ලගින්ම ඉන්න කස්ටිය

Friday, September 14, 2012

ටුවෙන්ටි ටුවෙන්ටි බලන්න යනවනං මේ ටිකත් දැනගෙන යන්න...


කට්ටිය දන්නවනේ මේ පාර 20යි විස්ස ලෝක කුසලානය තියෙන්නේ ලංකාවේ. යන්නත් සමහර අය අදහස් කරගෙන ඇති. නමුත් මේ පාර ක්‍රමේ ටිකක් වෙනස් මැච් බලන්න තියෙන. 




මුල ඉදංම බලමු මොනාද  මේ වෙනස්කම් කියලා..

ලංකාව ලෝක කුසලාන තරගාවලියක සම්පූර්ණ සත්කාරකත්වය දරන පලමු අවස්ථාව මේක. ඉතිං සංවිධායකයන්ට මේක ලොකු දෙයක්. කොටිංම කිවුවොත් ලංකා ඉතිහාසේ මෙතෙක් පවත්වන ලොකුම තරගාවලිය. 

මේකට සහභාගි වෙන්න රටවල් ගනනාවක කන්ඩායම් සහභාගි වෙනවා. පිරිමි කන්ඩායම් වගේම ගැහැනු ක්‍රිකට් කන්ඩාම් කීපයකුත් මේ සදහා සැදී පැහැදිලා බැට් උරුක් කරං ඉන්නවා කියලයි ආරංචිය. මොකද දෙපාර්ශවයේම ක්‍රීඩා තරග පැවැත්වෙන්නේ එකට. 

මෙන්න කාලසටහන
 

පිරිමි ක්‍රිකට් තරගය එහෙමත් නැත්තං ප්‍රධාන ක්‍රීඩා තරග ක්‍රීඩාංගන තුනකදී පැවැත්වෙනවා. ඒ 
  • කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය, 
  • මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනය හා 
  • හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගන තුනේදීයි. 

ගැහැනු කණ්ඩායම් වල ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ විතරයි.

හරි.. මැච් එක බලන්න නිකං යන්න බෑ.. ටිකට් ගන්න  ඕනා.. නිකං යන්න එක ක්‍රමයක් තියෙනවා.. ඒකටත් පෙප්සි එකත් එක්ක මොකක්ද හුට්ටප්පරයක් කර ගන්න ඕනා..

දැනටමත් ටිකට් ඇති ගත්ත අය ගාව. 
මේ පාර ටිකට් ඉෂූ කරලා තියෙන්නේ අයි.සී.සී එකෙංමයි. ඒ වගේම තමයි හොදට ටිකට් එක බැලුවොත් ඒකෙ ආරක්ෂක උපක්‍රම කීපයක්ම බලාගන්න පුළුවං. 





ඔන්න ඔය උපක්‍රම ටික භාවිතා කරලා තමා ටිකට් එක හොරට ප්‍රින්ට් කරපු එකක්ද නැත්තං ඔරිම ජිනල් එකක්ද කියලා හොයා ගන්නේ. කීපයක් මං කියන්නං අනිත් එවුවා ටික කියන්න තහනං. 

ටිකට් එකේ තියෙනවා ඉස්සරහම මේ පාර ටී ටුවෙන්ටියේ ලාන්ඡනේ. අන්න ඒක  දිලිසෙනවා. බලන්න ටිකට් එක නිකං මොකක්ද වගේ දිලිසෙනවා නේ?????  දිලිසෙන්නැත්තං සොරි තමා ඕක හොර ටිකට් එකක්. ග්‍රවුන්ඩ් එකට ගිහිං චොර වෙනවට වඩා හොදා ගෙදර ඉන්න එක. 

අනිත් එක තමා කාණ්ඩ අංකය. ඒක ටිකට් එකෙං ටිකට් එකට වෙනස්. 

ඔය ක්‍රම දෙක විතරයි කියන්න පුළුවං. අනිත්  එවුවා රහස් ඈ..

ටිකට් එකේ තියෙන විස්තර ටික ටිකක් හොදට බැලුවොත් පේන්න ඇති සීට් නම්බර් කියලා එකක්. මොකක්ද යකෝ මේ සීට් නම්බර් සීන් එක කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවං. ඒක මේ පාර ටූනමන්ට් එකට ඇඩ් කරපු ගොං ආතල් එකක්. ඔය සීට් නම්බර් බාර් එකේ රෝ නම්බර් එකයි සීට් නම්බර් එක කියලයි දෙකක් තීනවා. ඒ ස්ථානය සොයාගැනීමේ පහසුවට. නම්බර් එක තියෙන සීට් එකේ විතරයි වාඩි වෙන්න පුළුවං. වෙන සීට් එකක වාඩි වෙලා හිටියොත් කාර්යමණ්ඩලයේ ඕනෑම කෙනෙකුට හරි ආරක්ෂක අංශයේ මහතෙකුට හෝ මහත්මියෙකුට පියවර කීපයක් ගන්න පුළුවං.

