තුන්වන කොටස
සියුස් මේ පාලක මැදිරියයි.
සියල්ලන්වම නිද්‍රාවෙන් අවධි කරන්න. (පරිඝණක ගත කොට තිබූ හඩ අවධි විය.)
සියුස් විසින් සියලු දෙනාවම ක්‍රමයෙන් ඔවුන් සියවස් ගනනාවක් තිස්සේ පත්ව සිටි ශිෂිර තාරක නින්දෙන් අවදි කරවීය. ක්‍රමක්‍රමයෙන් යථා තත්වෙට ඔවුන් පත් වන්නට විය.
යානයේ සිටි වෛද්‍ය පුහුනුව ලැබූ එකම පුද්ගලයා වූ මහාචාර්ය ලෙස්ලි එකිනෙකාව යෝග්‍යතා පර්යේෂණයකට ලක් කරන්න විය.
හරිත කොහොමද ඔබට දැනෙන්නේ?
ඔහ් මහාචාර්ය තුමනි මගේ මුළු ඇගම හිරිවැටිලා වගේ.
ඒකනං සාමාන්‍ය දෙයක්. ඔබගේ දෘෂ්ඨික තත්වය කොහොමද?
ම්ම්ම්. සාමාන්‍ය පරිදි පෙනෙනවා.
හොදයි. ඔබේ දකුණු අත මිට මොලවා හිසට උඩින් ටික වේලාවක් තබාගෙන සිටින්න. හිරිවැටුනු ගතිය මගහැරෙයි.
මහාචාර්ය පටෙල් කොහොමද ඔබට. ඹබටත් ඇග හිරිවැටීමේ ගතිය තිබෙනවාද?මහාචාර්ය වරයා සිනහසෙමින් වට පිට බලන්නට විය.
තරමක් හිරි ගතිය තිබෙනවා. මම හිතන්නේ ඔබේ දෙවන ප්රශ්ණයටනම් පිලිතුර නෑ.
ඔබ වෙනදා මෙන්ම හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවෙනවා වගේ.
ඇත්තටම අවුරුදු 1595ක් ගතවෙලාද කියලත් සැකයි ලෙස්ලි. බලන්න වටපිටාව අපි නිද්‍රාවට පත් වුනා වගේමයි.
පුදුමයක් නෑනේ. මෙහෙ මේ තත්ව වෙනස් කරන්න සියුස් ඇර කව්රුත් නෑනේ.දෙදෙනාම හඩනගා සිනාසෙන්නට විය.
කෝ ගයේෂා.ඇය පෙරහන් වල තත්වය පරීක්ෂා කිරීමට පිටත්වුනා පටෙල් මහත්මා. මමත් නියමු කුටියේ තත්වයන් පරීක්ෂා කර එන්නම්.
හොදයි. එහෙනම් හරිත. මමයි ලෙස්ලියි යනවා භෝජනාගාරෙට. අවුරුදු 1595කින් කාලා නෑනේ.
කියමින් ඔවුන් දෙදෙනා කරට අත දමාගෙන යානයේ කොරිඩෝවක් දිගේ ගියේය.
නියමු කුටියේ දොර විවෘත කරන්න.
ඔබගේ නම සහ හදුනාගැනීමේ අංකය ඉදිරිපත් කරන්න.
හරිත බණ්ඩාර 064
පිවිසුම සාර්ථකයි. පිලිගන්නවා හරිත මහත්මා.
ගතවූ සහශ්‍රයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් දක්වන්න සියුස්.
2022 පෙබරවාරි 6 ඉරිදා ප.ව 5.40 පෘථුවි කක්ෂයෙන් මිදීම
2022 මාර්තු 1 වන අගහරුවාදා පෙ.ව 1.20 අඟහරු පථයට ඇතුල් වීම.
