ලගින්ම ඉන්න කස්ටිය

Thursday, December 13, 2012

වෑර්ලස් කතන්දරේ පළවෙනි කොටස


මං තරියා දැං කරන්නේ ජන සන්නිවේදනයනේ ඉතිං අපිට ඔය අනං මනං ඉගෙන ගන්න වෙනවා, එහෙම ඉගෙන ගත්තු පාඩමකිං කට්ටියට වැදගත් වෙයි කියලා හිතපු එකක් බ්ලොගේ දාන්න තීරනේ කලේ පාඩම කියලා දෙන අතරතුරමයි. එදා පාඩම උනේ ගුවන් විදුලියේ විකාශනය. ඒකෙං ලංකාවේ ගුවන් විදුලිය ඇති උනේ කොහොමද කියලා සේපර් එකේ කියලා දාන්නං. 






එංගලන්තෙ තමයි ඔය වයර්ලස් (වෑර්ලස්) සේවය එහෙමත් නැත්තං රේඩියෝ සේවය මුලිංම ආරම්භ උනේ. ඒත් අද මං ලියන්නේ එංගලන්තෙ ගැන නෙමේ ලංකාව ගැන.

ඕ.කේ
1922දි එංගලන්තෙ තමයි පලවෙනි නිත්‍ය ගුවන් විදුලිය එහෙමත් නැත්තං රේඩියෝ එක පටං ගත්තේ. ඔය කාලේ වෙනකොට ලංකාව එංගලන්තේ යටත් විජිතයක් උන නිසා එංගලන්තෙ වෙන්නේ මොනාද ඒකට ලංකාවත් සම්බන්ධ උනා. රේඩියෝ පටං ගන්නෙත් එහෙමයි. ලංකාවේ කික් එක තිබ්බ කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්කහු වෙලා සිලෝන් වයර්ලස් ක්ලබ් කියලා ආධුනික ගුවන් විදුලි ඒකකයක් පිහිටුවා ගන්නවා. බලන්න කොච්චර ආදර්ශමත් තරුණ තරුණියොද කියලා, අපිවගේ බුකියේ එල්ලිලා හිටියනං බොලාලා අහයි රේඩියෝ.

රයිට්. ඔය ඒකකේ තමා ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වෙන්න හේතුව. මේ වෙනකොට එංගලන්තෙටත් රේඩියෝ අළුත්. වෙනත් රටවලට ටෙක්නොලජිය යන්න හිතලවත් නෑ. ඒත් ලංකාවේ සෙට් එකගේ උනන්දුව නිසාම ලංකාවටත් පොඩියට හරි ගුවන් විදුලියක් කියලා ලාවට කියන්න පුළුවං දෙයක් ඇති උනා. පස්සෙ කාලෙක ලංකා සහ දකුණු ඉන්දියා රේඩියෝ සංගමය කියලා වෙනස් උනේ ඔය සිලෝන් වයර්ලස් ක්ලබ් කියපු ආධුනික සංගමේම තමයි.

මෙන්න මේ වගේ එකකිං තමා ගලෝගෙන තියෙන්නේ

ෙඔහොම තියෙනකොට තමයි පලවෙනි ලෝක යුද්දෙ එන්නේ, ඔය වෙනකොට ගුවන් විදුලි අත්හදා බැලීම් කීපයකුත් ලංකාවේ සිදු කරලා තිබ්බා. ලෝක යුද්දෙ ඉවර වෙනකොට කොළඹ වරාය අවට මුහුදේ ජර්මන් සබ්මැරින් එකක් ගිලිලා තිබ්බලු. ඒක චෙක් කරද්දි ඒකෙ තිබිලා රේඩියෝ උපකරණ කීපයක් හම්බෙලා තියෙනවා. 

