සෞන්දර්ය කියන එක ඉස්කෝලෙ බරටම සාකච්චා වෙන්නේ 6 වසරෙදි.
මොකද 6 වසරෙදි ළමයින්ව ප්‍රධාන වශයෙන් බෙදනවා චිත්‍ර, නැටුම්, සංගීතය කියලා.
කොහොම හරි 5 වසර වෙනකන්ම ආසාවෙන් චිත්‍ර අදින එවුන් පවා මතු එන සාමාන්‍ය පෙල විභාගෙට හොද ප්‍රතිඵලයක් ගන්න නැටුම් වලට හරි සංගීතයට හරි යනවා.
මොකද කතාවක් තියෙනවා චිත්‍ර කොච්චර හොදට ඇන්දත්ලකුණු එච්චර හම්බවෙන්නෑ කියලා. (කතාව ඇත්ත කියලා මං 2008දි රිසාල්ට් ආවම දැන ගත්තා.)
සමහරු කැමැත්තෙංම චිත්‍ර අතාරිනවා. සමහරුංව දෙමවුපියෝ බලෙංම වෙන විශයකට දානවා. අන්න ඒකයි ලංකාවේ විදිහ.
කොහොම හරි මං අද කියන්න ආවේ සෞන්දර්ය විශයන් ගැන නෙමේ. ලංකාවේ නමගිය චිත්‍ර ශිල්පියෙක් ගැන.
ඒ අනුර ශ්‍රීනාත්.
අනුර ශ්‍රීනාත් කිවුවම ලංකාවේ ඉතිං නොදන්න කෙනෙක් නැතුව ඇති.
මං හිතන්නේ මෙතුමා ගොඩක්ම ජනප්‍රිය කලා කාරයෝ සහ චිත්‍ර කතා පත්තර බලන අය අතර වෙන්න ඕනා.
අගෝස්තු දෙවෙනිදා මෙතුමාගේ චිත්‍ර ප්‍රදර්ශණයක් පැවැත්වුනා කොලඹ කලා භවනෙදි.
ඉතිං මෙතුමව මං එච්චරම දන්නෙ නැති උනත් එතුමගෙ දියනියව මං අදුරන නිසා ගියා ප්‍රදර්ශනේ බලන්න.
ඇත්තටම ලස්සන චිත්‍ර එකතුවක්. බලන්න වටිනවා. කැමරාවත් අරං ගිය නිසා මමත් හතර අතේ ෆොටෝ ගැහුවා චිත්‍ර වල.
ඒ අතර එතුමා විවිධ චිත්‍ර කතා පත්තර වලට අදින ලද චිත්‍ර කතා කීපයක් මං ඡායාරූප ගත කර ගත්තේ බ්ලොග් එකේ දාන අදහසින්මයි.
ඇත්තටම ඒ චිත්‍ර කතා වලින් සමාජයට ලොකු දෙයක් කියනවා. කතා තුනක් තියෙනවා එක එක දවස් තුනකට දාන්නං.
මේ පහලින් දැක්වෙන්නේ 1994දී අනුර ශ්‍රීනාත් විසින් සිත්තම් කල කපනවා ඕයි කපනවා කියන කෙටි චිත්‍ර කතාවයි.
නියමයි. මේ ගැන කලින් දැන් ගත්තා නම් බලයන්න යන්න තිබුණා. මෙයා නියමම වැඩකාරයෙක් බව පේනවා...
ReplyDelete"මොකද 6 වසරෙදි ළමයින්ව ප්‍රධාන වශයෙන් බෙදනවා චිත්‍ර, නැටුම්, සංගීතය කියලා"
අපි ඉස්කෝලේ යන කාලේ නම් 7 වසරේදී තමා සෞන්දර්ය විෂය තෝරගන්න තිබුණේ... 6 වසරේදී මේ ඔක්කොම අපිට ඉගෙන්නුවා :)
Mee too
Deleteහික්ස්..
Deleteසමාව භාජනේකට දාලා තියන්න.
ප්‍රින්ටිං මිස්ටේක්.. අපෙත් 7දි තමා බෙදුවේ..
නියමයි.
ReplyDeleteආයෙත් අහලා..
Deleteතැංකූ කමෙට් එකට රාජ් අයියේ..
මේ ප්‍රදර්ශනේ පින්තූර මුලින්ම දැක්කෙත් උඹ බුකියෙ ෂෙයාර් කරපු එකකින් මචං.මේ ටිකත් පට්ට වටිනවා ලින්ක් දෙකටත් සෑහෙන්න ස්තූතියි.වටිනවා ඈ...