  1. හොදින් සරලව වටහලා දීම..
  2. සීට් එක මාරු කර ගන්නම ඕන්නං ක්‍රමය කියලා දීම..
  3. ඒත් බැරිනං කනෙං අල්ලලා එලියට දාන එක..

අපි හිතමු පවුලක් යනවා. අම්මයි තාත්තයි දුවයි. අම්මයි තාත්තයි එක ලග සීට් දෙකකට වැටිලා දුව ටිකක් දුර සීට් එකකට සෙට් උනා කියමු. වැඩේ දෙල්නේ.. ඉතිං එතකොට පුළුවං එක්කො අම්මලා ගාව ඉන්න අයගෙං හරි දුව ගාව සීට් එකේ ඉන්න අයගෙං හරි සුහදව තමංගෙ තැන සහ අර කියපු තැන් හුවමාරු කර ගන්න.. 

එහෙම නැතුව බයි ෆෝස් එකෙං සද්ද බද්ද දාලා ගෝරිදාං කචල් බචල් දාං සීට් අල්ලන්න හැදුවොත් නෝ මැච් කෙලිංම කූඩුවෙ තමා..

එච්චරයි ටිකට් ගැන කියන්න තියෙන්නේ මයේ හිතේ.. ආ නෑ.. තව තීනවා..

ටිකට් එකේ ගහලා තියෙනවා තමං ඉන්නේ මොන බ්ලොක් එකේද කියලා..

(මේ කොටස් කෙත්තාරාම ක්‍රීඩාංගණයට අදාලව පමණි)
  • A upper, B upper, C upper, D upper
  • A lower, B lower, C lower, D lower
  • VIP, VVIP, Grand Stand ඔන්න ඔය වගේ තියෙනවා සෙක්ෂන්ස්..




ඉතිං නිතරම තමංට හිමි සෙක්ෂන් එකේ ඉන්න වගබලා ගන්න ඕනා. බැරිවෙලාවත් පිට ගිහිං ආවොත් ඇතුලට ගන්නෑ කවුරු කිවුවත්...

අනිත් එක තමා එක දවසේ මැච් දෙකක් ගහන දවස් තියෙනවා. ඒ දවස් වලට මැච් දෙකම බලන්න පුළුවං ටිකට් වගයක් ඉෂූ කරලා තියෙනවා. ඒ ටිකට් වලිං මැච් බලන අයටයි මේ කියන්නේ. එක මැච් එකක් ඉවර වෙලා අනික පටං ගන්නකං එලියට (ක්‍රීඩාංගනයේ ඇතුලත පමණයි) ගිහිං එන්න ඕන්නං ඒ සෙක්ෂන් එක භාරව ඉන්න නිලධාරීන්ට දන්වන්න. 

ඒ අය පොඩි බ්‍රේස්ලට් එකක් දානවා ඕගොල්ලංගේ අතට. ඒක දැම්මොත් දැම්මා තමා. ගලවන්න හැදුවොත් කැඩෙනවා. ඉතිං ඔය බ්‍රේස්ලට් එක පරිස්සං කර ගෙන යන තැනක යන්න. බැරිවෙලාවත් කැඩුනොත් ආයේ ඇතුලට ගන්නෑ. ඒකත් ආරක්ෂක පියවරක් හැටියට තමා හැදින්වෙන්නේ.

ටිකට් වලට අදාල අන්තිම එක තමා වාහන. රථවාහන නවතාතැබීමේ ස්ථාන තියෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් විතරයි. ඉතිං වාහනේක යන්න හිතං ඉන්නවනං ඒ සදහා ඉඩපහසුකම් සපයන ටිකට් පතක් මිලදී ගන්න වෙයි. මොකෝ නැත්තං වාහනේ පාක් කරගන්න බැරුව පැය ගානක් කැරකි කැරකි ඉන්න වෙයි මැච් බැලිලි පැත්තක තියලා.

හරි. ටිකට් කතා ඉවරයි. දැං බලමු ගෙනියන්න පුළුවං සහ ගෙනියන්න බැරි බඩු මොනාද කියලා..

පිහි, කතුරු, ඇන, නියං වගේ උල් ආයුධ අරං යන්න එපා.. හරිද..

