ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, July 10, 2012

ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරය

ගම්පහ නගරයට තරමක් එහාට වෙන්න තියෙන ඓතිහාසිකත්වය කියලා නිම කරන්න බැරි පන්සලක් තියෙනවා. ඒ තමයි පිලිකුත්තුව පන්සල. විශේෂත්වය තමයි මේ විහාරස්ථානයේ විශාල ලෙන් විහාර ගනනාවක් තිබීම. ගොඩක් දවස් ඉදන් මේ පන්සල සහ ඒ ආසන්නයේ තියෙන බැලුම්ගල කියන කන්ද නගින්න ආසාවෙන් හිටියත් අපිට ඒකට වෙලාවක් හොයා ගන්න බැරි උනා.





ඊයේ ඒ කියන්නේ 2012.07.09 සදුදා උදේ මට හිතුනා යන්නත් බැරි උන එකේ පිලිකුත්තුවේ ගියානං හරි කියලා. උදේම ලෙක්චර් එකට යන්න බස් ස්ටෑන්ඩ් එකට ගියාම බස් එකක් එනකං ඉන්නකොටයි මම සුපුන්ට කෝල් කරලා කිව්වෙ යන්න ලෑස්ති වෙයං කියලා. 

එහෙම කතා කරලා බස් එකට නැග්ගමයි මට යුගයේ බ්ලොග්කරුවෙක් වෙච්ච සෑමයියව මුන ගැහුනේ.

කෝම හරි  උදේ ලෙක්චරේ ඉදලා මමයි බිනුයි සෙට් වෙලා කොලඹ ස්ටේෂන් එකෙන් 10.10ට තිබ්බ රඹුක්කන යන ස්ලෝ ට්‍රේන් එකට නැග්ගා. 



ප්ලෑන් එකේ විදිහට කසුනුයි සුපුනුයි කැළණිය ස්ටේෂන් එකේදි අපි දෙන්නත් එක්ක සෙට් වෙන්න හිටියත් ගමනනට අපි 4 දෙනාට අමතරව අන්තිම මොහොතෙ සෙට් වෙච්ච කුසල් එන්න පරක්කු උන නිසා උන්ට වෙලාවට ස්ටේෂන් එකට එන්න බැරි උනා. ඒ නිසා උන් ටික වෙනම බස් එකේ නැගලා එනවා කිව්වා.

කෝමහරි ගම්පහ ස්ටේෂන් එකෙන් අපි බැහැලා ටිකක් වෙලා ඉන්නකොට කසුන් සුපුන් සහ කුසල් යන අපේ තුන් දෙනා ගම්පහ බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් ඉන්නවා කියලා කෝල් එක අවා. 



අපි ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ ඉදං 205 කියන බස් එකේ නැගලා පිලිකුත්තුව කියන පන්සලට හැරෙන පාර ගාවින් බැස්සා. එතන ඉදන් පන්සලට කිලෝමීටර් 1ක් පයින් යන්න ඕනා. කන්න බොන්න මුකුත් සෙට් කර ගත්තෙත් නැති නිසා එතනම තිබ්බ කඩේකිං කෝක් එකක් ගත්තෙ තිබහටවත් බොන්න මුකුත් නැති නිසාමයි ඈ....



එතන ඉදං පන්සලට යනකංම මම විවිධ හේතූන් මත ෆොටෝ ගසන්නට විය. අපි එනවිට අවට ගම්මානයේ ගෙවල් වල සිටි ගෑනු දැරිවියන් ගෙවල් ඇතුලට රිංගා ගත්තේ තරියා අතේ තිබූ කැමරාව නිසා විය යුතුය. 

යන මාර්ගයේ බල්ලංගෙං අඩුවක් නොවීය. අවසානයේ අතුරු පාරවල් මගහැර පන්සල පෙනි පෙනී අප මාර්ග දෙකක් ඉදිරියේ අතරමං විය. එතනම පිහිටි කුඩා ගල් පොත්තක් මත සිටි ගමේ අයියලා යැයි සැලකිය හැකි පිරිසකගෙං අප පාර ඇසූ විට ඔවුන් පාරවල් දෙක විස්තර කලේ මෙසේය. 

