෝකේ..
කව්දෝ මාන බලන්නේ ඔබ ලග මා ඉන්නේ...
හිතවත මේ ලෝකෙ ඇත්තෙං නෑ ජයගන්නේ...
සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ..



ඩයිනෝසර් පක්සේ නියෝජ්‍ය නායක කසුන් කෑමදාස


කස්සා

අද අපි මෙතනට රැස් උනේ මේ සාත්තර මධ්‍යස්ථානෙට රුපියල් 50000කිං ආධාර කරන්නයි... 
අපේ ක්සැන්ඩර් ගුණසේකර කිවුවා වගේ මම මගේ පියානන්ගේ නාමයෙං මම බලයට ආපු දවසක මේ අඩවි රජා ඇතුලු දූෂිත බ්ලොග් කාරයෝ ටික පන්නලා දානවා... 
මගේ පියානන්ගේ නාමයෙන් මම තාත්තගෙ අඩිපාරෙම ගිහිං ඒ පාර හයිවේ එකක් කරන බවට ඔබතමුන්නාන්සේලාට කියන්න කැමතියි.. 
අපි මේ වැඩේ බිංමට්ටමිං පටං අරං භූගත වෙන්නයි අදහස් කරං ඉන්නේ. 
මගේ පියානන්ගේ නාමයෙන් රෙපා පරාක්‍රමසිංහව එලවලා අපි මේ ඩයිනෝසර් පක්සේ අළුත් ඉසවුවකට අරං යන බව මේ අවස්ථාවේදී ඔබතමුන්නාන්සේලාට කියන්න කැමතියි...

 
හිටපු ට්‍රැෆික් OIC සෑමා සල්ගාදු

සෑමා
මේ අරා ඇතුලු දූෂිත බ්ලොග් කාරයෝ පන්නන්න මං හිතනවා මේ සහෝදර ජනතාව මාත් එක්ක ඉදී කියලා.. 
මං හිතං හිටියා අ.රා ගිය පාර ලොක්කා උනේ කොම්පියුටර් ජිල්මාට් එකකිං කියලා.. ඒත් මං ලොකප් එකේ ඉදලා එලියට ආව ගමං අර ගෝතයා අර ඩයිනෝසර් පක්සෙ කටුකන ගොංගල දැං කියනවා එහෙම ජිල්මාට් තිබ්බෙත් නෑ තියෙන්නෙත් නෑ කියලා.. 
ජනතාව මේ වෙලාවෙදි හොදිං හිතලා බලලා තීරණ ගන්න ඕනා.. 
අ.රාගෙ බ්ලොග් කාරයෝ ටික දැං අධ්‍යාපනේ විනාස කරලා ඉවරයි. 
වතුර ටික විනාස කරලා ඉවරයි.. තව ටික දවසකිං මාත් ඉවරයි.. 
මට බෙහෙත් ගන්න පරක්කු වෙනවා.. 
මං යනවා.. 
ජයවේවා!!!!!!!!



හිටපු නායිකා සැටලයිට් ප්‍රමුදි

ප්‍රමුදි

මිත්‍රවරුනි.. මම එදා බ්ලොග් ලියන්න ආවේ මගේ ලව් එක විකුනලා... 
ඒත් අද අර හිරුහිමා මං වගේම එක පාරටම පැත්ත මාරු කරලා දැං අ.රාගේ දෑත් ශක්තිමත් කරන්න යනවලු.. 
ඒ වගේම පහුගිය දවසක මම යාපනේ ප්‍රදේශයේ සංචාරය කලා ගන්න දෙයක් නෑ මිත්‍රවරුනි. 
මගේ කාලේ විනාස කරපුවා  එහෙම්මමයි. ඒ මදිවට මං හිටපු කාලේ හැදුවෙත් එකයි දෙකයි එවුවත් මේ අ.රාගේ සෙට් එක කඩනවා.. 
දැක්කනේ අර බත්තරමුල්ලේ ස්මාරකේ... 
එදා මං රෙපා පරාක්‍රමසිංහට කපලා අ.රාට උදව් කරපු නිසා අද පාරේ බැහැලා යන්න නෑ මිනිස්සු චාටර් කරනවා මිත්‍රවරුනි... 
ඇත්තම කියන්න අනේ.. වලවුවේ පොල් ටික කඩා ගන්න මිනිහෙක් ගෙන්න ගන්න බෑ ඌත් මට චාටරේ දානවා මෙයාලා...
ඔය අඩවිරජාටනං හොදක් වෙන්න  එපා මිත්‍රවරුණි!!!!!! බඩම පලයං..


