ලගින්ම ඉන්න කස්ටිය

Sunday, February 26, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන් 3

හරි යාළුවනේ මං ඕගොල්ලන්ට කියලා දුන්නනෙ Flow Chart වල Basic ටික. දැං ඉතිං තියෙන්නෙ ඒවා බාවිතා කරගෙන මේ Flow Chart වල එන ගැටළු විසදන එක. අනිත් එක තමයි අපිට නොතේරුන සිද්ධාන්ත කොටස් මේ ගැටළු භාවිතයෙන් තව තවත් තේරුම් ගන්න පුළුවං වීම. (මමත් තේරුම් ගත්තෙ එහෙමයි.)

අපි සරලම ගැටළු වල ඉදං අමාරු ඒවා වෙනකං එකින් එක බලමු.




  1. අංක දෙකක් ඇතුලත් කර එම අංක දෙකෙහි එකතුව ලබාගත හැකි ආකාරයෙන් Flow Chart එකක් පිලියෙල කරන ආකාරය.




1



දැං මේ කරලා තියෙන දේ සමහර අයට තේරෙන්නත් පුළුවං නොතේරෙන්නත් පුළුවං. ඒක නිසා මං තේරුන අයට තව තේරෙන්නත් නොතේරුන අයට තේරෙන්නත් හැම උදාහරනෙකටම පස්සෙ ටිකක් විස්තර කරලා දෙන්නං. ඒත් තේරුනේ නැත්තං පහල කමෙන්ට් එකක් විදිහට ඔයාට නොතේරුන තැන ගැන දාන්න.


හරි. දැං මුලින්ම මේ ගාන පැහැදිලියිනෙ. කියලා තියෙන්නෙ අංක දෙකක් ඇතුලත් කරාම ඒ අංක දෙකේ එකතුව ලැබෙන විදිහට හදන්න කියලා. ඉහත රූපයේ තියෙන්නේ ඒ විදිහට හරියටම හදපු Flow Chart එකක්.


Flow Chart එකක් හදන්න කලිං ඒ චාර්ට් එක පටං ගන්න ඕනනෙ. ඉතිං අපි මුලිංම කරන්න ඕනා ටර්මිනල් සිම්බල් එකක් දාලා ඒක Start කරන්න. ඒ විදිහට අපි පටං ගත්තා. ඒ වගේම තමා චාර්ට් එකක් බාගෙට හදන්න බෑ. ඒක නිසා පටං ගත්තනං ඒක ඒ විදිහටම ඉවර කරන්නත් ඕනෙ. ඒක නිසා පටං ගත්තා වගේම ටර්මිනල් සිම්බල් එකකින් Stop හරි  End හරි කියලා නවත්තන්නත් ඕනෙ.


ඊට පස්සෙ තමයි අපි ගැටළුව විසදන හැටි බලන්නෙ. දැං කියලා තියෙන විදිහට අපි මුලිංම අංක දෙක ඇතුලත් කරන්න ඕනනෙ. ඉතිං අපි ඒ අංක ඇතුලත් කරාම ඒවා ගබඩා කරගෙන තමයි එකතු කිරීමකට ලක්කරන්න පුළුවං. අපි ඒ නිසා ඒ අංක ගබඩා කරන්න තැනක් හදන්න ඕනා. අපි ඒ ගබඩා කරන්න හදන තැං වලට ඉංග්‍රීසියෙන් නමක් කියනවා. ඒ තමයි Variable. මේ වේරියබල් කියන ඒවයෙ අගයන් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවං. අනිත් එක තමයි මේ වේරියබල් කියන ඒවයෙ ගබඩා කරන්න පුළුවං එක අගයක් විතරයි ඒ කියන්නෙ 24 නං 24 විතරයි. 1 නං  1 විතරයි. ඒ වගේ. අපිට ඒ නිසා මේ ගානට වේරියබල් 3ක් හදන්න වෙනවා. ඒ පලවෙනි අගයටයි දෙවැනි අගයටයි ඒ අගයන් දෙකේ එකතුව ගබඩා කිරීමටයි. ප්‍රධානම දේ තමයි අපි මේ අගයන් ඇතුලත් කිරීමට කලිං වේරිබල් ටික හදලා ඉන්න ඕනා. නැත්තං ඉතිං අගයන් ඇතුලත් කරාම සොරිම තමයි. යන්න තැනක් නෑ. හරියට ගෙයක් නැති මනමාලයෙක් මනමාලිව කැන්දං යන්න තැනක් නැතුව චාටර් වෙනවා වගේ තමා. අගයන් වලට යන එන මං නෑ වැඩසටහන ස්ටක්.