“මල්ලි මේ පාරෙං ගියොත් පන්සල ඉස්සරහෙං යන්න පුළුවං. මේ පාරෙං ගියොත් පන්සල පිටි පස්සෙං යන්න පුළුවං“



කවදත් ෆෝවඩ් මිනිස්සු වෙච්චි අපි පන්සල ඉස්සරහිං යන්න තීරණය කර ගලේ හිටපු අයියලාටද තැංකූ කියා ඉදිරියට ගාටන්න විය. 

පන්සල ඉදිරිපස තිබූ අළුතෙන් ඉදිකරන ලද වාහල්කඩ තුලින් පන්සල තුලට අපි ප්‍රවිශ්ඨ වීම වලකන්නට කෙනෙකු නොසිටීම නිසා. කිසිදු බාධාවකින් තොරව අප පන්සල තුලට ගාල කඩා ගත්තු මොක්කුද ටිකක් වගේ කඩා පැන්නා. 



අත තිබූ කැමරාවෙන් හතර අතේ ෆොටෝ ගැසූ මා ඉදිරියෙන් කබරගොයෙක් ඇදී ගියේ පුළුවංනං මාවත් ගනිං ෆොටෝ එකකට කියන්නාක් මෙනි. උපතේ සිටම ඔවැනි අභියෝග බාර ගැනීමේ පට්ට අමාරුවකින් යුතු මම කැමරාවත් රැගෙන කබරයා පසුපස එලවන්නට විය. 




අවසානයේ ජයග්‍රහනය විජයග්‍රහනය කර ගනිමිං කබරයාවත් ඒ ආසන්නයේ හිටි රිලව් ටිකකුත් ඡායාරූපයට නගා සෙට් එක ලගට පැමිනෙනවාත් සමගම කොහේදෝ මන්දා සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතෙකු සහ මහත්මියක අප ඉදිරියේ පෙනී සිටින්නට විය.
 
“ඔය මහත්තුරු කව්ද?
අපිද අපි මේ... අපි.
කව්ද අපි. කැම්පස් එකෙංද?
ඔව්නෙ. (බොරුවක් නෙමේනේ ඉතිං. බිනුයි කුසලයයි කොහොමත් ජපුරෙනෙ. පෞද්ගලික උනත් අපි යන්නෙත් කැම්පස්නෙ.)
ආ එහෙමද?“
කියන්නාත් සමගම වැස්සක් කඩා හැලුනේ අපිව බේරන්නාක් මෙන්ය. ලගම තිබු ශාලාවකට අපව රැගෙන ගිය ඔවුන් අපගෙන් විස්තර අසන්නට විය. 



තැනේ හැටියට ඇනේ ගැසූ අපත් සමග ඔවුන් බොහෝ කුළුපග විය. පන්සල සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විස්තර ඇසූ අපට සංක්ෂිප්තව පන්සලේ වටිනාකම හා තිබෙන හා බලන්න තිබෙන දේවල් විස්තර කරන්නට විය.

ඔවුන් පැවසූ කරුණු කාරනා අනුව එහි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ගමන්ගත් දෝලාවක් පන්සලේ විය.

එමෙන්ම ලංකාවේ නිරුපද්‍රිතව පවතින ලී පාලම් දෙකෙන් එකක් ඇත.

තවද මෙම විහාරස්ථානය ක්‍රි.පූ 3වන සියවසටත් එහා දිගු ඉතිහාසයක් ඇති සිද්ධස්තානයක් බවත් ඔවුන් වැඩි දුරටත් සදහන් කලේය.

“පුතාලා උඩ පොලීසියෙන් ඉන්නවා ඇහුවොත් කියන්න කැම්පස් කියලා. නැත්තං යන්න දෙන්නෙ නැහැ.“
එම නිලධාරීන් දෙදෙනාට ස්තූති කල අප පන්සල ඉහලට ගමන් ආරම්භ කලෙමු. ඒ අනුව අපට මුලින්ම හමු වූයේ බෝධීන් වහන්සේයි. තරමක් එහාට වන්නට කටාරම් කෙටූ කලු ගල් පියස්සකින් ආවරණය වූ චෛත්‍ය දක්නට ලැබුනු නිසා පාවහන් ගලවා පලමුව චෛතය වන්දනා කිරීමේ අදහසින් එතැනට ගියෙමු.



