ලගින්ම ඉන්න කස්ටිය

Sunday, August 26, 2012

අවජාතක කොල්ලා

අදත් දෙන්න ලෑස්ති උනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශණයෙන් ලබාගත්තු චිත්‍ර කතාවක්. ගිය පෝස්ට් වලින් පලකරපු චිත්‍ර කතා වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.
 
චිත්‍ර කතාව බලන්න කලින් පොඩි පණිවිඩයක් තියෙනවා අහගෙනම යන්න.

 ගිය පෝස්ට් එක වෙච්චි “අමාගෙ කනට ගහන ඔෂින්“ කියන එකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඒකෙදි අවසානෙදි මං කිවුවා අපි අළුත් වැඩක් පටං ගන්නවා, ඒකට සමගාමීව අපි නාට්‍ය වැඩසටහනක් කරනවා ඒ සදහා අපිට ගුණාත්මක පිටපත් අවශ්‍යයි කියලා.

තුන් දෙනෙක්ම පුළුවං කිවුවා



අපිට තුන් දෙනෙක් විතර “අනිවා පිටපතක් ලියලා දෙන්නං“ කියලා කැමැත්ත පල කලා. ඒක අපිට ලොකු සතුටක්.

නමුත් පිටපත කොහොමද ලියන්නේ? , මොනාද ලියන්නේ? , මොන වගේ නාට්ටියක්ද? වගේ දේවල් කිවුවේ නෑ. ඒක කට්ටියට ලොකු ප්‍රශ්ණයක් උනා.

අවබෝධයක් නැතුව පිටපත් රචනයට යොමු උනාම තමා අර කලිං පෝස්ට් එකේදි කිවුව ජාතියේ පිටපත් ලියවෙන්නේ.

ඒ නිසා අපි මුලිංම පොඩි අවබෝධයක් ගමු නාට්‍යකරණය ගැන.

අපි මුලිංම බලමු නාට්‍ය කියන්නේ මොකක්ද? කියලා.

කිසියම් සිද්ධියක්, කතාවක්, අදහසක් සතර අභිනයෙන් යුක්තව ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු කරවාගත හැකි ආකාරයට වේදිකාවක, එලිමහනක, කමතක නළු නිලියන් යොදා නාට්‍ය නීතිරීති වලට එකගව ස්වභාවිකත්වයට මදක් එතෙරව ඉදිරිපත් කරනු ලබන ශ්‍රව්‍ය දෘශ්‍ය අංගයකි නාට්‍ය.

මේ හැදින්වීම දවසක්වත් විස්තර කරන්න ඕනා හරිහමන් විදිහේ අර්ථයක් වටහලා දෙන්න.

නමුත් අපිට ඒක කරන්න විදිහක් නෑ. හොදින් කියවලා බලන්න ඔය හැදින්වීම. එතකොට යන්තම්වත් තේරේවී.

හරි. දැං බලමු ඔය නාට්‍ය පිටපත් රචනා කරන කලාකරුවන් කොයි වගේද කියලා.

  • සමාජය පිටුපසට අදින පසුගාමී කලාකරුවන්
  • සමාජය තිබෙනාකාරයෙන්ම ගලායන ආකාරයට නිර්මාණකරනයෙහි යෙදෙන කලාකරුවන්.
  • සමාජයේ මාර්ගය වෙනස් කල හැකි කලාකරුවන්. උදා - මැක්සිම් ගෝර්කිගේ “අම්මා“ නවකතාව


ලංකාව තුල මේ තුන් වර්ගය ගැන හොයලා බලනකොට අපිට හම්බවෙන්නේ පලවෙනි දෙවර්ගය විතරයි.

තුන්වෙනි වර්ගය හොයා ගන්න එක ගොඩක් අමාරුයි.

අපේ වෑයම ඔය තුන්වෙනි  වර්ගයක් සමාජයට ඉදිරිපත් කරන එකයි.

හොදයි.
හැදින්වීම ඉවරයි.
දැන් තියෙන්නේ වැඩ කරන්න.

අපි දන්නවා අපිත් එක්ක එකතු වෙන ගොඩක් අයට නාට්‍ය පිටපත් රචනය ගැන හරිහැටි අවබෝධයක්, අත්දැකීමක් හා පලපුරුද්දක් නෑ. නමුත් ඒක පිටපත් රචනයට බාධාවක් නෙමෙයි.



