කලිං පෝස්ට් එකකින් මං දැම්මනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශනේ පිලිබද පෝස්ට් එකක්.
කියෙව්වේ නැති අය මෙතනිං බලන්න.
ඒකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඔහු හොද චිත්‍ර ශිල්පියෙක් වගේම හොද චිත්‍ර කතා නිර්මාපකයෙක්.
ඉතිං කලිං පෝස්ට් එකේදි මම අන්තිමට දැම්මා ප්‍රදර්ශනේදි මම ඡායාරූපගත කරපු චිත්‍ර කතාවක්. ඒකෙදි මම කිවුවා තව කතා දෙකක් තියෙනවා ඉදිරියේදි පෝස්ට් කරන්නං කියලා. අද දෙන්න ලෑස්ති වෙන්නේ ඒ චිත්‍ර කතාව තමා.
ඒත් ඉතිං නිකංම චිත්‍ර කතාව දැම්මම කිසි කික් එකක් නෑනේ.
ඒ නිසා ඒ චිත්‍ර කතා ගැන අපි පොඩ්ඩක් හොයලා බලලම වැඩේට බහිමු.
ලංකාව තුල චිත්‍ර කතා කියන එක අදනං එච්චර ජනප්‍රිය නැති උනත් 70ව 80ව දශක වලත් 90 දශකයේ මුල් කාලෙදිත් චිත්‍ර කතා පිස්සුවක් ලංකාවේ තිබ්බා.
ඒ කාලේ හිට් වෙච්ච චිත්‍ර කතා වලින් මෙගා නාට්ටි ගහන්නත් පහුගිය කාලේ කට්ටිය කටයුතු කලා. “බට්ටි“, “ඉතිං ඊට පස්සේ“ කියන්නේ ඒ වගේ චිත්‍ර කතා පාදක කරගෙන නිර්මාණය කරපුවා තමා.
නමුත් 90ව දශකයේ අග භාගය වෙනකොට චිත්‍ර කතාව කියන එක ටිකෙන් ටික අභාවයට ගියා. දැන්නං නැත්තටම නැති තරං. පත්තර වලනං පොඩි කෑල්ලක් යනවා. ඒකත් මිනිස්සු බලන්නෙම නැති තරං.
අපේ කාලේ ළමයි අතර ජනප්‍රියම චිත්‍ර කතාව තමා “මල් මාමා පෙනී සිටින මකාගෙ යලක්“ කියන විජය පත්තරේ යන චිත්‍ර කතාව ඊට අමතරව ඒ කාලේ පොඩි උං අතර තිබ්බ චිත්‍ර කතා තමා ඔය “බටකොල ආච්චි“ වගේ මිහිර පත්තරේ ගිය එවුවා.
කෝම හරි ඇයි මේ චිත්‍ර කතා කෙරුවාව අභාවයට ගියේ කියලා අපි ඇහුවා අනුර ශ්‍රීනාත්ගෙන්ම. එතුමා දුන්නු උත්තරේ තමා මේ.
“රූපවාහිනියේ ආගමනයත් එක්ක චිත්‍ර කතාව ජනතාවගෙන් ගිලිහී ගියා. අපේ ශිල්පීන් විසින්ම ලංකාවේ චිත්‍ර කතා කලාව විනාශ මුඛයට ඇද දැම්මා කීවොත් මා නිවැරදියි.චිත්‍ර කතා ශිල්පියා යන පුද්ගලයා විසින්ම තම ශිල්පයේ වටිනාකම බාල කල විට ශිල්පය නැසී යාම කාටවත් වැලැක්විය නොහැකියි. ශිල්පීන් බොලඳ, කාමුක, හා නිසරු දේ චිත්‍ර කතාවට එක් කල නිසා සාමාන්‍ය ජනයාට චිත්‍ර කතාව එපා වීමක් සිද්ධ උනා. චිත්‍ර කතාව තදින් වැලදගෙන සිටි පාඨකයා මෙය ප්‍රතික්ෂේප කලා. කලින් දරුවන්ට චිත්‍ර කතා පත්තර ගෙනත් දීපු අම්මලා තාත්තලාම චිත්‍ර කතා පත්තර ගෙදර තුලදි තහනම් භාන්ඩයක් බවට පත් කලා.“
ඇත්ත කතාව නේ??????
සිද්ධිය කියද්දි මට මතක් උනේ අපේ බ්ලොග් කෙරුවාව.
මේ යන විදිහට චිත්‍ර කතාවට වෙච්ච දේම තමා බ්ලොග් කරණයටත් අත් වෙන්නේ.
