ලගින්ම ඉන්න කස්ටිය

Sunday, September 16, 2012

බාලිකා පාසලක අමතක නොවෙන මෙහෙයුමක්


ඉස්කෝලෙ යන කාලෙදි කොල්ලෙක් කුප්ප වැඩ කරේ නැත්තං ඌ ගැන වෙනම කමිටුවක් පත් කරලා සොයා බලන්න ඕනා.. ඒ තරං ඒක පුදුම විය යුතු කාරණයක්. ඉතිං එහෙම වෙන්න ඕන්නැති නිසා අපි හැමතිස්සෙම වගේ පාසලේ ආශිර්වාදය ඇතුවත් නැතුවත් ඔලුවේ කෙස් ගානට එවුවා මෙවුවා කලා... 

මේ කියන්න යන එකත් ඒ වගේ කේස් එකක්. ඒත් මේ කතාවට වෙනත් පාසලකුත් සම්බන්ධ  වෙනවා. ඉතිං මං නම එහෙමත් කියයි. ඒ අපහාස කිරීමේ චේතනාවෙන්නං නෙමේ ඕං. හැබැයි නිකංවත් හිතුනොත් මේක අපහාසයක් කියලා  එහෙමත් නැත්තං ඒ පාසලේ කාට හරි සිත් රිදවීමක් සිද්ධ උනොත් වෙන්න සමා මට ඈ... ඔන්න කියලමයි පටං ගන්නේ..

මං දන්නවා මගේ අහිංසක මූන දිහා බලං මට බනින්නෑ කීලා ඈ..



අවුරුද්ද 2010. මාසය පෙබරවාරි.

අපේ සයන්ස්  ඩේ එක තියන්න අපි වැඩ පටං ගත්තේ 2009 දෙසැම්බර් වල. ඉතිං මුලිංම අපි කරපු දේ තමා ආරාධිත පාසල් වල ලිස්ට් එකක් ගත්තු එක. පස්සෙ දවසක ලිස්ට් එකේ ඡායාරූපයක් සයන්ස් ඩේ එක ගැනම කියවෙන කතාවකදි දාන්නං. ඕ.කේ. 


ඉතිං මේ ලිස්ට් එකේදි මුලිංම මගේ බලවත් පෙරැත්තයක් මතම ලියැවෙච්ච ඉස්කෝලයක් තමා ගම්පහ දිස්ත්‍රික්කෙ ප්‍රධාන පෙලේ බාලිකා පාසලක් වෙච්චි කිරිබත්ගොඩ විහාරමහාදේවිය. මේ ලියන වෙලාවෙත් මගේ මූනේ නිකං චාටර් හිනාවක් මෝදු වෙනවා ඇයි දන්නෑ..


මට සයන්ස් ඩේ, ප්‍රිෆෙක්ට් ඩේ කියන එවුවා මගහැරුනනං අනේ මන්දා ඒක මාර පුදුමයක්. ඒ තරං ඩේ කාපර් කෙනෙක්. ඔහොම හිටපු ඩේ කාපර්ලා තමා යුතික, වරුණ, සැන්ඩි, අරලිය, ජොන්ටා වගේ අය. ගොඩක් වෙලාවට ඩේ වලට ගියේ මුලිංම කියවෙච්ච නම් තුන තමා. (ඒ තරං උං පැනියෝ)

බටේ කටේ ගහං ඉන්නේ සැන්ඩියා
කැඩෙට් අරලිය


අපි ඉස්කෝල බෙදං හිටියේ. නැත්තං ලොකු තදබදයක් ඇති වෙනවනේ.  මම ගම්පහ දිස්ත්‍රික්කෙ පැත්ත අරක්ගෙන හිටියේ. මොකද පදිංචියත් ඒ දිස්ත්‍රික්කෙමනේ. ඉතිං ඒ පැත්තෙං මොන ඉන්විටේෂන් එක ආවත් ඒ ඉවෙන්ට් එකේ මං ඇතුලත්. සැන්ඩියත් ඒමයි.


හම්බවෙච්ච පෑන

පසුකාලීනව ප්‍රයෝජනයට ගත් පොත



ඕම කාලය ගත වෙවී ඉන්නකොට අපිට ආවා විහාරමහාදේවි එකේ ප්‍රිෆෙක්ට් ඩේ එකේ ඉන්විටේෂන් එකක්. නම “වසරක අනුසස්“. ආරන්චි විදිහට පලවෙනි වතාවටයි ඒ අය මේ විදිහට ප්‍රිෆෙක්ට් ඩේ එකක් කරන්නේ. ඉතිං අපේ යුතුකම සහභාගි වෙලා සහයෝගය දක්වන එකනේ. ඉතිං අපි සැදී පැහැදී ඒකට එන්ටර් උනා.


සාමාන්‍යයෙං ඉන්විටේෂන් එකකදි සහභාගි වෙන්න ඕන ශිෂ්‍යයන් ගාන දක්වලා තියෙනවා. නැත්තං ගැන්සි පිටිං බහිනවනේ. සාමාන්‍යයෙං තියෙන්නේ 5ස් දෙනෙකුට ඉන්වයිට් කරලා.
නමුත් අපේ තියෙන කුප්ප කම කියන්නේ අපි යවන්නේ තුන් දෙනෙක් නැත්තං හතර දෙනෙක්. මොකද හරි ගානට හරි වැඩිපුර හරි යැවුවම ඕගනයිස් කරන ඉස්කෝල අඩි දෙකක් විතර උඩ යනවා.


ඉතිං අපෙත් ඉන්නේ දඟකාර, විසේකාර, ආඩම්බරකාර, හිතුවක්කාර, හැඩකාර කොල්ලො නිසා අපේ ස්ටෑන්ඩඩ් එකත් තියාගෙන අපි අඩුවෙං යවනවා පොඩි පණිවිඩයක් ඒක ඇතුලෙ හංගලාම. ඒ  තමයි “අපි උබලව එච්චර ගනං ගන්නෑ“ කියලා. මේක අපි කරන්නේ බාලිකා පාසල් වලට විතරයි. කොල්ලංගෙ එවුවට ෆිට් එක පෙන්නන්නත් එක්ක රොත්ත පිටිං යන්නේ.

 
කෝම හරි දැං මේ ඩේ එකට අපි තුන් දෙනෙක්ගෙං යුතු කණ්ඩායමක් සෙට් උනා.  ඒ මං තරී, සූම් සැන්ඩි සහ කැඩෙට් අරලිය යන අයයි. විශේෂත්වය අපි තුන් දෙනාටම ඒ  ඉස්කෝලෙත් එක්ක ලොකූ....... ගනුදෙනුවක් තිබුන එකයි.