අනික ගිය පෝස්ට් එකෙං අපි ඔය ගැන කිවුවම ගොඩක් කට්ටිය ඒක වටහා ගත්තේ ටෙලි නාට්‍යයක් විදිහට. නමුත් නාට්‍ය කියන්නේ ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි කියන එක අපිත් එක්ක මේ කාර්යයට එකතු වෙන හැමෝම දැනගන්න ඕන කාරණයක්.

හරි අපි බලමු අපිත් එක්ක එකතු වෙන්න මොකක්ද කරන්න ඕන කියලා.

ඕගොල්ලංගෙ ඇති වෙලා නැතිවෙන අනන්ත සිතුවිලි අතරේ ඇති එලකිරි වගේ සිතුවිලි නාට්‍ය සදහා ගැලපෙන. එහෙමත් නැත්තං අත්දැකීම් ඇති. සමහර ඒවා ඇති මේක ෆිල්ම් එකක් විදිහට කරානං ලෙසටම හිට් වෙයි කියලා හිතුන.

හොදයි. දැං කරන්න තියෙන්නේ මෙච්චරයි. 
thariyage.keruwawa@gmail.com කියන මගේ ඊ ගබඩාවට හරි, ෆේස්බුක් එකේ මගේ ගිනුමට හරි ඔබට හොදයි කියලා ඒ හිතුනු අදහස කෙටියෙන් දල සැලැස්මක් විදිහට එවන්න. 

ඒක නාට්‍ය පිටපත නෙමෙයි, නමුත්  ඒක තමයි මූලික පියවර.

මේක නොතේරුන කෙනෙක් ඉන්නවනං ඒ අයටත් ඉහත මම කියපු ක්‍රම වලින් මගෙං ඒ ගැන දැන ගන්න පුළුවං.

අපේ මේ කර්තව්‍ය සාර්ථක කර ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා ප්‍රවීන පිටපත් රචක, චිත්‍රපට අධ්‍යක්ෂක, සිනමා නළු වේහැල්ලේ පියතිලක මහත්මා.

වේහැල්ලේ පියතිලකයන්

මේ ලැබෙන සියලුම අදහස් අපි එතුමාට පෙන්වලා ඒ අදහස් වල වෙනස් විය යුතු තැන් වගේ දේවල් දැනගෙන ඒවා අපි ඕගොල්ලන්ට දැන ගන්න සලස්වනවා.

ඊටපස්සෙ වෙන දේවල් ටික එතකොට කියන්නං.

එහෙනං කට්ටිය පිටපත් රචනෙට යොමු වෙමු ඈ...

ආයේ දෙපාරක් හිතන්න නෑ.. එකතු වෙන්න අපිත් එක්ක වෙනසකට මුලපුරන්න..

හරි පණිවිඩය ඉවරයි.

අද ආවේ චිත්‍ර කතාවක් දෙන්නනේ.

චිත්‍ර කතාවේ නම අවජාතකයා

සිත්තම් අනුර ශ්‍රීනාත්.

චිත්‍ර කතාවේ තියෙනවා වගේ පොඩි සිද්ධියක් හොදටම ඇති හොද නිර්මාණයක් සදහා. චිත්‍ර කතාව බලලම ඒ ගැන හිතන්නකෝ. සමාජයට කොච්චර ලොකු දෙයක් අපිට දෙන්න පුළුවංද කියලා.

විශේෂ ස්තූතියි - 
චිත්‍ර කතාව ලබාදුන් අනුර ශ්‍රීනාත් මහත්මාගේ දියනිය මා හිත මිත්‍ර පියුමි මලවිආරච්චි මෙනෙවියට!!!!!!











බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

81 comments:

  1. චිත්‍ර කථාව ඉවරද.. නැත්තම් මතු සම්බන්දද?

    අළුත් වැඩේට උණුසුම් සුභ පැතුම්.....
    මටනම් ඉතින් තිර පිටපත් ලියන්න බෑනේ බොලා දන්නවනේ.. ඔන්න ඔළුව කොහේ හරි හැපිච්ච වෙලාවට කවියක්නම් ලියවෙනවා.. එව්වත් කවිද මන්දා.....

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඉවරයි..
      හැබැයි තව කතා තියෙනෝ...
      මී අයියට බැරි මොකෝ..
      ඔන්න ඔහෙ ලීලා එවන්න අප්පා!!!!!