ඊටපස්සෙ ඔය නලා අනං මනං අරං යන්නත් එපා. දැං එවුවා ගෙනියන්න දෙන්නෑ..



කොඩියක් ගෙනියනවනං ප්ලාස්ටික් බටයක් යොදපු කොඩියක් ගෙනියන්න. ලී එවුවා ගෙනියන්න දෙන එකක් නෑ මයෙ හිතේ.. මේකනං කොහොම වෙයිද දන්නෑ.. ගෙනියන්න දෙන්නෑ කියලා තියෙන්නේ. ඒත් පොලීසියෙ අයනේ චෙක් කරන්නේ. ඉතිං සමහර විට ඒගොල්ලං හිතලා බලලා ගෙනියන්න දෙයි.

තව ඉතිං ගෙනියනවනං ගෙනනියන්නේ කෑම බීමනේ...

කෑම එච්චරම අවුලක් නැතත් බීමනං ගොඩක් ප්‍රශ්ණ ඇති කරනවා..
 
ඔය දෙයියන්ට ගහන එවුවා එතකොට බල්ලන්ට ගහන එවුවා එහෙම බොන්න බලාපොරොත්තුවෙං ඉන්න අයට කියන්නේ.. ඇතුලට බියර් එකක්වත් ගෙනියන්න දෙන්නෑ.. සිගරට් පවා ශුවර් නෑ.. ඉතිං ගෙනියන්න එපා.. 

හැබැයි ඇතුලෙනං බියර් තියෙනවා විකුණන්න. ගාන දන්නෑ.. ඉතිං ගෙනිහිල්ලා චාටර් වෙන්න ඕන්නෑනේ... සල්ලි අරං ගිහිං බොනවනං ඇතුලෙන්ම බොන්ඩලා..
 
එතකොට සිසිල් පැන් අරං ගියාට ප්‍රශ්නයක් නෑ කියලා හිතනවනං ඒක වැරදියි. සිසිල් පැන් නැත්තං පැනි බීම වලිනුත් ගෙනියන්න පුළුවං බ්‍රෑන්ඩ් තියෙනවා.. 

තරගාවලිය පුරාවටම කොකා කෝලා කියන්නේ තහනං වචනයක්. මොකද ස්පොන්සර් කරන්නේ පෙප්සි. ඉතිං ගෙනියනවනං පෙප්සි බෝතලයක් අරං යන්න. ඒකත් ඇතුලට ගනිද්දි ආරක්ෂක අංශයේ අයට සැකහිතුනොත් වෙන වෙන ජාති කවලං කියලා ඒක ඒගොල්ලංගෙ භාරයට ගන්නවා. ආයේ රිටන් නෑ... 

ඔය අනං මනං ගෙනියනවට වඩා හොදා හොද ලොකු වතුර බෝතල් දෙක තුනක් අරං යන එක. කවුරුත් මොනවත් කියන්නෙ නෑ නේ.. මොකද නැත්තං ඇතුලෙ වතුර බොන්නනං ඒකත් සල්ලි දීලා ගන්න ඕනා.. අපරාදෙනේ සල්ලි...

හරි තව බලමු හැසිරීම ගැන...

මේ පාර නීති තදයි කිවුවනේ.. 
විශේෂයෙන් අහල පහල ඉන්න අයට කරදයක් කියලා හිතුනොත් ඒ අයට කම්ප්ලේන් කරන්න පුළුවං. එහෙම උනොත් ඉතිං ග්‍රවුන්ඩ් එකෙං දොට්ට තමා. මොකද ආරක්ෂක අංශෙට මේ පාර දානවා කිවුවේ දෙකේ හතරෙ පොරවල්...



හදිසි අවස්ථාවක් ඇති උනොත් ගාල කඩාගත්තු හරක් ටිකක් වගේ දුවන්න එපා.. නිලධාරීන් දැනුවත් කරයි කරන්න ඕන දේ.. අන්න ඒ විදිහට ක්‍රියා කලොත් පණ බේරං එන්න පුළුවං. මොකද ඒ අයව පුහුනු කරලා තියෙන්නේ එවුවා සම්බන්ධව ලොකු පුහුනුවක් දීලා..

සැමවිටම සන්සුන්ව මහත්මයෙක් ලෙස මහත්මා ගුණ දක්වා හැසිරෙන්න. 
නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගන්න එපා (විශේෂයෙන් අපි වගේ අහිංසකයොත් එක්ක). ඔවුන් ඔබට ඉහල ගුණාත්මකත්වයකින් යුතු සේවයක් ලබා දීමට ඇප කැප වී සිටිනවා..

