මේ සටහන ලියන්න පටන් ගත්තෙ අපේ ඔය කොම්පියුටර් ජිල්මාට් ගැන එහෙම උනන්දු යාළුවො ගැන හිතලා. අපේ ගොඩක් යාළුවො ඉතිං ඔය ජිල්මාට් ගැන ඉගෙන ගන්නෙ O/L , A/L කාලෙදිනෙ. ඉස්කෝලෙත් එය ජිල්මාට් උගන්නන්න තියෙනවා විෂයක්. සමහර අය කරනවත් ඇති. දන්නවනෙ ඉතිං IT (Information Technology) කිව්වම. ඉස්කෝලෙදි මේ විෂයෙ බොහොම ප්‍රාථමික මට්ටමේ කරුනු (Basic) ටික තමා කියල දෙන්නෙ. ඒත් ඉතිං සමහර ඉස්කෝල වල ඒ ටිකවත් ළමයින්ට හරියට කියල දෙන්නෙ නෑ.
හරි කථා ඇති. දැං ඔය විෂය පටං ගන්නකොටම තියෙනවා Flow Chart කියලා පාඩමක්. අද මං කියලා දෙන්න යන්නෙත් ඒ ගැන තමා. එක ලිපියකිං කියල ඉවර කරන්න පුළුවං උනොත් හොදයි. ඒත් බැරි උනොත් ඉතිං සොරි වෙන්න ඕනා.
මොනාද මේ Flow Chart නැත්තං ගැලීම් සටහන් කියන්නෙ. අපි බලමු.
Flow chart is a graphical representation of a programme. මෙහෙම තමයි සුද්දා මේක අර්ථකථනය කරලා තියෙන්නේ. ඒ කියන්නෙ මේ ගැලීම් සටහන යනු එක්තරා විදිහකට යම් වැඩසටහනක් දෘශ්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් කියන එකයි. ඉංග්‍රීසියෙන්ම තියෙන එක හොදයි වගේ නේ?????
ඉතිං මේ Flow Chart කියන ඒවා අපි මොලේ ටිකක් කල්පනා කරලා අදින්න ඕනා. මේවයින් තියෙන ප්‍ර යෝජනේ තමයි අපිට යම්කිසි පරිගනක වැඩසටහනක් නිර්මාණය කරන්න ඕන උනාම ඉස්සෙල්ලම මේ Flow Chart එකක් ඇදලම වැඩේ පටං ගත්තම ඒ වැඩේ ලේසි වෙන එක. සරලවම කිවුවොත් වැඩේ අවුලක් නැතුව Flow Chart එකක් මාර්ගෙන් ගොඩ දා ගන්න පුළුවං.
කට්ටිය දැං Flow Chart Flow Chart කිව්වට දැකලවත් තියෙනවද දන්නෑනෙ. ඔන්න බලා ගන්න.
ඔය තියෙනව නේ නිකං පෙට්ටි, රවුං, ඇද වෙච්ච පෙට්ටි, එතකොට කොන රවුං උන පෙට්ටි එහෙම. අන්න ඒවට අපි ඉංග්‍රීසියෙං කියන්නෙ Symbols කියලා. ඒ කියන්නෙ සංඛේත කියන ඒවා. මේ වගේ සංඛේත තියෙනවා 6ක්. ඔය 6න් තමා ඔක්කොම වැඩ ටික කර ගන්න තියෙන්නෙ.
දැන් අපි බලමු මොනාද මේ සංඛේත වර්ග කියලා.
- Terminal Symbols
- Input / Output Symbols
- Process symbols
- Decision Symbols
- Flow Lines
- Connector Symbols
Terminal Symbols
මේ සංඛේතය නිකං ඉලිප්සාකාර හැඩයක් ගන්නෙ. හැබැයි හරියටම ඉලිප්සාකාරත් නෙමෙයි.මෙන්න මේ වගේ හැඩයක්. දැං හරිනෙ.
Input / Output Symbols
දැක්කද. ඉතිං මේ සංඛේතෙන් නිරූපනය කරන්නෙ Input හරි Output හරි Operation වල පියවරවල් අගවන එක. තේරුනාද මන්දා. කරගෙන යනකොට ඔලුවට වැටෙයි.