ReplyDeleteමම සංගීතෙ කලේ පොඩි කාලේ.ඒත් මට ඒක අල්ලලා ගියෙම නැති නිසා මම චිත්‍ර කරා.වෙලාවට අවුලක් නැතිව අඳින්න පුළුවන් වෙච්චි නිසා ෂේප්.තාමත් වෙලාවක් ආපුවාම අඳිනවා... අනුර ශ්‍රීනාත් කියන්නේ මගෙ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක්.විශේෂයෙන්ම චිත්‍ර කතා පිළිබඳව...
පට්ට කතාව ඈ...
අනිවාර්යයෙංම මචං..
Deleteදක්ෂතාවය පිලිබද ආයේ විවාද නෑ..
ස්තූතියි කමෙන්ටුවට!!!!
නියමයි තරියෝ..
ReplyDeleteආයෙත් අහලා...
Deleteජයවේවා!!!!!
මමත් ඔක බලන්න යන්න හිටියේ මට මග ඇරුනා බං නියම වැඩක්
ReplyDeleteඅපරාදේ රාජ් අයියේ..
Deleteසිරාවටම නියම ප්‍රදර්ෂණයක්...
එලා ආ....මල් 7 යි....පට්ට පට පට
ReplyDeleteඑලම තමා..
Deleteජයවේවා සිම්බා..
අනේ ඉතින් මමත් චිත්‍ර කරලා රිසාල්ට් ෂීට් එක කැත කර ගත්ත එකෙක් තමා,මට හරියට කෙලින් ඉරක්වත් ඇද ගන්න බැරි උනාට මම නැටුම් කර කර ඉදලා චිත්‍ර වලට මාරු උනේ අඹ යාලුවන්ගෙන් වැඩි හරියක් චිත්‍ර පංතියට ගිය නිසා.අන්තිමට ඉතිං O/L චිත්‍ර යාංතං ගොඩ දාලා දුන්නෙත් එයාලම තමා මොකද චිත්‍ර දෙකම ඇන්දේ මම නෙවෙයි, හික් හික්
ReplyDeleteඑකෙක් නෙමේ එකියක් නේද??????
Deleteඒ කියන්නේ විභාග පාස් කරලා තීන්නේ හොර කරලා..
ඔව් නේ එකියක්නෙ , ජීවිතේටම කොපි කලේ චිත්‍ර විතරයි
Deleteඔය කිවුවට මට පේන්නේ අනිත් එවුවත් කොපි කරලා වගේ
Deleteමම ආසම චිත්‍ර කාරයෙක් තමා අනුර ශ්‍රීනාත්... මෙතුමගෙ චිත්‍රකතා ඉස්සර වැරැද්දුවෙ නෑ...
ReplyDeleteස්තූතියි මේ ගැන කිව්වට..
චිත්‍ර කතා දැවැන්තයෙක්..
Deleteස්තූතියි සෙන්නා අයියේ කමෙන්ටුවට..
ඉස්සර නම් යන්න තිබුනා.. දැං කොහෙද.... මාත් කරන්න පුළුවන් එකම වැඩේ චිත්‍ර ඇදිල්ල නිසා චිත්‍රම කළා... හැබැයි වැඩේ කියන්නේ විභාග දෙකම පාස් වුනේ ලියන්න පුළුවන් හින්දා කියලයි දැං හිතෙන්නේ....
ReplyDeleteහික්ස්..
Deleteඅපේ පන්ති වල හිටපු උං විභාග ලියන වෙලාවට සමහර එවුවා අපෙනුත් අහනවා.
මොකද සංගීතෙටත් තියෙනවා ලාවට චිත්‍ර කෑලි.
ස්තූතියි කමෙන්ටුවට හිරූ..
චිත්තර කතාව නම් පට්ට බං :ඩ්
ReplyDeleteතව පට්ට ඒවා තියේ..
Deleteඑවුවා ඉදිරියට..
ජයවේවා පුබුදු!!!!!!!
කතාව නම් සෝක්....ඔහේට සෝක් කැමර් එකකුත් තියෙනෝ නේ .. සික් මට නෑනේ ඔයින් එකක්...