කවුරු මොකා මොන මගුල කිවුවත්, දැං අන්ත කුජීත වෙලා හිටියත් ලංකාවේ ඉන්නේ මාරම මීටර්. ඒක ආයේ කතා කරන්න දෙයක් නෑ. මේ සීන් කෝන් එකේදිත් අන්න එහෙම මීටර් ටක්ගාලා කැරකිලා තියෙනවා. අර සබ්මැරින් එකෙං ගත්ත රේඩියෝ උපකරණ වලිං අපේ එවුං රේඩියෝ යුනිට් එකක් පටං අරං පරීක්ෂණ කරලා තියෙනවා. සෙල්ලං නෑ ඈ. පාඩම කියලා දෙනකොට මං අපේ සර්ගෙං ඇහුවා මෙවුවා සංරක්සනේ කරලා අරං තියලා හෙම ඇති නේ සර් කීලා. සර් ගත් කටටම කිවුවා ඉස්සරනං තිබ්බා ගුවං විදුලියට අරක්ගෙන ඉන්න හඩ්ඩා ආවා විතරයි එවුවා ටික අයිං කරා කියලා. හඩ්ඩා ගැන ඉතිං අමුතුවෙං කියන්න ඕන්නෑනේ, අර උදේ පාංදර මුකලං බස්සෙක් වගේ කෑ ගහන්නේ. කතා කරනකොට හඩු ගඳ වහනය වෙන්නේ. අන්න ඌ.

පරණ කතාවට යංකෝ. කොහොම හරි අළුත් මාධ්‍ය පිළිබඳ උනන්දුවක් ටික ටික ඇති වෙනකොට මුළු ලංකාවටම ව්‍යාප්ත උන ගුවන් විදුලි සේවයක් ආරම්භ කිරීමට කට්ටිය තීරණය කලා. මේක රාජ්‍ය පරිපාලනේ යටතේ පවත්වන එක තමා හොදම දේ කියලා කට්ටිය හිතුවා.

ඔය නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් පත් කලා. ඒකෙ සභාපති හැටියට තැපැල් සේවා අධිපතිවරයා පත් කර ගත්තා. නීති රීති එහෙම ඇති කරගෙන උපකරණ අනං මනං ගෙන්නගෙන වැඩ පටං ගන්න එක කමිටුවේ ඩියුටිය උනා. මේකෙදි විදුලි සංදේශ හා දුරකතන භාර ප්‍රධාන ඉංජිනේරු ඊ.හාපර් මහතා ගොඩක් ලොකු සේවයක් කලාලු.

sir william henry manning

1924 වෙනකොට විකාශන කටයුතු ආරම්භ කරන්න පුළුවං තත්වෙට හදාගත්තලු. 1924 ජූනි 27 වැනිදා ආන්ඩුකාර සර් විලියම් හෙන්රි මහතා ලංකා ඉංජිනේරු සංගමය අමතලා කරපු කතාව පලවෙනි පාරට ගුවන් විදුලිය මගින් ලංකාවේ විකාශය කරන්න හාපර් මහතට පුළුවං වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රචාරය වෙච්ච පලවෙනි කතාව තමයි මේක.  මෙන්න මේ අවස්ථාවේ ඉදං සතියට දින දෙකක් ( බ්‍රහස්පතින්දා සහ ඉරිදා ) තුලදි ගුවන් විදුලි සේවය ඉතා සීමිත විදිහට පවත්වගෙන ගියාලු.