බිනූ සොහොයුරිය ගෙනත් තිබූ මල් ටික චෛත්‍යයට හා බෝධියට පූජා කර අවසන් වනවාත් සමගම වර්ශාව නැවතත් ඇද හැලෙන්නට විය.

අසල තිබූ ශාලාවක පියස්සක් යටට වූ බඩගින්නේ සිටි අප බිනූ ගෙනා කේක් කන්නට විය.
කේක් කා කෝක් බීමේ අමුතු ගතියක් ඇති බව ඊයේ අප වටහාගත්තේය.




සුළු මොහොතකින් වර්ශාව අවසන් වීමත් සමගම අප ඉහලට වන්නට තිබූ පුරා විද්‍යා කාර්යාලයට ගොඩ විය. එම කාර්යාලයද ලෙනකට බිත්ති සම්බන්ධ කොට තිබූ එකකි.

කාර්යාලය ඉදිරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මල්ලිලා කැම්පස්ද කියා ඇසූ විට අපට කියන්නට තිබුනේ ඔව් කියා පමණකි. ඔවුන් සිනාසී අපට යන්නට අවසර දුන්නේය.



කාර්යාලයේ සිටි තරමක් වයෝවෘද පුද්ගලයෙකු අපට කාර්යාලය තුල වූ දෝලාවේ ඉතිහාසය විස්තර කරන්නට විය. ඔහු පැවසූ විස්තර අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැඩම කල දෝලාවකි එය. පිලිකුත්තුව ආසන්නයේදී එය ඔසවාගෙන යන පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ කකුලෙහි තුවාලයක් හට ගත් බැවින් දෝලාව මෙහි දමා ගොස් ඇත. එදා පටන් මේ දක්වා දෝලාව පිලිකුත්තුන රජමහාවිහාරස්ථානයේ පවතින බව දැනගන්නට ලැබුනි.




එම කාර්යාලය තුල සිද්ධස්තානය විස්තර කෙරෙන සිතියම් කිහිපයකි. 




ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙහි ස්ථාන බැලීමට පහසු ලෙස ඉදිකෙරුනු පෙත්මඟ 3ක් ඇතිබවත් ඔවුන් නොමැතිව ස්ථාන සොයාගැනීමට අපහසු බවත්ය. මඟපෙන්වන්නෙකුට ගෙවීමට තරම් පිස්සුවක් නොමැති බැවින් අපට සොයාගැනීමට හැකියයි පවසා බැලුම් ගල දක්වා ඇති 3වන පෙත්මග ඔස්සේ සංචාරය ඇරඹීය. 



ඒ අනුව අපත් සමගම ස්වේච්චාවෙන්ම බලු මග පෙන්වන්නෙක් පැමිනියේය.



පෙත්මග ඔස්සේ තරමක් දුර යන විට අපට ලෙන් කිහිපයක් හමුවිය ඒවා පසු කල විට ලංකාවේ තිබෙන දිගම හා පැරණිම පුස්වල අපට දක්නට ලැබුනි. එය වසර 300ක් පමන පැරණි බව අපට දැන ගැනීමට ලැබුනි.




තවත් ලෙන් කීපයක් පසු කොට තරමක කැලෑ ප්‍රදේශයක් පසු කරමින් පැමිනි අපට සෙල් ලිපියක් ඇතැයි සදහන් කෙරුනු ලෙනකට ඇතුල් විය.

පලමුවෙන්ම ඇතුල්වූ කසුන් නැවතත් පැමිනෙමින් කියා සිටියේ සෙල්ලිපි කියා කොල්ලො කෙල්ලංගෙ නං ටිකක්නං තියෙනවා බං කියාය.



අනෙක් පිරිස සමග ඇතුල් වූ මටද දැකගත හැකි වූයේ ඒ අසික්කිත අලුගුත්තේරු වැඩේය. 



ලෙනෙහි කටාරම් දෙස  බැලූ මට පෙනුනේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී තිබූ සෙල්ලිපියයි. එහි තේරුම “අස්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අගිබුතිගේ දානයයි, වර්තමාන අනාගත චතුර්දිශාවෙන් එන සංඝයා වහන්සේ සදහාය“ යන්නයි.