මොකද දැං බ්ලොග් ලියන උං නිර්මාණයක් ඉදිරිපත් කරනවට වඩා බලන්නේ කවුරු හරි හොදට බ්ලොග් එකක් ලියන එකෙක්ට මඩ ගහන්නනේ.
මඩ ගැහුවත් කමක් නෑ සුන්දර විදිහට, ඒත් මේකේ වෙන්නේ අසික්කිත ඉරිසියාව පිට කිරීමක්නේ..
ගෙම්බා වගේ බිම ඉදං ඉරිසියා කරන්නැතුව උඩට නගින්න බලහල්ලා. |
කමක් නෑ, තමංගෙ මැට්ටං තං මැට්ටං කීනවා වගේ උංට හොදනං අපිට මොකෝ.
කෝම හරි ඉතිං චිත්‍ර කතාවට වෙච්චි දේ පැහැදිලියිනේ. ඒත් අදටත් අතරිං පතර චිත්‍ර කතා කියන එක පන ගැහි ගැහි හරි ඉතුරු වෙලා තියෙන්නේ මේ වගේ නිර්මාණකාරයෝ නිසා බවනං පට්ට පැහැදිලියි.
චිත්‍ර කතා ගැන කතා කලා ඇති බලමු අපේ අද චිත්‍ර කතාව දිහා.
චිත්‍ර කතාවේ නම “මනුස්සකම“ ඇදලා තියෙන්නේ 1994දි.
එල නේ????
තව එකක් තීනවා ඊලග පෝස්ට් එකෙං දෙන්නං ඈ...
ජයවේවා!!!!
(වලි නැති හෙටකට සාමකාමී බ්ලොග් කරණයක නිරත වෙමු.. මීට සාමකාමී තරියා)
හහහා......පට්ට ආ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනිවා අනිවා..
Deleteතැංකූ ඈ..
ජයවේවා!!!!!
සිරාම කතාව මල්ලි.. චිත්‍ර කතාව විතරක් නෙවෙයි අර ඔයා උඩින් කියලා තියෙන මඩ කතාවත්..
ReplyDeleteඊයේ ඔහේ බ්ලොග් අවකාශයේ සැරි සර සර ඉන්නකොට අහම්බෙන් වගේ මඩ බ්ලොග් දෙක තුනක් හම්බු වුනා.. ඇත්තටම පුදුම විදිහට කලකිරුනා.. මොක්ද කෙනෙක් තමන් හදාගන්න බ්ලොග් එකේ තමන්ට කැමති දේ නේ ලියන්නේ.. ඒ ලියන්නේ නොමේරූ අදහස්ද, කුණුහරුපද, නයිද, මොනාද කියන එක අපිට වැඩක් නැ.. අපි ආස නැත්නම් කියවන්නේ නැතුව ඉන්න එකයි කරන්න තියෙන්නේ.. ඒත් මේකේ වෙන්නෙ ඒකම කියව කියව තමන්ගේ බ්ලොග් එකෙත් මහා ලොකුවට ඒවාට බැනලා දානවා.. අනේ මන්දා... ජය වේවා..
හි හි...
Deleteමොනා කරන්නද ඉතිං..
ස්තූතියි රතු හැට්ටකාරී අක්කේ කමෙන්ටුවට.. ජයවේවා!!!!!!
නියම කතාව..ඇත්තනේ.සමහර දේවල් ගැන අපි කොච්චර අනිත් අයට පොර ටෝක් දැම්මත් තමන්ගේ කෙනෙක්ට ඒ දේම වුනොත් තරහ යනවා.
ReplyDeleteමගෙත් ආසම චිත්‍ර කතා තමා මකාගෙ යලක්,බටකොළ ආච්චි.ඉස්සර විජය,මිහිර ගන්නෙම ඕවා බලන්න.:)
බ්ලොග් ලෝකේ ගැන තරියගේ අදහසට මමත් එකඟයි.මඩක් වුනත් ගහන විදිහක් තියෙනවනේ නැද්ද..??
අයියෝ මම හිතුවේ මම එක කියල.බලනකොට රජා මැදින් පැනලානේ.
Deleteකමක් නෑ මම තුන.
ඒකනේ..මමත් හිතුවා මම එක කියලා.. මේ රජා මල වදයක්.. රට වටේ යනවා කිව්වට යන්නෙත් නැද්ද කොහෙද.. ;)
Deleteපොර ටෝක් දුන්න සබ්ජෙක්ට් එකක් සම්බන්ධයෙං මාත් මේ දවස් වල කොර වෙලා තමා ඉන්නේ හැබැයි..