මේ වගේ කතා ටිකක් මෙන්න මේකෙත් තිබ්බා..

ප.ලි - බ්ලොග් ලෝකේ වඩාත් සමීපතම පුද්ගලයන් අලලා ලියූවක් වන මෙය සීරියස් ගැනීමෙං වලකින්න.. මෙය විහිලුවට කල ජෝක් එකක් ලෙස පමණක්ම සලකන්න.. :පී

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

129 comments:

  1. පට්ට ඈ!! සුපිරියි

    ReplyDelete
    Replies
    1. තැංකූ ඈ....
      පිලිගන්නවා කෙරුවාවට!!!!!

      Delete
  2. පට්ට කතා ටික මචං :)
    මේ දවස් වල ජන්දෙ නිසා වෙන්න ඇති කතා ගොඩක් සෙට් වෙන්න ඇත්තේ ;)
    රජාට මේවගේ ගානක් නෑ ඌ දැන් කොහෙට හරි වෙලා කෑල්ලක් දිහා බලාගෙන ඇති ;)

    ReplyDelete
    Replies
    1. රජා සද්දයක්වත් නෑ..
      පේනවනේ ඉතිං..

      Delete
    2. මිත්‍රවරුනි...!!!!

      අපි මඩ ගහන්න වගේම මඩ කෑමේද ශූරයෝ වන්නෙමු ^_^

      Delete
    3. ඌරො ලගින්නෙම මඩේලු නේද අ.රා?????

      Delete
    4. යේ රජට ජය වේවා....! :P

      Delete
    5. එකෙංම එහෙම වේවා...
      තව ටිකක් රට කන්න ලැබේවා!!!!!!!

      Delete
  3. අපි මේ වැඩේ බිංමට්ටමිං පටං අරං භූගත වෙන්නයි අදහස් කරං ඉන්නේ.... එල විතවුට් බ්‍රා...

    ReplyDelete
    Replies
    1. බිංමට්ටං තම්මැට්ටං තමා ඉතිං හැමදාම...

      Delete
  4. ලින්ක් එක දැකල තමා ගොඩ උනේ මාරයි ආතල් ආ..හූ ඌඌඌ.. :D තරි අයිය ලොලේ ලොල් ආ.. මට පට්ටම හිනා.. :D බුදු අම්මේ කියන කතා...
    අතිගරු අඩවි රජා හූ ඌඌ.. හික්ස්.. මොන චැනල් එකේද මෙව්ව ගියේ. මං දන් නැනේ ගිය චැනල් එකේ නම්..

    අඩේ හිරුවා බලහන්කෝ ගිය දුර එයා කොහාමත් මඩ කන්න ආසයිනේ.. හූ ඌඌ :D

    නීති ශිෂ්‍යා හිරුහිමා ප්‍රේමචන්ද්‍ර.. හික්ස් ලොල්.. LOL හූ හූ හූ.. මරු ඇ.. කියන කතා.. හික්ස් :D

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      තැංකූ ඈ ආවට...
      මෙවුවා ටීවී වල දාන්නෑ මචං..

      Delete
    2. මගේ පිස්සු මල්ලා.. :) :) @ගැජට් :)

      Delete
    3. හෑ...
      ගැජටා මල්ලිද???????

      Delete
    4. ෆේස් බුක් මල්ලි :)

      Delete
    5. එහෙමත් එකක්ද?????
      දැං එතකොට ඌ මල්ලිනං මං මොකාද??????