එය නැරඹීමෙන් අනතුරුව තවත් ඉදිරියට යන විට කදු පරිසරයෙන් තොර තැනිතලා පෙදෙසක් හමුවිය. එහි ඉදිරියට ගමන් කල විට මැටි බිත්ති වලින් යුත් ගෙවල් දෙකක් හමුවිය. ඒ මැද කුඩා මඩුවක් වැනි ස්ථානයක දේවාලයක ලක්ෂණ දැකගත හැකි විය. 




ඒ ආසන්නයේ සිටි කුඩා දරුවෙක්ගෙන් පාර අසා ගත් අප බැලුම් ගල තරණය කිරීමට පටන් ගත්තෙමු. 



වර්ශාව හේතුවෙන් ලිස්සන සුළු ගල් තිබීම නිසා කන්ද තරණය එතරම් පහසු වූයේ නැත. කෙසේ හෝ තරණය කිරීමෙන් අනතුරුව තැනිතලා ගල් තලාවකට පැමිනියෙමු. එතන තරමක් වේලා රැදුනු අප බැලුම්ගල ඉහල කොටසටද නගින්නට විය.



ඉහල බැලුම්ගල පැති දෙකකින් සමන්විතය. ඒ ඉදිරපස හා පසුපස ලෙසිනි. පලමුව ඉදිරිපස බැලුම්ගලෙහි හා අවට නැරඹූ අපට විශාල දුරක් හා මහා මාර්ග කීපයක්ද දක්නට  ලැබුනි. 



පසුපස බැලුම්ගලට ගිය විට එයට හරියටම පිටුපසින් පිහිටා ඇති ගල් කන්දක් මුදුනේ පිහිටි චෛත්‍යයක් පෙනෙයි. පසුපස බැලුම්ගලෙහි ඇතුලට ගිය විට කුඩා නිවසක් හමුවන බව ඒ දිගටම ගමන්ගත් කසුන් සුපුන් හා කුසල් කීවේය.



වර්ශාව හේතුකොට හාත්පස පරිසරය තරමක අන්දකාරයෙන් යුක්ත විය.
ඒ වන විට වේලාව සවස 2.30 පමණ විය. අනෙකුත් පෙත්මග යුගල ගවේශණය අතහැර දැමූ අප නැවතත් පහලට පැමිනීමේදී තරියා වන මා සුළු අකරතැබ්බයකට මුහුන දුන්නෙමි. මා විසින් මටම මඩ ගසා ගත යුතු නැති නිසා එය සදහන් නොකරමි.

පහලට පැමිනෙන විට පන්සලේ නායක හිමි යැයි සැලකිය හැකි හිමි නමක් අපට හමුවිය. උන්වහන්සේ අපගේ විස්තර විචාරා අපට ආශිර්වාද කලේය. පහල සිටි අනෙකුත් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ටද ස්තූති කල අප නැවතත් ගම්පහ නගරයට පැමිනෙන්නට විය.




ගමන් මහන්සිය නිසාම යකෙක් කෑ බඩගින්නේ සිටි අප වේලාව ප්‍රශ්ණයක් වූ බිනූව බස්රථයක නංවා ලග පිහිටි අවන් හලකට ගොඩවිය.




අවන් හලට ගොඩ වන මොහොතේම මෙහි කෑවොත් දත ගැලවේ යැයි දැන සිටියද සිත තුල වූ පෙරේත කම නිසාම සේසතම වියදම් කර කෑවෙමු.
සූටි ට්‍රිප් එකක අවසානය එය විය. ට්‍රිප අවසානයේ අප කතාකා කර ගත්තේ තවත් මේ වැනිම චාරිකාවක් නුදුරේම යා යුතු යැයි සිත් තුල සටහන් කර ගනිමිනි.

තවත් ෆොටෝ තියෙනවා ඒකට මෙතනිං යන්න.