කට්ටිය සෙට් උනු තැන


මේක තිබ්බෙ සෙනසුරාදා දවසක. ඉතිං අපි තුන් දෙනාම සෙට් උනා කිරිබත්ගොඩ Y.M.B.A ශාලාව ඉදිරිපිටට. එතනදිම කෝට් බෑයවල් ටික ඇදගෙන බැච් ගහං අපි ගියා ඉස්කෝලෙ ගාවට. අපරාදේ කියන්න බෑ අපිට හොද පිලිගැනීමක් ලැබුනා.
ඉතිං අපි ඒ දවස බොහොම සන්තෝසෙන් විවිධ ක්‍රියාකාරකම් සමගම විවිධ දර්ශණ කෝණ ඔස්සේ විවිධාකාරයෙන් නෙත් පිනවමින් ගත කලා. 


පළවෙනි පාර උනත් හොදට සංවිධානය කරලා තිබ්බා. එකම එකයි චොර උනේ ඒ ආරාධිත දේශකයා වෙච්චි කාන්තාවගේ කතාව තමා. මට හොදට මතකයි ඒ පැයේදි මං නිදාගත්තු විදිහ.


මේකෙදි අපිත් එක්ක ඒ ඉස්කෝලෙ PT මැඩම් ගොඩක්ම ෆිට් උනා. ඒ ෆිට් කර ගැනීමේ සම්පූර්ණ ගෞරවය කැඩෙට් අරලිය හෙවත් අරා සතුයි. එතකොට අපි මේ ඩේ එකට එන්න හේතු වෙච්ච යටිකූට්ටු අදහසකුත් තිබ්බා. ඒ මෙහෙයුමේ ප්‍රධානම කාර්ය තමා පාසලේ සැලැස්ම නැත්නම් ගොඩනැගිලි පිහිටීම පිලිබද දල අවබෝධයක් ලබා ගැනීම. ඒක අපි උවමනාවටත්  වඩා හොදිං කර ගත්තා.


මෙහෙයුමේ අවසාන කරලා අපි හරිම සතුටෙං ගෙවල් බලා ආවා. (අතරමැදදි වෙච්ච දේවල් ඕන්නෑ)


ඒ කතාව එතනිං ඉවරයි. මං කිවුවනේ අපි ගියේ යටි අරමුනක් ඇතුව කියලා. ඩේ එකට සහභාගි උනේ අන්න ඒ යටි අරමුනට කරුණු එකතුකර ගන්නයි...
අරමුන ඕන්නෑ ඈ..


ඉතිං අපි සයන්ස් ඩේ එකේ ඉන්විටේෂන්ස් ප්‍රින්ට් කරලා දැං බෙදන වැඩේට සෙට් උනා. මේ වැඩේටත් අපි දිස්ත්‍රික්ක වශයෙං වෙන් උනා. සුපුරුදු විදිහට සැන්ඩිත් මමත් අරලියත් ගම්පහට සෙට් උනා. 

ඉන්විටේෂන් එකත් මේ වගේ තිබ්බේ අපේ..


සාමාන්‍යයෙන් පිරිමි පාසල් ඇතුලට ඇතුල් වෙන එක ගින්නක් නෑ. මොකද සික්කොත් නිකං මාරම ෆිට් බුවාලා. ඒත් බාලිකා පාසල් වල ඒ සෙල්ලං නෑ. ඒ ඉස්කෝල වල සිකුරිටිලට පොලිස් බලතල හම්බවෙලා දේශපාලනීකරණය වෙලා ගෝලීකරණයේ කෙල පැමිනිලා ඉන්නේ. උං ප්‍රින්සිපල්ටත් වඩා බලවත්. ඒ  තරං රෙස්පට්. ඒත් අපි එවුවට සැලෙනවද???? එහෙම සැලිලා ඉන්විටේෂන් බෙදන්න බෑ. මොකද සික්කට ඉන්විටේෂම දෙනවා කියන්නේ අදාල සෙක්ෂන් එකට පනිවිඩේ යන්නෑ. ඉතිං ඒ වගේ අමාරුකාර සික්කෝ සදහා අපි පත් කරන්නේ ඒ වගේම අමාරුකාර කොල්ලෝ.. එතකොට තමා සික්කගෙ කනෙං රිංගලා උගේ නහයට ලණුවකුත් දාලා වැඩේ කරං එන්න පුළුවං.


අපි මුලිංම දැනං හිටියා අපිට විහාරමහාදේවි එක ඇතුලට පයින එක අමාරු ගේමක් දෙන්න ඕන ලොකු වැඩක් කියලා. ඉතිං අපි කලිං දවසේ වසරක අනුසස් ඩේ එකේදි අපිට හම්බඋනු සුවනියර් එක හොදිං පරිශීලණය කරලා මැඩම්ලා කීප දෙනෙක්ගේ නම් කීපයක් කට පාඩම් කර ගත්තා.
දැං අපි දැනුමෙං සන්නද්දයි, අති භයානකයි, මාරාන්තිකයි. නමුත් අවාසනාවකට අපිට එදා සැන්ඩිව සෙට් කර ගන්න බැරි උනා ගියේ මමයි අරයි විතරයි. දැං බස් එකේ කිරිබත්ගොඩට ගිහිං බැහැලා පොඩි වෙච්ච ඇදුං හදං කොන්ඩෙ පීරගෙන වැඩර් වගේ ගේට්ටුව ඉස්සරහට ගියා. නෝනාවරුනි මහත්වරුනි මෙතැන් සිට සංවාදාත්මකව ඇරඹෙන්නේ ඒ අත්දැකීමයි.
(මෙහිදී අප පැමිනියේ අරාගේ සහ මගේ  සිත් ගත් අයෙක් හදි ගැසීමේ අහිංසක බලාපොරොත්තුවත් ඇතිවය)



සික්කා ඇන්ටී - නවතින්න. කොහෙද ඕගොල්ලො යන්නේ...?????? (ලොකු සීන් ටෝන් එකෙං එඩිතරව)
අපි - ආන්ටි අපි කොළඹ අශෝක විද්‍යාලයෙන්, අපි ආවේ අපේ සයන්ස් ඩේ එකේ ඉන්විටේෂන් එක ඔෆිස් එකට භාරදෙන්න. (අහිංසක වැදගත් හැසිරීමෙන්)
සික්කා ඇන්ටී - ඕගොල්ලො ඔෆිස් එක දැනුවත් කරලද තියෙන්නේ මේ ගැන.. (තරමක පැහැදීමෙන්)
අපි - ඔව්. ***** මැඩම්ට අපි කියලා තියෙන්නේ. (වයිස් ප්‍රින්ස්පල්ගේ නම. සුවනියර් එකෙං බලාගත්තෙ ඈ..)
සික්කා ඇන්ටි - (කොරවූ අදුරුවූ මුහුනින් යුතු පරාජිත ටෝන් එකෙං) හරි එහෙනං, දෙන්නම යනවද?
අපි - ඔවු (පැහැදිලි නිරවුල් අභීත කටහඩින්)
සික්කා ඇන්ටී - හරි පුතාලා... (පැහැදීමෙන් යුතුව)
මේ ආකාරයෙන් සික්කා ඇන්ටීගේ කනෙං රිංගා මිටින් හල කුරුල්ලන් දෙදෙනෙක් මෙන් ගාම්භීර ලීලාවෙන් අපි ඔපීසිය කරා ගමන් කරන්නට විය. ඔපීසිය පෙනි පෙනී තිබියදී ඒ ලගින් පැමිනි ගෑල්ලමයෙක්ගෙං සිත් පිත් නොමැතිව ප්‍රශ්ණ කරන්නට වූයේ වයස නිසා උරුම වූ කුප්ප කම මොනවට පැහැදිලි කරමිනි.