ReplyDeleteඒත් මගේ කරුමෙට මගේ අතින් වේදිකා නාට්‍ය ප්‍රදර්ශන චිත්තරපට සංගීත ප්‍රසංග ඔක්කොම මිස් වෙනවනේ
කැමරාව මගේ නෙමේ.
Deleteඒක පල්ලෙහායිං කමෙන්ට් කරලා තීන බිනූගේ..
ස්තූතියි කමෙන්ටුවට සුදා!!!!!
මමත් හය වසරේදී චිත්‍ර තෝරාගත්තා ඒත් මට කෙලින් ඉරක් වත් ඇඳගන්න බැරි වුනා :(
ReplyDeleteඉතින් කොහොමත් චිත්‍ර වලට කෙලින් ඉරි අඳින්නේ නැනේ.. :)
Deleteඔව්නේ..
Deleteචිත්‍ර වල කෙලිං ඉරි නෑනේ..
වැඩේ කියන්නේ ඇදේටවත් බැහැනේ :)
Deleteඑහෙනං ගැටලුවක් පැන නැගීම සාධාරණයි..
Deleteම්ම්ම්..මේක ගැන මන් දැක්කා අස්වැන්න බ්ලොග් එකෙත් දාලා තිබුනා.. :) හොඳ ලිපියක්.. තරිය ඉඳලා හිටලා කෙල්ලෙක් නිසා හරි හොඳ වැඩ වල නිරත වෙනවා නේ..ජය වේවා.. :)
ReplyDeleteහික්ස්..
Deleteකරන හැම හොද වැඩක්ම කෙල්ලංගෙ ගිනුමට බැර වෙයිද මන්දා..
පිලිගන්නවා කෙරුවාවට රතු හැට්ට කාරියේ...
උඹ හයේදිදීද තෝරාගත්තේ, අපිටනම් හයේදී හැම සබ්ජෙක්ට් එකම උගනනලා හයේදී තම මාරු වෙන්න කිව්වේ
ReplyDeleteමේක කලින් දැනන් හිටියේ නෑනේ යන්න
ප්‍රින්ටිං මිස්ටේක් බං..
Deleteඇයි පියුමි උබලටත් එක්ක ඉන්වයිට් කලේ කොපි කැට් එකෙං..
මාත් බැලුවා නියස සිත්තම් පෙළ. අයෙ චිත්‍රකතා යුගයටම ගියා වගේ දැනුනා
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteස්තූතියි කමෙන්ට් එකට දයා අයියේ..
පට්ට චිත්‍ර නේද...
ReplyDeleteඅයෙත් අහලා..
Deleteපට්ට පට පට..
මට නම් චිත්‍ර අදින්න කොහොමටවත් බෑ...
ReplyDeleteඑත් මං ඒ චිත්‍ර ප්‍රදර්ශනේ ගොඩක්ම රසවින්දා....
ඒක මං දැක්කනේ..
Deleteමොකද ඔයා මාත් එක්ක ආවනේ ප්‍රදර්ෂනේ බලන්න..
එහෙනම් බඩු බනිස් තමා..
Deleteඒ මොකෑ බං?????
Deleteකෙටි චිත්‍ර කථාව නම් පස්ටයි.... ඒ වගේ සංකල්පයක් එන්නත් කොච්චර නම් දක්ෂ වෙන්න ඕනෙද කියලා හිතුනා..
ReplyDeleteකාමරේ පැත්තෙත් වෙලාවක වරෙන්... ජය!
අනිවාර්යයෙන්ම..
Deleteසැබෑ දක්ෂයෙක්..
අනිවා එන්නං.. සිරා..
බෝම ස්තූතියි මෙහෙට ආවට..
චිත්‍ර කථාව නම් මරු ඈ...
ReplyDeleteචිත්‍ර කතාව විතරද එල?????
Deleteඅපි එල නැතෙයි..
කතාවනම් නියමයි මට මේ ශිල්පියා ගැන ඒ හැටි මතකයක් නැහැ..
ReplyDeleteශිල්පියා අනුර..
Deleteබොහොම ස්තූතියි කමෙන්ටුවට..
අපූරුයි මා මිතුර..
ReplyDeleteමරු......................:)
ස්තූතියි මා මිතුරිය..
Deleteඑල.. :P
//චිත්‍ර කොච්චර හොදට ඇන්දත්ලකුණු එච්චර හම්බවෙන්නෑ කියලා. (කතාව ඇත්ත කියලා මං 2003දි රිසාල්ට් ආවම දැන ගත්තා.) //
ReplyDeleteමටත් වුනේ ඕක..