      Delete
  2. මාර අර්ථයක් නේ චිත්‍ර කතාවෙන් දීල තියන්නේ. තිර පිටපත් ලිවීමේ හැකියාවක් නම් මටත් නෑ, මගේ බ්ලොගේ තියන එව්වයින්ම පේනවනේ මගේ දක්ෂතාවය. :))) උත්සාහ කරල බලලා හිතට ෆිට් වෙන විදිහෙ එකක් ලියවුනොත් එවන්නම්. ජයවේවා වඩේට!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..
      උත්සහ කරන්න...
      පුළුවං තරං පිටපතක්ම බැරි උනත් අර කිවුවා වගේ ඉස්සෙල්ලා කතාවක් ලියලා එවන්න..

      Delete
  3. නාට්‍යකරණය ඉගෙනගෙන තිබුනට ප්‍රායෝගිකව පිටපත් ලියලානම් නෑ. අපි බලමු නේද? වෙලාව කළමණාකරණය කරගන්නත් එපැයි. සුබපැතුම් අළුත් වැඩේට. ජය...!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ හොරු..
      ඉගෙනගෙනත් කරන්නෑ...
      අනිවා පිටපතක් ඕනා ප්‍රදීප් අයියේ ඈ....

      Delete
  4. අනේ මන්දා වෙලාවක් නැහැනේ පිටපතක් ලියන්න :(
    ට්‍රයි එකක් දෙන්නම්.

    චිත්‍ර කතාවනම් මරු !

    ReplyDelete
    Replies
    1. සෑමයියත් අනිවා දෙනවා කිවුවලු පිටපතක්...
      තැංකූ ඈ.....

      Delete
  5. අප්පට සිරි .... අර කතාවෙන් නම් මාරෙට සමාජෙට ගහලා තියෙනවා.. බලන් යද්දී අවජාතක ඌ නෙමේ අපිමයි..
    අනේ මට නම් පිටපත් රචනා කරන්න බෑ... ඒක නිසා මම පැත්තකට උණා.. ඔයාලට මෑතකදී හොඳ ටෙලි නාට්‍ය ටිකක් මතක් කරනවා නම්..
    නාලන් මෙන්ඩිස්ගේ දූ වරු
    චාමර ජනරාජ් ගේ පියවි/ අයාල්
    සෝමා ජයකොඩිගේ රන් ගිර
    ස්වර්ණවාහිනියේ තක්සලාව
    සුදත් රෝහණගේ ස්වයංජාත කළුවර ගෙදර
    අප්පට සිරි අමතක කරලා කොහොමද..? ඇයි තව තියෙනෝ... බොඳ මිදුම්... පබා...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං...
      ඒ වගේ චූටි රස කතාවක් හොදටම ඇති..
      ඒ නිසා අනිවා පිටපතක් ලීලා එවපං ඈ.........

      Delete
  6. උඩ පැනලා කනට පයින් ගහනවා වගේ කතාවක්.. !!!

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      මේකනේ ඉතිං අපේ සාරධර්ම පිරිපුන් සමාජයේ වෙන්නේ...
      ක්සැන්ඩර් අයියත් පිටපතක් දෙනවලු ඈ......

      Delete
    2. හිටින් හිටින්.. මේ ටිකේ බ්ලොග් එක ලියාගන්නවත් වෙලා නෑ..

      Delete
    3. එල එල පට්ට ඈ....
      ජයවේවා!!!!
      වෙලාව හම්බවේවා!!!!!!

      Delete
  7. ගැරහිය යුත්තන් නැත.....

    ReplyDelete
    Replies
    1. ආයේ අහන්න දෙයක් නෑ...
      හසිත අයියේ... ඉතිහාස කතාවක් හරි කමක් නෑ..
      ලෙසටම ලියලා දෙන්නකෝ පිටපතක් විදිහට....

      Delete
    2. @ තරියා අබේ

      ට්‍රයි එකක් දීලා බලන්නම් මල්ලී :)

      Delete
    3. එල එල ඈ...
      ඔය තීන්නේ...

      Delete
  8. නාට්‍ය පිටපත් නම් ඔය අනිත් අය කරයිනෙ.
    අනුර ශ්‍රීනත්ගෙ චිත්‍රයක් දැක්කෙ කල්පාන්තරේකට පස්සෙ. දැන් එයා මොන පත්තරේටද අඳින්නෙ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ...
      අනිවා පිටපතක් දෙන්න ට්‍රයි කරන්න..
      අනුර ශ්‍රීනාත් “අද“ පත්තරේ චිත්‍ර අදිනවලු..
      අනිත් එවුවනං කෝමද දන්නෑ...