අරා - එක්ස්කියුස්මී....
නංගි - (විස්මිත දෙනෙතිං) ඔව් අයියේ කියන්න...
අරා - නංගි ඕගොල්ලංගේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ...
නංගි - (කෝල හඩින්) ඔය පඩිපෙල නැග්ගම හම්බවෙන රූම් එක අයියේ..
අරා - ඕ.කේ. තෑංක්ස් නංගා...
නංගි - ඕකේ අයියා...
(අරාගේ ආතල් ඌට ගන්න දී මම තනියම සිනහ වෙමින් ඔෆීසියට ගියෙමි)

***** ලෙස නම ගැසූ පුවරුවක් මේසය මත ඇත. මේසය ලග ගැහැනු ලමුන් දෙදෙනෙකු ඒ මේසයේ සිටි මැදිවියේ කාන්තාව සමග කතා කරමින් සිටියෝය.

නියෝජ්‍ය විදුහල්පතිනිය - ඔය පුතාලා දෙන්නා. මොකක්ද වෙන්න ඕන???? (ඉදිරිපස සිටි ගෑල්ලමයි දෙන්නා මෑත් කරමින් අපෙන් ගාම්භීර කටහඩින් ප්‍රශ්ණ කලේය.)
අප දෙදෙනා තරමක් සලිත වී ගියත් ඒ බව නෙපෙන්වා වැදගත් සිනහවක් පා නැවතත් කනෙං රිංගීමට සූදානම් විය.

අපි - මැඩම් අපි කොලඹ අශෝක විද්‍යාලයෙන්, අපේ සයන්ස් ඩේ එකේ ඉන්විටේෂන් එක සයන්ස් සෙක්ෂන් එකේ *** මැඩම්ට දෙන්න ආවේ...
මැඩම් - පුතා *** මැඩම්ට දැන්නං ක්ලාස් එකක්. එයාගෙ අතටම දෙන්න ඕනද ඕක??
අපි - ඔව් මැඩම්..
මැඩම් - ම්ම්ම්ම්... (තරමක් කල්පනා කර) එහෙනං පුතා සයන්ස් ලැබ් එකට ගිහිං දෙන්න. යන්න දන්නවනේ. ඔතනිං පහලට ගියාම හොයා ගන්න පුළුවං.
(නැවතත් වැදගත්වූ කුප්ප කම ප්‍රදර්ශණය කරමිං)
අපි - ඒත් මැඩම් එහෙම යන එක හරි නෑ නේද?????
මැඩම් - මොන හරි නැති වැඩක්ද??? ඕගොල්ලංගෙම නංගිලනේ. (ලග සිටි ගැහැනු ළමයෙකු වෙත හැරී) දුව මේ අයියලට ලැබ් එක පෙන්නන්න. (නැවතත් අපි දෙසට හැරී) මේ නංගිත් එක්ක යන්න පුතා. කවුරුහරි ඇහුවොත් කියන්න ***** මැඩම් කිවුවේ කියලා.
අපි - බොහොම ස්තූතියි මැඩම්.. (ගෞරව පූර්වක බැල්මෙං)
මැඩම් - හරි පුතා... (සුන්දර සිනහවකින් මුව සරසාගෙන)
එතැනින් සමුගත් අප මැඩම් විසින් සපයා දුන් ගයිඩ් නංගී සමග පඩි පෙල බසින්නට විය. අරා ඇයත් සමග මුකුලු කරමින් ගිය අතර මම ඊලගට කල යුතු වැඩේ ප්‍රොසෙස් කරමිං ඉදිරියට ඇදුනෙමි. 

විද්‍යාගාරය වෙත ගියද එහි කිසිවෙකු නොවීය. අසල සිටි ගුරුවරියකගෙං *** මැඩම් ගැන ඇසූ විට ඇය පංතිකාමරයක නමක් කියා එහි ඇය උගන්වන බව කීවාය. 

අරා සමග ඒ වන විටත් කුලුපගව සිටි නංගි තෙමේ අපිව පංතිකාමරය කරා රැගෙන යාමටද ස්වෙච්චාවෙන් ඉදිරිපත් විනි.

මග දිගට හමුවන පංති කාමර ස්කෑන් කරමිං මා ගමන් කලේ පැමිණි කාරණය ඉටුකර ගැනීමේ අභිලාෂයෙනි. නමුත් ඒ එකකවත් සෙවුම් වස්තුව මීටර් නොවීම නිසා මං තරියා තරමක අසතුටෙං යුතුව ඉදිරියට ගමන් කලේය. මගදිගට හමුවූ පන්තිකාමර වල ගුරුවරු පාඩම අතරතුර මේ සිදුවන සිදුවීම දෙස බලා සිටීම අපව තරමක අපහසුතාවයකට පත් කලේය.

අපට යා යුතුව තිබූ පන්තිය දෙවන මහලේ කෙලවරේම පන්තිය විය. එය එසේ වූයේ දෛවය විසින් අප කෙරූ කුප්ප වැඩ වලට ලබාදුන් දඬුවමක්දැයි ඇතැම් විටක සිතේ ඈ..

පන්තිය තුලට ගිය නංගී පංතියේ සිටි ගුරුතුමියට මොන මොනවදෝ කියන්නට විය. ඇය පාඩම නවත්වා අපට පංතිකාමරය තුලට පැමිනෙන ලෙසින් හිසින් සන් කලාය.