      Delete
    6. :) බි ගේ මහත්තයා :) :)

      Delete
  5. හිකිස්.. :) මේක කියවලා මමත් ජය වේවා කියලා හයියෙන් කෑ ගැහුවා..

    ReplyDelete
    Replies
    1. කෑ ගැහුවට කමක් නෑ ඔය අ.රාටනං දෙන්න එපා ඡන්දෙ...
      දෙන්න අපේ ඩයිනෝසර් පක්සෙට..
      හරි..

      Delete
  6. හය්යෝ....හිනා අෆ්ෆා.. මෙව්වට ටමා කියන්නේ මඩ කියලා................. ස්වීට් මඩ ඈ.. අයි ලයික් දැට් මඩ

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා අහින්ංසක විදියට අපේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න නෑ.. මුට වතුර මෙව්ව උනත් අපි පලි.... මෙව්වා විපක්සේ කුමන්ත්‍රන... මට අපේ අරා බෝඩ් ලෑල්ල ඇඳපු දවසෙ ඉඳන් මුන්නැහේලගේ ඇස්වල කඨු අන්නින්න වගේ ... මෙව්ව කොරල දිනන්න පුළුවන් කියල හිතාගේන ඇත්තේ... ඩිනයි බම්බුව

      Delete
    2. මේ කමෙන්ට් එක හිටං දාලා තියෙන්නේ ඇඟ බේරගන්න...
      නැද්ද මී සිරිසේන අයියේ...

      Delete
    3. බම්බුව තමයි

      Delete
    4. එළ එළ.....යන්ද පොළොන්නරු...

      Delete
    5. @ මී ගොඩස්ගේ දේසපාලනේ...
      @ නලීන් අයියේ ඒ මුකෝ...??????

      Delete
  7. අඩේ... මේක හරි ස්වීට් මඩ ගැහිල්ලක් නේ.... මරු මරු...

    ReplyDelete
    Replies
    1. නෝටි උනත් අපි නයිස් අනේ...
      හික්ස්..

      Delete
  8. මට තාම හුස්ම ගන්න බෑ.හිනා වෙලා .පට්ට කියන්නේ පට්ට පට පට..

    හෑ.....මට වචන මතක නෑනේ...

    වචන මතක් උනාම ඉතුරු ටික

    .: මානවක සිල්වා :.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මානවක අයියේ දැං මොන රටේද ඉන්නේ???
      සිංගප්පූරුවෙද????

      Delete
  9. වෙලාවට මාව මතක් වෙලා නෑ.... :)

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට එනවනේ පෝස්ට්..
      එතකොට මතක් වෙයි..
      රැදී සිටින්න..
      හික්ස්..

      Delete
    2. අම්මෝ නැතත් කමක් නෑ... :D

      Delete
    3. කරන්න දෙයක් නෑ මතං..
      කැමති උනත් නැතත් එවුවා කරන එක අපේ යුතුකං...

      Delete
  10. එලම තමා ඈ!!!පිස්සු බම්පින්!!!!!!!! පණ පලයන් ඔජායේ කිව්වලු!!! :පි

    ReplyDelete
    Replies
    1. නාඩියත් තව පොඩ්ඩෙං පෝස්ට් එකට වැටෙන්න ගියාලු....

      Delete
  11. හායි මෙයාලා,
    මේවා විජාතික කුමන්ත්‍රණ,
    කැතයි හොඳේ..;)

    ReplyDelete
    Replies
    1. ඒ මොනා වුනත් තරියෝ බ්ලොග් ලෝකේ සමීපතම යාලුවෝ අතර මාවත් තියන් ඉන්න එක ගැන මට පුදුම විදිහට සතුටුයි.
      බොහොම ස්තුතියි යාලු :) :) :)

      Delete
    2. සමීපයි නේන්නං මැඩම්....
      සැටලයිට් ප්‍රමුදිට පාරෙ බැහැලා යන්න බෑලු නේ...