ප.ලි - කොලඹ සිට ගම්පහට පැමිනේනම් 200 හෝ ඕනෑම නගරාන්තර බස්රථයක (නුවර පාරෙන් යන) නැගී පැමින මිරිස්වත්ත හන්දියෙන් බැස යුතුය. ඉන්පසු එතැනින් 205 බස්රථයේ නැගී පිලිකුත්තුව රජමහා විහාරස්ථානය කරා පැමිනිය හැක. දුම්රියේ පැමිනෙන්නේ නම් (කොලඹ සිට ගම්පහට රු 25කි) ගම්පහට පැමින ගම්පහ බස්නැවතුම් පලින් 205 බස් රථයක නැගී පිලිකුත්තුව විහාරස්ථානයට පැමිනිය හැක. විහාරස්ථානයට පැමිනීමේදී සංවර ඇදුමෙන් යුක්ත විය යුතු අතර පෙම්වතුන්ට ඇතුල් වීමට ඉඩ නොදේ. එමෙන්ම කරුණාකර පොලිතින් භාවිතයෙන් වලකින්න. විශේෂම කරුණ මේනියාව තිබුනාට නම් ලෙන් විහාර වල කුරුටු බලි හා පෙම්වතියගේ නම ලිවීමෙන් වලකින්න. ඒවා සහගහන අපරාධය ඈ.....
ජයවේවා!!!!!!!



බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

48 comments:

  1. වටිනා තැනකට ගිහින් තියෙන්නේ

    ReplyDelete
  2. මගෙ හොඳම යාලුවෙකුත් ඉන්නවා ඔය පැත්තෙ..හ්ම්ම්..ගිය වෙලාවක මාත් බලන්න යන්න ඕන ඔය පන්සල.. :)
    බ්ලොග් එක අළුත් කරලා වගේ..මේ විදිහ හොඳයි! :)

    ReplyDelete
    Replies
    1. යන්න යන්න... මේ කාලෙ නැත්තං කොයි කාලේ යන්නද?
      බොහොම ස්තූතියි!!!!!!

      Delete
  3. උබට බැරිනම් මං කියන්නම් වුන කරදරේ ??

    ReplyDelete
  4. මමත් 2001දි ගියා.. දෝළාව නම් දැක්කෙ නෑ..

    අපූරු විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. දෝලාව තියෙන්නේ අර කියපු කාර්යාලය ඇතුලේ...
      බොහොම ස්තූතියි!!!!!

      Delete
  5. පිලිකුත්තුව රජමහ විහාරය ...... හොඳ ලිපියක් විහාරයෙ ඉතිහාස කතාව ගැනත් ලිපියක් ලියයි කියල බලාපොරොත්තු වෙනව

    ReplyDelete
    Replies
    1. එල එල...
      ආපහු අපි යන්නයි ඉන්නේ..
      සෙට් වෙමු ඈ..

      Delete
  6. එළකිරිනෙ ..............නියමය් ඇත්තටම

    ReplyDelete
  7. අඩේ සුපුනත් ගිහිල්ලනේ.. :-)

    මට තාම පිළිකුත්තු යන්න බැරිඋනා අවුරුදු 8ක්ම ගම්පහ ගිහිල්ලා..
    යන්න ඕනේ වෙලාවක..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං ඉතිං බලහං..
      සුපුංවත් එක්කං ගියේ අපි...

      Delete
  8. ආසා හිතෙනවා...යන්න ඇත්නම්
    ඇයිද දන්නැහැ එච්චර ආරක්ෂාව..!

    ReplyDelete
    Replies
    1. අනිවා යන්න. බලන්න වටින තැනක්.
      කැලෑ ප්‍රදේශයක්නේ..
      ගම්පහ නගරයේ උපකාරක පන්ති වලට එන තරුණ තරුණියන් හොයන්නෙම වල් වදින්න තැනක්නේ..
      ඒක එක අනික නිදං හොරුංගෙං බේරගන්නත් ඕනනේ..

      Delete
  9. පලයන් පලයන්. අපිට කියන්න එපා උබල පිළිකුත්තුව යනවා කියල. අනේ යකෝ !!!!

    ReplyDelete
    Replies
    1. යකෝ එදා උදේ කතා උනේ...
      බස් හෝල්ට් එකේදි.
      ඊලග ටාගට් එක උබලෑ ගෙවල් ලග රක්ෂිතය..
      ලෑස්ති වෙලා හිටහං..

      Delete
  10. බලන්න යන්න ආස හිතෙනවනේ...එළ ඈ..