මැඩම් - මොකක්ද පුතා ඉන්විටේෂන් එක?
අපි - මැඩම් අපි අශෝක විද්‍යාලයෙන් අපේ සයන්ස් ඩේ එකට ඉන්වයිට් කරන්න ආවේ.
මැඩම් - කවදද පුතා තියෙන්නේ?????
මේ අවස්ථාවේදී පංතිය තුලින් කසුකුසුවක් නැගෙන්නට විය. මැඩම් තෙමේ පංතිය දෙසට හැරී ගෝරනාඩු කරන්නට විය. ලද අවසරයෙන් මා පංතිය පුරා උකුසු ඇසින් පිරික්සන්නට වූයේ ජීවිත දෙකක් මරු කටට කැදවූ ඒ පුග්ගලිය සොයායි.
අඩේ ඇය බිම බලාන දෙවන පේලියේ අසුන්ගෙන සිටි අතර වටේ සිටි කටහැකර වාචාල අයවලුන් නොනවත්වා කොදුරනු දක්නට ලැබුනි.
මැඩම් - (ඇය නැවතත් අප දෙසට හැරී) කියන්න පුතා.
අපි - මාර්තු දොලහා මරදාන එල්ෆින්ස්ටන් එකේ මැඩම්..
මැඩම් - එදාට නේ අර ප්‍රදර්ශනෙත් තියෙන්නේ පුතා??????
අපි - ඒකනං කොහොමද දන්නෑ මැඩම්...
මැඩම් - හරි පුතා.. පංතියටම ඇවිත් දුන්න එකේ අනිවාර්යයෙන්ම එන්නංකෝ. බොහොම ස්තූතියි ආරාධනයට පුතා..
අපි - සුළු දෙයක්නේ මැඩම්.. අනිවාර්යයෙන්ම එන්න එහෙනම්. අපි ගිහිං එන්නං මැඩම්.
මැඩම් - හරි පුතා...
*** මැඩම්ට වැද නමස්කාර කොට අපගේ ගුරු භක්තිය පෙන්වා පංතිය දෙසටත් ක්ෂණික බැල්මක් හෙලා පිටවූයේ මෙතෙක් රැකගත් සායම මේ මොහොතේ සෝදා ගැනීම අපට මෙන්ම පාසලටද කැලැලක් බැවිනි..



ජයග්‍රාහී ලීලාවෙන් විද්‍යා අංශ ගොඩනැගිල්ලෙන් පිටවුනු අපි අපේ ගයිඩ් නංගීට හෘදයාංගම ස්තූතිය පල කලෙමු.
 
එතැන් සිට රොකට් වේගයෙන් ගේට්ටුව ලගට පැමිනියේ ඒ වනවිටත් අපේ ප්‍රෝඩාව එලි වී තිබීමේ සම්භාවීතාව ඉහල අගයක පැවතීම නිසාවෙනි..

මුරකුටියෙන් එලියට පැමිණි සිටි සික්කා ඇන්ටී බිය තවත් කීපගුණයකින් ඉහල දැමූ අතර අප ගේට්ටුවට ලංවත්ම පෑ සිනහව නිසාවෙන් ඒ බිය අඩුවිය.

සික්කා ඇන්ටී - වැඩේ හරිද පුතා?
අපි - ඔවු ඇන්ටී.. අපිට සයන්ස් සෙක්ෂන් එකටම යන්න උනානේ...
සික්කා ඇන්ටී - ආ ඔවු මං දැක්කා...
අපි - අපි ගිහිං එන්නං ඇන්ටී....
සික්කා ඇන්ටී - හරි පුතා
පාසලෙන් පිටවත්ම ඇන්ටි තෙමේ ගේට්ටුව වසා ලොක් කරේ මැස්සෙක්ටවත් නැවත ඇතුල් වීමේ හැකියාව නැති කරමිනි.

අරා - ආවට වැඩක් උන්නෑනේ බං???

මං - මොනා කරන්නද බං කරුමෙ කියලා හිත හදාගනිං...


සැනසුම් සුසුම් හෙලූ අරාත් මමත් තවත් පාසල් කීපයක් කරා යාමට පය ඉක්මන් කෙරුවේ දිනයට නියමිත ඉලක්ක ගණන කවර් කිරීමේ පිවිතුරු චේතනාවෙන් මිස හිතේ තිබූ කුප්ප කමට නොවන බව පැහැදිලිවම සදහන් කල යුතුය..............

ප.ලි - මෙහි සදහන් ක්‍රියා මේ වන විට ලීක් වී තිබීමේ ඉඩකඩ බහුලය. මේ නිසාවෙන් මෙහි සදහන් කුප්ප වැඩ කර මාට්ටු වුවහොත් එයට මා වග නොකියන බව විශේෂයෙන් සදහන් කල  යුතුය...

කේස් දාං එන්න එපා මං නෑ...


ප.ප.ලි - එදා අපට සහයෝගය දැක්වූ සියල්ලන්ටම මාගේ ප්‍රණාමය... එමෙන්ම මුලින්ම කීවාක් මෙන් ඒ කාලේ සිදු කෙරූ ඒ කුප්ප වැඩ වලට දැං බැන වැදීමට හෝ සිත් අමනාප කර ගැනීමෙන් වලකින්න.... සිත් රිදවීමක් හෝ අපහාසයක් සිදු උනි නම් සමාවෙනු මැන.... (එදා උවද කුප්ප වැඩ වල සදාචාරාත්මක සීමාව අප දැන සිටි බව ආඩම්බරයෙන් යුතුව මතක් කල යුතුය...)

(සෙවුම් වස්තුව පන ඇති දෙයක් වන අතර එය රහසක් ලෙස තබා ගැනීම සියල්ලංගේ ශරීර සෞඛ්‍යට හොද බැවින් හෙලි කිරීම සිදු නොකලෙමි)

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

119 comments:

  1. මෙතන උන කුප්ප වැඩේ මං පනුච්චිට නම් තේරුනේ නෑ ලු..

    ReplyDelete
    Replies
    1. හා මේ.. තව දෙයක් තරියෝ.. ඔයාගේ බ්ලොග් ඒක අපිට දිස් වෙන්න වෙලා යන්නේ මේකේ ලියල තියෙන දේවල් බර වැඩි නිසා වෙන්ටැ.... :/

      Delete
    2. ඔන්න මං චැට් එකෙං තේරුං කරාම තේරුනානේ ඈ....
      මේකේ තියෙන සාරවත් භාවය නිසාම හැම තැනම මුල් ඇදිලා...
      ඒකයි ලෝඩ් වෙන්න වෙලා යන්නේ...

      Delete
  2. එල කොල්ලෙක්නෙ බන්

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      කොල්ලො ඔක්කොම එල තමා ඈ...

      Delete
  3. එල බන් සිරා අතල්... අපි ගත්තෙ කුපාඩි ආතල්... මහ විනාසකාරි වැඩ .. ලියන්න කම්මැලියි තරියෝ

    ReplyDelete
    Replies
    1. කුපාඩි කම වැඩි වන්න වන්න ආතල් එක වැඩිවෙනවා නේද???????
      ඔන්න ඔහෙ ලීලා දාපං මචෝ....

      Delete
  4. සැහ් කුප්පයා.... ඉතින් මොනාද බොලාට ඔච්චර කට්ටක් කාල ලැබුනේ

    ReplyDelete
    Replies
    1. එකම එක ක්ෂණික රූප රාමු පෙලක් පමණයි...
      නමුත් එය ජීවිත කාලයකට සෑහේ....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෑ...
      මුකෝ රිමූ කල්ලා???????????

      Delete
  6. ඇදෙ මොකක්ද බන්..දහඅට වන්ගුවේ කරකොලා අතාරියා වගේනේ...මට රහසින් කියහන්කෝ මොකක්ද කුප්ප්මෙනියාව...

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙක්ට තේරී නැති හැඩයි...
      ඉස්සරහා පෝස්ට් වලදි මේක තේරෙයි..