Deleteකෝම හරි ඉතිං මේකේ වලි අදක ඊයක පටං ගත්තු එකක් නෙමේනේ..
එක වෙන්න පොර කෑම මගේ බ්ලොග් එකටත් ඇවිත්නේ..
සංතෝසයි ඈ..
පට්ට පට පට..
ස්තූතියි දෙන්නගෙම කමෙන්ට් වලට..
ජයවේවා!!!!!!
ඔහේගේ මෙව්වා එකත් සෝක්... ඒ වගේම තමා මට මගේ බ්ලොග් ගොඩොල බැඳ ගන්න අතරින් පතර දෙන උදව් නම් කියල වැඩක් නෑ.. ඔහේ හරි හිත හොඳ එකෙක් වගේ.. (අම්ම කිව්වා කොල්ලෝ " සිනාවෙන් හෝ කතාවේ බෑ මනින්නට මිනිහා" කියලා)...
ReplyDeleteඅඩේ චරිත සහතිකේට තැංකූ ඈ..
Deleteනවක අපි නවක අපි වගේම උංට අත දෙන්නැත්තං වෙන කවුරු දෙන්නද නේ...
එල එල ජයවේවා...
ස්තූතියි කමෙන්ටුවට!!!!!!
අඩෝ පට්ටයි බන්..නිකන්වත් හිතුන් නෑ බොල...
ReplyDeleteමොනාද බං උබට නිකංවත් හිතුන්නැත්තේ???????
Deleteජයවේවා ඈ...
ස්තූතියි කමෙන්ටුවට!!!!!
කටේ රියාල් සීයක් ඔබන්න වටිනවා... සහතික හරි කතාව. ඒත් එකම දේ, බ්ලොග් කියන්නේ ලියන උන්ට එපා වෙලා වැහුවට කියවන උන්ට එපාවෙන දෙයක් නෙවෙයි.
ReplyDeleteහා හා ක්සැන්ඩර් අයියේ කතා ඇති..
Deleteගන්න රියාල් සීය.. මේ දවස් වල ඉන්න ආර්ථික අවපාතෙට ඕකත් ලොකු දෙයක්..
කියවන උන්ටත් එපා වෙනවනේ ඉතිං මෙලෝ රහක් නැති බැනුං කියවනකොට..
හා නැද්ද මං කියන්නේ?????
ජයවේවා අයියේ..
ස්තූතියි කමෙන්ටුවට!!!
කියවන උන්ට ඒ වගේ මෙලෝ රහක් නැති එව්වා එපා වෙද්දී උන් කරන්නේ ඒ පළාතේ ආයේ නොයන එක. ඒත් ඒකෙන් කියන්නේ නෑ උන් හැම බ්ලොග් එකකටම නොයා ඉන්නවා කියලා. තම තමන්ගේ නැණ පමණින් මිනිස්සු කියවයි. තම තමන්ගේ රස පමණින් මිනිස්සු විඳියි. හරියට චිත්‍ර කතා වගේ. ඒ රහට කැමති ඇත්තෝ ඒ රස බලති. නොකමැත්තෝ නොබලති..
Deleteඇත්ත ඇත්ත....
Deleteනියමා............................යි තරියා සහෝ.
ReplyDeleteතව තියනවනම් මෙහෙම කතා දාන්නකෝ හලෝ...
නියමම නියමයි. :)
හි හි..
Deleteතව එක කතාවක් තීනවා මචං..
ඉස්සරහට දාන්නං..
ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!!
පට්ට බං චිත්‍ර කතාව. !!!
ReplyDeleteසිරාවටම බ්ලොග් වලත් මඩ සීන් හැම තැනම. එකෙක් ඉහලට යනවට ඉන්න බැරි වෙනකොට කරන කුහකකම්. තමන් තමන්ට කැමති දෙයක් ලියන එක තමන්ගේ කැමැත්ත. ඒවාට සමහර අනික් එවුන්ගේ මයිල් ස්මයිල් වෙනවා.. ලියන ඒවා අල්ලන්නේ නැත්තම් උන් ලියන එව්වා නොකියව හිටිය නම් හරිනේ. මොකට උන් ලියන්නේ රට අල්ලන්නද නෑනේ. ආතල් එකට ලියනවා. අපිත් ආතල් එකට කියවනවා
අනිවා අනිවා..
Deleteමෙව්වා ලිව්වා කියලා අපිට හම්බෙන බම්බුවක් නෑනේ බං..
තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනවා මිසක්..
එල.. ස්තූතියි අදහස් දැක්වීමට..
ජයවේවා!!!!!!!
ela banz !
ReplyDeletekeep it up
Mada nam gahuwath kamak ne ara kiyanawa wage lassanata .habei itin kujeetha widihata mada gahanne ekko thamange bloge dapu comment ehekata.naththam podi wachana 2ka thunakata
සිරාවට ලස්සන මඩ වලටනං අපිත් කැමතියි නේන්නං..
Deleteස්තූතියි මචං කමෙන්ට් එකට..
ජයවේවා!!!!!!!
හිකීස්........ඇත්ත නේන්නම් තද වෙනවනේ ඈ..........
ReplyDeleteඇත්ත තමයි ඈ...
Deleteකාව්‍යා අක්කත් ඉතිං අනේ මන්දා..
හි හි..
තැංකූ ඈ කමෙන්ට් එකට..
ජයවේවා!!!!!!!
මමත් චිත්‍ර කතා බොහොම ආසාවෙන් කියවපු කෙනෙක් තමා. මම පොඩි කාලෙ අපේ අක්කල කොහෙන්දෝ ගෙනල්ල බලන කොට මමත් බලනව.
ReplyDeleteපහු වෙනකොට ඒවත් කාමුකත්වයට බර උනු නිසාද මන්ද ගේන එක නැවතුනා. දැන් තියන විද්‍යුත් මාධ්‍ය ටත් වඩා සාර්ථකව චිත්‍ර කතාවෙන් පණිවිඩයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්න සමත් උනා ඒ දවස් වල චිත්‍ර කතා කරපු අය.
"වලි නැති හෙටකට සාමකාමී බ්ලොග් කරණයක නිරත වෙමු"
එහෙම නේ වෙන්න ඕනි. බ්ලොග් ලෝකෙ එහෙ මෙහෙ යනකොට තියන නිර්දය විවේචන දැක්කම කණගාටු හිතෙනව මොනවටද මෙහෙම කරන්නේ කියලා.
නැතුව...
Deleteමමත් ඉස්සර කියෙව්වා චිත්‍ර කතා..
ඒත් පස්සේ ඒක අඩු උනා. හේතුව අම්මා අරං නොදෙන එක..
දැං ඔය බ්ලොග් කෙරුවාවත් ඒම තමා...
ඔව්වා වැඩි වෙන්න වෙන්න අම්මලා ලමයිංට තානං කරයි කියවන්න එපා කීලා...
ස්තූතියි චන්දන කමෙන්ට් එකට..
ජයවේවා!!!!!!!
ඇත්ත තමා ගන්න එපා එක අඩියක්වත් ඉස්සරහට ....
ReplyDeleteනෝනට සීට් එක දෙනකංම මිනිහා බස් එක එලෙව්වෙ නැතුව ඇති...
Deleteස්තූතියි රොබින් කමෙන්ටුවට..
ජයවේවා!!!!!!
මාත් ආසයි මල් මාමගේ කතාවට...
ReplyDeleteපස්සේ මිහිර පත්තරේ ගන්න බැරි වුන තත්වයක් උදා වුන නිසා මට චිත්‍ර කතා කියවීම අමතක වෙලා ගියා...
පියුමිගේ තාත්තගේ චිත්‍ර කතා මට ඒ අතීතය මතක කරලා දුන්න...
ඔයාග් මේ පොස්ට් එකත් ඒ සුන්දර අතීතය මං ලඟට අරන් ආව...
ඩිජිටල්කරණය ට ලක්වූ වර්තමානයට වඩා පොත් ගොඩාක් බදාගෙන කියවපු ඒ අතීතයට මං අදත් ආදරෙයි...
හ්ම්ම්ම්...
Deleteමං දන්නවනේ බිනූ...
පොත් කියවිල්ලනං කවුරු මොනවා කොහොම කිවුවත් කිසි දේකට සමාන කරන්න බෑ තමා..
ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!!!!
හිකිස්.... ...මරු
ReplyDeleteඅර මුලින් කියපු කතා ටිකනම් ඇත්ත. කවදාහරි බ්ලොග් අවකාශේටත් වෙන්නේ චිත්‍ර කතාවලට වෙච්ච වැඩේ තමයි. මඩ ගැහිල්ල විතරක්ද? බැලු බැලු අත 18+ නේ. හිහ් :)
ඒකනේ ඒකනේ...
Deleteලගදිම අම්මලා කචල් එක දායි බ්ලොග් කියවන එකටත්...