තැනිං තැනිං ලබාගත්ත උපකරණ කෑලි අටෝගෙන වැඩේ නිත්‍ය සේවයක් විදිහට පවත්වාගෙන යන්න කට්ටියට පුළුවං උනා. තව තව අළුත් වැඩ කෑලි ඇඩ් කරලා හොද යෝග්‍ය සේවාවක් පවත්වාගෙන යන්න හාපර් මහත්තයා කටයුතු කරලා තියෙනවා. ඒ අනුව එංගලන්තයෙන් කිලෝ වොට් එකක විකාශණ යන්තරයක් ගෙනල්ලා 1925 දෙසැම්බර් 16 වනදා දහවල් දොලහට ඒ දවස් වල හිටපු ආන්ඩුකාර සර් හියු ක්ලිෆඩ් සුදු මහත්තයා අතිං විවෘත කරලා දිනපතා සේවයක් විදිහට පවත්වාගෙන ගියාලු. මේ අවුරුද්දේ දෙසැම්බර් 16 වෙනිදා එහෙමත් නැත්තං ලබන ඉරිදට ඒ සිදුවීම වෙලා අවුරුදු 87ක්ම වෙනවා.



අදට ඇති නේ, නැත්තං රේඩියෝ එපා වෙයි. අනිවා ඩෙෆා ඉතුරු කොටස සෙනසුරාදට නැත්තං ඉරිදට දෙන්නං. 
පේනවා නේ මිනිස්සු කොච්චර අමාරුවෙංද මාධ්‍ය ආයතන ඇති කරං තියෙන්නේ කියලා, කරුමෙට අද කොහෙවත් යන ගස් බල්ලංගේ බූදල් කරගෙන එවුවා. මහ එකා පටං හොරා වෙච්චි කොට අනිත් එවුං ගැන කවර කතාද?


හම්බෙමු!!!!!!!!
ජයවේවා!!!!!!!!!!!!!!!!!!!

දෙවනි කොටහට මෙතැනිං යන්න

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

60 comments:

  1. ෂා ... කොල්ල දියුණු වෙලා. ජනසන්නිවේදනේ බ්ලොගෙන් අදින්නයි සූජානම, ඈ ... එහෙම යන් .. ඔහොම යන් .....

    එන්ගලන්තෙ රේඩියෝව පටන් ගත්තෙ 1922 නම් මෙහේ ඊට කලින් ඉඳල උනන්දුව තිබ්බද බං, පළවෙනි ලෝක යුද්දෙත් ඒ අස්සට ආවෙ.

    හඩ්ඩා ගැන මතක් කරන්න එපා, ඌත් එකයි උගේ වැඩත් එකයි. අජූතයි, හත්තිලව්වට ගහපු කලාබරේ වගේ. ඌ ගැන නොකිය මේක ලිව්වනම් හොඳයි කියල හිතෙනව.

    උඹ අර මයුරයියගෙ කතා ටික එහෙම අමතක නොකර අතරින් පතරවත් දාන්ටෝන, හරි ....

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං ඒ කාලේ එංගලන්තෙයි ලංකාවයි රටවල් දෙකක් නෙමේ එකක්නේ...
      යටත් විජිතනේ..
      අපේ එවුං එහෙ එහෙ එවුං මෙහෙ..
      ඉතිං වැඩත් බෝ වෙනවා..
      යා යා හඩ්ඩා ගැන ආයි කියන්නෑ....
      මයුර අයියගේ කතා ටික මේක ඉවර වෙලා දාන්නං..
      බොහොම ස්තූතියි ඈ.....

      Delete
  2. ඉතාම වැදගත් ලිපියක්. දේශපාලනේ නැතිව ලියපං. එතකොට ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. දේසපාලනෙං තොර ජන සන්නිවේදනයක් අද ලංකාවේ නෑ නේ සුදීක අයියා...
      මීඩියා කාරයොත් බලු වෙනවා ඔය යක්කු නිසා...
      බොහොම ස්තූතියි කමෙන්ටුවට..
      ජයවේවා!!!!!!!!!

      Delete
  3. එලස් කොල්ලෝ
    දිගටම ලියපන්
    මාත් ලාවට වගේ ඔය පැත්තට ගෑවෙනවා.උවමනා එව්වා තියෙන්නේ නැතෑ

    ReplyDelete
    Replies
    1. එල එලස්...
      වර්තමානේ වෙනකංම ලියන්න තමා ට්‍රයි එක..
      අන්තර්ගත විස්තර ප්‍රතිචාර මත වැඩි අඩු වෙන්න පුළුවං...
      ජයවේවා ඈ...