    ReplyDelete
    Replies
    1. අනිවා එලම තමා...
      ගිහිං බලන්න පට්ට..

      Delete
  11. හෙට කියවලා ආයෙම කමෙන්ට් කරන්නම්කො :)

    ReplyDelete
    Replies
    1. එල ප්‍රමුදි ජයවේවා ඈ...

      Delete
  12. හප්පටසිරි, මෙච්චර දුරක් ගිහිල්ල කබරයින්වත් ෆොටෝ ගහල තියෙන හැටි දැක්කාම දුකත් හිතෙනව. රාවණා රජතුමාගේ පිළිකුත්තුව නැමති

    අර සෙල් ලිපියනම් රාවණ රජතුමාගේ එකක් බවයි මගේ අදහස, මොකද කියනවනම් රාවණ රජතුමාගේ සෙල් ලිපියක් ඔතන නොතිබෙන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. එසේය මීවනපලානයෙනි එසේය..
      රාවන රජ සමයෙහි කොලඹින් නැගි විමාන හරිහැටි ගුවන් ගතවූයේදැයි බැලීමට යොදාගත් ටවරය පිහිටා තිබී ඇත්තේ ඉහත සදහන් බැලුම් ගලෙහි බව එහිදී කුණ්ඩලනී ශක්තිය අවධිකල මට වැටහුනි..
      ඔබද එහි ගියේ නම් මැනව...
      පිලිගන්නවා ඔබතුමාව කෙරුවාවට..
      ජයශ්‍රී!!!!!!!

      Delete
    2. ඒ සෙල්ලිපිය වලගම්බා රජුගෙ මා දන්න විදිහට ..

      Delete
    3. හික්ස්
      නෑ අනූ...
      ඒක අගිබුති කියලා අශ්වාරෝහක ප්‍රධානියෙක්ගේ.
      එයා ප්‍රාදේශීය පාලකයෙක්.
      පසුකාලීනව වලගම්භා රජුත් සැගවී සිට තිබෙනවා.
      ඔහුගේ රෙදි පිලි සපයා දීම නිසා තමයිලු ගමට පිලිකුත්තුව ලෙස නම ලැබිලා තිබෙන්නේ..

      Delete
  13. යාලුවෙක්ට කැල්කියුලේටරයක් දෙන්න යනව කියපු එකා / උදේම ක්ලාස් යනවා කියපු එකා / බොරැල්ලෙන් ගිහින් බැහැලා මතුවෙලා තියෙන්නේ මෙතනින් එහෙනම්. කමක් නැහැ පිනට දහමට නේ..

    //සංවර ඇදුමෙන් යුක්ත විය යුතු අතර පෙම්වතුන්ට ඇතුල් වීමට ඉඩ නොදේ.// ඒක මරු.. ඒ නිසා වෙන්න ඇති කොල්ලො සෙට් එකක් එක්ක ගියේ.. :පී

    ජය !

    පලි- කවුද යකෝ යුගයේ බ්ලොග්කරු, මම අහිංසක බ්ලොගෙක් හරිය..

    ReplyDelete
    Replies
    1. හි හි...
      ලෙක්චරේ වේලාහන ඉවර වෙනවා කියපු නිසා ගමන සෙට් කර ගත්තේ..
      අහිංසක උනත් යුගයේ ජනප්‍රිය බ්ලොග් කරුවෙක්නෙ ආ....

      Delete
    2. ඔව් ඔව් මු පවුනේ, එක නිසා අපිත් ගියා

      Delete
  14. ස්තූතියි අයියා අපේ පන්සල ගැන ලිව්වට.:)මෙච්චර කල් ගමේ ඉඳලත් මට තාම පන්සල ගැන පෝස්ට් එකක් ලියාගන්ඩ බැරි උනානෙ.හි හි..අයියා චෛත්‍යය එහා පැත්තට චුට්ටක් ගියා නම් දකින්න තිබුනා නිදන් හොරු කරලා තියෙන විනාසෙ.චූඩා මාණිකයත් නෑ.පිටිපස්සෙ ගොඩාක් ඇතුලට හාරලා.ආරක්ශාව දාන්න හේතු ගොඩාක් තියෙ.එකක් නිදන් හොරු.අනික හොර මත්පැන් ජාවාරම්.හවසට කන්දට බොන්න එන සෙට්.ඒ නිසා තාම අයියලගෙනුත් කැම්පස්ද කියලා අහන්න ඇත්තෙ..අපේ පන්සලේ ලස්සනයි වටිනාකමයි දෙකම විනාස කරනවා ඔය මිනිස්සු.ඒ වගේම තව ඇවිදින්න තැන් ගොඩාක් තියෙනවා.ඒ නිසා ආයෙ පාරක් බ්ලොගර්ස් එනවා නම් මට කියලා එන්නෝ!!!(කන්න එහෙම ලෑස්ති කරන්න බෑ හැබැයි)