ස්තූතියයි කමෙන්ටුවට සයුරි...
ජයවේවා!!!!!!
හික්ස් සිරා සීන් ඒක
ReplyDeleteසිරා නේන්නං බං...
Deleteමට පේන්නේ ඔය වැඩිපුර කෑ ගහන කොන්දන්ට තීන්නෙත් ඔය සීන් එකම තමා..
නැද්ද????
ස්තූතියි කමෙන්ටුවට නිශාන්..
ජයවේවා!!!!!
++++++++
ReplyDeleteස්තූතියි කමෙන්ටුවට කවිකාරී..
Deleteජයවේවා!!!!!!!
මේ ප්‍රදර්ශනේ තිබුණා පොඩි එකාගෙ ලොකු කතා සෙට් එකේ කතාවක්. ඇයි තව තිබුනේ. "කරන්නෑ" කතාව. ඒකත් මරු
ReplyDeleteඅප්පේ ඔවු..
Deleteචිත්‍ර කතානං බර ගානක් තිබ්බා..
ඒත් මං එකිං එක ෆොටෝ ගහනකොට අහල පහල මිනිස්සු කන්න වගේ බලපු නිසා වැඩේ කතා තුනකින් ක්ලෝස් කරලා දැම්මා..
ස්තූතියි දයා අයියේ කමෙන්ට් එකට..
ජයවේවා!!!!!!
හික්ස්....මරු කතාව ඈ!
ReplyDeleteහි හි..
Deleteස්තූතියි නාඩියා..
ජයවේවා!!!!!!!
අන්තිම වෙනකං හිතූවේ නැ ඔහොම වෙයි කියලා
ReplyDeleteහි හි..
Deleteඒකනං ඇත්ත..
මාත් චිත්‍ර කතාව කියවලා ඉවර කරනකං සිද්ධිය හිතා ගන්න බැරුව හිටියේ...
ස්තූතියි කමෙන්ටුවට අයියේ..
ජයවේවා!!!!!!
මටත් හිතාගන්න බෑ මෙ මඩ කෙරුවාව ගැන. එක්කො තමන්ම මඩ ගහගෙන අනුන් ලව්වා රෙදි හෝදගන්නවා අනේ මන්දා මටනම් පේන්නෙ තමන්ගෙ නොහැකියාව,
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
සමහරුනං තමංගෙ සුභ සිද්ධීය තකා බලෙංම ඇනෝ කමෙන්ට්ස් එහෙමත් දා ගන්නවනේ..
Deleteනැද්ද...
ස්තූතියි කමෙන්ටුවට ලොකු ජෝං අයියේ...
ජයවේවා!!!!!!
උඹට ස්තූතිය් බන්.. උඹ මාව අතීතයට අරගන ගියා.. සතුට පත්තරේ එනකම් පත්තර කඩේ ගාව හිටගන හිටපු එකෙක් මම..
ReplyDeleteතව තියනවනම් දාපන්..
තව එක කතාවක් තියෙනවා..
Deleteලගදිම දාන්නං සෙන්නයියේ..
ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!!!!
මල් මාමා තවමත් තියෙනවා නේද? මම අන්තිමට බලපු කාලේ නැතිවුණ විද්‍යාඥයෙක් හොයන්න ගිහින් හිටියේ.
ReplyDeleteමනුස්සකම චිත්‍ර කතාව නම් නියමයි!! ලොවෙත් නෑ!
ඔව් තාම ඇති...
Deleteමම අන්තිමට කියවනකොට පංපෝ රිය කියලා කාර් කතාවක් තිබ්බේ....
ස්තූතියි විසිතුරු කමෙන්ටුවට..
ජයවේවා!!!!!
ඔය ස්ටෝරිය අහල තියෙනවා. ඒත් ඕක චිත්‍ර කතාවක් විදිහට ගිය බව දැන් තමා දන්නේ.
ReplyDeleteහැමදාම කියනව වගේ ඇයි බං දැන් චිත්‍රකතා පත්තර නැත්තේ ?
වෙලදාමක් නැතුව ඇති...
Deleteඔය චිත්‍ර අදින මනුස්සයම කියලා තියෙන්නේ..
කලාව බාල්දු කරපු නිසා පාඨකයා ඈත් උනා කියලා..
ස්තූතියි සෑමයියේ කමෙන්ට් එකට..
ජයවේවා!!!!!!!!!!!