      Delete
  12. වැඩියම තේරුනේ නම් නෑ...
    ඒත් අලුත් අදහසක්,ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ කොයිද..
      ටී.වී එකක් නිවුස් එකක් බලනවයැ..
      පොත අතේනේ.. හි හි...

      Delete
  13. "සම්පුර්ණයෙන්ම අපි මේක හෙලාදකිනවා "

    මට මතක නෑනේ .....?

    ReplyDelete
    Replies
    1. මතක නැති නිසානේ දෙය්යනේ මතක නෑ කියන්නේ...
      මානවක අයියට අනං මනං කීන්න එපා..
      ආකර්සා අක්කා බනී..

      Delete
  14. අඩෝ....තරියෝ...මාව ගොඩ ගනින් බං මං මඩේ එරිලා.....චී...යා...මේ.........මඩ.........

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ උබ මඩේ ලගින්න ගියේ...
      හිටිං හිටිං...

      Delete
  15. Replies
    1. අපේ බ්ලොග් කස්ටිය තමා ඉතිං මරු..

      Delete
  16. ජනතා හිතවාදිව කටයුතු කරන හැමෝටම මේවා වෙනවා. මඩ පාරවල් පාන් පෙත්තක ගෑ බටර් පිඩක් මෙන් හිතල සමාජ මෙහෙවර යෙදෙන්නෝනි. ජනතාව මේවාට විරුද්ධව පෙලගස්සලා පාරට බස්සන්නෝනි. තරියාගේ නමේ ‘ත‘යන්න වෙනත් අකුරකින් ස්ථානගත කළ දවසට ජනතාවාදි රජයක් බිහිවෙනවා ෂුවර්.

    එදාට අපෙන් විසිල් ! සහ බුල්ටෝ.. !

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. අකුරු හරඹ ඔට්ටු නෑ ඈ....
      හි හි...

      Delete
  17. මට නියෝජ්‍ය නායක පට්ටමකුත් දීලා තියෙන්නේ
    පට්ට පට්ට
    මගේ පියානන්ගේ නාමයෙන් රෙපා වික්‍රමසිංහව එලවලා අපි මේ ඩයිනෝසර් පක්සේ අළුත් ඉසවුවකට අරං යන බව මේ අවස්ථාවේදී ඔබතමුන්නාන්සේලාට ආයෙත් පාරක් කියන්න කැමතියි.
    ගිටාර් එක ගේනවනම් සින්දුවක් කියලම ගියත හැකි

    ReplyDelete
    Replies
    1. අපෝ උඹ සිංදු කියන හැටි අහං ඉන්න බෑ වගේ නිසයි ගුණසේකර මල්ලිට විතරක් සිංදු කියන්න දුන්නේ....

      Delete
  18. සුපිරි මීටර් අපිට ඉන්නවා ආඩම්බරයි.
    ~ආඩම්බරකාර පියා~

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      මේ අ.රා නං තාම පියෙක් නෙමේ...
      (හැබැයි කියන්න බෑ)

      Delete
  19. නියමයි සියලු රසින් පිරි රස සාගරයක්..

    ReplyDelete
    Replies
    1. හි හි...
      ගොඩක්ම මඩ රස තමා ඇත්තේ...
      ස්තූතියි දයා අයියේ!!!!!

      Delete
  20. සිරා මචං. මෙහෙම එකක් කියෙව්වමයි. තරියගේ මොලේ තමයි මොලේ. :D

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම එක දාන්නත් බෑනේ...
      හි හි....

      Delete
  21. ඒයි පිස්සා..
    මොනාද මේ ලියල තියෙන්නේ ආ?? O_o
    හි හි..උඹ සිරාවටම නිර්මාණශීලි බං.
    මට නම් මෙහෙම ඒවා ලියවෙන්නෙ නැහැ :)
    නියමයි,,
    මම කැමතියි මේ පෝස්ට් එකට.
    ජයෙන් ජය මචා.................................... :)

    ReplyDelete
    Replies
    1. මං හිතුවා ගේමක් අදී තමා කීලා මේකට...
      හි හි...
      ස්තූතියි ස්තූතියි අගය කිරීමට ඈ...
      ජය ජය..

