ලගින්ම ඉන්න කස්ටිය

Friday, February 24, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන් 2

හොදයි යාළුවනේ Flow Chart පාඩමේ දෙවනි කොටස තමයි අද මං ඕගොල්ලන්ට ලියන්නෙ.
අපි ගිය සැරේ කථා කලේ Flow Chart වල සංඛේත නැත්තං Symbols ගැන.

අද අපි මුලින්ම කථා කරන්නෙ පාලක ව්‍යුහය එහෙමත් නැත්තං Control Structure එක ගැන.
ඕනම දේක යමක් කරන්න ක්‍රමයක් තියෙනවනෙ. ඒ වගේ තමයි Flow Chart වලත්. ක්‍රම 3ක් තියෙනව. ඒවා තමයි මේ Control Structure කියල හදුන්වල තියෙන්නෙ.


Control Structure 3ක් තියෙනවා කිව්වනෙ. ඒවා තමයි මේ

  1.  Sequence Structure
  2. Selection Structure
  3. Repetition Structure

මේවයෙ සිංහල නම් ගැන හිතන්නවත් එපා. ගොඩක් අය IT කරන්නෙ English වලින්නෙ. ඒක නිසා අවුලක් නෑ.

හොදයි අපි එකින් එක මේවා ගැන හොයල බලමු.


Sequence Structure

                  
යම්කිසි පිලිවෙලකට අනුව එකකින් පස්සෙ තවත් එකක් එන විදිහට වැඩසටහන ලිවීම මේ Sequence Structure කියන එකෙන් හදුන්වනවා. අපේ විභාග වලට ලියන යාළුවන්ගෙන් විභාගෙදි ඇහුවෙත් මොකක්ද මේ Sequence Structure කියන්නෙ කියලා ඕගොල්ලො ලියන්න ඕනෙ ඒකෙ සම්මත හැදින්වීම. ඒ හැදින්වීම මං පල්ලෙහින් ඉංග්‍රීසියෙන් දාන්නං. වචනයක්වත් අඩු නැතුව විභාගෙදි ලියන්න ඕනා. මොකද නැත්තං ඒකෙ තේරුම නැති වෙනවා.


“Sequence Control Structure Specifies one programme statement after another is to be executed in a given order”

මේ Sequence Structure එක පැහැදිලි වෙන්නත් එක්කල මං පහලින් රූප සටහනක් දැම්ම. බලන්නකො.

Sequence Structure


Selection Structure


මේ  Selection Structure එකෙන් අපිට පුළුවං අපි ප්‍රෝග්‍රෑම් එකට දෙන Condition එකෙන් ක්‍රියාවලි දෙකක් හදුනාගෙන එයින් මාර්ග දෙකකට බෙදා දක්වන්න.

ඉස්සෙල්ලා එකේ වගේම මේකෙත් Definition එක පහල තියෙනවා.

“Selection Structure represents a choice between two conditions”

පහල රූපෙ බලන්නකො. ඕගොල්ලන්ටම තේරෙයි.


Selection Structure



Repetition Structure


මෙන්න මේකනං චූට්ටක් විතර සංකීර්නයි. ඒත් අමාරුනං නෑ. අපි මේකෙදි විධානයක් දෙනවා. අන්න ඒ විධානෙ විදිහට වැඩේ ඉවර වෙනකංම මේ Repetition Structure එකෙන් programme එක එක තැන කරකෝනවා.

තේරුනේ නැද්ද?

උදාහරනයක් විදිහට ඔයා හිතන්න ඔයා අංක 50ක් පරිඝනකයට ඇතුල් කරලා Programme එකට දෙනවා විධානයක් මේ අංක 50හෙ තියෙන ඔත්තෙ ඉරට්ටෙ සංඛ්‍යා හොයල දෙන්න කියලා. ඒකට ඉතිං අංක 50ම රීඩ් කරන්න ඕනනෙ. මේකට අපි IF command එකක් දුන්නොත් එකක් බලල වැඩසටහන ඉවරකරනවා. ඒත් මේකෙ එහෙම නෑ. මෙයා 50 ඉවර වෙනකංම එකින් එක අරගෙන බලනවා.

ඒත් තේරුනේ නැත්තං අපි ඉස්සරහට මේ ෆ්ලෝ චාර්ට් ගනං කථා කරනකොට ඔයාටම තේරෙයි මොකක්ද මේ අපබ්‍රංෂය කියල.

ඔන්න තියෙනවා මේකෙ Definition එක.

“Repetition control structure specifies that the process to be repeatedly performed until a given condition is not true (Or while the condition is true)”  


තවත් තේරුං ගන්න බලන්නකො මේ රූප සටහන.

Repetition Structure


Control Structures නං මෙච්චරයි. අනිත් ටික වෙනත් දවසක දෙන්නං.

මැච් එක යනවා. බලල එන්නං ඈ..

ජය වේවා!!!!!!!!!!!!!!!!!


බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

No comments:

Post a Comment

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????