      Delete
    2. අද පත්තරේ “කොන්දා“ කියන චිත්‍ර කතාව ලියන්නෙ අනුර ශ්‍රීනාත් මහත්මයා. මමනම් හැමදාම බලනවා.

      Delete
    3. ඔය ඉන්නේ පාඨකයෝ..

      Delete
  9. නියමයි තරියෝ...
    පියාගෙ නම ඉරක් වුනා කියලා ඒ ළමයි තුල ගුණධර්ම සාරධර්ම නැතිවෙන්න බෑන.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා....
      පියාගෙ නම මොක තිබ්බත් සාරධර්ම නැති එකා ලග නෑ තමා..
      බට්ටිත් අපිට පොඩි පිටපතක් දෙනවලු...

      Delete
  10. ඇත්ත කියන ඇනෝනිමස්August 26, 2012 at 10:50 PM

    අවජාතකයන් වෙනුවෙන් කෑ ගසන තව අවජාතකයෙක් ෆිල්ම් කරන්නත් හදන්න නේ. බලං හිටපං තව අවජාතකයො එයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන ඇනෝනිමස් කියලා අවජාතකයෙක් මං මේ දැක්කමයි..
      හි හි..
      එල එල..

      Delete
  11. උපත මොකක් උනත් තමන් තුල තියෙන ගතිගුණ උපතෙන් මනින්න බැහැ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නජජ්ජා වසලෝ හෝති නජජ්ජා බ්‍රහමණා කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහමණ. කිසිවෙක් උපතින් වසලයෙකු වන්නේවත් බ්‍රහමනෙයෙකු වන්නේත් නැත. ක්‍රියාවෙන් තමා කෙනෙක්ගේ තත්වේ තීරණය වන්නේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ ඇනෝ කොමෙන්ට් දාන උන්ට නම් ඔය නම ගැලපෙනවා

      Delete
    2. සහතික ඇත්ත කෝරලේ මහත්තයෝ....
      පිටපතකුත් ලීන්න ට්‍රයි කලොත් නරකද??????

      Delete
  12. අලුත් වැඩේට සුභ පතනවා..ඕනෙම උදව්වක් ඉල්ලන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිරිල්ලි අක්කේ.....
      පිටපතකුත් ලිවුවොත් තවත් හොදා...

      Delete
  13. අනේ පව් (චිත්‍ර කතාව)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....
      පවුනං තමා...
      ඒකනෙමේ සයුරි අක්කේ..
      පිටපතක් ලීන්නැද්ද???????

      Delete
    2. මම ලිව්වොත් ඉතිං කාටවත් බලං ඉන්න පුළුවන් එකක් ලියවෙන එකක් නෑ :)

      Delete
    3. එහෙම නෑ ඈ....
      ලියලා දෙන්නකෝ...

      Delete
  14. හ්ම්ම්,,සුභ පතනවා තරියා..අනිවාරෙන් හොඳ වැඩක් වෙයි ..
    ඔබට ජය! :)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා හිරුවා...
      උබත් ලීලා දීපං ඈ පිටපතක්...
      බැරිකමක් නෑනේ...
      ජය ජය!!!!!!!!

      Delete
  15. පිටපත් වැඩේ නැගලා යනවා නේද තරියෝ....
    මම නම් තාම මොලේ තියෙන මලකඩ ටික කඩන්න ට්‍රයි කරනවා.... කට්ටිය වැඩේ පටන් ගමුකෝ.....

    චිත්‍ර කතාව නම් මල් හතේ හතයි..... ඕවගේ මිනිස්සු තමයි උප්පැන්නේ තාත්තගේ නම තියෙන අවජාතකයෝ හදන්‌නේ......

    ReplyDelete
    Replies
    1. මොන නැගලා යාමක්ද අක්කේ...
      දැනටනං ප්‍රතිචාර මදි...
      එහෙනං ෂුවර් එකටම හිරු අක්කත් දෙනවනේ පිටපතක්?????
      එල ඈ............

      Delete
  16. චිත්‍ර කතාව අපූරුයි...
    කරගෙන යන නාට්‍ය ව්‍යාපෘතියට සුභපතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ අක්කේ...
      පිටපතකුත් දෙමු ඈ........