      Delete
  7. මරු පෝස්ටුව :D :D :D :D :D
    එහෙනම් සෙවුම් වස්තුවත් හම්බ උණා ඈ............
    මේකට මිෂන් පොසිබල් වන් කීලා දැම්මොත් මොකද :D LoL

    ReplyDelete
    Replies
    1. ඉම්පොසිබල් එවුවා පොසිබල් කිරීමේ හැකියාව ගොඩක් තිබ්බා අපේ සෙට් එකට...
      හි හි...
      එහෙම බැලුවම ෆිල්ම් 20ක් 30ක් ගහන්න පුළුවං වෙයි...

      Delete
  8. මොකද්ද මචං අර කෙල්ලගේ සීන් එක පැහැදිලි මදිනේ.....කොයිකටත් බලමු ආයි කියෝලා...

    ReplyDelete
    Replies
    1. කියවලා බලහං....
      උබට බැරිවෙන එකක් නෑ...

      Delete
  9. විහාරමහාදේවි ඒකෙ සික්කා ඇන්ටි කෙනෙක්ද ඉන්නේ? අනේ මන්දා ගෑනු ඉස්කෝල වලට අපි ඉතින් ගේට්ටුවෙන් යන්නේ නෑ නේ. ඒ හින්දා දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැං දෙන්නෙක්ම ඉන්නවා..
      ගෑනු සහ පිරිමි...
      විබාවි එකට තාප්පෙං පනින්න අමාරුයි..
      මොකද එලිමහන් බිමක් නිසා මාට්ටු වෙනවා..

      Delete
  10. කොහොම හරි මුළු ස්කොලේ වටේම ඇවිදලා..
    අපෝ මට මේ කොළඹ සයන්ස් ඩේ ගැන මහා අමුත්තක් දැනුණි.
    මම දාන්න පරිදි තරියා 2010 උසස් පෙළ ලියු වෙකි.. එහෙත් උන් ඩේ එක තිය ඇත්තේ 2011 දිය.
    තවදුරත් ඩේ එක පවත්වා ඇත්තේ පාසලේ නොව එල්ෆින්ස්ටන් එකෙහිය.. අපිත් සයන්ස් ඩේ කළෙමු.. දිස්ත්‍රික්කයේ පමණක් නොව පළාතේද අභිමානවත් අයුරින් දිනය සැමරුවෙමු. නමුත් මෙවැනි දෙයක් ඇහුවේ මුල් වතාවටය..

    ReplyDelete
    Replies
    1. මේක බලන්න මාත් ගියා 2011 නෙමෙයි 2010 මුල් කාලෙයි බං තිබ්බේ. එල්ෆින්ස්ටන් එකේ තියන එකත් එක අතකට නම්බුවක්නේ

      Delete
    2. @ සුදා....
      මචං ඒක ප්‍රිංටිං මිස්ටේකයකි..
      ඔන්න හදලා තීන්නේ ඈ...
      අපි ඩේ තියන්නේ ඉස්කෝලෙ නෙමේ..
      හොද තියටර් එකක් අරං..
      හේතුව කොලිටි එක උපරිමයෙං අපි බලාපොරොත්තු වෙනවා..
      අනික එතකොට ඉස්කෝලෙ අනිත් වැඩ වලට බාධාවකුත් නෑ..
      අන්න ඒ වගේ හේතු ගොඩක් නිසා අපි එහෙම කරනවා..
      පලාතෙං පලාතට චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙනවලුනේ...

      Delete
    3. @ කසුන්...
      වෙච්චි දේවල් මතකනේ...

      Delete
  11. අනේ වාසනවං.. ඇත්තටම අයියන්ඩී ඔය කුප්ප කම් . තැනට ගැලපෙන විදියට භාසාව හැසිරවීම , කපටි කම්.. අපිටත් ඔය ගොල්ලන්ගෙන්ම ඇවිත්ද මංදා.. මුනා උනත්ග් අපිත් උයාලගෙම පිටි පස්සේ පරපුරෙ කස්ටිය නිසා වෙන්න ඇති.. අපේ ඉස්කෝලේ කාලෙත් ඉවරයි නේ... ඉහි ඉහී... ..
    ජය වේවා ඈ....

    ReplyDelete
    Replies
    1. ඒක මචං එන්නේ අධ්‍යාපනයත් එක්කමයි...
      තේරුනාද?????

      Delete
  12. මාර වැඩේ තමයි.. අහුවුණේම නැද්ද ඉතින්??

    ReplyDelete
    Replies
    1. තාමනං නෑ මං හිතන්නේ...
      හික්ස්....

      Delete
  13. උඹලත් ගන්න ආතල් හික්ස්

    ReplyDelete
    Replies
    1. ලාවට ගත්තා ඉතිං...
      නැත්තං හරි නෑනේ..

      Delete
  14. අපේ වාසනාවට අපි ගියේ ම්ශ්‍ර පාසලකටනේ.ඒ නිසා ඔය වගේ අත්දැකීම් නෑ. නමුත් කතාව රසවත්. ජය..!

    ReplyDelete
    Replies
    1. මිශ්‍ර පාසල් වල මීට වඩා මරු සීන් වෙනවලු නේ...
      අපිට යන්න හම්බුන්නෑනේ......

      Delete
  15. Proud 2 b an Asokian :P
    fatta fatta wada ayye , scl tymz wala memorys thawa daanna

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...
      නැතුව නැතුව...
      එල ඈ...

      Delete
  16. කුප්ප මේනි(යා)......!

    E G B නැතුව කෑම එපා නේ....?

    ReplyDelete
    Replies
    1. E G B වල රහ දැනගත්තේ පස්සෙ කාලෙක බං...
      දැං නං E G B වලට මාර ආසයි..
      හැබැයි පට්ට කූල් වෙන්න ඕනා...

      Delete
  17. ඔය වගේ සෙවුම් වස්තු හින්දා මමත් කට්ට කාලා ඇති අනන්තවත්

    ReplyDelete
    Replies
    1. ඒ කට්ටවල් කවදාවත් කට්ටක් ලෙස දැනිලා නෑ මචං...
      ඇයි දන්නෑ...
      තාමත් එහෙම හිතෙන්නෑ...

      Delete
  18. ඔං කියෙව්වා ඈ
    මුකුත් කියන්නේ නෑ මේ කට්ටියවයි කතාවයි මං දන්නවනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතිං...
      උබ ඔක්කොම දන්නවනේ...

      Delete
  19. මුංගේ ආතල්... හික්ස් :)
    ඒක නෙමේ අර කිරිබත්ගොඩ වයි එම් බී ඒ ගොඩනැගිල්ල නේ ??

    ReplyDelete
    Replies
    1. යා යා...
      එතන ඉදං තමා අපි කොන්ඩ පීර ගන්නෙ ෂර්ට් හදා ගන්නේ..
      මොකද ඒක ඇතුලෙ කන්නාඩි මේස අනං මනං තීනවනේ...