දයා රාජපක්ෂ මහත්තයගෙ චිත්‍ර කතා එහෙමත් ගොඩක් හොඳයි. ඒ විතරක් නෙමෙයි කවි එහෙමත්.
ReplyDeleteමේක මම අහල තියෙන කතාවක් "දයා රාජපක්ෂ මහත්තය ඉතා තරුණ කාලෙ චිත්‍ර අඳිද්දි, එයාව කලින් දැකල නොතිබුන පාඨකයෙක් ඒ මහත්තය මුණගැහුනම කිවුවලු, මම බලාපොරොත්තු වුනේ මීට වඩා වයසක කෙනෙක් කියල.
ඒත් පස්සෙ කාලෙකදි, කලින් වගේම එයාව මුණ නොගැහුනු, නොදැකපු පාඨකයෙක් කිවුවලු, මම බලාපොරොත්තු වුනේ තරුණ කෙනෙක් කියල "
රසවත් සිද්ධිනං ඇති එමට...
Deleteපිලිගන්නවා කෙරුවාවට එස්.ඒ...
ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!!
බ්ලොග් ගැනනම් කතා කරලා වැඩක් නැත . චිත්‍ර ප්‍රදර්ශනේනම් සුපිරි . කාලෙකින් හොද ප්‍රදර්ශනයක් බැලුවා .
ReplyDeleteසමහර චිත්‍ර ලඟින් හෙලවෙන්න හිතුනේ නෑ.
හ්ම්මම්...
Deleteචිත්‍ර ප්‍රදර්සනේ එල තමා...
ස්තූතියි කමෙන්ටුවට ගිම් අක්කේ...
ජයවේවා!!!!!!!
//මේ යන විදිහට චිත්‍ර කතාවට වෙච්ච දේම තමා බ්ලොග් කරණයටත් අත් වෙන්නේ.
ReplyDeleteමොකද දැං බ්ලොග් ලියන උං නිර්මාණයක් ඉදිරිපත් කරනවට වඩා බලන්නේ කවුරු හරි හොදට බ්ලොග් එකක් ලියන එකෙක්ට මඩ ගහන්නනේ.
මඩ ගැහුවත් කමක් නෑ සුන්දර විදිහට, ඒත් මේකේ වෙන්නේ අසික්කිත ඉරිසියාව පිට කිරීමක්නේ..///
කට ඇරපන් පොඩ්ඩො ඩිරාම් එකක් දාන්න..
අනේ කටට එපා අතට දෙන්න..
Deleteඅර ක්සැන්ඩර් අයියත් රියාල්ද මොනවද දෙනවා කීවා තාම හම්බුන්නෑ..
හි හි.. ස්තූතියි කමෙන්ටුවට මී අයියේ.. හෙන කාලෙකිං මේ පැත්තේ..
ජයවේවා!!!!!!!!!!!
බ්ලොග් කරනයට නම් වෙන්නෙ මේකයි..මරාගෙන මැරෙන්න යන්නෙ..මොකද අපිට බැරි නිසා අපි උඹලවත් නැති කරන් නැතිවෙනව කියන එක..ලැජ්ජයි නේද?.ලස්සන අර්තවත් චිත්‍ර කතාව...
ReplyDeleteලැජ්ජදත් අහනවා..
Deleteවිලි ලැජ්ජයි සංතෝසෙයි දෙකම එකට එනවා..
හි හි..
ස්තූතියි කමෙන්ටුවට කිරිල්ලි අක්කේ..
ජයවේවා!!!!!!!
නියම කතාව. තව නැද්ද?
ReplyDeleteඅහ්. තව තියනවලු. අන්තිමටික දැක්කෙත් නෑ. :)
Deleteහි හි...
Deleteතව එකම එකක් ඉතුරුයි..
බොහොම ස්තූතියි කමෙන්ටුවට රාජ් අයියේ..
ජයවේවා!!!!!!
පස්ටයි... මෙතුමාගේ නිර්මාණ කෞෂල්‍ය වගේම චින්තන හැකියාවත් මොනවට පේනවා....
ReplyDeleteඒකනං ඇත්ත...
Deleteචිත්‍ර අදින්න විතරක් පුළුවං උනාට චිත්‍ර කතා කෙරුවාව කරන්න බෑනේ ඉතිං..
ස්තූතියි කමෙන්ටුවට සිරා අයියේ..
ජයවේවා!!!!!!
බ්ලොග් කෙරුවාව කෙසේ වෙතත් අර චිත්‍ර කතාවනම් නියමයි
ReplyDeleteහි හි....
Deleteචිත්‍ර කතා කෝමත් පට්ටනේ ඉතිං..