      Delete
  17. බලාගෙන ගියහම අවජතකයා වෙන එකෙක්නෙ ...

    ReplyDelete
  18. පිටපතක් ලියන්න ආසයි. ඒත් පිටපතක් කියන්නේ කොයි විදිහට ලිවිය යුතු එකක්ද කියල හරියට අවබෝධයක් නැතුව වැඩේට බහින්න බයයි. නැත්තම් එක පයින්...



    චිත්‍ර කතා සීරිස් එක මරු.. ශ්‍රීනාත් මහත්මාගේ දියනිය තරියාගේ හිත මිත්‍ර කෙනෙක් නිසා තවත් ඉල්ලගන්න බැරි වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. බයවෙන්න දෙයක් නෑ...
      ඉස්සෙල්ලම හොද කතාවක් හිතාගන්න අර මං උඩ කියපු විදිහට...
      අන්න ඒ කතාව අපිට එවන්න...
      ඊට පස්සෙ වෙන්න ඕන දේ අපි කියන්නං..
      හරිනේ...
      තව තියෙනවා චිත්‍ර කතානං..
      දෙන්නං එවුවා..
      ජයවේවා පැතුම්!!!!!!!

      Delete
  19. චිත්‍ර කතාවනම් මරු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමී..
      ගෞරවය අනුර ශ්‍රීනාත්ටයි...
      නරකද පිටපතකුත් ලිවුවොත්??????

      Delete
  20. මන් පිටපතක් ලිව්වොත් පබා,අමා, හොද නාට්‍ය වේවි එක නිසා බැරි වැඩ ඕනේ නෑ
    එත් තරියා මල්ලි කරන යන වැඩේට මන් සුභ පතනවා ...!
    ජය වේවා...!
    චිත්‍ර කතාව නම් පට්ට
    අම්මට සිරි පියුමි නංගිගේ තාත්ත නියම වැඩ කාරයෙක් නේ

    ReplyDelete
    Replies
    1. ඒ හරි කමක් නෑ මඩයා..
      අපි එවුවා හදා ගමු..
      ලියලා එවහංකෝ බලන්න..

      පියුමි නංගිගේ තාත්තා වැඩකාරයංගෙත් වැඩකාරයෙකි!!!!!!!!!

      Delete
  21. හොඳ වැඩකට තාක්ෂනය දෙන්න අපි ඉන්නවා.. C96 Corp.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයෙන් නොනැවතී මේ පිටපතකුත් ලියලා එවුවොත් නරකද?

      Delete
  22. සුභම සුභ මේ කටයුත්තට මගෙන් සුභම සුභ පැතුම් සමඟ උපරිම සහයෝගය....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බිනූ...
      ඔයාගෙනුත් පිටපතක් බලාපොරොත්තු වෙනවා ඈ....

      Delete
  23. අළුත් වැඩේට උණුසුම් සුභ පැතුම් තරියා! ජයෙන් ජය.....

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි විසිතුරු...
      අනිවා පිටපතක් දෙන්නත් උපරිම ට්‍රයි කරන්න ඈ...

      Delete
  24. කන හරහා ඇස් ඇරෙන්නට ඈ

    ReplyDelete
    Replies
    1. එහෙමවත් මිනිස්සුංගෙ ඇස් ඇරෙනවනං අනුර ශ්‍රීනාත් සාර්ථකයි!!!!!!!
      සිහින සිතිවිලි ටිකක් දාලා දෙන්නකෝ අපිට එල පිටපතක්!!!!!!!

      Delete
  25. ලියන්න නං බෑ වගේ බං.. :)

    වැඩේට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බෑම වගේනං කමක් නෑ...
      ඒත් මං නං කියන්නේ උබේ හැටියට බැරි වෙන්න බෑ...
      පොඩි ට්‍රයි එකක් දීලා බලපං..
      ජයවේවා!!!!!!!!

      Delete
  26. මට නම් අත් පිටපත සරල කේස් එකක්.

    මට මේ චිත්‍ර ප්‍රදර්ශනේ තිභුණ චූටිපුතාගෙ ලොකු කතා සෙට් එක සිහියට එනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දයා අයියේ..
      ලියලා දෙන්නකෝ..