      Delete
  4. ela banz patta lipiyak...
    hoda karunu tikak oluwata yawa gaththa....

    එකතු වෙන්න ශ්‍රී සර රේඩියෝවත් සමගින්..
    ජය ශ්‍රී....!
    www.srisararadio.com

    ReplyDelete
    Replies
    1. ජයවේවා කටුමැටිගේ!!!!!!!!!!!!!!
      පෝස්ට් එකෙං දෙයක් ලබාගත්තනං ඒක ලොකු සතුටක් මට....

      Delete
  5. අය්යණ්ඩියා තරා වෙන්න එපා.. මම මේ හිතාගන්න බැරුව ඉන්නෙ මේක ජස්ට් ඉමෑජින් ද? නැත්තම් රියල් ස්ටෝරි ද? කියලා...එච්චරට ලත්තනයිනේ ඈ..

    ReplyDelete
    Replies
    1. ඈ.......
      සම්මි වැරදි පෝස්ට් එකකටද මංදා කමෙන්ට් කරලා තියෙන්නේ...
      මේකෙ ඔක්කොම ඇත්ත ඈ......

      Delete
  6. ඈ.....ඒක ඒමත් එකක්ද......එල ඈ..

    ReplyDelete
    Replies
    1. යා යා..
      එහෙම තමා..
      ජය ඈ....

      Delete
  7. niyamayi post eka..nodanna dewalne me..math liyanna hithan hitapu deyak meka,eth bari una.mama kamathi oya kamathi nam me post eka mage blogayeth danna oba kamathi akarayen.math web redio blog ekak karanawa.puluwannam sahayak laba denna.thanks..
    http://dhartsmusic.blogspot.it/
    http://slmusicradio.blogspot.it/

    ReplyDelete
    Replies
    1. ගනිං මචෝ...
      අවුලක් නෑ...
      කාට හරි දැනුම ලබාගන්න දෙන දෙයක්නේ
      ජය!!!!!!!!!!!!

      Delete
  8. වෑර්ලස් කතා වලට මං නම් ඉතින් පට්ට මනාපයි ලු..
    එල පොස්ටුවක්..!!

    ReplyDelete
    Replies
    1. මනාපනං දිගටම දානවලු.....
      ජයවේවා ඈ......

      Delete
  9. නොදන්නා කාරනා ගොඩක්..දැනගත්තා.

    අන්තිම ටික තමා හොඳම..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වීයා....
      දෙයක් දැනගත්තනං ඒක මට ලොකු දෙයක්!!!!!!!!!!!

      Delete
  10. ගොඩක් හොඳ විස්තරයක්. ගවේශණාත්මක හා නැවත විමසා බැලිය හැකි වටිනාකම් රැසක් හෙලිකරන ලිපියක්..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රතී.....
      ජයවේවා!!!!!!!!!!

      Delete
  11. කාල වකවානු පොඩ්ඩක් ආයි බලන්න. 1924 පලමු විකාශය කලා කියලා තියෙනවා.ආයි 1922දි අලුත් උපකරන ගෙනාපු කතාවක් කියනවා. මං හිතන්නේ ටයිපින් මිස්ටේක් එකක්!

    ReplyDelete
    Replies
    1. අඩේ ඔවුමයි...
      1925 දෙසැම්බර් 16 තමා දවස...
      බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නුවට සබිත් අයියේ...
      නැත්තං මල කෙලියක් තමා වෙන්නේ...
      ජයවේවා!!!!!!!!!!!!!

      Delete
  12. උඹ දැන් අර ගොසිප් සයිට් එකේ නෙමේද එතකොට?
    අපේ උන් හෙන වැඩර්ලා බන් ඉස්සර ඉඳන්ම.දැනට වුනත් කොච්චර දක්ෂ කොල්ලෝ මේ ලංකාවේ ඉන්නවද.උදාහරණෙකට මාව ගනින්කෝ .

