ආයුබෝං කිව්වා!!!!!!!!!
සුභ වෙලාවක් එහෙම බලලා මාත් වැඩක් පටං ගත්තා. වෙන මුකුත් නෙමේ බ්ලොගක් ලියන්න. දැං කාලෙ ඉතිං රැල්ලනෙ (ට්රෙන්ඩ් එක ඈ....). අපි ඉතිං එදා ඉදලම රැල්ලට අහු වෙන උං. වෙන මුකුත් නිසා නෙමෙයි අපි සැහැල්ලුයිනෙ... ඒකයි. ශිෂ්යත්වෙ කරේ රැල්ලට. ඉස්කෝලෙ ක්රීඩා සංගං වලට ගියේ රැල්ලට. සා/පෙ කලේ රැල්ලට. ලව් කරේ රැල්ලට. ෆේස්බුක් ආවෙ රැල්ලට. ඒ ලෙවල් කලේ රැල්ලට. ඔහොම ඔහොම ඉතිං බ්ලොග ලියන්න පටං ගත්තෙත් රැල්ලට.
ඉතිං හෙන අමාරුවෙං අර බුකියෙ ඔන්ලයින් හෙල්ප් එකේ සනෝජ් තරංග සහෝදරයට පිං සිද්ද වෙන්න හදා ගත්ත බ්ලොගක්. දැං හැදුවට දාන්න දේකුත් තියෙන්න ඇපැයි. කල්පනා කලා අහවල් එක දාන්නද කියලා. ඔය අතරෙ මට නිකං සහජයෙං වගේ ලැබිලා තිබුන ස්කිල් එකක් මතක් උනා. (දන්නවනෙ ඉතිං ෆේස් බුකියෙත් අර Copy කැට් ගෘප් එක හදාගෙන කිසිම විලි ලැජ්ජාවක් නැතුව කොපි කරන හැටි. Copy කැට් එකට මෙතනිං) ඉතිං දෙයියනේ කීලා ගියා කොප්පක් ගහන්න බ්ලොග් එකකට. වෙන කාගෙවත් නෙමෙයි අර සෑමගෙ බ්ලොග. ගිය ගමං දැක්ක කවියෙං මාව නිකං මෙව්වා වෙලා ගියා ඈ.. කොපි කිරීමේ අදහස මං එතනින්ම අත්හැර ගත්තා. බලල නිකං මාරු වෙන එක හරි නෑනෙ.. ඉතිං මං කමෙන්ට් එකකුත් දාලම ආවා..
පලවෙනි බ්ලොග නිසා ඉතිං එහෙමටම කීලා ලියන්න දේකුත් එන්නෙ නෑනෙ... මොකක් හරි බයිලා එකක් ගහනවා කීයලා පටං ගත්තා. දැන්නං බයිලා මතක් වෙන්නෙත් නෑ අම්බානක නිදිමතයි.. එහෙනං ඉතිං ඉදිරියෙදි සෙට් වෙමු... අපි ගියා ඈ... ජය වේවා!!!!!!!!!!
අප්පද බොල.. දැන් දැක්කේ සීන් එක.
ReplyDeleteහොද පෝස්ට් ටිකක් බලාපොරෙත්තු වෙනවා කොල්ලා. බැක් ග්රවුන්ඩ් එකත් වෙනසක් කරල හරි අකුරු වල පාට බැක් ග්රවුන්ඩ් එකට මැච් කරල හරි නැගල යන වැඩක් කරමු...
ජය ශ්රි කිව්වා !
බෝම ස්තූතියි.. කමෙන්ටුවට සහ උදව් වලට
ReplyDeleteමෙන්න පිලිගන්න තරිඳූඌඌඌඌඌඌඌ...බ්ලොග් ලියලත් සෑහෙන කාලෙකින් මම පිලිගන්වන්නෙ නේ..
ReplyDeleteඔව්නෙ
ReplyDeleteakuruwala paata wenas karapan!!!
ReplyDeleteහික්ස් හා...
Delete