      Delete
  27. හරිම හැගීම් බර චිත්‍ර කතාව මචං..තරියාටත්,ඒකහොයල දුන්න නංගියාටත් ප්‍රනාමය...!!
    ඉස්සර දහම් පාසල් යනකාලෙ පිටපත් ලියල නාට්ටි කලා මතකයි..! අනේ මන්දා ඒව සාර්ථක ඒවනොවේ. මම ඒකාලෙ ගැන ලියන්නයි හිටියෙත්,...
    හැබැයි මම මුලින්ම හිතුවෙත් ටෙලි ගැන කියල.

    ReplyDelete
    Replies
    1. ඔව්..
      පියුමිට ගොඩක් ස්තූති වන්ත වෙනවා මේ ටික ලබා දුන්නට..
      බැරි වෙයි කියලා නොහිතා එකක් දෙන්න වී අයියේ...
      ජයවේවා!!!!!!!!!

      Delete
  28. මමනං කියන්නේ අසාර්ථක වෙයි කියලා නොහිතා අපිට එකක් ලියලා දෙන්න කියලා..
    මොකෝ ඒකට තමා අපි වේහැල්ලේ පියතිලකයන්ගේ උදව්ව ගන්නේ..
    කවුරුත් සර්ව සම්පූර්ණ අය නැති නිසා අපිට එතුමට පෙන්නලා වැරදි අඩුපාඩු හදා ගන්න පුළුවංනේ...
    ජයවේවා හැමෝටම!!!!!!!!!

    ReplyDelete
  29. කෙටිකතාවක් නවකතාවක් මිසක් මට මේ නාට්‍ය පිටපත්ක් ලියන විඩිය ගැනනම් හරි අවබොධයක් නෑ අනෙ කරුණාකරලා මාට තව ටිකක් දැනුවත් කරනවද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි..
      මුලිංම ඔයා පිටපත කරන්න බලාපොරොත්තු වෙන කතාව කෙටියෙං අපිට එවන්න..
      ඒක කරලා ඉන්නකෝ..
      ඊට පස්සෙ මොකද කරන්නෙ කියලා එතකොට කියන්නං..

      Delete
    2. hari thawama liyami , iwarauna gaman mail korannam

      Delete
    3. හදිස්සියක් නැතෝ...
      හොදට හිතලා ලියලා දෙන්නකෝ..
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  30. පිටපතක් ලියන්න වෙලාවක් තමයි නැත්තෙ... ඒ උනාට ඒ කාරිය කරන මගේ මිතුරන් ඉන්නවා... ඒ අයගේ සමහර පිටපත් මේ වන විටත් නිර්මාණ බවට පත්වි රූපවාහිනී නාලිකා වල විකාශනය වෙලත් තියෙනවා... එහෙම කෙනෙක් වෙත මේ පෝස්ටුව අවධානයට ලක් කරන්නම්... එහෙම හොදයි නේද ?

    ReplyDelete
    Replies
    1. එහෙමත් හොදයි..
      ඒත් සිරා අයියේ අපේ අරමුණ නවකයෙක්ට අතහිත දෙන එක..
      අන්න ඒකයි අපි අළුත් අයගෙන්ම නිර්මාණ බලාපොරොත්තු වෙන්නේ..

      Delete
  31. චිත්‍ර කතාව නම් පට්ටයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන් අදහස් දැක්වීමට!!!!!
      ජයවේවා!!!!!!!!

      Delete
  32. වැඩ ඔක්කොටම සුභ පැතුම් ඈ...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි ඈ...
      උබත් වැඩේට සහභාගි වෙයං මචං!!!!!!!

      Delete
  33. ලියන්න ආසයි .ඒත් හැකියාවක් නෑ ..:)වැඩේට ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. හැකියාවක් නෑ කියලා හිතන්න එපා...
      ජයවේවා මචං!!!!!!!!!

      Delete
  34. මාස තුනකට පස්සෙයි බ්ලොග් එක පැත්තට ආවෙ.... බ්ලොග් එකත් දියුණු වෙලා.. සන්තෝසයි! :)

    ReplyDelete
  35. ඒ චිත්‍ර කතාව නම් සිරාවටම හිතට වදිනවා , ඒ වගේ දෙයක් ශෙයා කරනවා නම් අපේ එචුන් වෙන වෙන බහු බුත නැතිව ඇත්තටම වටිනවා

    ReplyDelete
  36. ගොඩක් හොඳයි වැඩේ.. සුහ පැතුම්. බලමු අපිත් අදහසක් දෙන්නම්. තෙරැවන් සරණයි

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. හොඳ වැඩක් සුභ පතනවා..

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????