    ReplyDelete
    Replies
    1. //දැනට වුනත් කොච්චර දක්ෂ කොල්ලෝ මේ ලංකාවේ ඉන්නවද.උදාහරණෙකට මාව ගනින්කෝ //
      මූ මෙහෙම කිව්වා කියලා උඹ සැලෙන්න එපා තරියා .දිගටම ඔය මතේම ඉඳපන් ඕවා මිනිස්සු වට්ටන්න කියන කතා ;)

      Delete
    2. අපි ගොසිපවල් වල වැඩ නෑනේ...
      කොල්ලා වැඩ කරන්නේ හොද නම්බුකාර වැදගත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක...
      හිකිස්...
      යා යා..
      උබ වගේ දස්ස එවුං එමටයි ලංකාවේ..........

      Delete
    3. @ අවතාර්...
      අනිවා මචෝ.....
      මං නොදන්නවයැ ඒක...
      හිකිස්...

      Delete
  13. එල එල තරියගෙන් අළුත් වැඩක් .පරණද දන්නේ නෑ අදනේ බ්ලොග් පැත්තට ආවේ සෑහෙන දවසකින්

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකනං අළුත්ම අළුත්..
      හි හි...
      මාත් මේ හෙන කාලෙකිං බං පටං ගත්තේ...
      ජයවේවා ඈ....

      Delete
  14. // ගුවන් විදුලියේ විකාශය //

    ඕක ගුවන් විදුලියේ විකාශනය වෙන්න ඕනා.

    මේ කතාව මට හරිම ආකර්ශණීය එකක්. පුළුවන්නම් වැඩිදුර තොරතුරු හොයලා ලස්සන ලිපියක් හදපන්කො.. මම හිතන් හිටියෙ සුද්දො නිකන්ම අපේ රටේ ගුවන් විදුලිය ඇති කෙරුවා කියලා. බලද්දි මේක අපේ අයගෙ උනන්දුව නිසාම ඇති වෙච්ච දෙයක්. මම ඒත් කල්පනා කළා සුද්දො ඇයි ගුවන් විදුලියක් අච්චර ලොකු ඉන්දියාවෙ පිහිටුවන්නෙ නැතුව ලංකාවෙ පිහිටෙව්වෙ කියලා. උඹ කියපු එක හරි.. අපේ උන් මාරම මීටර් තමා. වැඩක් කරන්න හිතුනොත් ඉතින් බඩුම තමා. ( සමහරුන්ට මේවා දකිද්දි ගැරඩියට භූමිතෙල් වගේ වෙයි. ඒවට අපිට කරන්න දෙයක් නෑ. ඒක උන්ගෙ කරුමෙ. )

    මම රේඩියෝ සිලෝන් එක ගැන අහලා තිබුන කතා කිහිපයක් මේ;

    1. ආසියාවෙ ප්‍රථම ගුවන් විදුලිය.
    2. ඉන්දියානුවන් පවා අපේ ගුවන් විදුලියට සවන් දුන්නු බව.
    3. එඩ්මන්ඩ් හිලරි එවරස්ට් තරණය කළ මොහොතේ අපේ ගුවන් විදුලිය ශ්‍රවනය කරන්න ලැබුනයි යන බව.

    ReplyDelete
    Replies
    1. අඩේ ප්‍රිංටිං මිස්‍‍++++ටේක්ස්....
      බොහොම ස්තූතියි ඒක පෙන්නුවට අයියේ..
      සුද්දත් උදව් කරා, අනික ආරම්භක සාමාජිකයෝ අතර සුද්දොත් හිටියලු...
      මීටර් ගැනනං කතා කරන්න අමුතුවෙං ඕන්නෑනේ...
      කරුණු තුනත් හරි..
      ඒ ගැනත් කියන්නං ඉස්සරහ පෝස්ට් වලදි...
      ජයවේවා සෙන්නා අයියේ!!!!!!!!!!!!!

