---තෙවැනි කොටස---
හොදයි බෙල්වුඩ් මහත්මා අපි බලාපොරොත්තු වනවා ඔබ සතු තොරතුරු හැකි ඉක්මනින් අප වෙත ඉදිරිපත් කරනු ඇතැයි කියා.
ස්තූතියි ලේකම්තුමනි.
මිනිත්තුවක් ඉන්න බෙල්වුඩ් මහත්මා.
ලේකම්තුමනි.
තවදුරටත් එය රහසක් ලෙස තබා ගැනීමෙන් පලක් නෑ. අපට CIA කාර්යභාර්ය නිලධාරී මුනගස්වන්න. තව විනාඩි 5ක් ඇතුලත.
නමුත් ජනාධිපති තුමනි ඒ ඉතාමත් රහසිගත ජාතික ආරක්ෂාවට පවා බලපාන කරුනුනේ.
ලේකම්තුමනි. මම හිතන විදිහට ඒ කරුණු බෙල්වුඩ් මහත්මාටත් ඉතා වැදගත් වෙයි.
හොදමයි ජනාධිපති තුමනි. තවත් විනාඩි 5කින් ඕවල් සාකච්චා කුටියේදී හමුව සූදානම් කරන්නම්.
ස්තූතියි ලේකම් තුමනි.
ජනාධිපති තුමනි මට මේ මොකක් ගැනද කියන්නේ කියලා තේරුම්ගන්න අමාරුයි.
හොදයි ස්මිත් මහත්මා එනතුරු මම ඔබට පැහැදිලි කරන්නම්.
බෙල්වුඩ් මහත්මා ඔබ අහලා ඇති ඒරියා 51 ගැන.
ඇත්තෙන්ම ජනාධිපතිතුමනි එම කදවුර අද්භූත දේ කෙරෙන ස්ථානයක්ද?
නැහැ බෙල්වුඩ් මහත්මා. ඒරියා 51 යනු ලෝකයෙන් අප සිදුකරන රහසිගත පර්යේෂන ක්‍රියාකාරකම් ආදිය වසන් කිරීමමට යෙදූ උපක්‍රමයක්.
බෙල්වුඩ් මහත්මා ඇත්තම ඇමරිකානු රහස් කදවුර තිබෙන්නේ ලාස් වේගස් නගරයේ.
මට තේරුම් ගන්න අපහසුයි. ලාස් වේගස් වල මම දන්න තරමින් කදවුරක් ඉදි කරීමට තරම් ඉඩ කඩක් නැහැනේ.
ඔව්. නමුත් ඒ මතුපිට. පොලොව යට බිම්ගත ගොඩනැගිලි තිබෙන්නට පුළුවන් නේද?
දෙවියනේ..
ඔව් බෙල්වුඩ් මහත්මා. අප වසර ගනනාවක් තිස්සේ එහි පර්යේෂන පවත්වනවා. ඒ පර්යේෂන මොනවාදැයි කියලා අපට හරියටම දැන ගැනීමට හැකි වනවා ස්මිත් මහත්මයාගෙන්.
මට පෙනෙන විදිහට අපට දීර්ඝ සන්ද්‍යාවක් සාකච්චාවෙන් ගත කරන්නට වෙනවා. ඔබ කැමතිද මා සමග රසවත් තේ කෝප්පයක් රස විදින්න?
අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමනි. එය මට ගෞරවයක්.
ස්තූතියි බෙල්වුඩ් මහත්මා.
ජනාධිපති තුමනි CIA කාර්යභාර්ය නිලධාරී ස්මිත් මහත්මා පැමින සිටිනවා.
හොදයි ඔහුව සාකච්චා කාමරයට කැදවන්න. අපි යමු බෙල්වුඩ් මහත්මා.
සුභ සන්ද්‍යාවක් ජනාධිපති තුමනි.
සුභ සන්ද්‍යාවක් ස්මිත් මහත්මා. මේ පුරාවිද්‍යාඥ බෙල්වුඩ් මහත්මා.
බෙල්වුඩ් මහත්මා මේ CIA කාර්යභාර්ය නිලධාරී ස්මිත් මහත්මා.