      Delete
  22. මේවාට වග කියන්න ඕනේ කවුද.. කවුද සහෝදර සහෝදරියනි.. !! අපේ අඩවියා.. රජා.. රාජකීය නාමය විකුනලා මූ රජවෙලා මදිවට දැන් දැන් යුව රජ බිසව රජ පැටියා ගාගෙන එන්නේ හොඳකට නෙවෙයි..

    (මේ ඇතිද බං?)

    මට තවම හිනා මේක දැකලා.. රජා යහතින් නේ?? (අර මාව ජයසේකර කියලා ගුණසේකර කලේ ඇයි සහෝදරවරුනි.. මිත්‍රවරුනි මේවා විජාතික කුමන්ත්‍රණ නෙවෙයි.. මේවා ජනතාවාදී බ්ලොග් වාදී කුමන්ත්‍රණ..)

    ReplyDelete
    Replies
    1. කරලා තීන වැඩවල හැටියටනං ඔය මදි....
      සිරාවට ඔය යුව රජා ගැන විස්තර දාන්නෙනං අනිවා හොදකට නෙමේ...
      රජා තාම සද්දයක් නෑ...
      සමාවෙන්න ඕනා මගේ අතිං වෙච්ච වරදට...
      දැංමම නිවැරදි කරන්නං...

      Delete
    2. ඒක තමා මාත් බැලුවා කවුද මේ ගුණසේකර ගොබිලා කවුද කියලා. ඩිව් ගුණසේකරව තමා මතක් වුනේ

      Delete
    3. මිනිහගේ ගන්න දේකුත් නෑ ලියන්න දේකුත් නෑනේ...
      මේ අපේ මයික්‍රෝස්ටාර්...
      අර සිංදු කියන්නේ..

      Delete
  23. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපරිමයි. බ්ලොග් අවකාශයේ මඩ යනවා නම් යන්න ඕනේ මේ වගේ මඩ තමා :D

    ReplyDelete
    Replies
    1. හසිත සහෝ හරි! )

      Delete
    2. @ හසිත අයියේ...
      දැං මාත් මඩ පැත්තට කෙමෙං කෙමෙං ඇදී යනවා අප්පා..
      ස්තූතියි ඈ..

      @ ක්සැන්ඩර් & හිරුවා...
      තැංකූ තැංකූ...

      Delete
  24. ජෝක් එකට ලිව්වත් මේක පට්ට සීන් එකක් නෙව.
    කියවලා ඇති වෙන්නම හිනා උනා.... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      ඡන්ද ප්‍රතිඵල ආවම මේ පාරත් අඩන්න වෙයි කියලා හිතුන නිසා කලිංම දැම්මා...

      Delete
  25. මේ මාසෙටයි ගිය මාසෙටයි දෙකටම දැක්ක හොඳම බ්ලොග් පෝස්ට් එක.නියමයි තරී....

    ReplyDelete
    Replies
    1. මාස ගානකට මෙවුවා ඇති වගේ එහෙනං...

      Delete
  26. හේ හේ මට චන්දෙ දුන්නනම් ඔය කිසිම උලව්වක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කෝරලයට ඡන්දෙ දුන්නනං අපිට දඬුකදේ තමා ඉන්න වෙන්නේ හැමදාම...

      Delete
    2. බුහාහාහාහාහා....

      Delete
  27. හය්යූ.හිනා වෙලා බඩත් රිදෙනවා... ඇයි යකෝ මගේ ලස්සන නම අර මට එපා කරපුම ආකර්ශා එක්ක සම්භන්ධ කොලේ ඉහි ඉහි මොනවා උනත් නියමයි ඈ

    ReplyDelete
    Replies
    1. අනික අනිත් හැමෝටම පින්තූර දලා කෝ මං කෙළීගේ පින්තූරයක්? මේක අසාදාරණ නැද්ද ආ....?