2022 මාර්තු 1 වන අඟහරුවාදා පෙ.ව 4.15ට ප්‍රධාන පාලක මැදිරියේ නියමය පරිදි වෝටෙක්ස් එන්ජින් සහ පෙරහන් ක්‍රියාත්මක කොට යානය හයිපර් වේගයට පත් කිරීම.සියුස් ඇස්ටොරොයිඩ පටියේදී යානයට හානි සිදු වූවාද?
යානයේ ලේසර් අවි මගින් දුරදීම විශාල ඇස්ටොරොයිඩ කුඩා කැබලි වලට කඩනු ලැබුවා. ඇතිවූ සුළු හානි නැනෝ ස්ථරය මගින් යථා තත්වයට පත් කරනු ලැබුවා.
ග්‍රහ වස්තූන්ට අමතරව වෙනත් හදුනා නොගත් යානා හෝ වස්තූන් පිලිබද හෝඩුවාවන් ලැබුනාද?
දුර්වල සංඥා කිහිපයක් ලැබුනා. නමුත් ඒවා විශ්ලේෂණය කිරීමට අපහසුයි. වැඩි දුර අධ්‍යනය සදහා පාලක මැදිරියට ඒවා සම්ප්‍රේශණය කරනු ලැබුවා.
සමස්ථයක් විදිහට යානයේ තත්වය කොහොමද?
යානය නිසි ආකාරයෙන් ප්‍රතිචාර දක්වනවා. කිසිදු ගැටළුවක් නැහැ.
හොදයි. අප කලු කුහරයට කොතරම් දුරකින්ද දැන් සිටින්නේ.
තවත් ආලෝක වර්ෂ 2ක දුරක් තිබෙනවා හරිත මහත්මා.
දැනට එපමනයි. ස්තූතියි සියුස්.
යානයේ තත්වය පරීක්ෂා කල හරිත අරමුනකින් තොරව කොරිඩෝව ඔස්සේ භෝජනාගාරයට පිවිසිනි.
අපි හිතුවේ නෑ ඔබ දැන්මම එයි කියලා. එන්න වාඩිවෙන්න. කොහොමද යානයේ තත්වය.
කියන්න තරම් විශේෂත්වයක් නෑ මහාචාර්ය ලෙස්ලි.
ඇත්තටම මටනම් විශ්වාස කරන්නත් අපහසුයි මහාචාර්ය තුමනි.
ඇයි ගයේෂා.
නැහැ මහාචාර්යතුමනි පෘථුවියෙන් ඇවිල්ලා වසර 1500කටත් වඩා වැඩියි කියන්නේ අපේ නෑදෑ හිතමිතුරන් කව්රුත් දැනට පෘථුවියේ ජීවත්ව නැතුව ඇති.
හරිත සුසුම් හෙලනු දුටු පටෙල් මහත්මා ඔහුව සනසන්නට විය.
ඔබේ පුතා බිරිද ඔබ ගැන ආඩම්බර වෙන්නැති හරිත. දැන් දුක් වෙලා පලක් නැහැ.අපි නැවතත් පෘථුවියට ගිය විට අපට ඔබගේ මී මුනුඹුරන් දැක ගැනීමට හැකිවෙයි.දැන් පෘථුවිය කොයි ආකාරයේ තැනක් වෙනවා ඇත්ද? මට හිතාගන්නත් අමාරුයි.හරිත. තව අපට කොච්චර දුරක් තියෙනවද ?මහාචාර්ය තුමනි තවත් අවුරුදු එකහමාරක් විතර තියෙනවා.
අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා.
ගයේෂා කොහොමද පෙරහන් වල තත්වය.
මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පෙරහන් වල රැදිලා තියෙනවා මහාචාර්ය තුමනි.
අපට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි නේද?
මං හිතන්නෙ ගොඩක් ඒවයෙන් පුළුවන් මහාචාර්ය තුමනි.