      Delete
  15. හොඳ පෝස්ට් එකක්. රේඩියෝ ගැන කියනකොට මට මතක් වෙන්නෙ පොඩි කාලෙ අහපු ගුවන් විදුලි රඟ මඬල. පස්සෙන් පහු එෆ් එම් නාලිකා ආවට පස්සෙ රේඩියෝ ඇහිල්ල අත්හැරිලම ගියා. දැන්නං රේඩියෝ අහනව නෙවෙයි ඇහෙනව.

    ReplyDelete
    Replies
    1. අසන මාධ්‍යය ඇසෙන මාධ්‍ය බවට පත් උන හැටි ගැනත් ඉදිරි ලිපි වලින් කියන්නම්....
      ජයවේවා පරිකල්පන!!!!!!!
      ස්තූතියි කමෙන්ටුවට!!!!!!!

      Delete
  16. තලියා දියුණු වෙලා මලු මලු ආ....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...
      දැං ඉතිං බට්ටිලා ලොකු මිනිස්සු වෙලාලුනේ...
      ටැංකූ ආ ආවට!!!!!
      ජය!!!!!!

      Delete
  17. ආසාවෙන් කියැවීමි
    ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිස්ස මහත්මා!!!!!!!
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  18. මේ දේවල් ටික අදමයි ඇහුවේ කොල්ලෝ !
    නියම පෝස්ට් එකක් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුරංග අයියා!!!!!!
      ජයවේවා ඇ....

      Delete
  19. පටන් ගැන්ම ඔයවගේ උනාට දැන් නම් හතර වටේටම FM චැනල් වැහි වැහැලානේ එල එල මලේ නොදන්නා තොරතුරක් හම්බ උනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...
      ඒකට හේතුවත් ඉස්සරහට එනවා...
      ජයවේවා කෝරලේ මහත්තයා!!!!!!!!!!!!!

      Delete
  20. තරියා මලේ දන්නවද ඔය දැන් තියෙන ගුවන්විදුලිය පිහිටවල තයෙන්නේ පරණ පිස්සන් කොටුව තිබුණ තැනයි. පිස්සන් කොටුව මුල්ලේරියාවට ගෙන ගියාට පස්සේ ඒ ගොඩනැගිලි වල ගුවන්විදුලිය දැම්මා. ඒ හින්දා දැනුත් ඉන්නේ අමු පිස්සො ටිකක් ඒකනේ උදේට උඩ බුරන්නේ..

    ReplyDelete
    Replies
    1. හි හි...
      පිස්සං කොටු කේස් එකනං හරියටම මතක නෑ...
      බලලා ලියන්න ඔ්නා...
      මහ පිස්සා තමා ආයතනේම කන්නේ...

      Delete
  21. මේ ලිපිය තාක්ෂණික කරුණු ඔස්සේ ඉතා සාර්ථකව ඉදිරියට ගෙනයා හැකියි. ඔබට හැකියාවක් ඇත්නම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශන ඉංජිනේරු අංශය හා සම්බන්ධවන්න, ඉතා වැදගත් තොරතුරු, රසවත්, (සමහර ඒවා අතිශයින් හාස්‍යජනකයි)තොරතුරු රාශියක් මෙන්ම, ඉතා වටිනා ඡායාරූප රාශියක්ද ඉදිරිපත් කල හැකි වෙනවා. ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රදර්ශණය කර තිබෙනවා පැරණි උපකරණ. ඒවා පිලිබඳ තොරතුරු හරි වටිනවා. FM එන්නට කලින් අපි සවන්දුන් කෙටි තරංග සහ මධ්‍යම තරංග, ඒවාගේ ගති ලක්ෂණ, එම විකාශන යන්ත්‍ර, (ජාඇල,ඒකල විකාශනාගාරයේ තිබෙන දැවැන්ත පැරණි කෙටි තරංග විකාශන යන්ත්‍ර, දැන්නම් ඒවා පරණ යකඩ වලට දීලාද දන්නේ නැහැ)ආදී තොරතුරු ලියනවානම් ලිපිය කොටස් 10 ක් විතර දිගට ලියන්න පුළුවන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මං ට්‍රයි එකක් දෙන්නං විචාරක අයියා...
      බොහොම ස්තූතියි යෝජනාවට....
      සමහරක් ඡායාරූපනං මං ලග තියෙනවා..
      බලමුකෝ ඉස්සරහට...
      ජයවේවා!!!!!!!!