ස්තූතියි කමෙන්ටුවට ළහිරු..
ජයවේවා!!!!!
මල් මාමා නම් නියමයි තමයි....
ReplyDeleteටික කාලෙකට කලින් ලංකා කියලා පත්තරයක් ආවා.. ඒක දේශපාලන පත්තරයක් ලු. මන් දන් නෑ.. මං ඒකේ ගිය චිත්‍ර කතාව නම් ආසාවෙන් කියෙව්වා...
ලිව්වේ කව්ද කියලා නම් දන්නෙ නෑ.. ඒත් චිත්‍ර නම් ටිකක් මේ වගේ.....
ලංකා ජේ.වී.පී පත්තරයක්නේ...
Deleteමල් මාමා පරම්පරා කීපයක් අතර ජනප්‍රිය වෙච්චි එකක්නේ ඉතිං..
ස්තූතියි කමෙන්ටුවට හිරූ...
ජයවේවා!!!!!!!!!!
ල0කා පත්තරේ චිත්‍ර කතාව එද ඉදන්ම කරන්නෙ අනුර ශ්‍රීනාත් තමයි.
Deleteපිස්සු නැත්තන් ශෝක් පුතා, කැට් මෑන්, දකුනේ යුද්දේ, සෙල්-පෝ0 ,බෝනික්කෝ, etc.
ආ වෙන්නැති...
Deleteමම ඒක දන්නෙ න...
චිත්‍ර කතා කියන්නෙ රසවත් මතකයක් බං.........!සෑහෙන කාලයක් මමත් චිත්‍ර කතා පත්තර තොගයක් එකතු කරගෙන හිටිය..කොලඹ ඉන්නකාලෙ අම්මා ඔක්කොම ගිනි තියල...!අපොයි.දැන් තිබුනනම් පෝස්ට් එකක් දාන්න තිබ්බා..!
ReplyDeleteඒකනේ..
Deleteඅපරාදේ...
බොහොම ස්තූතියි කමෙන්ටුවට වීපොකුර..
ජයවේවා!!!!!!
මේ කතාව අහල තියෙන්නේ මේ නිර්මාණ කරුගෙන් නේ. දැන් තරුණයෝ කරන ගොඩාක් විහිළු කතා ඒ කාලේ ජනප්‍රිය කතා බලාගෙන ගියාම.
ReplyDeleteඑකිනෙකාට මඩ ගහගන්න පටන් ගත්තේ අලුතින් එන බ්ලොග් කරුවන්ගෙන් තමන්ගේ තැන නැතිවෙයි කියන බයට. ඊට කලින් අලුත් කෙනෙක් ඇවිත් කුණුහරුප ලියල ගියාත් තව කෙනෙකුට ඒකෙන ප්‍රශ්නයක් වුනේ නැහැ.
ඒකනේ අසරණ අයියේ..
Deleteඔය ඇම්ඩගෙ කතා වල ඉන්න ඇම්ඩගෙ ඉස්සර නම සිරිපාල කියන්නේ..
අපේ තාත්තලගෙං ඇහුවනං සිරිපාලගේ කතාවක් කියන්න කියලා ලෙසටම කියයි ඇම්ඩගෙ කතාවක්..
මඩ කේස් ගැනනං කියලා වැඩක් නෑ..
ස්තූතියි කමෙන්ටුවට අයියේ....
ජයවේවා!!!!!!!!
අම්මට හුඩු නයි කයිද රෝස පාන් කිවුවලු... එකනං මාරු ඇ
ReplyDeleteහි හි...
Deleteඑල එල..
ස්තූතියි කමෙන්ටුවට...
ජයවේවා!!!!!!!
පට්ට කතාව ඕයි. මේ කතාව නම් හිනායන කතාවක් වුණාට ඉස්සර පළවුණු නවයුගය සඟරාවක තිබිලා වගේ කතාවක් කියෙව්වා. ඒත් ඩ්‍රයිවර් කෙනෙක්ගේ කතාවක්.
ReplyDeleteමිනිහගේ හාමිනේට ළමයෙක් ලැබෙන්න ඉන්නේ. දවසක් මිනිහා අන්තිම පාරට බස් එකත් අරගෙන ඩිපෝවට යනවා හැට හැටේ පාගලා. පොඩි Shot එකකුත් මිනිහා දාගෙන ඉන්නේ.