හොදයි. ප්‍රධානම දේ තමයි විද්යාගාරීය කටයුතු ආරම්භ කරන එක.අපි මෙච්චර වේලාසනින් අවදි කරන්න හේතුව තමා අපිව මේ පරිසරයට හුරු කරන එක.ඇත්තෙන්ම X2 තුල වැලඩිමීර් සූර්යා ගිලී යන අවස්ථාවේ සිදුවන විපර්යාසයන් ගැන අපි ගොඩක් සැලකිලිමත් වන්න ඕනා.
ඒ අවස්ථාවේ නිකුත් වන ශක්ති සංඥාවන් වල පරාමිතීන් විශ්ලේෂණය අපට තරමක් අසීරු වේවි නේද ප්‍රොෆෙසර්.
තරමක්. අපිට අවදානමක් ගන්න වෙනවා.
අපට පෘථුවියෙන් අවසාන පණිවිඩය ලැබී තිබෙන්නේ කවදාද හරිත?
කුයිපර් පටිය ආසන්නයේදී යානයේ සම්පූර්ණ පාලණය සියුස්ට යොමු කරලා තියෙනවා. ඒක තමා අවසාන පණිවුඩය. ඒ වෙනකොටත් පැය 30ක පමණ පරතරයක් තිබිලා පණිවුඩ හුවමාරුව අතර.
හොදයි.
---------------------------------------------------------------------------------------------------------------
ලෙස්ලි ඔබට පෙනෙනවාද එය.
ඔව්. වාමන තාරකාවක් සියැසින් දුටු පලමු මනුෂ්‍යයින් ලෙස අප ඉතිහාසගත වනවා. බලන්න කොතරම් අලංකාර දර්ෂණයක්ද?
හරිත, ගයේෂා. පාලක මැදිරියට පැමිනෙන්න. අපි කලු කුහරය හා වැලඩිමීර් දුටුවා.
සිව්වන කොටසට මෙතැනින්
දෙවියනේ. හිතාගන්නත් බෑ. මහාචාර්ය තුමනි අපි තව කොච්චර ලගට යනවද?
හරියටම කියන්න බෑ ගයේෂා. අපිට ලැබෙන විකිරණ සංඥා එතරම්ම පැහැදිලි නෑ. සංඥා පැහැදිලි වෙනකම්ම අපට එයට කිට්ටු කරන්න වෙනවා.
හරිත හයිපර් එන්ජින් වල තත්වය කොහොමද?
තත්වය සාමාන්‍යයි.
ගණනය කිරීම් අනුව X2 හි ආකර්ෂණයට නතු වෙන්න තවත් සති දෙකක කාලයක් වලඩිමීර්ට ගතවෙනවා. අපිට කාලය ප්‍රමාණවත් වේවි.
සියල්ල හොදින් සිදු වේවායි අප ප්‍රාර්ථනා කරමු.
මේ. මට දැන් පොඩ්ඩක් ඇඟ හිරිවැටීමේ ගතියක් ආව වගේ බං. ලොල්
ReplyDeleteඑහෙනම් උඹත් අත මිට මොලවල ඔළුවට උඩින් තියාගනින්. එතකොට ඔය හිරි ගතිය ඇරිලා යයි !!! ලොල් තමයි ඉතින්.
Deleteඔව් අත මිට මොලෝලා ගහගනිං තොගෙ ඔළුවට...
Deleteගත්ත. ඒක හයියෙන් වැදිල කලන්තෙ වගේ.
Deleteආ ඒක සාමාන්‍යයි.
Deleteගනං ගන්න එපා
නියමයි මට දැන් දනගන්න ආසාවක් තියනව ගයෙෂා යාලුවෙන්නෙ කාත් එක්කද කියල :D
ReplyDeleteඋබටත් අර බොරළුට දුන්නු උපදේෂයම තමා දෙන්න තීන්නේ..
Deleteඅත මිට මොලෝලා ගහගනිං තොගෙ ඔළුවට...
Deleteඑල එල
ReplyDeleteස්තූති වේවා!!!!!