විශේෂයෙන් මං හිතන ආකාරයට මේ පාර සීට් වලට ලොකු ලොකු කේස් යයි. 
ඒ ඒ අවස්ථාවන් වලදී අර කිවුවා වගේ ප්‍රියමනාප වචනෙන් සන්සුන්ව කතා කිරීමෙන් තමංගෙ වැඩෙත් ගොඩ දාගෙන අහල පහල අයගේ හොද හිත දිනාගෙනම මැච්  එක සතුටින් බලන්න පුළුවං. මොකටද නිකං වැඩි වැඩ දාන්න ගිහිං කූරු ගනින්නේ..

දැං කට්ටිය බලනවා ඇති මේ යකා මේ මගුල් කියවන්නේ දැනගෙනද කියලා..
උත්තරේ යෑෂ්.. 
නිකං ඉන්න නිසා මේ පාර මමයි කස්සයි කස්සගෙ මල්ලි සුප්පයි ගියා ස්වෙච්චා  සේවයට.. 



ස්වෙච්චා කිවුවට හෙන ගේමක් දෙන්න ඕනා රාජකාරියක්.. ඔන්න ඕකෙදි තමා මට තරුවවත් හම්බඋනේ. මිනිහත් ඇවිල්ලා හිටියා රාජකාරියට බැදෙන්න ඕං..

දැං කට්ටිය එන්න එපා ඇතුලට පන්නපං අනං මනං කියාගෙන. අපිට දුන්න code of conduct එකේ මුලිංම ටොම්බා සයිස් එකෙං තියෙන්නේ එකෙක්වත් ඇතුලට ගන්න එපා තෝවත් එලියට දානවා කියලා..

කෙත්තාරාමේ මැච් බලන්න එන අයට සීට් පිලිබද ප්‍රශ්ණයක් ආවොත් අපේ තරුවව හම්බවෙලා ඒ ගැටලුව නිරාකරණය කර ගන්න පුළුවං. මොකද මිනිහා ඉන්නේ ඒ සෙක්ෂන් එකේ..

එතකොට මම ඉන්නේ ලොජිස්ටික් සෙක්ෂන් එකේ.. කෑම බීම පිලිබද ප්‍රශ්ණ, ක්‍රීඩකයංගේ බීම වර්ග පිලිබදව තමා මං වගකියන්නේ සහ වැඩ කරන්නේ.. ඉතිං මාව හම්බවෙන එකක් නෑ.. හැබැයි අර පෙප්සි ඩගවුට් එකේ කවුරු හරි ඉන්නවනං මාව හම්බවෙන්න පුළුවං වෙයි... මොකද බොහෝවිට මං ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඉදී..
 
කස්සා සහ සුප්පා ඉන්නේ වී.අයි.පී බොක්ස් වල ඇමතිලා සහ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් එක්කලු... උං ලොකු සයිස්ලු ඈ..

එහෙනං අපි බලාපොරොත්තු වෙනවා කට්ටිය ඇවිල්ලා ලංකාවේ කොල්ලො ටිකට චියර් කරලා මොරාල් අප් කරලා ගනී කියලා. 

මේ කිවුව විදිහට වැඩ කරලා ගේමක් නැතුව මැච් එක බලලා සතුටින් විසිර යන්න ලැබේවායි කියලා එක සිතක් නැතත් සියලුම සිත් වලින් ප්‍රාර්ථනා කරනවා!!!!!!

ජයවේවා!!!!!!!!!!!!!!!

(අම්මටසිරි අපිට මෙවුවා ගැන බ්ලොග් වල දාන්න එපා කිවුවා නේද??????) 


බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

74 comments:

  1. අනේ මේක දැකල රස්සාව නැතිකරහං

    ReplyDelete
    Replies
    1. වොලන්ටියර්ස්ලට ගෙවීමක් කෙරෙන්නෑ බං...
      එලෙවුවත් කමක් නෑ ඉතිං...

      Delete
  2. කලින් කිවුවා නම් මාත් එනවනේ.. :P
    මට නම් ඔය ක්‍රිකට් ගැන ආසාවක් නෑ ඕන්.. අපේ යන කස්ටියව මම දැනුවත් කොරන්නම් මේ ටික කියවන්න කියල..
    පොස්ට් ඒක මරු.. වෙලාව පසු වී දැමීම ගැන නොසතුටින් :/

    ReplyDelete
    Replies
    1. අපරාදේ...
      ඉතිං ඒ දවස් වල දන්නෑනේ...
      අර හිරෝෂිමා කේස් එකෙංනේ දැන අදුන ගත්තේ...
      ඊලගට මොනාහරි ආවොත් කියන්නං...
      වෙලාව චුට්ටක් එහා මෙහා උනා තේක බොන්න ගිය නිසා..

