මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...
”හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....”
කෑ
ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ
නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...
“ජානක
මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?“
“ඇත්තටම
හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල
අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ලැබුණ. බොහෝ වෙලාවටඒ සෙනසුරාද දිනයන්ලු.“


