      Delete
    2. ආකර්සාගෙ පාර්ට් කාව්‍යා තුලිං පිලිඹිබු වෙනවා කියලා හිතුනා...
      බට්ටි මැට්ටිගෙං මං ඇහුවා කාව්‍යක්කගෙ පොපයිලෙ මොකක්ද පිංතූරෙ උස්සන්න කියලා..
      ඉරිසියාව වැඩිකමට කිවුවේ නෑ..
      පිංතූර නැත්තං මං මවන්නයැ..
      මං නිකං හිටියා..
      වැරැද්ද බට්ටි මැට්ටිගේ..

      Delete
  28. බොටත් හිතෙන ඒවා. ඒ පාර සයන්ස් අතෑරලා මඩට බැස්සද ?ගැහුවට කමක් නෑ මඩ හෝද ගනින් එතකොට රජ උනෑකි.
    මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසුයිලුනේ

    ReplyDelete
    Replies
    1. සයන්ස් වලිං දානකොට මිනිස්සුන්ට තේරෙන්නෑලු බං..
      මේ දවස් වල සයන්ස් ෆික්ශන් එකක් ලීනවා මිනිස්සුන්ට තේරෙන විදිහට...
      අනිවාර්යයෙං රජකමට සුදුසුයි..
      දැං බලන්න අපේ අඩවි රජා අමු ගොවියනේ..
      ඔය මඩ බාගෙටනේ හෝදං ඉන්නේ..

      Delete
  29. උඹලගෙ මී ජයාගෙ රෙදි ගලවා ඇත.
    http://janasenaa.blogspot.com/2012/09/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. මීවනපලානයන්ගේ රෙදි ගැලවීම සම්බන්ධයෙන් ජනසේනා හට මාගේ බලවත් විරෝධය...
      (ජනසේනා ලියන්නෙත් මීවනපලානේමදැයි සැක සහිතයි..)

      Delete
  30. යකෝ.... අතිගරු අරාට දාන්න වෙන ලස්සන වැදගත් පින්තූරයක් තිබ්බෙම නැද්ද ඈ??? :)

    විපක්සේ රජාගේ අඩවිය වහනවා බොරු... මතකනේ එදා ජාතිය ඇමතීමේ කතාව.
    .
    .
    .
    මේ උඹලා ආශ්‍රය කරන රජත් නිකන් නයා වගේ පොරක්. නයි කයිද රෝස් පාන්? නෑ.... හොදි තිබ්බත් නැතත් උන් පාන් කන්නේ නෑ. මොකද උන්ට උඹලට වගේ පාන් නෑ.

    මොනවා උනත්... අපි හැමෝටම ගරු කරනවා. ඒක නිසා අපි මේ පෝස්ටුව රජාගේ මඩ හා මල් විජට් එකට ඇතුලත් කරනවා.

    ඒත් මේ ගහපු මඩට මුගේ නැට්ට කොට වේවා!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අ.රාට අපි පිලිතුරු දෙන්න ඕන්නෑ...
      ජනතාව පිලිතුරු දීලා තීනවා...
      පිංතූරේ උබේ බුකි පොපයිලේ පීරලා පීරලා හොයා ගත්තේ...
      හික්ස්..

      Delete
  31. පට්ටයි මචෝ ඇ.........

    ReplyDelete
    Replies
    1. තැංකූ මචෝ...
      එකෙංම ඈ....

      Delete
  32. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී රාමුවක් තුල පින්තූර රාමු කොරන්නද බොලාලා හදන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...
      අ.රා ඇතුලු මේ කතා පවත්තපු එවුංගෙංමයි අහන්න ඕනා..

      Delete
  33. බුහහහා.... ළඟකදි කියවපු පට්ටම පෝස්ට් එකක්... :D

    ඔය ඔක්කොමල බ්ලොග්ලන්තෙ උන්නතියට කැපවෙලා වැඩකරනකං බ්ලොග්වාසීන් සුවෙන් සැපෙන්... සුභ වේවා! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මගේ හිත....
      අනිවා අනිවා..
      අ.රාලා බ්ලොග් ලෝකෙ කෑවට අපි ඉන්නවා එවුවා එලි පෙහෙලි කරලා ජනතාව වල වෙත දක්කං යන්න...