මෑන්ට පේනවා පාරට ගෑණු දෙන්නෙක් අත දානවා. මහ රෑ. මිනිහා නවත්තන්නේ නැහැ. හිතෙන් බනිනවා මේ ගෑණු රෑ කොහෙද යන්නේ කියලා. මිනිහා බස් එක අරගෙන ගිහින් වැඩ ඉවර කරලා ඩිපෝවේ බස් එක දාලා නිදාගන්නවා උදේ ගෙදර යන්න හිතාගෙන.
උදේ නිව්ස් එක එනවා හාමිනේට ළමයා ලැබෙන්න අමාරු වෙලා ඉස්පිරිතාලේ කියලා. මිනිහා ඉස්පිරිතාලෙට යද්දී හාමිනේයි ළමයයි දෙන්නම මැරිලා.
අම්මා කියනවා ඊයේ රෑ අමාරු වෙලා පාරට ඇවිත් බස් එකකට අතදාද්දී ඒකේ හිටිය "පාහර ඩ්‍රයිවරයා නවත්තන්නේ නැතුව ගියා. ඒකේ ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා නම් දෙන්නාව බේරගන්න තිබුණා" ඒක නැවත්තුව නැති නිසා හුඟක් වෙලා ගියා ඉස්පිරිතාලෙට යන්න කියලා......
ඩ්‍රයිවර් අන්තිමට කනත්තට ගිහින් හොඳටම අඬනවා...
අප්පා...
Deleteහෙන අප්සට් කතාවක්....
එහෙමත් වෙනවා ඇති ඔය දුර පලාත් වලනං..
ස්තූතියි කමෙන්ටුවට හසිතයියේ..
ජයවේවා!!!!!!
හෑ.. පස්ට ඈ.. හික්ස් :D
ReplyDeleteඑල එල ඈ...
Deleteස්තූතියි මචං කමෙන්ටුවට...
ජයවේවා!!!!!!
එල..
ReplyDeleteස්තූතියි කමෙන්ටුවට චමී...
Deleteජයවේවා!!!!!!
පට්ට ඈ...
ReplyDeleteඒ තැංකූ ඈ...
Deleteජයවේවා!!!!!!
අදමද මන්දා මේ පැත්තේ ආවේ...
ReplyDeleteලස්සන චිත්‍ර කථාව.. චිත්‍ර කථා බලල තියේ.. හැබැයි සල්ලි වලට අරගෙන දිගටම බැලීමක් උනේ නෑ.. ඔය කොහෙන් කොහෙන් හරි තමා.. ඒත් මේකථාව දැකල තිබ්බෙ නෑ..
හැබැයි ගොඩක් අය එහෙම තමා කාටත්.. බස් එකට නැගල ඉඳගන්නකම් බස් එක අද්දන්නෙ නෑ.. (ඉඳල හිටල එකෙක් දෙන්නෙක් පඩියට නැග්ග ගමන් අදිනවා තමා) බහුතරය ඉන්නෙ හොඳ මිනිස්සු.. අපි ඒ අයව ගනන් ගන්නෙ නැත්නම් ඒ අයගෙ සැලකිලිත් නෑ..
මේ චිත්‍ර කථාවෙ නම නම් හරියටම ගැලපෙනවා... ස්තූතියි තරිඳු... ප්‍රදර්ශනේ ගැනනම් දැනගත්තෙත් දැන්...
පිලිගන්නවා තනෝජා කෙරුවාවට!!!!!!!!
Deleteබස් වල සිද්ධ වෙන සිද්ධි ගැනනං වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවං...
හි හි..
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
දිගටම රැදී ඉන්න..
අපූරු චිත්‍ර කතාව...
ReplyDeleteඉතුරු ටිකත් අපූරුයි...
ස්තූතියි රූ කමෙන්ටුවට...
Deleteජයවේවා!!!!!!
මකාගෙ යලක් නම් මටත් මතකයි විජය පත්තරේ තිබුනේ. මමත් ඉස්සර ආසාවෙන් බලනවා. පොස්ට් එකනම් ලොල්ය
ReplyDeleteහි හි...
Deleteමකාගෙ යලක් නොකියවපු නොබලපු අය ඉන්න විදිහක් නෑනේ ඉතිං...
ස්තූතියි කෝරලේ මාත්තයා මේ පැත්තෙ ඇවිත් කමෙන්ටුවක් දැම්මට!!!!!!
ජයවේවා ඈ...
මොනවා උනත් ඌ පවුලට ආදරය කරන පොරක්.
ReplyDeleteකියලා වැඩක් නෑ...
Deleteමිනිහා යකා උනාට ගෑනිට දෙයියා...
එල පොරක්..