      Delete
  22. එළ පෝස්ටුව මචං. :) මං නම් සමහර දේවල් දැනන් හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. තැංකුස් ඉසාන්...
      නොදන්න දෙයක් දැනගත්තනං මට ඒක ලොකු දෙයක්...
      ජයවේවා!!!!!!!!!!

      Delete
  23. නියමයි අපේ ඉතිහාසය මේතරම් දුරවත් කතාවෙනවනම් හොඳයි....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුලා...
      අළුතෙංද මංදා මේ පැත්තට....
      පිලිගන්නවා කෙරුවාවට සාදරෙං...
      ජයවේවා!!!!!!!!

      Delete
  24. දැන් වෙනස් දේවල් ලියන්න අරන් හ්ම්ම් හ්ම්ම් :)
    ජය!

    ReplyDelete
    Replies
    1. යා යා...
      වෙනස් වෙනස්...
      ජයවේවා හිරූ!!!!!!!!

      Delete
  25. උඹ බොහොම වටිනා ලිපියක් ලියලා තියෙන්නෙ...ඒත් අර හඩ්ඩගෙ නම මතක් කරපු තැන ඉදන් ශ්‍රීලංකා ගුවන් විදුලියේ උදේට හමනා ගූ ගද දැනෙන්න ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඌව මතක් වෙනවනේ නිරායාසයෙන්ම....
      සොරි වේවා ඉතිං....
      ආයේ මතක් කරන්නෑ....
      තැංකූ ඈ සිරා අයියේ...
      ජය!!!!!!!!!!

      Delete
  26. ඔය ලංකාවේ රේඩියෝ කෙරුවාව ඉක්මනට (19 කලින්) පලකරොත් හොඳා!!! එතකොට මට ඒ ටික විභාගෙටත් ලියතැහැකි!!!

    ReplyDelete
    Replies
    1. තොට ගෙදර ඉදං අහගන්න බැරිද????
      බ්ලොගෙං ඉගෙන ගන්නේ...

      Delete
  27. මරු ඈ... අනිත් විස්තර ටිකත් දාන්න..
    බයි ද වේ ගුවන් විදුලිය ගුවන් විදුලිය කිවුවට ඔකේ ඇති විදුලියක් නෑ මෙයා..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙනදට එක වෙන එකා අද අන්තිමද මංදා...
      නොදැක්කට විදුලියත් ලාවට තියෙනවා...
      ජයවේවා ඈ....
      ටැංකූ ආවට!!!!!!!!

      Delete
    2. අසනීප තත්වයෙන් පසු උනෙමි. ඇයි මං ඇබ්සන්ට් ලෙටර් ඒක එවුවේ

      Delete
    3. හම්බුන්නෑ ඈ...

      Delete
  28. තව විස්තර බලාපොරොත්තු වෙනවා. හරිම කෙටි පොස්ට් එකක් නේ. මේ වගේ ඒවා තව දිගට ලියන්න..

    ස්තුතියි මචං..

    ReplyDelete
    Replies
    1. මං හිතුවා වැඩි වෙයි කියලා..
      අද දාන්නං දිගම දිග එකක්....

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????