හදුනාගැනීම සතුටක් බෙල්වුඩ් මහත්මා.
මටද එසේමස් ස්මිත් මහත්මා.
හොදමයි මහත්වරුනි එසේනම් අප සාකච්චාව ආරම්භ කරමු.
කෙටි දැනුම්දීමකින් පැමිනියාට බොහොම ස්තූතියි ස්මිත් මහත්මා.
අපගේ වීනස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු මගින් බෙල්වුඩ් මහත්මාව දැනුවත් කිරීමටයි අප ඔබව කැදවූයේ.
හොදයි ජනාධිපති තුමනි. මේ සම්බන්ධයෙන් ලේකම් තුමා මා දැනුවත් කලා.
මම මුල සිට කෙටියෙන් ඒ ගැන බෙල්වුඩ් මහත්මාව දැනුවත් කරන්නම්
බෙල්වුඩ් මහත්මා ඔබ දන්නවා යුරෝපයේ නැගී සිටීමට පෙර සිට ආසියානුවන් අතිවිශාල දියුනුවක් ලබා සිටි බව.
නමුත් අවසාන කාලය වන විට ඔවුන් දේෂපාලනික වශයෙන් අස්ථාවර වී සිටියා.
මේ නිසා බටහිර ජාතීන් ඔවුන් යටත් කර ගත්තා.
බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් අනතුරුව ලාංකිකයන් සතුව වැදගත් යැයි හැගෙන පොත් පත් මුතු මැනික් රන් අදිය බ්‍රිතාන්‍යයට ගෙන ආවා.
ඔවුන් ගෙනා පොත් පත් අතර තිබුනේ යන්ත්‍ර මන්ත්‍ර, කලා කෘති, බුද්ධ දර්මය හා ඉතිහාසගත කරුණුයි.
ස්වභාවයෙන්ම අහංකාර ජාතියක් වූ ඉන්ග්‍රීසීන් යන්ත්‍ර මන්ත්රාදීන් දේ පිලි නොගන්නා බැවින් ඔවුන් ඒ ග්රන්ථ අධ්‍යනය නොසලකා හරින ලදී.
නමුත් ඒවායේ වැදගත්කම හදුනා ගත් ජර්මානුවන් ඉන්ග්‍රීසීන් සතුව තිබූ එම පොත් ලබාගන්නා ලදී.
ඔවුන් ඒවා හයිඩ්‍රා නම් ඒකකයක් පිහිටුවා පර්යේෂණ කරමින් යුද්ධයේදී මිතුරු රාජ්‍යයන් මවිත කරන අන්දමේ අවි,යානා වර්ග නිපදවූවා.
අවසානයේ යුද්ධය මිත්‍ර පාක්ෂිකයන් ජය ගැනීමත් සමගම අප විසින් එම මූලාශ්‍ර ග්රන්ථ අප සතු කරගත්තා.
ජර්මානුවන් කලාක් මෙන් අප විසිනුත් එම ග්රන්ථ පර්යේෂණයන්ට ලක් කිරීමට වීනස් ව්‍යාපෘතිය ආරම්භ කලා.
ඒ කියන්නේ අද මම අපේ පුරාවිද්‍යා සොයාගැනීම් ඔබ තුමට ඉදිරිපත් කිරීමට පෙර ඔබ මේ ගැන දැනගෙන සිටියා.
බෙල්වුඩ් මහත්මා ඔබේ ප්‍රශ්ණයට මට ඔව් කියන්නත් පුළුවං නෑ කියන්නත් පුළුවං.
ජනාධිපති තුමනි ඔබතුමාට පුළුවන්ද මට මේ පිලිබදව විස්තර කරන්න.
මෙහෙමයි බෙල්වුඩ් මහත්මා. රාවන පුරාවෘතය කෙසේ වෙතත් ලාංකිකයන් සතුව දියුනු තාක්ෂනයක් තිබූ බව මා දැනන් සිටියා.
නමුත් ඔබ පැවසූ ආකාරයේ රාජ්‍ය පාලනයක් හා පැවති බවට අපට පිලිගත හැකි සාක්ෂි තිබුනේ නෑ. ඒ වගේම ඔවුන්ගේ ශිෂ්ටාචාරය හදිස්සියේ කඩා වැටීමට හේතුවූ කාරනයත් අප දැනන් සිටියේ නෑ.