      Delete
    2. පණුවන්ටත් ක්‍රිකට්................. :D

      Delete
    3. අද කාලේ හැම දේම දියුනුයිනේ.....

      Delete
  3. හෑ... මං හිතුව උබට code of conduct අමතක වෙලා කියලා...අපිට vip උනාට මොන කට්ටක් කන්න වෙයිද දන්නේ නෑ... මේ ටිකේම ලස්සනට පොස්ට් ටිකක් තිබ්බා...නියමයි.. එල එල!!!

    ReplyDelete
    Replies
    1. එල ඈ...
      මං ඉතිං පැත්ත ගියත් ඇත්ත කියන එකානේ...
      ඉතිං පැයක් විතර code of conduct එක දිහා බලං ඉදලා පස්සෙ ලියනවා කියලා හිත හදා ගත්තා...
      තැංකූ ඈ කමෙන්ට් එකට!!!!!!!!

      Delete
  4. සිරා පාර මචං මේක මැච් බලන්න යන එවුන්ට මාර වටිනමා..මමනං ඉතිං ප්‍රෙස් බොක්ස් එකට වෙලා ෂේප් එකේ කොළඹ තියන මැච් එකක් දෙකත් බලනවා....

    ReplyDelete
    Replies
    1. මම බොහෝවිට මීඩියා සෙක්ෂන් එක පැත්තෙත් ගැවසෙයි...
      මීඩියා එකට යන්න හිටියත් පස්සෙ තීරණය කලා ලොජිස්ටික් වලම නවතින්න..
      තැංකූ ඈ කමෙන්ට් එකට!!!!!!!!!!

      Delete
  5. නියමයි. සුවේච්චා සේවෙ ඉහලින්ම කොරන්න වාසනාව ලැබේවා. ජය...!

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ...
      උපරිමේටම සේවය දෙන්නයි හිතං ඉන්නේ..
      රට වෙනුවෙන්නේ ඉතිං..

      Delete
  6. මමත් ටිකට් ගන්න බැලුවා අපේ ටීම් එක ගහන ඔක්කොම මැච් තියෙන්නේ හම්බන්තොට නිසා වැඩේ අතැරලා දැම්මා ...

    ReplyDelete
    Replies
    1. සෙමි ආවොත් කොලඹ ඉදං බලන්න පුළුවං...
      ඒත් ඉතිං එනකං ෂුවර් නෑනේ....

      Delete
  7. යන අයට නම් මේ පෝස්ට් එක ගොඩක් වටිනවා. :)

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් ලැබෙනවනං ලොකු දෙයක්...
      මොකද මුකුත් නොදැන ඇවිත් බුල් කෙලිනකොට වැඩ කරන උංටත් මල පයිනවනේ...
      තැංකූ සිතූ කමෙන්ට් එකට!!!!!!!!

      Delete
  8. හෑ මේවා දාන්න තහනම් නේ :D
    කොහොමද පලවෙනි දවසෙම ගෙදර එව්වොත් අපිව.
    එල එල ,මං මේ මේවා ලියන්න බයේ ගිටියේ උබ ඔක්කොම දාලා

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බං...
      එහෙම උනොත් ගෙදර ඉදං මැච් ටික බලනවා...
      වෙන මොනා කරන්නද...

      Delete
  9. අඩේ උඹ මාර පොරක්නෙ.
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ මාර?????????
      හි හි...
      ස්තූතියි කමෙන්ටුවට වී පොකුර..

      Delete
  10. අපිට ඉතින් ඕවා බලන්න හම්බවෙන්නෙ නෑනෙ...මෙහෙ තියෙන්නෙ ෆුට්බෝල්..

    ReplyDelete
    Replies
    1. හැපෝය්...
      ෆුට්බෝල් චාටර් අප්පා...
      මොනා කරන්නද ඉතිං බලන්න තියෙන්නේ එච්චරනං බලන්න වෙනවනේ...
      හි හි..
      තැංකූ අක්කේ කමෙන්ට් එකට!!!!!!!!

      Delete
  11. Apuruwata Pahadili Karala. Thanks Malli..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි අයියේ කමෙන්ට් එකට...

      Delete
  12. හරිම වැදගත් මේක...අපිටනම් එන්න වෙන්නේ නෑ ඉතින්

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒ මොකෝ ඒ??????
      ටිකට් නැතුවද??????
      ස්තූතියි සයුරි කමෙන්ටුවට!!!!!!!!!

      Delete
    2. නෑ අනේ..ලංකාවට එන්න ටිකට් නැතුව :)

      Delete
    3. හයියූ....
      එහෙනං ටීවි පිහිට තමා...