      Delete
  20. ඔපරේෂන් ඊගල් වගේ එකක් නේ :)මොනවා උනත් හොඳ ළමයි!!

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      ඔපරේෂන් තොප්පිගල...
      මොකද අන්තිමට අපිට මාර තොප්පි වැටුනේ ඔය මඟුල් නිසා..

      Delete
  21. heshani nisansala
    oyala ape iskoleta awada halo?

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ කියන්නේ වි.භා.වි එකනං....
      උත්තරේ ඔවු.....
      හිහි...

      Delete
  22. යකෝ උඹලට සයන්ස් ඩේ එකේදී විශේෂ සම්මානයක් දෙන්නම වටින වැඩක්නේ කරලා තියෙන්නේ :P

    ReplyDelete
    Replies
    1. ඒ සයන්ස් ඩේ එක කරාට සම්මානයක් දෙන්න ඕනා තමා අපිට...
      ක්ලාස් ෆීස් වලිං ගමං වියදං කවර් කරං මෙවුවා කරේ අපි...
      එච්චරට කැපවීම...

      Delete
  23. මටනම් පේන්නේ නොතෙරෙන්න නාවලා වගේ

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං බොරුවක් කලත් හිතකිං නොවේ...

      Delete
  24. අරා නම් හිටි ටිකට යමක් කරගෙන ඇත. ඒත් අහින්සක තරියා...

    ReplyDelete
    Replies
    1. අහිංසක තරියා අහිංසක විදිහටම හිටියාලු.....

      Delete
  25. ඔය ඉස්කෝලෙට මමත් එන්ටර් උනා ඔය වගේම වැඩකට! ;)
    ආසයි නේ? ;)

    ReplyDelete
    Replies
    1. ආසදත් අහනවා...
      හරි චාං නේ????????
      දම් පාටත් හරි පියකරු පාටකි මටනං....

      Delete
  26. තොපි වනාහි අමු කුප්පයෝය ,වසර ගණනාවක් තිස්සේ මරදානේ කරක්ගැසීම නිසා මරදාන පුරා ඇති කුප්ප කම උඹලාගේ ඇග පුරාම ඇත .
    හරි සුවිට් මෙහෙයුම බන්

    ReplyDelete
    Replies
    1. මරදාන තුල තියෙන ඒ ස්පිරිට් එක වෙන කොහෙවත් නැතුව ඇති බං...
      මාරම හැඟීමක් ඒක...
      ඔය ඔක්කොම අපි මුල ඉදංම ප්ලෑන් කරපු නිසා කිසි අවුලක් වෙන්න විදිහක් නෑ...

      Delete
    2. //මරදාන තුල තියෙන ඒ ස්පිරිට් එක වෙන කොහෙවත් නැතුව ඇති බං...// පට්ට ඇත්ත මචං :)

      Delete
  27. හිටු හිටු මම තවටිකකින් ඔතනින් යනවා ,ඔය සිකුරුටි ඇන්ටි තවම ඉන්නවද කියලා බලන්ඩ.
    ඒක නෙමෙයි තරියෝ ඔය දාලා තියන ටුග් ගාලා උඩට යන ගැජට් එක කොහෙන්ද බං ගත්තේ

    ReplyDelete
    Replies
    1. ගැජට් මොකටද බං කී බෝඩ් එකේ හෝම් බටන් එක ඔබපං.

      තරියා ගෙ ගැජට් වලට අහු වෙන්න එපා..

      Delete
    2. ගත්ත තැනනං මතක නෑ අටං අයියේ මං ඔයාගේ පේස්බුක් එකවුන්ට් එකට මැසේජයක් දැම්මා බලන්ට..
      එය ඔබේ එකටත් වැඩ කිරීමේ සංභාවිතාවක් ඇත....
      සිකුරිටි ඇන්ටිනං ඉන්නවද දන්නෑ...
      දැං අවුරුදු දෙකකුත් ගීල්ලනේ...

      @ සෑමයියා...
      මං කියූ ගැජට්ටුවක් ආයේ වැරදිලා නෑ ඈ....

      Delete
  28. අපේ ඩේ වලටත් නොවැරදීම ආරාධනා කරන පාසලක්..

    ඒ වගේම ආවහම විනාස කරල ගෑස් බස්සලා යවන්නේ :)

    ReplyDelete
    Replies
    1. ආවම විනාස කරන ක්‍රමත් අපි දන්නවා නෙව....
      හරි සී දේවි ඉස්කෝල පොඩ්ඩ නේ??????

      Delete
  29. මොකක්ද බං කුප්ප වැඩේ..!!

    ReplyDelete
    Replies
    1. හයියූ...
      තවත් නොතේරුන පුද්ගලයෙක්....
      ඇත්තටම තේරුන්නැද්ද කිංඩියට අහනවද???????

      Delete
  30. සැහ් කොළඹ හිටියට මොකැයි මයෙත් ආසම ඉස්කෝලයක් තමා විභාවි කියන්නෙ ඕන් :D සඳරු කියල කෙට්ටු උස කෙල්ලෙක් ගැන තාමත් මතකයක සේයා තියෙනව හික් හික් හික් :p

    ReplyDelete
    Replies
    1. සඳරු????????
      ඒ මාත් ඒම කෙනෙක්ව දන්නවනේ...
      මෙන අවුරුද්දෙද කීලා රාසිං කීන්න බලන්න....

      Delete
  31. හික් හික්.. අසෝකේ නේ... අලුත් දේවල් යැ....
    අපි නම් යාලුවෝ .. නැද්ද තරියෝ...

    තරියා කොහොමද ඒ කතාව දන්නේ... නේද...මං කියන්නං කෝ....
    ඔයාලැ ස්කූල් බැජ් එක ඔයාලටත් කලින් බලලා හොද නරක කියලා, අනුමත කෙරුවෙත් ඉතිං අපිනේ... ඒකයි එහෙම කිව්වේ... අපි කිව්වේ කෝච්චියේ ගිය අපේ සෙට් එක.... ( කොයි කාලෙද කියලා මතක නම්, ඒ කාලේ හිටපු හෙඩ් ප්‍රිෆෙක්ට් කවුද කියලත් මතක නම්..)

    ඔව් ඔව්.. ඔය පාට පාට බැජ් එක තමා.... හි හි...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...
      ගහට පොත්ත පොත්තට ගහ වගේනේ...
      සහජීවනේ උපරිමයි...
      ඔය ස්කූල් බැජ එන්න කලිං මට මතකයි අපි කොච්චර ෆ්‍රී එකේ හිටියද කීලා...
      අඩේ ඒක එල්ලුවත් හරි ඉස්කෝලෙ උස්සලා අපේ කරේ තිබ්බා වගේ හැගීමක් දැනුනේ..
      ඕක හදුන්වාදෙනකොට මං 6 වසරෙ නැත්තං 5 වසරේ...
      හික්ස්...
      අදටත් අපි ඒක වෙනස් කර ගන්න දත කනවා..
      (ලොකු වැඩි නැද්ද ඈ...)