අ.. බෙල්වුඩ් මහත්මා. මම කැමතියි ඔබතුමා අපගේ කදවුරට පැමිණ ඒ ග්රන්ථ අධ්‍යනය කරනවානම්. මොකද ඇතැම් කරුණු අපට තවමත් හිතාගන්න අමාරුයි.
විශේෂයෙන්ම ඔවුන්ගේ යාන්ත්‍රික විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා සම්බන්ධයි. අපට මෙය තේරුම් ගැනීමට අපහසුයි.
ස්මිත් මහත්මා බටහිර ජාතීන් වරද්ද ගන්නා තැන තමයි එතන. ආසියානුවන් ඛනිජ තෙල් වැනි බලශක්ති ප්රභවයන්ට වඩා මුල් තැනක් දී කටයුතු කලේ සූර්ය ශක්තියයි. ඒවා විධිමත්ව හා වැඩි බලයකින් යුතුව ලබාගැනීමට එම යන්ත්‍ර මන්ත්‍ර ඔවුන් යොදා ගත්තා.
ඇත්තෙන්ම ඔවුන් අපට වඩා අධ්‍යාත්මික බලයකින් යුක්ත වූවන්.
ඔබ කැමතිනම් අප සොයාගත් අවසන් දත්ත සදහන් උපකරණය ඔබ සතු පහසුකම් යොදා යතා තත්වෙට පත් කර ගැනීමට අපට සහය වන්න ස්මිත් මහත්මා.
අනිවාර්යයෙන්ම බෙල්වුඩ් මහත්මා. අප සතු තාක්ෂණයෙන් එය සිදුකිරීම ඉතා පහසු වේවි. මා විස්වාස කරනවා ඒ මගින් අපට මතුවී ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවේ යැයි කියා.
බෙහොම හොදයි මහත්වරුනි. එසේනම් අප අදට සමුගනිමු. එය ඉතා ගෞරවයක් ඔබ දෙපල වැනි විද්වතුන් දෙදෙනෙක් සමග කාලය ගත කිරීමට ලැබුනාට.
බෙල්වුඩ් මහත්මා මම හිතනවා ඔබතුමා කරන මේ ගවේශණය ලෝක වාසීන්ගේ ඉදිරි පැවැත්මට ඉතා වැදගත් වන දෙයක් වේවි කියා.
ඔබට මම හදවතින්ම සුභ පතනවා. එමෙන්ම වැදගත් සියලු දේ පිලිබද මා දැනුවත් කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
මා අද දිනය ඇතුලත විශේෂ අවසරයක් ඔබ වෙත නිකුත් කරන්නම්. එමගින් ඔබේ කටයුතු තවත් පහසුවේවි.
ස්තූතියි ජනාධිපතිතුමනි. බොහොම ස්තූතියි.
සිව්වැනි කොටසට
එල එල!!!
ReplyDeleteඑල නං එල...
Deleteතැංකියු කමෙන්ට් එකට
නියමයි...දිගටම කරගෙන යන්න බොක්කෙන්ම සුබ පැතුම්.
ReplyDeleteස්තූතියි...
Deleteසුභ පැතීමට නොවේ..
කමෙන්ටුවට...
බහුතර අංකුර ශිල්පීන්ගෙන් දුලබ අතලොස්සක් අතර මෙවන් දුර්ලභ ප්‍රතිභාවන් දැකීමට ලැබීම ඇත්තෙන්ම සතුටකි... <3
ReplyDeleteතේරුන්නෑ...
Deleteතැංකූ ඈ...
මට නම් ඒ කමෙන්ට් එක නිකන් මල් පිපෙයි. බිල්ඩින් කඩන් වැටෙයි කිව්ව වගේ :P
Deleteහික්ස් නොකිව්වට මටත් ඒම තමයි තේරුනේ!!!!!!!