ඒක නිසා අපි ප්‍රොසෙස්  සිම්බල්  එකක් යොදාගෙන උඩ තියෙන Flow Chart එකේ වගේ No:1=0, No:2=0, Tot=0 විදිහට වේරියබල් හදලා චාට් එකට එකතු කෙරුවා. මේ No:1 No:2 කියන්නෙ වේරියබල් එකේ නම. අපිට ඕන නමක් දෙන්න පුළුවං. ඕනනං A,B කියලා උනත් දෙන්න පුළුවං. No:1 No:2 කියලා දුන්නෙ හදුනා ගැනීමේ පහසුවට. ඒ වගේම තමයි ඉස්සරහදි අපිට මේ වේරියබල් ඇතුලෙ තියෙන අගයන් ප්‍ර යෝජනයට ගන්න ඕන උනාම අපි ඒව යොදාගන්න ඕනා ඔය වේරියබල් නේම් එක යොදලා.


හරි. දැං ඉතිං අගයන් වලට යන්න තැනක් තියෙනවා. දැං ඉතිං ඇතුලත් කරන්න ඕනා අගයන්. අපි ඒකට යොදාගන්න ඕනෙ ඉන්පුට්/අවුට්පුට් සිම්බල් එකක්. මොකද මේක ඇතුලත් කිරීමක්නෙ. ඒක නිසා සිම්බල් එක දාලා උඩ රූපෙ විදිහට Input No1 සහ Input No2 විදිහට දාන්න ඕනෙ. මේකෙ මං මුල්ම ගාන නිසා ඕගොල්ලන්ට පැටලෙයි කියලා හිතලා සිම්බල් දෙකක් දාලා නම්බර් 1 සහ 2 ඇතුලත් කරාට එකම සිම්බල් එක ඇතුලෙ දැම්මත් කිසි ප්‍රශ්නයක් නෑ. ඉස්සරහට එන ගනං වලදි මං එකටම ඇතුලත් කිරීම් කරනවා. බලන්නකො.


දැං අංක දෙක එහෙමත් නැත්තං අගයන් දෙක ඇතුලත් උන නිසා අපි වැඩසටහනක් නිර්මාණය කරන්න ඕනා මේ අගයන් දෙක එකතු කරන්න. මොකද පරිඝණකයකට හිතන්න බැරි නිසා. මේ ගැටළුවටනං ඉතිං මේ වැඩසටහන ලියන එක නිකං මොනාද වගේ. ලේසියි. ඒත් ඉතිං අමාරු ඒවා ඉස්සරහට එයි.  එතකොට බලන්නකො කොච්චර මේ සදහා වෙලාවක් වැය කරන්න ඕනද කියලා. ඇත්තම කිව්වොත් මේ කොටසට තමයි Flow Chart වල වැඩිපුරම වෙහෙසෙන්න ඕනා. හරි. අපි මේ වැඩසටහන ලියන්න යොදාගන්න ඕනා ප්‍රොසෙස් සිම්බල් එකක්. අගයන් දෙකක් එකතු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයිනෙ. අගයන් දෙක එකතු කරන්න අපි ලියනවා No1+No2 කියලා. අපි මේ එකතු වෙලා එන අගය දාන්න වෙනම වේරිබල් එකක් හැදුවා Tot කියලා මතකද? අන්න ඒ වේරියබල් එකට අපි මේ අගය Sign කරන්න ඕනා. ඉතිං අපි කරන්න ඕනා අර වැඩසටහනට මේ Tot වේරියබල් එක ඇඩ් කරන්න. Tot =  No1+No2 මේ විදිහට කරා. බලන්නකො උඩ සටහන දිහා.


දැං ඉතිං අපි ගත්තු අගය අපෙං උත්තරේ බලාපොරොත්තු වෙන කෙනාට පෙන්නන්න තමා තියෙන්නෙ. දැං මේ උත්තරේ තියෙන්නෙ වැඩසටහන ඇතුලෙ නිසා අපි ඒක පිටතට ගන්න ඕනා. ඉතිං අපි ඒක පිට කරන්න යොදාගන්නවා ඉන්පුට්/අවුට්පුට් සිම්බල් එකක්. ඊට පස්සෙ ඒකෙ ලියනවා Output Tot කියලා. දැං පිට වෙනවා මේ Tot වේරියබල් එක ඇතුලෙ තියෙන අගය.


වැඩේ ඉවරයි. හරියටම ඉවර කරන්න මං මුලදිම කිව්වා වගේ ටර්මිනල් සිම්බල් එකක් මාරගයෙන් වැඩසටහන අවසාන කරන්න ඕනා.


තවත් උදාහරන ටිකකින් වෙනත් දවසක හමුවෙමු.
ජයවේවා!!!!!!!!!!!!!

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

3 comments:

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????