      Delete
  13. අඩේ දාපන් 5ක්...17 ඉදන්ම වැඩේට සෙට් වෙමු...ඔව් බං මම ඉන්නේ මිනිස්සු ඉන්න පැත්තෙනෙ..හයේ හතරෙ පොරක් කේස් එකක් දැම්මොත් ආයි දෙකක් නෑ ඌ ඉවරයි..(ඔය කිව්වට මට මොකක් වෙයිද මන්දා..) සීට් පිලිබඳව මගෙන් නම් අහන්න එපා ඕං මම ඔව්වට නෑ..මේ මාවත් ඔය ලොජිස්ටික් පැත්තට ගනිංකො බං..අර ලස්සන ගෑනු ලමිස්සියෝ එක්ක ඉන්න තියෙන්නෙත් උඹලට නේද...මට ඊරිසියයි බං... එල ඈ...ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මේ මගේ කට කහනවා බං අර හොර ටිකට් අල්ලන හැටි කියනකම්...මොකද කරන්නේ මම කට කහ කහ ඉන්නද...අනේ මන්දා..

      Delete
    2. සෙට් වෙමු සෙට් වෙමු...
      මට අද මැසේජ් එක ආවා...
      ලොජිස්ටික් ගන්න තිබ්බා ඒත් දැං උබව ඕකට සයින් කරලා ඉවර නිසා ගන්න විදිහක් නෑ මචං...
      ලස්සන ගෑනු ලමිස්සියන්ට ඇප උපස්ථාන කරන්න කට්ටිය පොර කනවා..
      හික්ස්..

      Delete
    3. කහ කහම හිටිං...
      එවුවා කිවුවොත් හිරේ විලංගුවේ තමා යන්න වෙන්නේ..

      Delete
  14. මරු පෝසට් එක.ඕවත් මහා එක වෙලාවකට එපා වෙනවා අප්පා

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ එපා වෙන්නේ???????
      ඒම කීලා හරියන්නෑ මේ පාර ලංකාව දිනවන්නම වැඩේ සෙට් කරමු...
      හි හි...
      ජයවේවා සහෝ..

      Delete
  15. මං මුල් ටික කියවද්දී හිතුවා කිරිකැට් ආයතනයේ රස්සාවක් වත් හම්බවෙලාද කියලා.. බලන්න යන අයට වටිනා කියන පෝස්ට් එක. ජය..!!

    ReplyDelete
    Replies
    1. අපිට කොයිද බං ඒ සුර සැප.....
      හි හි...
      ස්තූතියි කමෙන්ටුවට!!!!!!
      ජයවේවා!!!!!!!!

      Delete
  16. අඩේ මරුනේ මාත් ආසයි අප්පා වැස්ස වෙලාවක මැච් එකක් තියෙන ග්‍රවුන්ඩ් එකකට පැනලා කවර්ස් ටික අදින්න හරි සෙට් වෙන්න... ඒක නෙමේ තරියෝ බොලා නොකරන්නේ මොනවද ඈ??

    ReplyDelete
    Replies
    1. අපෝ බං කවර්ස් අදින්න දාන්නේ හෙන චාටර් සෙට් බං...
      ගොඩක්ම ඇපල් වත්තෙං තමාලු බස්සන්නේ..
      අපිට හම්බුන ඕඩර්ස් වලත් කිවුවේ උංගෙං බඩු ටික බේරගන්න කියලා..
      හි හි...
      නොකරන දෑ බොහොමයි ගැමියෝ...
      හික්ස්.. ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
      ජයවේවා!!!!!!!!

      Delete
  17. ටිකට් අවුලක් නැහැ අපි බලන්නේ ටීවි එකෙන් !

    ReplyDelete
    Replies
    1. මෙන්න හැදෙන මිනිස්සු....
      හික්ස්...
      බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!

      Delete
  18. තරියටත් මරු ඩියුටි නේ සෙට් වෙන්නේ. මම නම් කිරිකැට් බලන්නේ ටී වී එකෙන් නිසා ටිකට් ෆ්‍රී. මොනවා උනත් බලන්න යන අයට නම් වටිනා විස්තර ටිකක්.

    ReplyDelete
    Replies
    1. ටී.වී එකෙං බැලුවත් එකයි තමා...
      ඒත් ග්‍රවුන්ඩ් එකේ බලනකොට මාර ආතල් එකක් තීනවා...
      හි හි...
      තැංකූ චන්දන කමෙන්ට් එකට!!!!!!!!!