      Delete
    2. පිස්සු තමයි.. අපි තමයි දඟලලා ඔය නාලන්දෙටයි ආනන්දෙටයි බැජ් එල්ලුවේ..... නැත්තං කෝච්චියේ යනකොට මොක්කුද කියලා හොයන්න බෑ... මල වදේ ... නාලන්දෙ කට්ටකමට අර ෂර්ට් වල එන ලේබල් එකක් වගේ එකක් ඩිසයින් කර ගත්තා.. ඒක හරි ගියේ නෑ.. හි හි.. ආනන්දෙට නම් එච්චර ගානක් උන් නැද්ද කොහොද....
      අසෝකේ කට්ටිය ලණුව කෑවා.. වැඩිපුර හෙඩා...හි හි... අපේ හොද යාලුවෙක්....

      Delete
    3. හෑ.....
      එතකොට ඒකත් මේගොල්ලංගේ කුමන්ත්‍රනයක් ඈ...
      ඕකනේ කියන්නේ...
      හැම මගුලටම මුල ගෑනු කීලා...
      සැහ්..

      Delete
  32. බොලාලා අපේ පාසලටත් ඇවිල්ලා ඇති... ගම්පහ ටවුමෙ තියෙන ප්‍රධානම බාලක පාසල... හැබැයි නම කියන්න එපා හොදේ... ඔය වගේ අපිත් බාලිකා පාසල් වලට තාප්පෙන් පනිනවා නිවාසාන්තර ක්‍රීඩා උළෙල දවසට...කොල්ලො දන්නවා අපේ උන් එනකම් කෙල්ලන්ට කිසි ගැම්මක් නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. මේ ගමනෙම අන්තිමට ගියේ ඔය ඉක්කෝලෙට තමා...
      මොකෝ නම කිවුවම වෙන්නේ...
      ආසියාවේ රිදී සීනුවනේ...
      මට මතකයි ඉන්විටේෂන් එක ප්‍රින්සිපල් හාමුදුරුවංගෙම අතට දීලා ඒකෙ කැන්ටිමෙංම කාලා ටොයිලට් එකට ගිහිං හාවෙකුත් අල්ලලම ආව ආකාරය...
      (උදේ ඉදං ගෑනු පාසල් වලට ගිය නිසා ඒවයේ ටොයිලට් වලට යෑමට බැරි විය..)

      Delete
    2. නම කියන්නෙ නැත්තෙ පාසල් වලට අයිතිකාරයෝ සිටී කියලා කකා ලියලා තියෙනවා... අන්න ඒ නිසා අ‍පි කරපු මගෝඩි වැඩ ලියද්දි සම හරක්ට රිදෙන්න පුලුවන්...ඔබේ ඉගිය හරි දැන් අර හාමුදුරුවො නෑ... උන් වහන්සේ පිහිනුම් තටාක ව්‍යාපෘතිය සාර්ථකව නිම කරලා හැමෝගෙන්ම සමුගෙන ගියෙ.. තම පුද්ගලික ධනයත් පොදු කාර්යයන් සදහා යොදවපු ඒ යථිවරයානන් වහන්සේට ස්තූති කරන්න මට වචන නෑ...එතරම් උතුම් කාර්යයක්...

      Delete
    3. අන්න ප්‍රින්සිපල්ලා...
      සිරාවට කොල්ලොත් ගොඩක් ආදරේ කරපු හාමුදුරුවෝ කෙනෙක් තමා...

      Delete
  33. හම්මේ මේක කියවලා මාවත් ඒ සුන්දර අතීතයටම ගියා.ඔය එක එක ඩේ ගැන කියන්නනම් කතා ගොඩායි.මේ දැනුත් හිනා යනවා ඒවා මතක් වෙලා. ඒ අතීතෙට එක්කන් ගියාට ස්තූති තරියෝ

    ReplyDelete
    Replies
    1. මේවා ලීනකොට මාර ගතියක් එනවා ඈ...
      අර කිවුවත් වගේ සිහින් සිනා රැල්ලක් නිතරම මුව අද්දරිං හොරෙං හොරෙං ඇදී ගියා ඇයි දන්නෑ...
      හික්ස්...

      Delete
  34. හී හී....නියමා..............යි :) :)පිස්සා :)

    ReplyDelete
    Replies
    1. මොකෝ බොල පිස්සා පිස්සා ගාන්නේ ඈ....
      පිස්සි....
      හික්ස්...

      Delete
  35. ගැණු ළමයා බලන්න නේද ගියේ මටත් අපේ ඉස්කෝලේ බැච් පළඳන උත්සවේ දවසේ වෙච්ච දෙයක් මතක් උණා මේක කියවලා

    ReplyDelete
    Replies
    1. හිටපු....
      අම්මෝ අපේ එවුනුත් යනවා නේන්නං...
      කෝම හරි රිංගනවා නැත්තං අපි රිංගවනවා...
      නැත්තං කනක් ඇහිලා ඉන්න නෑ..

      Delete
  36. නෙදකින් මුන් නං... සික්.. :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නොහැකියාව මත පදනම් වූ පැහැදිලි ඉරිසියාව...

      Delete
  37. ඔයා ඒ අතින් කොච්චර වාසනාවන්තද?...
    ඔයාට ඔයා කැමති සෙවුම් වස්තුව දැකගන්න හරි ලැබිල තියෙනවා ඒ ඉස්කොලේදීම...

    ReplyDelete
    Replies
    1. හෑ..................
      ටීකාව සහ ටිප්පනිය මග...
      එතෙක් නිගමන වලට එල්බෙනු එපා...

      Delete
  38. හ්ම්.. හ්ම්, මා ඒ වස්තුව හැදින්නෙමි....http://www.youtube.com/watch?v=98b127ebAWk

    ReplyDelete
    Replies
    1. හදුනගත්තනං කටවහං හිටු රටට ලෝකෙට අඬබෙර ගහන්නැතුව...

      Delete
  39. //“අපි උබලව එච්චර ගනං ගන්නෑ“ //

    හිහ් හිහ්...


    ඔහොම අවේලාවේ අපේ ඉස්කෝලෙට ආපු කොල්ලන්ව නොසැහෙන්න බයිට් කරපු වෙලාවල් තිබුණා. අනේ ඇත්තට ඉස්කොලෙටම ගිහින් බලාගන්න එකේ අමුතු ගතියක් ඇති නේද? නැත්නම් ඉතින් ටියුෂන් එකකදී හරි පාරේදී හරි ලේසියෙන්ම බලාගන්න පුළුවන් අයව ඉස්කෝලෙට ගිහින් බලන්න ඔච්චර කටු කයිද?

    ReplyDelete
    Replies
    1. ඒකෙ තියෙන ගතිය දන්නෙ ඒ බලන්න එන කොල්ලම තමා...
      ඒකනිකං අනේ මන්දා...
      උපමා මතක් වෙන්නෙත් නෑ...
      ඒ තරමට මාන්දමිකයි...
      සුන්දරයි...