      Delete
  34. ඔක්කොමත් හරි ඈ අර හිටං හිටං කෑල්ලට නම් හිටගෙනත් හිනා... මරු ඈ...

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං සිරිසේන උන්නැහේගේ කටේම තියෙන එකක්නේ හිටං...

      Delete
  35. නියමයි තරියෝ..
    සුපිරි වැඩක්...

    ReplyDelete
    Replies
    1. ඉත්තූතියි පැංචියෝ...
      ජයවේවා!!!!!!!!

      Delete
  36. අම්මටසිරි !! කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වා ! මරු ඈ !! :D

    ReplyDelete
    Replies
    1. මේ කියන්න හදන්නේ අයිසා හරි බිසී කියලනේ...
      පුහ්..

      Delete
  37. පවු අනේ අපේ හිරුවා..කොහොම උනත් වෙනස් අදහසක්..සුපර් :)

    ReplyDelete
    Replies
    1. හැමාදාම එකම දේ දාලා හරියන්නෙත් නෑනේ...
      එල ඈ...
      ජය ජය..

      Delete
    2. හී හී :)

      Delete
  38. mada godai............. :)

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑ...
      හැමතැනම නෑ...

      Delete
  39. හෙහ් හෙහ් ගන්ඩ දෙයක් නෑ ඇඟ පුරාම මඩ. තනි ඇහැට ඇඩේනකොට නහයෙන් කඳුළු දොට්ට පනිනවා කිව්වලු. හෙහ්හ් හෙහ්

    ReplyDelete
    Replies
    1. නහයෙං කදුලු එන්නේ යූෂ්ඨේකීය නාලය දිගේ කියලා ඉගෙන ගත්තා මතකයි....
      මඩ නානකොට කදුලු එන එකනං දන්නෑ...
      හික්ස්....
      ජයමවේවා!!!!!!!

      Delete
  40. බ්ලොග් ලෝකේ මෙහෙම කියන කතාත් යනවද? කොහෙද ඉතින් කාලේ යනවා අපි මේ පැත්තට එවෙනවා අඩු නිසා අහන්න ලැබෙන්නේ නෑ නේ ඉතින් මේකේ දෙවෙනි කොටසත් ඒවි නේද?

    ReplyDelete
    Replies
    1. දෙවනි කොටසනං එයි කියලා කියන්න දැංම අමාරුයි...
      බ්ලොග් ලෝකෙ තමා හොදම කියන කතා ටික යන්නේ...
      හි හි...

      Delete
  41. Replies
    1. එල නං එල රාජ් අයියා!!!!!!!!!!!!

      Delete
  42. Replies
    1. ආ කාලෙකට පස්සෙ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ අමාට...
      හිහ්...
      හොදා හොදා...
      දැංවත් දිගටම එන්ට..

      Delete
  43. අම්මට හ්උඩු තරියො ... උඹට කියන්න ඔනි එව අනික් එවුන් පිටින් දාල ලිවුව මන්දන්නෙ නැහැ

    ReplyDelete
    Replies
    1. අඩේ මං ඒම කරනවද බං...
      චික්...
      එවුවා මහ කැත වැඩනේ..

      Delete
  44. හිහ්..මරු ඕයි මේක නම්............. :D

    ReplyDelete
  45. මෙන්න පහක් ... පහක් මදි මෙන්න දහයක්ම .

    ReplyDelete
    Replies
    1. හි හි...
      ලොකු ජෝං අයියා අදද කියෙව්වේ මේක???????

      Delete
  46. හෙක් හෙක් කියන කතාත් බැලුවා මෙහෙම කතා නම් නොබැලුවා! මල් හතයි පෙති විසි එකයි තරියා! නටු, ආආ.. නටුත් හතක් දාගන්නකෝ! ^_^

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????