    ReplyDelete
    Replies
    1. චෛත්‍ය ගාවිං තියෙන 1වෙනි පෙත්මගට යන්න වෙලා මදි උනා. එදා වැස්ස නිසා කලුවර වැටුනා..
      අපිට ඒ හානි වෙච්ච කොටසනං දැකගන්න බැරි උනා..
      අනිවා ඊලගපාර ගම්පහ ආශ්‍රිතව එනවනං කියන්නං..
      අපි මාලිගාතැන්නටත් යන්න ඉන්නේ. සෙට්වෙමු කීවා!!!!!!!

      Delete
  15. ගම්පහින් 231 මාර්ගයේ ඇවිත් බටගොල්ල හන්දියෙන් බැහැලා එන්න පුලුවන්..ආවම හම්බවෙන පලවෙනි තාර පාරෙ දිගටම යන්නයි තියෙන්නෙ.බස් ගාස්තුව 16 යි.පන්සලට ලඟ මේ පාරෙන් තමා 205 ට වඩා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දැනුවත් කිරීමට..
      අපි ඉතිං එච්චරම දන්නැති නිසයි 205 නැග්ගෙ..

      Delete
  16. විස්තරය හොදය... සිරාද නිතර යනෙන තැනකි... ගම්පහ යනු සිරාගේ වාසස්ථානයයි...

    ReplyDelete
    Replies
    1. කලිං දන්නවනං ගමනට සෙට් කර ගන්න තිබ්බා සිරා අයියේ..
      ජයවේවා!!!!!

      Delete
  17. ශෝක් ගමනක්..නෙහ් අපේ පුරාවිද්‍යාතුමන් ගිහින් තියෙන්නේ....
    හොදයි හොදයි...,
    නැවත මෙවන් ගමන් යෑමට හැකි වේවායි පතනවා.......

    ReplyDelete
    Replies
    1. හි හි...
      එලය එලය....
      ස්තූති වේවා!!!!!!

      Delete
  18. මරු ගමන. බ්ලොග් එකේ අලුත් පෙනුම හොදයි

    ReplyDelete
    Replies
    1. එල එල..
      තැංකූ ඈ...
      අයෙ යමු කොහෙ හරි....

      Delete
  19. මාලිගාතැන්න විහාරය තියෙන්නෙත් මේ කිට්ටුව මම හිතන්නෙ ..යන්න වටින තැනක්..
    ස්තුතිය තරියා..

    ReplyDelete
    Replies
    1. ඔව්....
      ඒ ලගමලු...
      බොහොම ස්තූතියි රූ!!!!!!

      Delete
    2. හ්ම් මාලිගාතැන්න පහුකරගෙන යද්දි වාරණ රජමහි විහාරයත් හම්බවෙනවා

      Delete
  20. මාත් ගිහින් තියෙනවා
    ඒත් දැන් මෙ කන්දෙ නොයෙක් විදිහේ අපරාධ සිද්ධ වෙනවා කියලා නොයෙක් කට කථා පැතිරිලා තියෙනවා
    මෙ බෝහොම මැතක ප්‍රසිද්ධ වුන හොල්මනක් කියන කෙනෙකුත් පැහැර ගැනිමකුත් ඔය කියන කටකථා අතර සුවිශේෂියි
    තැන ගැනනම් කතාකරලා වැඩක් නැ මාර පට්ටයි
    හරිම නිස්කලංක රසවිදිය හැකි පරිසරයක්

    ReplyDelete
  21. අද අපි ගියා. 2017-07-08

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????