      Delete
  40. අපි ඒක පාරක් ඔට්ටුවකට ඔහොම ඉස්කෝලේක ඇතුලට ගියා ...

    ReplyDelete
    Replies
    1. එහෙම ගිය ඉස්කෝලත් තීනෝ...
      එවුවා කොලඹ 7 පාසල්...

      Delete
  41. හික්ස්ස්ස්.. අපිනම් ඒ කාලෙ අසෝකෙට වැරදිලාවත් ඉන්විටේශන් යැව්වෙ නෑ.. අහල පහල ඉස්කෝලයක් වෙලත්..:P :P

    කොහොම වුනත් ජොලි වැඩේ ආ..... :D

    ReplyDelete
    Replies
    1. ඉක්කෝලෙ මොකක්ද කීලා කිවුවනං මං කියන්නං කතාව ඇත්තද නැත්තද කීලා....
      බොහෝවිට ආනන්ද බාලිකා විය යුතුයි...

      Delete
  42. යකෝ මමත් ගම්පහ තමයි.ඉස්කෝලෙනං ඩී.එස්.සයන්ස් ඩේ ගැන කතා කරන්න එපා.එක පාරක් හෝලි කොරොස් එකට ගියා.කොච්චර හොඳද කියනවනං මම කලින් පැනලා ආවා.

    ReplyDelete
    Replies
    1. හික්ස්....
      ලෝන්ග් ස්ලීව්ස් හෝලි ක්‍රොස් නේ....
      මොනා උනත් හරි ස්විට් කෙල්ලො අප්පා...

      Delete
  43. හි හී... මම සාහිත්‍ය දිනය ගැන ලිව්වහම මෙයා සයන්ස් ඩේ ගැන ලියල... මොන ඩේ උණත් එල තමා...

    ReplyDelete
    Replies
    1. උයා සාහිත්‍ය දිනේ දාන්න කලිං හරිය මං සයන්ස් ඩේ ගැන දැම්මේ...
      හි හි....
      ඩේ එල නේන්නං...

      Delete
  44. එල වැඩක්නෙ.. ඒ ගමනෙන් පස්සෙ හරි ප්‍රයෝජනයක් වුනාද? සයන්ස් ඩේ එකට ආවද?

    ReplyDelete
    Replies
    1. සයන්ස් ඩේ එකටනං කට්ටිය ආවා...
      ඒත් සෙවුම් වස්තුවේ සහභාගීත්වයක්නං සිද්ධ උනේ නෑ...
      කවදාවත් වෙන්නැති වැඩක් උනත් අන්තිම මොහොත දක්වා ඒ පුද්ගලියගේ පැමිනීමනං බලාපොරොත්තු උනා...

      Delete
  45. මුහුණ බලගත්තත් ඇති වගේ කාලයක් නේද තරියෝ...

    ReplyDelete
    Replies
    1. මොන මූනද බං...
      ඉව වැටුනත් ඇති...
      ඒකනං මාරම කාලයක් ඈ...
      දැක්කොත් සති ගානක් ඇති..
      හිනා උනොත් ජීවිත කාලෙම ඇති වගේ...

      Delete
  46. මුණ හරි බලාගත්ත නේ?මහා කපටි කොල්ලෝ...

    ReplyDelete
    Replies
    1. මූන බලාගත්තම මදෑ....
      මෙවුවා කපටිකං නෙමේ ඈ...
      අහිංසක සම්‍යප්‍රයෝග විතරයි...

      Delete
  47. :) අම්මෝ එහෙම කාලයක්~! :)

    ReplyDelete
    Replies
    1. ආයේ නං එන්නෑ ඉතිං ආත්මෙකට...
      නැද්ද..

      Delete
  48. අද තමයි මේ පැත්තෙ ආවෙ. ඉස්කෝලෙ ගියපු කාලෙ සීන් නං ආයෙ කියල වැඩක් නෑ.

    සයන්ස් ඩේ කිව්වාම මතක් උනේ. මං ඒලෙවල් කරන කාලෙ ආර්ට් කලේ. සයන්ස් ඩේ එක බලන්න හොරෙන් ගියා මත්වෙන ජාතියකුත් පාවිච්චි කරල. ඒ ගිහිල්ල සයන්ස් ඩේ එක තිබුන හෝල් එක ඇතුලෙ බිම දාල තිබුන ටකරමක් උඩ ඇවිද්ද හෝල් එක දෙවනත් වෙන්න. මතක් වෙනකොටත් හිනායනව. මේ කතාව කියවන් යද්දි මට ඒකමයි මතක් උනේ.

    ReplyDelete
    Replies
    1. අපේ සයන්ස් ඩේ එකටත් ඔහොම සන්තෑසියක් උනා...
      ඉස්සරහට දාන්නංකෝ විස්තර...
      පිලිගන්නවා ඈ කෙරුවාවට....
      හි හි...
      ජයවේවා සහෝ!!!!!!!!!!!

      Delete
    2. එළ කිරි මචෝ.. මුල ඉදන් අගටම සැහෙන ඉන්ටර්ස්ට් එකෙන්ද මොකෙන්ද මංදා කියවගෙන ආවා.. ඉතිං ඔය් බලා ගත්තු මහර්ඝ වස්තුවෙන් වැඩක් වුනාද නැත්තං එක මතු සම්බන්දයිද..

      Delete
    3. එවුවා ඉස්සරහට එයි වෙන වෙන කතා වලිං මචෝ....

      Delete
  49. කමක් නෑ ඉතින් අදාළ කෙනා ව දැක්කා නේ :D අසෝකේ ඉතින් කරොත් ඔය වගේ වැඩක් තමයි :P

    //නමුත් අපේ තියෙන කුප්ප කම කියන්නේ අපි යවන්නේ තුන් දෙනෙක් නැත්තං හතර දෙනෙක්.
    බොරු නේද? ඒ දවස් වල අපි ඉස්කෝලේ යද්දී නම්, ඉන්වයිට් කරේ පස් දෙනාට නම් කොල්ලෝ දහ දෙනෙක් විතර එනවා!

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල කියන්නේ එකදාස් නවසිය බර ගනං ගැනනං මේ කියන දේවල් අදාල නැතෝ.....
      හික්ස්...

      Delete
  50. හෙන කුප්ප සීන් ,,,එකක්නේ මේක
    අෆ්ෆා ඉස්කෝලේ ඉන්න මේ අන්තිම අවුරුද්දෙත් මේවගේ කුප්ප වැඩක් කරන්න ඕනේ
    බලන්න ,,,
    ඇවිත් යන්න එන්න " The අච්චාරු පිටුව "

    ReplyDelete
    Replies
    1. අච්චාරු කනවා මිසක් ඇවිත් බලනවයැ..
      හික්ස්...
      එල එල ඈ...

      Delete
  51. අපි මිශ්‍ර පාසල් නිසා සෙවුම් වස්තු ඇත ලග .. අවුලක් උනෙම නැ .. හි හි

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????