Process symbols
මෙන්න මේ වගේ
Decision Symbols
මේ සංඛේතෙ හරියට නිකං මොලයක් වගේ. ඒ කියන්නෙ තර්කානුකූල නිගමනයන් වැඩසටහන තුලදි ගන්නෙ මෙන්න මේ සංඛේතෙ තුලදි තමයි. උදාහරනයක් විදිහට අපි හිතමු අපි වැඩසටහනට විදානයක් දීලා තියෙනවා අපිට ඔත්තේ ඉලක්කම් වෙනමත් ඉරට්ටේ ඉලක්කම් වෙනමත් පෙන්නන්න කියලා. ඊට පස්සෙ අපි ඇතුලත් කරා කියලා හිතමුකො 1යි 5යි 8යි 6යි. මෙන්න මේ සංඛේතෙ තුලදි තමයි 1සහ5 ඔත්තේ ලෙසත් 6සහ8 ඉරට්ටේ ලෙසත් වෙන් කර ගන්නෙ. තේරුනාද?
අපි මේ සදහා අවශ්‍ය තර්කය ලබා දෙන්න ඕනා හැබැයි. මොකද කම්පියුටරේට හිතන්න බෑනෙ.
කියන්න බැරි උනානෙ. මේකෙ හැඩය නිකං කිරිබත් කෑල්ලක් වගේ. කිරිබත් කාලා නැත්තං හැඩේ ගැන පල්ලෙහා රූපෙ බලලවත් හිතා ගන්නකො.
Flow Lines
Connector Symbols
මේ සංඛේත පාවිච්චි කරන්නෙ Flow Chart එක අඛන්ඩව පවත්වාගෙන යන්න. තව ටිකක් පැහැදිලි කලොත් දැං ඕගොල්ලො මේ Flow Chart අදින්නෙ පොතකනෙ. සමහර Flow Chart තියෙනවා හෙන දිගයි. ඒවා ඉතිං එක පිටුවකිං ඉවර කරන්න බෑනෙ. ඒ වගේම තව තියෙනවා Flow Chart දෙකක් තුනක් විතර අදින්න වෙන අවස්ථා. නමුත් ඒවා එකිකෙකට සම්බන්ධ කරන්න ඊතල පාවිච්චි කරන්න බැරි අවස්ථා එනවා. ඔන්න ඔය වගේ වෙලාවට අපිට පිහිට වෙන්නෙ මේ Connector Symbols තමයි.
Connector Symbols වර්ග දෙකක් තියෙනවා.
- Off page Connector
- On Page Connector
Off page Connector කියන්නෙ එක පිටුවක ඉදන් තවත් පිටුවක ඇති Flow Chart කොටසක් එකතු කරන Connector වර්ගයක්.
Off page Connector මෙන්න මේ වගේ.
On Page Connector කියන්නෙ එකම පිටුවෙ තියෙන Flow Chart දෙකක් එකතු කරන Connector වර්ගයක්.
On Page Connector මෙන්න මේ වගේ.
සංඛේතනං මෙච්චරයි. තව තියෙනවා. ඒවා වෙන දවසක. අදට ඇතිනෙ.
සුභ දවසක්.
Shoiii...niyameta therenawa...oya sir kenek da?class eka koheda thiyenne?matath igena ganna enna one... :D
ReplyDeleteමේ මේ.. නිකං බයිට් කරන්න එපා ඉතිං
ReplyDeleteහා හා... බලන්න ඒ ළමයා ඇත්තටනෙ කීල.. තීන්නේ... වැඩෙන්ං සිරා පට්ට... එල...!!
ReplyDelete---
මට සෙට් උනා මහාමාත්‍ය විද්‍යාලයේ Photoshop ගැන කීල දෙන්න... ඒකෙ ඉන්න කෙල්ලො හරි නෑ...වැඩෙ අතෑරලා දැම්මා... සේප් එකේ කිව්වා අගෝස්තුවෙං පස්සේ සලකා බලමු කීලා....!!
ReplyDeleteතැංකූ ඈ...
ReplyDeleteGood job bn elz ah
ReplyDeletegood
ReplyDeletethank you..........
ReplyDeletepatta..
ReplyDelete