      Delete
  19. යන්න කියල ඉන්නේ..හ්ම්ම්..බලමුකෝ..:)

    ReplyDelete
    Replies
    1. කොළඹ ආවොත් හිරුවො අපි සෙට් වෙයි....
      ඒත් ලංකාවෙ මැච් තියෙන්නේ නුවරයි හම්බන්තොටයි..
      හි හි...

      Delete
  20. වතුර කියලා කසියා ගේන්න බැරිද බන්.. :)

    එහෙනං හොඳට වතුර අදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරන්නම්..

    ReplyDelete
    Replies
    1. කසියා වල ගන්ධයක් නැත්තං පුළුවං වෙයි.....
      වතුර අදින්න නැතෝ අපිට....
      හි හි..

      Delete
  21. වැදගත් වැදගත් බොහොම වැදගත් .. හැබැයි ක්‍රිකට බලන අපි වගේ උන්ට

    ReplyDelete
    Replies
    1. හි හි...
      ලංකාවේ ක්‍රිකට් බලන ඈයෝ දැං සීග්‍ර ලෙස අඩු වෙනවා වගේ...
      ස්තූතියි ලොකු ජෝං අයියේ..

      Delete
  22. Replies
    1. ස්තූතියි උමා අක්කේ....
      ජයවේවා!!!!!!!!!!!!

      Delete
  23. යන අයටනම් වැදගත් අයියෝ සල්ලි..... අපිට යන්න වෙන්නේ නෑනේ. තරියෝ පුලුවන්නම් එයාර් ටිකට් එකක් එවන්නෝ...... ලොල් :)

    ReplyDelete
    Replies
    1. එයා ටිකට් තියා බස් ටිකට් එකක්වත් ගන්න සල්ලි නෑ මචෝ...
      අපි හරි දුප්පත්...

      Delete
    2. හි හි විහිලුවට කිව්වේ. කෝරලේ වලව්වත් දැන් බංකොලොත් වෙලානේ මචෝ. මම කෙනෙක්ගේ දුප්පත් පෝසත් කම් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. උඹේ හදවත් හරි පෝසත් හිත හොඳ කොල්ලෙක් ඒ පෝසත් කම ඉහට උඩින් වෙන මොන නැතත් ඕන් මේ කෝරලේ ගොයියට.

      Delete
    3. ශ්‍රී ලංකාවේ මිනිස්සු හරි වෙනස්...
      ඒ වෙනසට ගරු කරන මම තරියාගේ කෙරුවාව ලීන තරියා...!!!!!!!!!

      Delete
  24. වැඩක් නෑ බං....
    නිවාඩුවක් සැට් කොරාගන්න බැරි උනානේ

    ReplyDelete
    Replies
    1. හයියූ....
      කලිංම සෙට් කර ගන්න එපෑ...
      අවුලක් නෑ ඒනං ටී.වී එකෙංවත් බලන්ට..

      Delete
  25. මමත් පාසලින් සමුගත්ත ගමන් ක්‍රිකට් ක්‍රීඩාංගන වල ටිකට් නිකුත් කිරීමට අදාළ රාජකාරියක් කලා අවුරුදු කීපයක්ම... මේ සදහා අපි ලංකාව වටේම ජාත්‍යන්තර තරග තියෙන ක්‍රීඩාංගන වලට ගියා... ඒ ගමන් බිමන් වලදි ලබපු අත්දැකීම් නම් අනන්තයි අප්‍රමාණයි... පුලුවන් විදියට ඒවා ඉදිරි දිනයක ලියන්නම්.... ඒ කාලෙ ඉදන්ම ICC වලින් මුද්‍රණය කරන ටිකට් වල ඔය රහස් සළකුණු තිබුනා....

    මේ ගමන් බිමන් වලදි අමතක නොවෙනම අවස්ථාවක් තමයි දඹුල්ල ක්‍රීඩාංගනයෙදි විදුලි ආලෝකය යටතෙ රොමේෂ් කළුවිතාරණ සමග ක්‍රීඩා කල අවස්ථාව...ඔහු අපේ කාලයේ ක්‍රිකට් ලෝකයේ මා දුටු ඉතාමත් නිහතමානීම ක්‍රීඩකයෙක්... ඒවගේමයි රුචිර පෙරේරා... කුලසේකර මගේ පාසල් යාලුවා නිසා එයා ගැන කියන්න යන්නෙ නෑ...ඔහුත් පුදුමාකාර විදියට නිරහංකාර චරිතයක්...