Deleteබෙල්වුඩ් ලොක්කට තව විස්තර ඕන නම් මාව හොයාගෙන එන්න තියෙන්නෙ. මම දෙන්නම් රාවණා ලොක්කගෙ අන්තපුරේ ගැන විස්තරත් එක්කම සියලු දත්ත ගබඩාවම
ReplyDeleteඒවා ඕන්නෑනේ නේ.....
Deleteමොනා උනත් මට පේන්නේ බෙල්වුඩ් කාරයා අර H.C.P බෙල් කාරයා වගේ අවුල් පොරක් නෙමේ වගේ..
ස්තූතියි කමෙන්ටුවට
හා ;)
Deleteඑල!!!! ;)
Deleteඑල මචෝ.... ඇග කිලිපොලා යනවා.....
ReplyDelete-චකයා-
ඕක ලෙඩක් මචං...
Deleteබෙහෙතක් ගනිං...
තැංකූ ඈ කමෙන්ට් එකට..... ;)
උබේ කතාව තමයි බෙහෙත.... :P
Deleteඑල එල එහෙම හරි සනීප උනොත් හොදා..
Deleteනැත්තං අර දැරිවි පව් නෙව..
මරු මචන්...දිගටම ලියපන්.......උබට හොද BLOGඅනාගතයක් තියනවා කියලා පේනවා..
ReplyDeleteඑල මචං තැංකියු ඈ........
Deleteඑල මචං. එළම කිරි. ඉක්මණට අනිත් කොටසත් දාපන්.
ReplyDeleteතැංකියු මචං..
Deleteදාන්නං දාන්නං.. පචේ ගොතන්නත් එපැයි!!!!!
මෙයා 26 බලලා වැඩි වෙලා... ඒක නෙමේ ඔයා හොඳට පත්තර කියවන බව පෙනෙනවා.. සමහර කොටස් එහෙම් පිටින්ම පත්තර වල පල කරපුවා. " රවානාගෙ දඬු මොණර යානාව රසදිය තාක්ෂණයින් හැදුවා කියලත් දාන්න. "
ReplyDelete{මෙය විවේචනයක් කියා වරදවා වටහා ගැනීමට තරම් ඔබ බොළඳ බව නොසිතමි..}
අපොයි නෑ..
Deleteදැං හැම තැනම රාවනා ගැන නයි අරින කස්ටිය වැඩි උනාට ඉස්සර රාවනාව ගනං ගත්තෙත් නෑනේ..
මං නං ඒ දවස් වල ඉදං උනන්දුයි.
අනික මේක ප්‍රභන්දයක් විතරයි..
බොහොම ස්තූතියි කමෙන්ටුවට.
ඒත් මොකක්ද 26 කියන්නේ ???????
පත්තර වල පල කරපුවා කිව්වේ කතාවද?
ඒකනං වෙන්න බෑ..
26 කිව්වේ අර ඉස්සර සිරස නාලිකාවේ විකාශනය වූ ටෙලිනාට්‍ය මාලාව. ඒකෙ දෙබස් වගෙමයි මේ කතාවේ ශෙලීය..
Delete26 කියලා එකක්නං දන්නේ නෑ මචෝ...
Deletehttp://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html turn page 4
ReplyDeleteලිංකුව වැඩ නොකරයි..
Deleteඅන්තර්ගතේ මොකක් ගැනද කියනවද?
රාවනා විස්තරය!! randiwa.lk ගොස් එහි චතුර්ශරය යන පිටුවට ගොස් බලන්න.. 4 පිටුව
Deleteඅදයි මේ පැත්තට ආවෙ... දිගටම ලියපන් ආයෙත් එනවා..
ReplyDeleteබොහොම ස්තූතියි සිරෝ...
Deleteසාදරයෙන් පිලිගන්නවා....
අනිවා වරෙන්...
පට්ට පට්ට......... ඔහොම යං.... ඔහොම යං...... :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
රාජ සම්පත්නං නැතත් කමක් නෑ රජෝ...
Deleteස්තූති වේවා කමෙන්ටුවට..
පිලිගන්නවා කෙරුවාවට..
ෆට්ට නේ බාන්z.. උඹට කතා ලියන්න පුලුවන් නියමෙට.
ReplyDeleteහික්ස්..
Deleteකතාද පචද???
ස්තූතියි කමෙන්ටුවට..