ඉස්සර තිබ්බ චිත්‍රකතා පත්තර නැති එක දුකක් බං. මම ඉස්කෝල යන කාලෙ තිබ්බා. ඒත් අපි බැලුවේ විහිළු කතා විතරයි.
පලි- තරියා උබේ බ්ලොග දැන් නැගලා යනවා. ජය !
මං නං ආසම චිත්‍ර කතා පත්තරේ ගජමෑන්..
Deleteබ්ලොග නැගලා යාමට උදව් උපකාර කල සෑමාට පිං..
බෝම ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!!!
වෙනස් ලිපියක්. චිත්‍ර ටිකත් මරු.
ReplyDeleteස්තූතියි චන්දන..
Deleteතව එනවා ඉදිරියට..
චූටී මල්ලී පොඩි මල්ලිත් ආවද ඕක බලන්න....
ReplyDeleteඇවිල්ලා..
Deleteමං ඉන්න වෙලාවෙනං හිටියේ තවත් ආටිස්ට්ලා කීප දෙනෙක් විතරයි..
කෝමත් කලාකාරයෙක්ගේ අගේ දැනෙන්නේ තවත් කලාකාරයෙක්ට විතරනේ..
ස්තූතියි මේ පැත්තට ආවට!!!!!
අපූරු ලිපියක්. චිත්‍ර වලට ආසාව තිබ්බට පමණක් මදි, ඒ සඳහා හැකියාවත් තියෙන්න ඕනැ. සාමාන්‍ය පෙළදීනම් කරන්න වෙන්නෙ තමන්ට සාපේක්ෂව වඩාත්ම හැකියාව තියෙන විෂය තෝරා ගැනීම.
ReplyDeleteහ්ම්ම්..
Deleteඅනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම..
රාවන යුගයේ චිත්‍ර කලාව ගැන පෝස්ටුවක් ඉදිරියේ ඔබෙන් බලාපොරොත්තු වෙමි..
ජය ශ්‍රී!!!!!!!
මම මගෙ දුවවත් එක්කගෙන තමයි "අනුරාලෝකය" බලන්න ගියෙ මමනම් කොහොමත් පොඩි කාලෙ ඉඳන් චිත්‍ර ප්‍රදර්ශන බලන්න යනවා ඒ පුරුද්ද පොඩි කාලේ ඉඳලා ඇතිකරන්න ඕනේ
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
හ්ම්ම්ම්..
Deleteගොඩක් පොඩි ලමයිනුත් හිටියා..
ඇත්ත..
පුරුද්ද නැති නිසා තමා ඕවට ලොකු වෙලා යොමු වෙන්නේ නැත්තේ..
සෞන්දර්ය විෂය තෝරාගන්න කාලේ නම් කතා කරලා වැඩක් නෑ. මම සංගීතේ කරන්න මාරම ආසාවෙන් සංගීත මිස් ගාවට ගියා. මට ශ්‍රී ලංකා මෑත කියන්න කිව. මම කිව. පුතේ ඔයා චිත්‍ර හරි නැටුම් හරි තෝරාගන්න කිව්වා. මම නැටුම් කළා ඉතින්.
ReplyDeleteතරියා පින්තුර පිටින්ම ගෙනත් දාපු ඒක මරු ඈ.....!!!
චිත්‍ර ශිල්පියෝ ගැන දයානන්ද රත්නායක මහත්තයත් විස්තරයක් දාල තිබ්බ මතකයි.
හික්ස්..
Deleteමමත් කට්ට කාගෙන සංගීතයේම එල්ලිලා හිටියා..
වයලීන් එක අරං ගිය පලවෙනි දවසෙම කෑවා හොද පයිං පාරක් සර්ගෙං..
ජීවිතේට අමතක වෙන්නෑ ඒක..
මමත්..ඒකාලෙ ගොඩක් කල් ගත්තා ඔය පත්තර..!!
ReplyDeleteසෑහෙන්න හිතට වැදුනු ශිල්පියෙක්...!අලුත් වර්ගයේ තුවක්කු අඳිනවා ..පිස්සු හැදෙන්න..!
හි හි...
Deleteබොරු කියන්නෙ මොකටද මමනං බලල නෑ..
ස්තූතියි කමෙන්ටුවට වී පොකුර!!!!!!!!!
ආයෙමත් හොඳට කියවන්නම් පස්සෙ ..මේ දවස් වල ඔලිම්පික් පිස්සුව මට....