Deleteනිකන් පිස්සු වගේ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මටත් දැංනං පිස්සු වගේ බං...
Deleteදවස් 7ට පෝස්ට් 7ක් දාන්නත් ඇපෑ...
කතාව හොදය් ඉතිරිය එනකම් බලා සිටිමි
ReplyDeleteඑල මචං..
Deleteජයවේවා ඈ..
නියමායි.....!!! ඔහොම යන් ඔහොම යන්. ගුඩ් ජොබ් බ්‍රදර් !!!!
ReplyDeleteඑල එල...
Deleteමෙහෙමම කලු කුහරෙටම යමු බං..
ශා ශා..මට හරිතව බලාගන්න ආසයි වගේ :පී
ReplyDeleteමනඃකල්පිත චරිත වලට පෙම් බැදීමෙන් වලකින්න ඈ..
Deleteඅනික හරිතයා බැදපු එකෙක්. ලමයෙකුත් ඉන්නවා..
අවුරුදු 1500 ක්...?
ReplyDeleteහම්බෝ....
ඊළඟට මොකද වුනේ?
යෑස් යෑස්...
Deleteඅවුරුදු 1500ක්...
පොටෝ ටික දැකල...ඔලුව මෙව්ව වෙලා ගියා..!!!
ReplyDeleteඒ මුකෝ ඒ????
Deleteමේව ඇත්ත ඒවද බං !
ReplyDeleteසිතේ මැවුනු මනඃකල්පිත මෙව්වා එකකට විද්‍යාව ලාවට ගෑවා..
Deleteඒකයි විද්‍යා ප්‍රභන්ධ ලෙස ලේබල් කලේ..
එල ආහ්
ReplyDeleteඑල නං එලමය!!!!!!
Deleteකළුකුහරයට ළඟාවුනාම වෙන්නෙ මොනවද කියලා බලමුකෝ..
ReplyDeleteනියමයි අද කොටසත්..
අනේ මන්දා මොනා වෙයිද කියලා මංවත් දන්නෑ..
Deleteඒ නියමයි බන්.......
ReplyDeleteහැබැයි මන් නම් මෙහෙම ගමනක් එන්නෑ...
ගෑනිව ගෙදර දාල එන්නේ කෝමද බන්...
අරු නම් සුපිරි පොන්සියෙක්...
ආ තව දෙයක් තියේ..
අවුරුදු 1500ක් ගිහින්නේ බන් පෘතුවියේ තාක්ශනය ඉහලම අගයකින් තියෙන්න ඕනේ...
එහෙම කියන්න එපා බං...
Deleteවිද්‍යාව වෙනුවෙං ඔයිට වඩා කැප කිරීම් කරන උං ඉන්නවා මේ ලෝකෙ..
විජ්ජාව නෙහ් ඔහොම යං ඔහොම යං
ReplyDeleteයෑස් මචං...
Deleteවිද්‍යා විජ්ජා!!!!!
මා සදහන් කෙරූ දෑ ඔබ අහක නොදැමු එක ගැන සතුටුයි..!! ප්‍රබන්ධය සාර්ථකයි.. ජය ශ්‍රි!!
ReplyDelete+++
Deleteහොලිවුඩ් බ්ලොක් බස්ටර් මූවි එකක් වගේ ;)
ReplyDeleteමේක අලලා අපි ගහමු නාට්ටියක්..
Deleteමොකෝ කියන්නේ..
හ්ම්ම්ම් විද්‍යා ප්‍රබන්දයක්. හොඳයි.
ReplyDeleteස්තූතියි කෝරලේ මහත්තයෝ!!!!!!
Deleteමටත් කලු කුහරෙකට යන්න ඕන බං. මොකද කියන්නේ යමුද ? :) බොහොම කැමැත්තෙන් කියෙව්ව. ඔහොම යං.
ReplyDeleteනිකං ඉන්න එකනේ මචං..
Deleteයමු..
ස්තූතියි කමෙන්ටුවට!!!!