පළමු කොටස කියවන්න මෙතැනින්
අද දෙවැනි කොටස
කොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.
අද දෙවැනි කොටස
කොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.
නාන්න බං. උබත් එනවද?
නොදකිං පිංගුත්තරයා..
තොට හෙන ගහනවා. තනියම ගිල්ලා නේ ඒකත්. මාධවයා කියාගෙන කියාගෙන ගියේය.
ඌට දරුනු ඊතල පාරක් වැදිලා.
උගුරු දන්ඩ හිල් වෙලා. කතා කෙරවෙන්නෙ නෑ.. මාධවයා පිලිතුරු සැපයීය.
ඕන ඊතලයක්. යමංකො කියමින් කසුන්ද අප සමග එක් විය.
පාසලට ඇතුලුවන විටම ඉනෝකා මැඩම් හමු වීම අපේ අවාසනාවම විය.
අපි මද සිනාවක් පා ගුඩ් මෝනිං මැඩම් යැයි කීවේ පුරුද්දට මෙනි
ගුඩ් මෝනිං කියමින් ඉනෝකා මැඩමුත් සිනාසී කාර්යාලය දෙසට නික්මිනි
ඒ බලහංකො බං මෙයත් අපිටම කෙලවන්න සෙට් වෙනවනෙ. මට කියැවිනි.
ඉනෝකා මැඩම් යනු අප පන්ති බාර ගුරුමහත්මියයි.
ඇයි උබල අද කොහෙ හරි මාරු වෙන්නද යන්නෙ? කසුන් විමසුවේ අප දෙදෙනාගේ කතාබහ නිගමනය කරමිනි.
ඔව් බං. අද අපි පොඩි වැඩකට යනවා. මාධවයා කීවේ එතරම් කැමැත්තකින් නොවේ.
කොහෙද? අපිවත් එක්ක පලකො. කසුන් කීවේය.
බැරිවෙයි බං. ධම්මිකාගෙ වැඩකට යන්නෙ. එයත් එයි මං හිතන්නෙ. මාධවයා කීය.
හරි හරි උබලා ඉතිං ලොකු සයිස්නෙ.. හරි මස්සිනා කියමින් කසුන් ලමුන් උදය රැස්වීමට ගෙන යන පෝලිමට එක් විය.
අප දෙදෙනා කාර්යාලය දෙසට හැරුනේ ශිෂ්‍ය නායක පැමිනීම රපෝර්තු පොතේ අත්සන් කිරීමටයි.
බලහංකො බං.
ප්‍රොබේෂන් සමහර උං උදේ 5ටත් ඇවිල්ලා. මුංට නින්ද යන්නෙ නැද්ද මන්දා.
ඉක්මනින් තම අත්සන සහ වේලාව යෙදු මාධව පෙර පිටුව හරවා බලා කීවේ සිනහසෙමිනි.
ප්‍රොබේෂන් සමහර උං උදේ 5ටත් ඇවිල්ලා. මුංට නින්ද යන්නෙ නැද්ද මන්දා.
ඉක්මනින් තම අත්සන සහ වේලාව යෙදු මාධව පෙර පිටුව හරවා බලා කීවේ සිනහසෙමිනි.
උනන්දුවනෙ බං. අනික තාම අළුත්නෙ. පරන වෙනකොට හරියයි. මා කීවේ පොතේ අත්සන යොදමින්මයි.
මේ අද ඩියුටි කරන්න බෑ බං. දාඩිය දාගෙන අහරෙ යන්න බෑ. ප්‍රයිමරිය පැත්තට මාරු වෙමුද? මම යෝජනා කලෙමි.
හ්ම්ම්ම්ම්ම්. එහෙම කරමු. මාධව එය අනුමත කලේය.
(උදේ රැස්වීම)

