ReplyDeleteඔලිම්පික් පිස්සුව මං අද පාරෙදිත් දැක්කා අක්කේ..
Deleteඒනං පස්සෙ කියවන්නකෝ..
පිලිගන්නවා කෙරුවාවට!!!!!!!!!!
සිරා කතාව...නියමයි...
ReplyDeleteස්තූතියි මායියා..
Deleteජයවේවා!!!!!!
නියමයි. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනේ මොකක්දෝ කියාගන්න බැරි අඩුවක් තියනවා. ඒක ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට ඒ අයට වෙන්න ඕන ඒ අය කැමති තැනට නෙවෙයි යවන්නේ සමාජෙට සල්ලිවලට කැමති තැනට. අදාල එකා වෙන තැනක ඉදිදී වෙන එකෙක් ඒ තැනට යනවා. වෙනස් කරන්න ක්‍රමයක් නම් හිතා ගන්න බෑ. ඒත් වෙනස් කරන්න ඕන.. හිතන්න පුලුවන් මිනිස්සු ටිකක් හදන්න ඕන..
ReplyDeleteවෙනස් කරන්න ලංකාවම හරි හමං 5ස් දෙනෙක් හිටියනං ඇති..
Deleteස්තූතියි මනෝජ් අයියේ..
ජයවේවා!!!!!
පට්ට නේ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ට පට පට..
Deleteජයවේවා මතං...
නියමයි නේ. මම අහල තිබ්බේ නෑ අනුර ශ්‍රීනාත් කෙනෙක් ගැන ඒත් දැන් නම් දැනගත්තා. කොහොම වුනත් නියමයි වැඩේ. මමත් ඕලෙවල් වලට චිත්‍ර කලේ. ඒත් මට ආවේ එස් එකක්. මම අඳින චිත්‍ර හින්දා වෙන්නැති.
ReplyDeleteඒකනේ ඇලෙක්සැන්ඩර් අයියේ...
Deleteමාර සීන් එක තමා ඒක..
මේකෙං හරි දැන ගත්තු එක සංතෝසයක්..
ස්තූතියි කමෙන්ටුවට..
හොද දෙයක් කරේ...රටේ සම්පත් ලෝකෙට හදුන්නල දෙන එක.
ReplyDeleteඔහු සැබෑ දක්ෂයෙක් .....
ස්තූතියි විශී...
Deleteපිලිගන්නවා කෙරුවාවට!!!!!!!
මරු චිත්‍ර කතාව.
ReplyDeleteලංකාවේ චිත්‍ර ශිල්පියෝන්ට තියෙන තැන මදි.මීට වඩා උඩින් ඒ ගොල්ලෝ තියන්න ඕනේ
අනිවාර්යයෙන්ම මඩයා..
Deleteබොහොම ස්තූතියි කමෙන්ටුවට..
සාදරයෙන් පිලිගන්නවා කෙරුවාවට!!!!!
මාත් 10 වසර වෙනකන් චිත්‍ර කරා. හරියන්නේ නෑ කියලා තේරුම් ගියාට පස්සේ ලිට වලට මාරු වුනා. දෙයියනේ කියලා ලිට පාස්. මට හැමදාම චිත්‍ර පේපර් එකට ලකුණු 10ට අඩුයි :(((
ReplyDeleteගොඩක් අය චිත්‍ර වලිං මාරු වෙන්නේ ලිටට තමා...
Deleteහි හි..
ස්තූතියි කමෙන්ට් එකට මචං!!!!!!!
නියම පෝස්ට් එක මචO.
ReplyDeleteමේක කියවලා මටත් මතක් වුනා මගේ අත්දැකීමක්.
මම 6 වසරෙදි ඇන්ද චිත්‍රයක් (දිය ඇල්ලක්) දැකලා චිත්‍ර මිස් කිව්වා පුතේ, ලබන අවුරුද්දෙ චිත්‍ර නම් තෝර ගන්න එපා කියලා..
ජය වේවා..!
ඒ තරමට චිත්‍රෙ ලස්සන ඇති..
Deleteහි හි...
ස්තූතියි මීයෝ කමෙන්ටුවට...
ජයවේවා!!!!!!!
ලස්සනයි ලස්සනයි චිත්‍රෙනම් ලස්සනයි.
Deleteu re welcome..:)
එහෙනං ඉතිං එච්චරනේ..
Deleteහි හි...
:)
Delete:පී
Delete