    ඔබ මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් තොරව තමන්ට නියමිත බ්ලොක් එකේ..තමන්ට අයත් ආසනයේ වාඩි වෙනවා නම් එය තරග සංවිධානය කරන අයට වගේම අනෙක් නරඹන්නන්ටත් පහසුවක් වේවි. බොහෝවිට ක්‍රීඩාංගනයේ එළියෙ ඉන්න කාක්කො කියලා අපි හදුන්වන අය අඩු මිළට හෝ වැඩි මිළට විකුණන ටිකට් පත් මිළදී ගැනීමෙදිත් පරිස්සම් උනොත් හොදයි... ඔවුන් බොහෝවිට පැරණි ටිකට් පත් වල දිණය ඉතාමත් සූක්ෂ්ම ආකාරයට වෙනස් කරලා විකුණනවා..

    අනෙක් උපදෙස් සියල්ල තරියා මැනවින් දක්වලා තියෙනවා.... ජය !

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට තවත් දෙයක් එකතු කරපු එකට බෝම ස්තූතියි සිරා අයියේ!!!!!
      ඇත්තටම මාත් මේකට එකතු උනේ ලැබෙන අත්දැකීම ගැන හිතලා...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  26. මට එන්න වෙන්නේ නැත...ලු...!:(
    අර දෙකේ හතරේ පොර ටිකක් තරිය වගේද මන්ද?හරි හරි ඉතින් කන්නාඩිය ඉස්සරහට දුවන්න ඕන නැහැ..මන් කිවුවේ මුණ විතරයි..හි හි...!:D

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා එන්න වෙන්නේ නැත්තේ???????
      හි හි...
      තරියා දෙකේ හතරේ පුද්ගලයෙකු නොව අහිංසක හා පැටියෙක් වන් චූටි හුරුබුහුටි ළමයෙකි....

      Delete
  27. මටත් එන්න වෙන්නේ නැහැ බං ඊට වඩා සැපයි ගෙදර ඉඳන් ටීවී එකේ බලන එක.අපි මොනවද දීගෙන ඔතනට ඇවිත් අපේ උන්ට චියර් කරාට අපේ උන් පරාද වෙලා අපේ ලේ කුපිත කරවන එක දරාගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. අඩේ ඕකනේ බං...
      පටං ගන්න කලිංම උබලා පරාජය බාරගෙනනේ...
      ඒම තමා බං ඉතිං..
      ජය පැරදුම දෙකම ක්‍රීඩාවට අයිතියි..

      Delete
  28. අපෝ මෙච්චර නීති රීතිවලට අහුවෙලා මැච් බලනවට වඩා හොඳයි ගෙදර ටීවී එක ඉස්සහට වෙලා බියර් බෝතලයකුත් කඩාගෙන ක්‍රිකට් ටී ෂර්ට් එහෙකුත් දාගෙන මැච් එක බලනවා.. !

    ReplyDelete
    Replies
    1. ඒ අදහසත් නරකම නෑ නේ...
      හොදා ඉතිං එහෙමවත් කරන්නකෝ...
      හික්ස්..

      Delete
  29. එලකිරි විස්තර ටික කිව්වාට. මම නම් කොහොමත් ඕකට යන්නේ නැහැ...

    ඒ වගේමයි මලයලාටත් හොඳ අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි. ඒ ගැන සතුටුයි. ඉස්සරහටත් හොඳ වාසි ටිකක් ගන්න පුලුවන් වෙයි. වැඩ ටික එලකිරි වගේ ගොඩ දාගත්තොත්

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...
      අත්දැකීම් බලාගෙන තමා අපිත් ගියේ....
      හි හි...
      මොකෝ මේ යන්නෑ කියලා කියන්නේ????????

      Delete
    2. ක්‍රිකට් මට අරහං

      Delete
    3. හයියූ.....
      කමක් නෑ කමක් නෑ...
      ක්‍රිකට් නෙමේනේ ජීවිතේ...

      Delete
  30. මැච් බලලා හමාරයි ඉතින්. පපරයක් නටවන්න වත් බැරිද? හික්..සුද්දෝ වගේ ඉඳි ද අපේ එවුන්.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...
      ගෙනියන්න දෙන්නැත්තේ අර කං කරච්චල් නලා...
      පපර බෑන්ඩ් සංවිධායකයොම සපයනවා..

      Delete
  31. මම නම් ක්‍රිකට් වලට එච්චර ආසාවක් නැහැ.හරිම කම්මැලියි ටීවි එක දිහාවත් බලන්න ඉන්න. හැබැයි ටීවි එකෙත් බලන්න කැමති මැචිවල පපරේ බෑන්ඩ් ගහනවා.

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      ඒ වැඩේ ලංකාවට ආවේනික වෙලානේ....
      ස්තූතියි දයා අයියේ කමෙන්ට් එකට!!!!!!!!!!

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????